Watch Trailer

The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | වැම්පයර් රජුගේ එංගලන්ත ආගමනය [සිංහල උපසිරසි] [BLURAY UPDATE]

The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles 19 වෙනි සියවස කියන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය‍යේ ස්වර්ණමය යුගය කියලා හැඳින්වුවොත් මම හිතන්නේ මම වැරදි නෑ. චාල්ස් ඩිකන්ස්, වෝල්ටර් ස්කොට්, තෝමස් හාර්ඩි, ජේන් ඔස්ටින්, චාර්ලට් බ්‍රොන්ටෙ, මාක් ට්වේන්, ඔස්කාර් වයිල්ඩ් සහ ආතර් කොනන් ඩොයිල් වැනි විශිෂ්ට…

The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles

19 වෙනි සියවස කියන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය‍යේ ස්වර්ණමය යුගය කියලා හැඳින්වුවොත් මම හිතන්නේ මම වැරදි නෑ. චාල්ස් ඩිකන්ස්, වෝල්ටර් ස්කොට්, තෝමස් හාර්ඩි, ජේන් ඔස්ටින්, චාර්ලට් බ්‍රොන්ටෙ, මාක් ට්වේන්, ඔස්කාර් වයිල්ඩ් සහ ආතර් කොනන් ඩොයිල් වැනි විශිෂ්ට ලේඛකයන්ගේ නාමයන් මේ වෙද්දිත් රන් අකුරින් ලියැවී අවසන්. දෙනුවර අන්දරය, ඔලිවර් ට්විස්ට්, අයිවන්හෝ, මෝබිඩික්, වදරින් හයිට්ස් සහ ජේන් අයර් වැනි ලොව සුපතල ග්‍රන්ථයන් එම සමයේ පමණක් නොව අදටත් රසික හදවත් වර්ණවත් කල ශ්‍රේෂ්ට නිර්මාණ ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම ග්‍රන්ථ බොහෝමයක් ආදර කතා, ඉතිහාස කතා, රහස් පරීක්ෂක වැනි කාණ්ඩයන් යටතේ තමයි නිර්මාණය වෙලා තිබුනේ.

ඔන්න ඔය කාලේ තමයි 1897දී අයර්ලන්ත ජාතික බ්‍රෑම් ස්ටෝකර් විසින් “ඩ්‍රැකියුලා” කියන නව කතාව රචනා කලේ. ඒ වගේම මෙම අද්භූත රන්ථය මුළු එංගලන්තයම ත්‍රස්ත කරන්න සමත් උනේ නොසිතූ අයුරින්. පසුව ලෝකයේ විවිධ භාෂා වලට මේ ඩ්‍රැකියුලා පොත පරිවර්ථනය වීමත් එක්ක ලොව පුරා සීග්‍රයෙන් ජනප්‍රිය උනා. ඒ වගේම මේ නව කතාව ඇසුරෙන් චිත්‍රපට සහ රූපවාහිනි කතාමාලා රැසක් නිෂ්පාදනය කරලා තිබෙනවා. අන්න ඒ විදියට ඩ්‍රැකියුලා චරිතය පාදක කරගෙන නිපදවුන නවතම ෆිල්ම් එක තමයි The Last Voyage of the Demeter කියන්නේ.


ඩ්‍රැකියුලා මුල් පිටපතේ කවරය සහ බ්‍රෑම් ස්ටෝකර් මහතා

ඔයාලා ඩ්‍රැකියුලා නවකතාව කියවලා තියෙනවනම් මේ ඩෙමීටර් නෞකාව නුපුරුදු දෙයක් වෙන්න බෑ. අන්ධකාරයේ කුමාරයා හෙවත්ඩ්‍රැකියුලා තමන්ගේ ලේ පිපාසිත භීෂණය පතුරන්න රුමේනියාවේ වර්නා වරායේ ඉඳන් එංගලන්තයට එන්නේ මේ නැවෙන් තමයි. ඒ ගැන තොරතුරු අපිට මීනා හාකර්ගේ දිනපොතෙන් වගේම ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතිනුත් දැනගන්න ලැබෙනවා. ඉතිං ඩේලිටෙලිග්‍රාෆ් පුවත්පතේ පලවෙන්නේ ඩෙමීටර් නෞකාවේ කැප්ටන්ගේ ලොග් පොතේ ලියලා තිබෙන විස්තර පමණයි. මෙන්න මේ සිද්ධිය ඇසුරු කරගෙන එදා ඩෙමීටර් නැවේ සිදුවුන අද්භූත සිද්ධියේ රූපමය රචනාව මෙම චිත්‍රපටයෙන් ඔයාලට නරඹන්න පුළුවන්.

