පොලිස් නිලධාරියෙකුට හදිසියේම හෘදයාබාධයක් හටගැනීම නිසා රෝහල් ගත කරන අතර ඔහුගේ සුවදුක් විමසීම සඳහා රෝහලට පැමිණි පොලිස් කොමසාරිස්වරයා හට මේ අවුරුදු තිස්දෙකක සේවාකාලයක් ඇති පළපුරුදු පොලිස් නිලධාරියා පහත ආකාරයට කම්පන සහගත ප්‍රකාශයක් සිදුකරයි. පපුවේ අමාරුවක් හැදෙන්න තරමට ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද? සර් ම…

පොලිස් නිලධාරියෙකුට හදිසියේම හෘදයාබාධයක් හටගැනීම නිසා රෝහල් ගත කරන අතර ඔහුගේ සුවදුක් විමසීම සඳහා රෝහලට පැමිණි පොලිස් කොමසාරිස්වරයා හට මේ අවුරුදු තිස්දෙකක සේවාකාලයක් ඇති පළපුරුදු පොලිස් නිලධාරියා පහත ආකාරයට කම්පන සහගත ප්‍රකාශයක් සිදුකරයි.
පපුවේ අමාරුවක් හැදෙන්න තරමට ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද?
සර් මම ඔයාට දෙන්න බ්‍රහ්මා ගැන අලුත් වාර්තාවක් හද හදා හිටියේ සර්.
ඒක හදද්දි මම සෑහෙන ආතතියකින් හිටියේ, සතියක් විතර හරියකට නිදාගත්තෙත් නෑ.
මගේ මේ අවුරුදු 32 සේවා කාලයටම මේ වගේ මිනිමැරුවෙක්ව මං දැකලා නෑ සර්.
සෑහෙන බය හිතෙනවා සර්.
මට තවත් මේක කරන්න බෑ සර්, මටත් තරුණ දුවලා ඉන්නවා සර්.
හිරෙන් පැනලා ආවාට පස්සේ ඌ තවත් දරුණු විදියට මිනිමරනවා සර්.
මේ ලඟදි රාජි කියලා කෙල්ලෙක්වත්, මගේ යාළුවෙකුගේ දුවෙක්!
දරුණු විදියට වද දීලා මරලා දාලා මිනිය හම්බුනා.
කලින් කරපු මිනිමැරුම් වලදි මිනිමරුවා මිනිමැරුම කරලා එහෙම්ම අතඇරලා දානවා.
ඒත් දැන් ඌ මරපු කෙල්ලන්ගේ පවුල් වල අයවත් ඉලක්ක කරනවා.
රාජි මැරිලා දවස් දෙකක්වත් වුනේ නෑ.
කෙල්ල අන්තිමට ඇඳගෙන හිටපු ලේ පැල්ලම් තියෙන ඇඳුමයි. පෙන් ඩ්‍රයිව් එකකුයි පාර්සල් කරලා යවලා.
පෙන් ඩ්‍රයිව් එක ඇතුලේ කෙල්ලට වද දිදි මරණ හැටි වීඩීයොවක් තිබිලා සර්.
සර් අපි පොලිස්කාරයෝ සර්, සිවිල් මිනිස්සුන්ට වඩා අපට දරාගැනීම වැඩිපුර තියෙනවා.
මගෙ මේ සේවා කාලයට මම කොච්චර අපරාධ දැකලා තියෙනවද සර්?
එහෙම ඉන්න මටම මේක දරාගන්න බැරිවුනා සර්.
එතකොට ඒ කෙල්ලව වදාපු අම්මට කොහොම දැනෙනවා ඇතිද?
ඒ අම්මා ගිණි තියාගෙන මැරුනේ සර්.
මේ වසරේ සැප්තැම්බර් මස සිට තිරගත කරන ලද IRAIVAN සිනමාපටයේ ඇති ජවනිකාවක් ඉහතින් උපුටා දක්වා ඇත. ත්‍රාස රසය නොඅඩුව සපයන psychological thriller වර්ගීකරණයට අයත් මෙම සිනමාපටයේ Jayam Ravi සමඟින් Nayanthara යන නළු නිලි දෙපල විසින් ප්‍රධාන චරිතයන් හොබවන අතර මිශ්‍ර ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වූ මෙම චිත්‍රපටය තිරගත වුණා.
psychological thriller වර්ගීකරණයේ සිනමා රසිකයින්ට මෙම චිත්‍රපටයේ අන්තර්ගතය පිළිබඳව යම් අදහසක් ගැනීම උදෙසා ඉහත දෙබස් ඛණ්ඩය උපුටා දැක්වු අතර Action, Thriller දමිළ සිනමාපට රසිකයින්ටද මෙය නිර්දේශ කිරීමට හැකිය. එමෙන්ම මෙම සිනමාපටය තුල අතිසංවේදි දර්ශන තිබෙනා නිසා කුඩා දරුවන් සමඟින් නැරඹිමේදි සැලකිලිමත් වන ලෙස චිත්‍රපටයේ නිෂ්පාදක මඩුල්ල පවා ප්‍රකාශ කර තිබෙනවා.
බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මෙම සිනමාපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට ඉඩප්‍රස්ථාව සලසා දුන් ඇඩ්මින් මඩුල්ලෙහි අශාන් විමුක්ති සොයුරාට විශේෂ ස්තුතිය පිරිනමන අතර තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමූවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.
මිහිමත වෙසෙනා අනෙකුත් සත්වයින් සියල්ලන්ටම වඩා භයානකම සත්වයා මිනිසාය!
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි HC HDRip/Proper HDRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
32,673 downloadsDownload Iraivan-2023-Proper-HDRIP-Update.zip95 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
IRAIVAN (2023) Sinhala Subtitles, IRAIVAN (2023) Sinhala Sub, IRAIVAN Sinhala Subtitles, IRAIVAN Sinhala Sub
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
- #Editor's Pick
- #IRAIVAN (2023) Sinhala Sub
- #IRAIVAN (2023) Sinhala Subtitles
- #Jayam Ravi
- #M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
- #Must Watch
- #Nayanthara
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subtitles
- #Subtitles
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
27 comments
J
Sanjeewa2010
Pattaaaaaaaaaaaaaa
Yash
Thank you
Sanjeewa Malith
සුපිරි thank u subtitles akata ❤❤❤
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි තරිදු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Ravindra
Thanka sub ekata
Menaka Herath
Thank you brother
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Anonymous
Thnkz machn
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි තරිඳු සහෝදරයා සිංහල උපසිරැසියට! ජයෙන් ජයම වේවා..!!
Anonymous
Thank you very much
Nuwan Asela
Original eka awa ubet karanako
Kantha_DLA
webdl update karanawada macho.........
දිලීප මධුෂාන්
ඔරිජිනල් එකට අප්ඩේට් කරලා දෙන්නකෝ අයියේ..! ස්තුති උපසිරැසියට..
Sanka
Web dl download link ekk danko
oshanda
niyamai sahoo
Kantha_DLA
update ekata thanks saho.............!
Sithum Sisara
Thankz Bro
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
Thanks for sub, partner 2023 tamil film ekt sub denn puluwnd
jack
thanks for the sub
Nishakya
Thank you sahodaraya sub ekt
Anonymous
thank you.good work.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank you