සුභ දවසක් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! අද අප ඔබවෙත රැගෙන ආවේ පසුගිය වසරේ අවසානයේ තිරගත කරන ලඳ තවත් අමුතුම ආකාරයේ දමිළ සිනමාපටයක්. හැමදාම බලන හොල්මන් කතා, අද්භූත කතා සමඟින් සංසන්දනය කර බැලුවහොත් ඔබට මේ සිනමාපටයේ දි සම්පූර්ණම වෙනස් ආකාරයේ කතාවක් දැක ගන්නට පුළුවන් වේවි යැයි අනුමාන කරනවා. ඒ වගේ…

සුභ දවසක් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! අද අප ඔබවෙත රැගෙන ආවේ පසුගිය වසරේ අවසානයේ තිරගත කරන ලඳ තවත් අමුතුම ආකාරයේ දමිළ සිනමාපටයක්. හැමදාම බලන හොල්මන් කතා, අද්භූත කතා සමඟින් සංසන්දනය කර බැලුවහොත් ඔබට මේ සිනමාපටයේ දි සම්පූර්ණම වෙනස් ආකාරයේ කතාවක් දැක ගන්නට පුළුවන් වේවි යැයි අනුමාන කරනවා. ඒ වගේම අද්භූත කතා වලට කැමති අනිකුත් භාෂා සිනමා රසිකයනුත් නිසැකවම මේ සිනමා පටයට කැමති වේවි යැයි කියාද අනුමාන කරනවා. එනම් මේ සිනමා නිර්මාණය සාම්ප්‍රදායික දමිළ චිත්‍රපටවල ආකාරයෙන් නිර්මාණය කර නැති නිසා ගීත කිහිපයක් තිබුණත් සම්පූර්ණයෙන්ම මේ චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපටයක ආරයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. පසුබිම් සංගීතය කතාව ගොඩ නැඟීම සහ චිත්‍රපටයේ සංකල්පය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා මෙය බැලිය යුතුම අද්භූත ඝණයේ සිනමාපට වලින් එකක් යැයි කියා යෝජනා කිරීමටද කැමතියි.
චිත්‍රපටය ගැන කතා කලහොත් මෙහි කතාව තුල සිටින්නෙ අරාබිකරයෙ Jinn නමින් හැඳින්වෙන අත්භූත ජිවීන් කොටසක්. ඔවුන් නිසාවෙන් ගමකට සිදුවන අභිරහස් සහ භයානක සිදුවීම් කිහිපයක් ගැනයි කතාව තුල ඇතුලත් කර තිබෙන්නේ. ඉතින් ඒ අද්භූත ජීවි කොට්ඨාශය ගැන යම් පැහැදිලි කිරීමක් සිදු කිරීමට තරම් ප්‍රමාණවත් මූලාශ්‍රයක් නොමැති නිසා අප ඔවුන් ගැන පැහැදිලි කිරීමට සූදානම් වන්නේ නෑ. කිමද එය විස්තර කිරීමේදි යම් යම් හෝ අඩුපාඩුවක් සිදුවුවහොත් එය ප්‍රේක්ෂක ඔබට අප විසින් සිදුකරන අකටයුත්තක් වෙන නිසාවෙන්. අන්තර්ජාලය තුල ඉහත වචනය ගැන සොයා බැලුවහොත් ඔබටම මේ පිළිබඳ දළ අදහසක් ලබා ගැනීමට හැකිවේ යැයි තවදුරටත් පසක් කරමින් චිත්‍රපටයේ අනෙකුත් විස්තරයන් සඳහා යොමුවෙනවා.
2019 දෙසැම්බර් මස 06 දින තිරගත කිරීම ආරම්භ කල මේ සිනමාපටය සඳහා ඉතාමත් හොඳ මට්ටමේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් මෙන්ම විචාරක අදහස්ද හිමිවුනා. දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නළුවකුද වන Sundar විසින් මෙහි ප්‍රදාන චරිතය හොබවනවා. V. Z. Durai දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වුන අතරම මෙහි තවත් ප්‍රධාන චරිතයක් හොබවන Sai Dhanshika ගේ රංඟනයද බොහො සෙයින් කතා බහට ලක් උනා. Girishh නම් දමිළ සිනමා සංගීත අධ්‍යක්ෂකවරයාගේ අද්භූත චිත්‍රපටයකට මනා ලෙස ගැලපෙන අති ප්‍රභල තියුණු පසුබිම් සංගීතය නිසා ඔබද තිගැස්සි යන බව නම් නොඅනුමානයි.
උපසිරැසිය නිර්මාණයේදී මා සමග එක් වූ සහෝදර උපසිරැසිකරුවෙක් වන චාමික මධූෂාන් හට මාගේ ස්තූතිය පුද කරනවා. එසේ නම් පහතින් දක්වා ඇති විචාරක ප්‍රසාදයන්ද බලා චිත්‍රපටයෙ තත්වය ගැන තවත් යම් අදහසක් ලබාගෙන චිත්‍රපටය නරඹා ඔබගේ වටිනා අදහසක්ද පහතින් දක්වා යන ලෙසට ඉල්ලා සිටිමින් අදට සමුගන්නවා.
යුතුකමක් වශයෙන් පවසන්නම් ශ්‍රී ලංකාවට අමාරු කාලයක් වන මේ අවස්ථාවේ රජයේ නීති රීති වලට අවනත වෙමින් නිවසේ සිට ඔබගේ සහය ලබා දෙන්න. කම්මැලි අයට බයිස්කෝප් වෙඩ් අඩවියේ ඕනෑ තරම් චිත්‍රපට, කතා මාලා ලබා දී තිබෙනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDRip පිටපත් සඳහා අදාළ වේ.
9,899 downloadsDownload Iruttu.2019.Baiscopelk.com_.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංග ප්‍රසන්න” සහ “ චාමික මධුෂාන් ” සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
20 comments
Tharaka
omal1986
ස්තුතියි
Yuddham sei,film එකේ සබ් ටයිටල් දාන්න බැරිද
arawindasunimal
ස්තුතියි උපසිරසියට - ඔබගේ වටිනා කාලය වැය කරමින්. හරි පිලිවලටම උපසිරසි සකසා දී .කිසිදු මුදලක් අය නොකර අපට බාගතකරගන්න දුන්නාට - මෙම උපසිරසි දුන් ඔබටත් . බයිස්කෝප් ටීම් එකටත් ජයවේවා....බුදු සරණයි
Sameera Diyashan
Machan...
gypsy 2020
Asuraguru 2020
Me deakatath sub ooni...bn
Me sub 1tath thanks machan..jaya wewaKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
viradaka
thanks brother
prasanga
thanks....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
බොහොම ස්තුතියි මචෝ !!
thalsuda
torrent file eka ganna dila tiyena hash tag eka copy karaganna bene. help me..please
Lalani Maduwanthi
VAALI TAMIL MOVIE EKATA SUBTITLES DENNA PULUWANDA?. AJITH KUMAR INNA MOVIE EKA
Shafras
Is this is a horror movie. Do you have the movie named vaisnavee
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
priyanka
film link eka kohomada ganne
Nipuna Udayanga
Thank u very much
RuwanLakshan93
බොහෝම ස්තූතියි සහෝ ජයවේවා ...!
A r perera
ස්තුතිය බ්‍රො
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!ඉසුරු
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank you boo..