ඇත්තටම නවකතාවෙදි මේ නැවට දාලා තියෙන ඩෙමීටර් කියන නම බ්‍රැම් ස්ටෝකර් ආවාට ගියාට දාපු නමක් නෙමෙයි. ඩෙමීටර් කියන්නේ ග්‍රීක මිත්‍යා කතාවල ඉන්න දෙවඟනක්. ග්‍රීක ප්‍රවාද වලට අනුව ඇය තමයි ගොවිතැන සහ අස්වැන්නට අධිපති දෙවඟන. මේ දෙවඟනගේ නම ස්ටෝකර් තෝරගෙන තියෙන්නේ යටි අදහස් කීපයක්ම පෙන්නුම් කරන්න තමයි. ඒ මොනවද කියලා මම ඔයාලට කියන්නම්. එතකොට ඔයාලට තේරෙයි බ්‍රැම් ස්ටෝකර් කියන්නේ මොනවගේ විශිෂ්ට කතුවරයෙක්ද කියලා.

 ඩෙමීටර් කියන්නේ අස්වැන්නට අධිපති දෙවඟන නිසා ඇයට ජීවය සහ මරණය අධීක්ෂණය කරන්න පුළුවන්: මේ නැවෙන් පෙන්වන්නේ ඩ්‍රැකියුලා විසින් එංගලන්තයට මරණය රැගෙන එන අයුරුයි.
 වරක් ඩෙමීටර් දෙවඟනට කරදර කිරීමට සමුද්‍රයට අධිපති රජු පොසයිඩන් විසින් ඇයව ලුහුබැඳ එනවා: මේ නැවට මුහුදේදි අත්වන විනාශකාරි ඉරණම එයින් නිරූපණය වනවා.
 ඩෙමීටර් දෙවඟනව සීරීස් කියාත් හඳුන්වනු ලබනවා: එයින් පෙන්වන්නේ ඩ්‍රැකියුලාගේ දෙබිඩි ජීවිතයයි.
 ග්‍රීක ප්‍රවාද වලට අනුව මනුෂ්‍ය ශිෂ්ටාචාරයට නීතිය හඳුන්වලා දීලා තිබෙන්නේ ඩෙමීටර් දෙවඟන විසින්: ඩ්‍රැකියුලා නවකතාවේ ප්‍රධාන චරිතයක් වන ජොනතන් හාකරුත් නීතිඥයෙක්.
 ඩෙමීටර් නෞකාව කුණාටුවකට හසුවී ගසාගෙන එන සිදුවීම රචනා කිරීමට ස්ටෝකර් අභාශය ලබාගෙන තියෙන්නේ 1887දී කුණාටුවකට හසුවී විට්බි වරායට ගසාගෙන ආ “දිමිත්‍රි” නම් රුසියානු නැවේ ඛේදජනක ඉරණමයි.


ඩෙමීටර් දෙවඟන

The Last Voyage of the Demeter චිත්‍රපටය Horror/ Fantacy යන කාණ්ඩයන්ට තමයි අයත් වෙන්නේ. IMDb අගය 6.4කුත්, 90%ක ගූගල් පරිශීලක මනාපත් හිමි කරගෙන තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ නෝර්යාවීජිනු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන André Øvredal විසින්. චිත්‍රපටය සිනමා ශාලා වලට නිකුත් කෙරුනේ අගෝස්තු 10 වෙනිදා වගේම වෙබ් පිටපත් නිකුත් උනේ අද (29) තමයි.

හොලිවුඩය දෙවනක් කල Barbie සහ Oppenheimer චිත්‍රපට දෙකේ ඝට්ටනයට මැදීවීමත් එක්ක මේ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් වාර්තානම් සුබ වෙන්නේ නෑ. Game of Thrones කතා මාලාවේ ඩාවෝස් සීවර්ත් ලෙස රංගනයෙන් එක් වූ Liam Cunningham කැප්ටන් එලියට් ලෙසත්, Corey Hawkins ක්ලෙමන්ස් ලෙසත්, Aisling Franciosi ආනා ලෙසත්, ඒ වගේම David Dastmalchian වෝචෙක් ලෙසත් රංගනයෙන් එක් වෙනවා.


කතාව ගැනනම් පොඩ්ඩක් හරි කිව්වොත් ඒක ඔයාලගේ රස විඳීමට බාධා වෙනවා. ඒ වගේම ඔයාලා මීට කලින් ඩ්‍රැකියුලා නව කතාව කියවලා නැත්තම් ඒක කියවලා ඉන්න. එහෙමත් නැත්තම් Dracula (1992) චිත්‍රපටිය හරි නරඹලා හිටියොත් ඔයාලට මේක උපරිම රස විඳින්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම කියන්න ඕන අනෙක් කාරණාව තමයි මේ ෆිල්ම් එකේ මුල් අයිතිකාරයා වෙන්නේ අපේ බිම්සර යෂාන් සහෝ. එයාගේ කාර්යබහුලත්වය නිසා තමයි පස්සේ මට මේක ලැබෙන්නේ. ඒ නිසා බිම්සර සහෝටත් ගොඩක් ස්තූති වෙන ගමන් විමා සහෝටත් විශේෂ ස්තූතියක් පිරිනමනවා. එහෙනම් ඉතින් මාත් යන්නයි හදන්නේ සුපුරුදු විදියට තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා !


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB / Blu-Ray පිටපත් සඳහා පමණක් වලංගු වේ.

Br පිටපත සඳහා උපසිරසි යාවත්කාලීන කිරීම ” සනුක අක්නාත්”

31,993 downloadsDownload The.Last_.Voyage.of_.the_.Demeter-2023.zip108 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුරාන් ධනුක

Subtitles

31,993 downloadsDownload Subtitles108 KB

34 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ධනු ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. කිව්වා වගේම ආපු දවසෙම සබ් එකත් දුන්නා. දැං ඉතින් බැලිල්ලක් තමා. ජයවේවා!

    1. Bimsara Yashan(ඔලිව)

      ඒ වගේම මේ වටිනා සවිස්තරාත්මක ලිපියටත් බොහොම ස්තූතියි සහෝ.

  3. Rukshan

    අරහෙන් කොපිය එද්දි මෙහෙන් සබ් එක දෙනවා.
    ඒ ඒ දෙන එකත් ටාන්ස්ලේට් නොකර සුපිරිම සබ් එකක්.
    වචන නෑ බන් මේවට
    උඹලට පිං ❤️

  4. shan

    thank saho sub ekata.

  5. Anonymous

    ස්තූතියි

  6. Prabuddha

    Thankx for sub❤️❤️
    Boogeyman 2023 sub plz..

  7. Pavith Wijesooriya

    ගැම්මක් යුරාන් අයියෙ ගැම්මක්... ඔන්න මාත් බෑවා. අනිවා බැලිල්ලක් තමා. සබට තුති වේවා. ලිපියත් මරු ඈ...

  8. Chathura

    Dracula 2003 supirima mini serious eke 2veni episode eket me katavama tama yanne balana kastiya balanna paharak ekatanks sub ekata

  9. Buddhika Lakmal

    අඩෝ ලිපිය නං සුපිරි මචං..... පට්ට පැහැදිලි කිරීමක්.. එකෙන්ම තෑක්න්ස් මචං...
    ලිපියටයි සබටයි ...
    ♥♥☻☻...බොහෝම ස්තූතියි ...☺☺♥♥

  10. Ruchira

    Thanks for the sub!

  11. විමා

    වේගවත් උපසිරසියට බොහොම ස්තුතියි මචෝ.
    ලිපිය බොහොම වැදගත්. ෆිල්ම් එක බලන්න පෙළඹෙන සුළු සාරවත් ලිපියක්. :)

  12. Nuwan Rasika

    thanx bro sub ta

  13. Kesara Withanage

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි, ලිපියත් ඉතාම ලස්සනට ලියල තියෙනවා. ඔබට සුබ පැතුම්!

  14. viraj

    thanks..........

  15. Anonymous

    thankz saho

  16. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  17. Adeesha

    Thank you very much bro

  18. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  19. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  21. Malith samarawickrama

    Thanks Brother sub ekata

  22. Anonymous

    Thanks Bro

  23. Hashan

    Thanx for the sub bro...❤️❤️

  24. Thilina

    Thanks bro

  25. baiscopelk ishu

    sub ekata thnx machn

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. shashika prasad

    hmadama sub eka bagena niknma ynwa..aththtama thnx bro...baiscope.lk ekt sub dana hmotama thnx..
    good work ..

  28. Amila

    Thanx 4 da sub..!

  29. Dewadithya

    Thanks for Sub!

  30. මිලින්ද

    ◾◾◾◾◼️◼️◼️◼️◼️⬛⬛⬛සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි◾◾◾◾◼️◼️◼️◼️⬛⬛⬛⬛

  31. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  32. Dill

    Thankx for the hard work....!

  33. SUNI

    THANKS