ඔන්න යාළුවනේ ප්‍රේමම් එකට පස්සේ මම අරන් ආවා තවත් සුපිරිම භාණ්ඩයක්. මේකේ උපසිරැසිය කරන්න මම ආසාවෙන් හිටියේ නමුත් විභාග නිසා බාර ගත්තෙ නෑ. නමුත් මේ වෙනකලුත් උපසිරැසියක් නොතිබුණු නිසා, අළුත් අවුරුද්දට කලින් කොහොම හරි ඔයාලට මේ අවුරුදු තෑග්ග අරන් එන්න ඕන කියලා හිතුවා. චිත්‍රපටය ගැන කෙටියෙන්ම කීවොත්- විශ…

ඔන්න යාළුවනේ ප්‍රේමම් එකට පස්සේ මම අරන් ආවා තවත් සුපිරිම භාණ්ඩයක්. මේකේ උපසිරැසිය කරන්න මම ආසාවෙන් හිටියේ නමුත් විභාග නිසා බාර ගත්තෙ නෑ. නමුත් මේ වෙනකලුත් උපසිරැසියක් නොතිබුණු නිසා, අළුත් අවුරුද්දට කලින් කොහොම හරි ඔයාලට මේ අවුරුදු තෑග්ග අරන් එන්න ඕන කියලා හිතුවා. චිත්‍රපටය ගැන කෙටියෙන්ම කීවොත්- විශිෂ්ටයි !
ඉරුදි සුට්රු (අවසාන වටය). කාන්තා බොක්සින් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජීවිතේම කැප කළ සුපිරිම සුපිරි පුහුණුකරුවෙක් සහ තමන්ගේ මාස්ටර් වෙනුවෙන් ඕනම අභියෝගයක් බාරගෙන නොබියව සටන් වදින ක්‍රීඩිකාවකගේ කතාවක්. මෙහෙම කීවාම සාමාන්‍ය චිත්‍රපටයක් කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. නමුත් ඒක එහෙම නෙවෙයි, චිත්‍රපටය නොබලා නිගමනයකට එන්න හොඳ නෑ.
ප්‍රභූ කියන්නේ දේශපාලනයට ගැති නොවූ අවංක බොක්සින් පුහුණු කරුවෙක්. හැබැයි කුලප්පු කාරයෙක්. දූෂිත නිළධාරීන් පිරිසක් එකතු වෙලා මේ පුහුණුකරුව චෙන්නායි වලට මාරු කරනවා. ප්‍රභූ ඔය කාටවත් බය මිනිහෙක් නෙවෙයි. එයාව කමිටු රැස්වීමට අඬගහපුවාම බියර් එකක් බිබී තමයි ඇතුලට යන්නේ. ගිහින් කියන්න තියන දේ මූණටම කියලා, ප්‍රධානියාටත් ගහලා තමයි එයා එතනින් පිටවෙන්නේ. නිළධාරින් ඔහුට සමච්චල් කරනවා, පුළුවන් නම් චෙන්නායි වලට ගිහින් එහෙන් හොඳ දක්ෂ ක්‍රීඩිකාවක් හොයාගන වරෙන් කියලා. චෙන්නයි වල ඉන්න අතරේ දවසක් ප්‍රභූ දකිනවා එක්තරා කෙල්ලක් මිනිසුන් පිරිසකට පහර දෙනවා. ඒ වෙලේ ප්‍රභූ තීරණය කරනවා තමන්ගේ මුළු සේසතම වියදම් කරලා හරි ඒ කෙල්ලට බොක්සින් උගන්වලා, ජාත්‍යන්තර තලයට රැගෙන එන්න. ඒ කෙල්ල තමයි මදී. එතැනින් එහාට කතාව ඔයාලාම බලන්න.
මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා මාධවන්. හැබැයි අපි එදා දුටු මාධවන් නෙවෙයි. ඔහු වසර තුනක් මේ චිත්‍රපටය වෙනුවෙන් මහන්සි වුණා. ඇඟ හදන්න. ඔහුට ඕනැ වුණා ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන්න. මොකද එයාට වැඩ කරන්න ඕන වුණේ සැබෑම බොක්සින් ශූරියක් එක්ක. ඒ තමයි ප්‍රධාන නිළිය රිතිකා සිංග් (මදී). මේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇයට විශේෂ සම්මානයක්ද ලැබුණා. රිතිකා කීවා එයාට ඔස්කාර් එකක් ලැබුණා හා සමානයි කියලා. මෙම චිත්‍රපටය හිංදි භාෂාවෙනුත් එළි දැක්වුණා (සාලා කඩූස්). ඉතින් යාළුවනේ, චිත්‍රපටය රසවිඳින්න කියලා ආරාධනා කරනවා. නැවත හමුවෙමු. ලබන්නාවූ අළුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ එකක් වේවා !
400 MB (HD) කොපිය මෙතනින් බාගන්න
FB9D9E9BF966A4192BF3966D46468316A5AF7406700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
142AE285B109E73D75B5684605A6FC295244E94A ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,078 downloadsDownload Irudhi-Suttru-2016-1.rar68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
40 comments
Kulanjana Maduranga
chathula
ගොඩ කාලයකින් පොඩි නිවාඩුවක් ලැබුණා. ඔය ගොල්ලන්ට සුබපතන්න තමා ආවෙ.
