Watch Trailer

Scarygirl (2023) Sinhala Subtitles | බූවලු කෙල්ලගේ වැඩකිඩ [සිංහල උපසිරසි]

Scarygirl (2023) Sinhala Subtitles ෆොහ් හොහ් හෝ.. මගෙ රත්තරන් යාලුවනේ.. ඔන්න එහෙනම් මම ආයෙත් ආවා මගෙ 8 වැනි සිංහල උපසිරැසි පරිවර්තනයත් අරගෙන. මේ වතාවේ මම අරගෙන ආවේ ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක්. Scarygirl (2023) Sinhala Subtitles මුලින්ම කියන්න ඕනෙ මම මේ චිත්‍රපටියේ නමට ආස නෑ. මොන එහෙකට මේ වගේ…

Scarygirl (2023) Sinhala Subtitles Scarygirl (2023) Sinhala Subtitles

ෆොහ් හොහ් හෝ.. මගෙ රත්තරන් යාලුවනේ.. ඔන්න එහෙනම් මම ආයෙත් ආවා මගෙ 8 වැනි සිංහල උපසිරැසි පරිවර්තනයත් අරගෙන.

මේ වතාවේ මම අරගෙන ආවේ ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක්.

Scarygirl (2023) Sinhala Subtitles

මුලින්ම කියන්න ඕනෙ මම මේ චිත්‍රපටියේ නමට ආස නෑ. මොන එහෙකට මේ වගේ ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයකට මේ වගේ කැත නමක් දැම්මද මංදා. නම දැක්ක ගමන් මටත් හිතුනේ “මහා අදුරු ඩාක් තීම් එකක් තියන නිකං භූත පාටක් තියන චිත්‍රපටයක් ද දන්නෑ කියලා. නම දකිද්දි මට හිතුනේ නිකං Halloween වලට හදපු එකක් ද දන්නෑ කියලා. බොලේ බලද්දි නෙ තේරුනේ මේක ඇවිල්ලා හරිම කලර්ෆුල්, ලස්සන ඇනිමේෂන් තියන හරිම දැකුම්කලු පට්ට චිත්‍රපටයක් කියලා. ඉතින් මේකෙ නම සහ පෝස්ටර් ඒම නිකං භයංකාර භූත පාටක් තියන එකක් වගේ පෙනුනට මේක හරිම ලස්සන, වර්ණවත්, අනාගත නව තාක්ෂණය ගැන ඒම තියන හරි සෝක් ලස්සන කතාවක්..

Scarygirl (2023) Sinhala Subtitles

චිත්‍රපටය ගැන කියනවනම් මේක Animation Adventure Fantasy යන ශානර වලට අයත් ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත සලරුවක්. දැනට 5.3 ක IMDB අගයකුත්, කුණු තක්කලි මීටරේ 83% කුත්, 82% ක Audience score එකකුත් මේකට තියනවා. පවුලේ සැමට නැරඹිය හැකි ලස්සන සලරුවක් මේක. 2023 ජූනි 17 තමයි Release කරලා තියෙන්නේ. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ මේ නමින්ම 2012 දී නිකුත් වුන video game එකක්.

ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනව නම්.. ලස්සන ග්‍රහලෝකයක් තියනවා අමුතු අමුතු විදියේ ජීවීන් ඒම ඉන්න. අපේ කතා නායිකාව වෙන ආකි කියන ගෑනු දැරිවි ඉන්නෙත් මේ ලස්සන ලෝකෙ තනියම හුදකලා වෙලා එයාගෙ තාත්තා වෙන බ්ලිස්ටර් කියන බූවල්ලත් එක්ක. හෑ බූවල්ලෙක් කිව්වා? එතකොට ආකි කියන්නෙත් බූවලු කෙල්ලෙක්ද..? ආකි කියන්නෙ මිනිස් ගෑනුලමෙක්. හැබැයි මෙයාගෙ එක අතක් බූවල්ලෙක්ගෙ වගේ.. බූවලු අන්ඩක් තමයි තියෙන්නෙ. හෑ මොකක් ?

