The Fabelmans (2022) Sinhala Subtitles ලොව විශිෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂක වරයා කවුද? විවිධ උත්තර තියෙන්න පුළුවන්. ඒත් ඉන් එක්කෙනෙක් Steven Spielberg කියන්නෙ. එයා ඇමරිකාවෙ උපන් යුදෙව්වෙක්. මේ අඩවියට එන ඕනැම කෙනෙක් ස්පීල්බර්ග් ගැන හා ඔහුගෙ සිනමා පට ගැන අසා නොතිබුනොත් ඒක පුදුමයක්. අඩුම ගානෙ Jurassic par…

ලොව විශිෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂක වරයා කවුද? විවිධ උත්තර තියෙන්න පුළුවන්. ඒත් ඉන් එක්කෙනෙක් Steven Spielberg කියන්නෙ. එයා ඇමරිකාවෙ උපන් යුදෙව්වෙක්. මේ අඩවියට එන ඕනැම කෙනෙක් ස්පීල්බර්ග් ගැන හා ඔහුගෙ සිනමා පට ගැන අසා නොතිබුනොත් ඒක පුදුමයක්. අඩුම ගානෙ Jurassic park වත්?

ඉතා කුඩා කාලෙ “The great show on in earth” නරඹපු කුඩා ස්පීල්බර්ග් ඒ තුලින් ඇති කර ගත් ඇල්ම ඉදිරියට ගෙන ගිහින් අවුරුදු පහළවේදි එයාගෙ ප්‍රථම කෙටි චිත්‍රපටිය 8mm කැමරා රෝලක් මත නිපදවනවා Escape to no ware”. අවුරුදු 17 දී ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය Firelight 1963 නිපදවන්නේ ඩොලර් 500 ක බජට් එකකට.අනුග්‍රහය තාත්තා. ගමේ හෝල් එකක අසල්වාසීන් 500කට එකම පාරක් ප්‍රදර්ශනය කරන මේ චිත්‍රපටියෙ ටිකට් එකක් ඩොලර් එක ගානෙ විකුණන්නෙ. ඒත් කවුරුහරි ඩොලර් දෙකක් දුන්න නිසා ඩොලර් 501 ක ආදායමක් ලබනවා.ඒ අනුව ඩොලර් එකක ශුද්ධ ලාභයක් සමග දිවිය අරඹන ඔහු අවුරුදු 19 වනවිට යුනිවර්සල් ස්ටුඩියෝ හා සම්බන්ධ වන වනවා.
පසුව එදා මෙදාතුර ඔහු විසින් නිපදවූ සම්මානලාභී චිත්‍රපට ගණන අපමණයි.ඩොලර් මිලියන 470ක බොක්ස් ඔෆිස් වාර්තා තැබූ Jaws1975 මගින් ලොවම ඔහු හඳුනා ගන්නා විට ඔහුගේ වයස 29යි. Close encounters with a third kind 1979.ET1982,Indiana Jones Raiders of the Lost Arc’1981 ශ්‍රී ලංකාවේ රූ ගතකරන ලද Indiana Jones the temple of the doom 1984 වැනි චිත්‍ර පට විශාල ආදායම් වාර්ථා සම්මාන පිට සම්මාන ලබමින් ප්‍රදර්ශනය වූ අතර ඔහු ලෝක සිනමාව කණපිට හරවන්නේ 1993 වසරේ.ඒ ලෝක ප්‍රසිද්ධ Jurassic park 1993 චිත්‍ර පටයෙන්. ඒ වසරෙම අදටත් ලෝක සිනමාවේ විශිෂ්ඨතම සිනමා පට කිහිපයෙන් එකක් වන Schindler’s list 1993 චිත්‍රපටිය එළියට එනවා. මෙය IMDB 9.0 ක වාර්ථා ගත අගයක් ලබා ගන්නවා.
Saving Private Ryon 1998 , Catch me if you can 2002 ,TheTerminal 2004, Munich 2005, War of the Worlds2005 Lincoln 2015 ඔහුගේ තවත් නිර්මාණ කිහිපයක්. නොකියවුන තවත් විශාල සිනමා පට, TV series විශාල ගණනකුත් ඔහුගෙන් නිර්මානය වෙනවා.ඊට අමතරව ඔහු තිර2023 රචකයෙකු හා නිෂ්පාදකවරයෙකු ලෙසද (Amblin) කටයුතු කරනවා.වෙනත් අධ්‍යක්ෂක වරු මෙන් එකම සිනමා රීතියකට කොටු නොවූ ස්ටීවන් විවිධ ඉසව් ඔස්සේ තම සිනමාව මෙහෙයවනවා. ගැඹුරු මුහුදේ සිට පිටසක්වල දක්වාත්, යුධ බිමේ සිට දරුවන්ගේ සෙල්ලම් පිටිය දක්වාත්, කොමඩි,ඇනිමේෂන් ඇතුළු සියළු ක්ෂේත්‍ර තුලින් ගමන් කල ඔහුගේ සිනමාව ඔහුගේම බාල කාලයට ගෙනැවිත් තියෙනවා.ස්ටීවන් ගැන මෙතරම් දේ කිව්වෙ නිකන් නෙමෙයි.

Tha Fabelmans කතාවට පාදක වෙන්නෙ සිනමා ඇල්ම සමග ගෙවුනු ඔහුගෙ ළමා කාලය.සිය ළමා කාලයේ අත්දැකීම එකතු කරගෙන අර්ධ චරිතාපදානයක් (semi biographical story) ලෙස ඉදිරිපත් කරන මෙම චිත්‍රපටයේ සැමී නමැති දරුවා අනාගතයේ සිනමාකරුවෙකු වීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා දරන උත්සාහය හා සිය පවුල තුල ඇතිවෙන සංකීර්ණ ගැටළු වලට දරුවෙකු ලෙස ඔහුට හා ඔහුගේ සහෝදරියන් මුහුණ දෙන ආකාරයත්, යුදෙව් සුළු ජාතිකයින් ලෙස මහ ජාතික අමරිකානුවන් අතර සමාජයේදී ගණුදෙනු කැරෙන ආකාරයත් ඉතා සංවේදීව ඉස්මතු කරන මෙම චිත්‍ර පටිය IMDB 6.5 ක අගයක් ගත් චිත්‍ර පටයක්.
Golden Globe 2023 හොඳම චිත්‍රපටිය, අධ්‍යක්ෂක ලෙස සම්මන ලබා ගත් මෙය ඔස්කාර් උළෙලේ සම්මාන හතකටම නිර්දේශ වෙනවා.Gabriel LaBelle, Michelle Williams, Paul Dano, Seth Rogan, Judd Hirsch මෙහි රඟ පෑමෙන් දායක උනා.ස්මාට් පෝන් තියෙන මේ යුගයේ අවශ්‍ය නම් අවුරුදු හතරෙ පහේ ළදරුවෙකුට උවත් චිත්‍රපටයක් කරන එක ලොකු දෙයක් නෙමෙයි.ඩිජිටල් යුගයේ තාක්ෂණික දියුණුව මෙම සිනමා කර්මාන්තය ඉතා බොහෝ දුර ගෙනිහින් තිබෙනවා.මම මේ උපසිරැසි කොටන්නේත් ඔබ ඒවා නරඹන්නේත් ඒ පිහිටෙන්. ඒත් වසර හැටකටත් එහා පුංචි සැමී හෙවත් ස්ටීවන් කුඩා කැමරා අටවාගෙන ෆිල්ම් රෝල් එක්ක පටන් ගත් යුද්ධය මේ සිනමාව අද තිබෙන තැනට ගෙන එන්නට දී ඇති දායකත්වය සුවිශාලයි. The Fabelmans.සිනමාවට එන්න දඟලන ඕනෑම කෙනෙකුට හොඳ inspiration එකක වෙනව සත්තයි.

උපුටා ගැනීම්:Wikipedia
ස්තූතියි, නැවත හමුවෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip/Blu-Ray පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,013 downloadsDownload The-Fabelmans-2022-BR-Update.zip121 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Fabelmans, The Fabelmans (2022) Sinhala Subtitles, The Fabelmans Sinhala Sub, Steven Spielberg
Subtitles by
BANDULA K
Subtitles
- #2023
- #BANDULA K
- #Editor's Pick
- #Golden Globe Winner
- #MaxxA
- #Must Watch
- #Oscar Nominated
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Spielberg
- #Subs
- #subtitle
- #Subtitles
- #The Fabelmans
- #The Fabelmans (2022) Sinhala Subtitles
- #The Fabelmans Sinhala Sub
- #You Decide
- #Zed Josef
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Buddhika Lakmal
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!lakmal karunathilaka
ai mechchara parakku wune....
by the way thanksවිමා
උපසිරසියට බොහොම ස්තුතියි !
ඒ වගේම මෙහෙම ඒවට සබ් දෙනවට වෙනම විශේෂ ස්තුතියක් හිම්වෙන්න ඕනා.
අනිවාර්යෙන්ම බලනවා වෙලාවක් ලද විගසම.
ඩව්න්ලෝඩ් කරගෙන ඉන්නේ සබ් එක දෙනවා කියපු දා ඉඳලම.Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දිගටම මේ වගේ වටිනා ෆිල්ම් වලට සබ් දෙමු. ජයවේවා!
Anonymous
Thanks Brother
viraj
thanks..........
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Fabelmans (2022) Sinhala Subtitles | ෆේබල්මන් වරු [සිංහල උපසිරැසි] [BLURAY UPDATE]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/The-Fabelmans-Feth.jpg)

...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..