හැමෝටම හෙට උදාවන අලුත් අවුරුද්ද සුබම සුබ එකක් වේවා !
කාලෙකින් සයිට් එකට ගොඩවුනේ. ෆිල්ම් එකක් බාපු කාලයක් මතක නෑ. මේක අනිවා බලනවා. අයෙත් සයිට් එකටත් ඔයගොල්ලන්ටත් සුබපතලා මම නවතිනවා .mithun
හම්මට රෙටින් 8.2යිද.. පිස්සු හැදෙනවනෙ ඉතින් නොබා කොහොමද . වැඩි මුකුත් කියවන් නෑ thx බ්‍රො උපසිරැසි .
බොහොමත්ම ස්තුතියි . ඔන්න මමත් බානව අද. දිගටම දෙන්න හොදම එව.ඔබට ජයChalana Rukshan
esema veva and thnx bro..
lakmal
tnx bro meka patta
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!Top Gun (1986) - YIFY
Open Season - Scared Silly.2015
Sawaari (2016)
The.Trust.2016.sajith
nk bro..tha..
Lahiru
thanks macho.happy new year!!!
Ayesh Nadeeshan
ela ela mcn
sk
8.2 ela
janith
meke sub eka play wenne nane saho
janith
meke sup eka km player ekata support nane ban
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sajja
Jil jung juk tamil eke sub eka dennko.plz
Sajja
Jil jung juk tamil eke sub ekath dennkoo bro
anurA
දැනුයි ෆිලුම බලල ඉවර උනේ.අති විශිස්ටයි සහෝ..නියමයි.මාදවන් කියන්නෙ කොහමත් මන් ආස නලුවෙක් ...නිලිය කියන්න වචන නෑ රගපෑම .....අතිවිශිස්ටයි .....සෑහෙන කාලෙකින් හොන්ද ෆිලුමක් බැලුවේ .....සබට ගොඩක් thanzzzzz.......අනිවා මේක බලන්න සුපිරි ෆිලුමක් ..........
thisal
tnxx
praneeth Vitharana
සුපිරි ෆිල්ම් එක. ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි සහෝ…
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!!!Chami.S
Thanks..
asiri
patta film eka
Dilusha Nuwan
රේටින් වල තියෙන විදිහට සුපිරි වෙන්නම එපැයි අනිවා බලනවා
Suu
thank u :)
නිෂූ
ස්තුතිය කොහොමද කියන්න වචන නෑ !
කාලෙකින් බලාපු දෙමළ හොදම ෆිල්ම් එකක් !
එළමකිරි !
(වැඩිපුර කියන්න දෙයක් නෑ., අන්තිම ටික තුන්සැරයක් රිවයින් කරල බැලුවා)pk
subtitle download kalama torrent link ekakne download wenne. srt file ekak neweine.
pls help me someone.ඩී.ජේ ගෑස්
ප්‍රේමම් නම් ෆට්ටම පිලුම බන්.. මම බලෙන් තුන්දෙනෙක්ට පෙන්නුවා :3 .. උමුත් කිව්ව සුප්ප එකට පිලුමට ගැලපෙන්න සබ් එක තියේ කියල!! උඹට ජයෙන් ජය!!
Indrajith Udaya Kumāra
බලෙන් පෙන්නන්න වටින සිනමා නිර්මාණයක් තමයි මේක. ළඟදී ආව හුඟක් චිත්‍රපටි අසාර්ථකයි. නමුත් මේ චිත්‍රපටය නම් කියලා වැඩක් නෑ අති විශිෂ්ටයි. අද වන විටත් ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව බොහොම සාර්ථකව මට්ටමක තිබෙනවා. විචාරකයිනුත් පැවසුවේ සියළු දෙනාම නැරඹිය යුතු චිත්‍රපටියක් කියලා..
pk
kauruhari pinwatek mata meke subtitle file eka baa ganna pihita wenawada?
Dilusha Nuwan
සුපිරි ෆිලුමක් වගේ තෑන්ක්ස් සහෝ සබට
amal
thanks for the subs
Theekshana
niyama film eka... wishishtai... jaya wewa
zats
Thanks bro
Thamara Dilushini
thank u
Menu
Nice movie :) Thank you!!!
DNTDS
Thanks machan..!!!
sandun
niyamai saho .bohoma sthuthi. digatama karagena yanna avashaya shakthiya labeba.
mithun
මොනව කරන්නද ඉතින් දැම් තම මෙකත් බලන්න යන්නෙ ඔයා වැඩක් කලොත් එක සුපිරිම තම කොමෙන්ට් එක උනත් දැම්මෙ පස්සෙ හරි වැඩ දැකල තියෙන නිස ස්තුතියි බොහොම
gayanmagee
thanks
Saranga J. Liyanagama
Thanks
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

niayamai…tamil ne..supiri 1k wge...thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Suba Aluth Awruddak Wewa......