Scarygirl (2023) Sinhala Subtitles

මෙයාගෙ තාත්තාට ඒකියන්නෙ බ්ලිස්ටර් කියන බූවල්ලට ලොකු මැජික් බලයක් තියනවා. හැබැයි මේ බූවල්ලා ඉන්නවා කියලා දැන් ඉන්න කව්රුත් දන්නෑ. මිත්‍යාවක් වගේ ඩයල් එකක් ඌ. කිව්වත් වගේමේ ලෝකෙ ඉන්නෙ හරි ලස්සන අමුතු අමුතු ජීවීන්.. ආකි සහ බූවලු පියා තනියම තමයි පාඩූවේ හුදකලා වෙලා කැලේ ජීවත් වෙන්නෙ. (ඔව් ඔව් බූවල්ලො කිව්වට මේ යක්කු වතුරෙත් නෙවේ ඉන්නෙ)

Scarygirl (2023) Sinhala Subtitles

ඉතින් මේ ග්‍රහලෝකෙම තව තැනක් තියනවා City of Light (ආලෝකයේ නගරය) කියලා. ඒ නගරෙ තමා අම්මට සිරි වෙන්නෙ. පට්ට තාක්ෂණයක් තියන ගැජට් පිරුන සුපිරි නගරයක්… මේ නගරේ අමුතු වැඩක් සිද්ද වෙනවා.. ලොකු ලයිට් බීම් එකක් ගහලා සූර්යයාගේ ශක්තිය උරා ගන්නවා එක එක Experiment වලට. ඒකෙන් සූර්යයාත් විනාශ මූඛයට තමයි යන්නෙ. මේ නගරේ ඉන්නෙත් අමුතු අමුතු ඩයල්. ඉතින් බූවල්ලො කියන්නෙ මේ නගරෙට ඉතාමත් වටින වගේම දුර්ලභ සම්පතක්. බූවල්ලෙක් ව හොයලා ගෙනත් දෙන කෙනෙක්ට Bounty එකක් ඒම නැත්තං විශාල තෑගි මුදලක් ඒමත් දෙනවා..

Scarygirl (2023) Sinhala Subtitles

ඉතින් මොනාද මේ සූර්යයාගෙන් ශක්තිය අරන් කරන පරීක්ෂණ? ඇයි බූවල්ලො මෙච්චර වටින්නෙ? මේක පිටිපස්සෙ තියන අදිසි හස්තය කවුද? ආකිට මොකද්ද මේකට තියන සම්බන්ධෙ? ඇයි ආකිට මිනිස් පෙනුමකුයි බූවලු අන්ඩකුයි තියෙන්නෙ? මොන මගුලක් ද ඕයි මේ..?

චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. කලිනුත් කිව්වා වගේ මේක හරි ලස්සන ඇනිමේෂන් ඒම තියන හරි ෂෝක් චිත්‍රපටයක්.

ඉතින් වෙලාවක් ලැබෙන හැටියට තමයි මම මේ සබ් එකක් ඒම කරන්නෙ ඉතින් ෂේපට…

ඉතින් හැමදාමත් වගේ මගෙ ලිපිය අන්තිම වෙනකල් කියෙව්වට ඔයාට බොහොම ස්තූතියි. එහෙනම් හැමදාමත් මම අන්තිමට කියනවා වගේ…

කැමැත්ත ඇත්තෝ නරඹත්වා.. ඒස්වා ක්‍රෑහ්.. තුහ්.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEB පිටපත් සඳහා ආදාළ වේ.

1,166 downloadsDownload Scarygirl-2023-Sinhala-Subtitles.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුදර්ශන (king suu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Scarygirl (2023) Sinhala Subtitles

 

Subtitles by

සුදර්ශන (King Suu)

Subtitles

1,166 downloadsDownload Subtitles38 KB

8 comments

  1. Kavindu Nethmina

    Sub ekata thanks bro..thawath supiri film ekak aran enna..

  2. unkown x

    the boys eke ithuru sub dennako api balan innw loku deyak

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සුදර්ශන සහෝ සබට

  5. සුදර්ශන (King Suu)

    බොහොම ස්තුතියි කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන සුපුරුදු යාලුවෝ හැමදෙනාටම…

  6. indika 75

    thanks..

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි.