Watch Trailer

Ishkq in Paris (2013) with Sinhala Subtitles | පැරිසියේ ප්‍රේමය.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් ඔයාලට? හුග කාලෙකට පස්සේ නේද මුණගැහෙන්නේ. ඉතින් මම මේ සැරෙත් ගෙනාවේ හින්දි චිත්‍රපටයක්. මම හරිම ආසාවෙන් බලපු චිත්‍රපටයක් තමයි මේක. ඉතින් ඔයාලටත් මේ චිත්‍රපටය බලන්න මගේ දෙවනි උපසිරැසිය විදිහට මේ චිත්‍රපටය තෝරාගත්තා. පළවෙනි එකෙනම් ගොඩාක් අඩුපාඩු තිබුනා නේද? එ්ක නිසා මම මේ උපසිරැසිය හදලා ඉ…

Ishkq in Paris (2013)

කොහොමද ඉතින් ඔයාලට? හුග කාලෙකට පස්සේ නේද මුණගැහෙන්නේ. ඉතින් මම මේ සැරෙත් ගෙනාවේ හින්දි චිත්‍රපටයක්. මම හරිම ආසාවෙන් බලපු චිත්‍රපටයක් තමයි මේක. ඉතින් ඔයාලටත් මේ චිත්‍රපටය බලන්න මගේ දෙවනි උපසිරැසිය විදිහට මේ චිත්‍රපටය තෝරාගත්තා. පළවෙනි එකෙනම් ගොඩාක් අඩුපාඩු තිබුනා නේද? එ්ක නිසා මම මේ උපසිරැසිය හදලා ඉවර වෙලා මගේම උපසිරැසියෙන් මේ චිත්‍රපටය බැලුවා. ආයිමත් අඩුපාඩු හදලා තමයි ඔයාලට මේ දෙන්නේ. වැරද්දක් එහෙම තිබ්බොත් සමාවෙන්න ඕනේ හොදේ.

හරි මේ චිත්‍රපටය ගැන කියනවා නම් මේකේ ප්‍රිති සින්ටා (ඉශ්ක්), රේහාන් මලික් (ආකාශ්), ඉසබෙලා අජානි, මාලා සිංහා, ශේකර් කපුර් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ආරම්භක දිනයේදිම රුපියල් මිලියන 4.2 ආදායමක් උපයාගන්න හැකිවී තිබෙනවා. 2013 මැයි 24 තමයි මේ චිත්‍රපටය එලිදකින්නේ. බොහෝ අවස්තාවන් ප්‍රංශයේ තමයි රුපගත කරලා තියෙන්නේ. මෙම චිත්‍රපටයේ නිෂ්පාදකයා වන්නේ ප්‍රිතී සින්ටා. අධ්‍යක්ෂවරයා වන්නේ ප්‍රේම් රාජ්.

චිත්‍රපටයේ තේමාව මෙහෙමයි. ප්‍රංශය බලා යන කෝච්චියට මේ ඉශ්ක් හා ආකාශ් ගොඩවෙනවා. එතනදි මේ දෙන්නා සමීප මිතුරු බවක් ඇති කර ගන්නවා. ඒ නිසාම ආකාශ්ගේ ඉල්ලිමකට මේ ඉශ්ක් හා ආකාශ් එදා රාත්‍රියම පැරිසියේ ඇවිදිමින් විනෝද වෙමින් රැය ගත කරනවා. මෙතැනදී මේ දෙන්නාගේ පෞද්ගලික දේවල් පවා කියනවා. ඉතින් ඊට පහුවෙනිදම ආකාශ් ලන්ඩනයට පිටත් වෙනවා. එ්ත් ආයිමත් මේ දෙදෙනා මුණගැහෙනවා. ඒ ආකාශ්ගේ යාළුවගේ විවාහයට ආකාශ් ප්‍රංශයට එන නිසා. මේ සැරේදි මේ දෙන්නා දෙන්නට දෙන්නා ආදරය කර ගන්නවා. එ්ත් මේ දෙදෙන්නාම විවහයන්ට අකමැතියි. ඒ වුනාට ආකාශ් විවාහා වෙන්න යෝජනා කරත් ඉශ්ක් විවාහ වෙන්න අකමැති වෙනවා. මොකද තමන්ගේ අම්මව ඇයගේ තාත්තා අත්හැරලා ගිහින්. ඒ නිසා මේ දෙන්නා පැරිසියේ තනිවෙනවා. ඒ නිසාම ඉශ්ක් විවාහයට අකමැති වෙනවා. මේ ආකාශ් කියන පුද්ගලයාත් ඒවගේ අත්දැකිම් ලබපු කෙනෙක්. එයාගේ කුඩාකාලයේදිම එයාගේ අම්මා තාත්තා දික්කසාද වෙනවා. ඒ නිසා මේ ආකාශුත් විවාහයන්ට කැමති කෙනෙක් නෙවෙයි. එතකොට මේ දෙන්නා එකතුවෙන්නේ නැද්ද? ආයිමත් ඉශ්ක්ගේ තාත්තා එයිද එයාලා හොයාගෙන? දිගටම කතාව ඇහුවම රහක් නැනේ. ඒ නිසා කතාව බලලම රස විදිමු. 3 උපසිරැසිය සමගින් හමුවෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි!!!! ජය වේවා!!!

Ishkq in Paris (2013) on IMDb

 

 

703 MB (720p WEB-HD) කොපිය මෙතනින් බාගන්න

062476B76A1CD8CE5CE63F77B648183042A6E1E1 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,077 downloadsDownload Ishkq-In-Paris-2013_baiscopelk.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SankaS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංඛ සඳනුවන් (සනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සංඛ සඳනුවන්

Subtitles

2,077 downloadsDownload Subtitles44 KB

10 comments

  1. rkkasun

    thanx

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!

  3. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  4. විමා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    බලන්න මගහැරුණ ලස්සන ෆිල්ම් එකක් වගේ.

  5. thisal

    එල අනිවා බැමක් ට්හැන්ක්ස් සබ් එකට

  6. Kulanjana Maduranga

    niayamai…thanks SANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සංඛ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Siraj Priyantha

    නියමයි නියමයි සහෝ
    සුපිරි ෆිලුමක් නේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!

  10. chamara

    thanx