ඔන්න මම තවත් නියම ෆිලුමක් අරගෙන ආවා. දෙමළ ෆිල්ම් එකක උපසිරැසියක් මට ගේන්න ලැබෙන්නේ මාස 09 කට පස්සේ තමයි ඉතින්, මේ ෆිල්ම් එක මං බාර අරගෙන නම් සෑහෙන කාලයක් වෙනවා. බාරදීපු කාලේ පස්සෙන් පන්නගෙන සමීර චතුරංග අයියා සබ් එක ඉල්ලුවා. පස්සේ එයාම තේරුම් අරන් වැඩේ අතහැරලා දැම්මා. මුලින්ම සමීර අයියගෙන් සමාව ඉල්ල…
ඔන්න මම තවත් නියම ෆිලුමක් අරගෙන ආවා. දෙමළ ෆිල්ම් එකක උපසිරැසියක් මට ගේන්න ලැබෙන්නේ මාස 09 කට පස්සේ තමයි ඉතින්, මේ ෆිල්ම් එක මං බාර අරගෙන නම් සෑහෙන කාලයක් වෙනවා. බාරදීපු කාලේ පස්සෙන් පන්නගෙන සමීර චතුරංග අයියා සබ් එක ඉල්ලුවා. පස්සේ එයාම තේරුම් අරන් වැඩේ අතහැරලා දැම්මා. මුලින්ම සමීර අයියගෙන් සමාව ඉල්ලනවා එහෙම කරන්න වුණ එක ගැනත්, සබ් එක මෙච්චර පරක්කු වීම ගැනත්. එහෙනම් ඉතින් අද ගෙනාපු ෆිල්ම් එකේ විස්තර ටිකක් බලමු නේ.
චිත්‍රපටයේ නම “පිසාසු” ඒකේ තේරුම තමයි “යක්ෂයා” කියන එක ටිකක් බයයි වගේ නේ. චිත්‍රපටය ලියලා සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “මිස්කින්” විසින්. වර්තමානයේ දමිළ සිනමා කර්මාන්තයේ සිටින වෙනස් විදියේ අධ්‍යක්ෂක වරයෙක් හැටියටයි මොහුව හඳුන්වන්නේ. සිනමාව වෙනස් කෝණයකින් බලන කෙනෙක් තමයි මොහු. ඒ වගේම තාත්වික සිනමාවක් මොහුගේ චිත්‍රපට වලින් විදහාපානවා. එවැනි අයට ඉතින් වාණිජ මට්ටම් තර කරගන්න අමාරුයි, මොහුටත් එසේම වුණා, අසාර්ථකවීම්, ලාබ නොලැබීම් තුලින් ඒවා ජයගෙන ඉදිරියට එමින් සිටින කෙනෙක් හැටියට මොහුව සලකන්න පුළුවන්. ඒ වගේම මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නෙත් වර්තමාන දමිළ සිනමාව වෙනස් අන්දමින් දකින අධ්‍යක්ෂකවරයෙක් වන “බාලා” විසින්. නවක නළු නිළියන් පිරිසක් තමයි මෙහි රංගනයේ යෙදෙන්නේ. තව දෙයක් “මිස්කින්” ගේ චිත්‍රපටවල චරිත වලට නම් යෙදීම ගොඩක් අඩුයි. ඒ බව මේ චිත්‍රපටයෙනුත් ඔයාලට බලාගන්න පුළුවන්.
මෙහි කතාව ගලාගෙන යන්නේ මෙහෙමෙයි, “සිද්ධාර්ත්” කියන්නේ වයලීන් වාදකයෙක්. නගරයට ඇවිත් කුලී නවසක පදිංචිව තම රැකියාව වන වයලින් වාදන වෘත්තියේ යෙදෙනවා. දවසක් පාරක රිය අනතුරක් සිදුවෙනවා එයට ලක්වෙන්නේ තරුණ ගැහැණු ළමයෙක්. ඇයව බේරගන්න රෝහලට ඇතුලත් කළත් ඇය මිය යනවා. පසුව ටික දවසකට පස්සේ එම ගැහැණු ළමයගේ ආත්මය මොහුගේ නිවස තුල රැදී සිටින බව දැනගන්න ලැබෙණවා. පස්සේ මොහු මිතුරන් සමඟ එක්ව මේ ආත්මය නිවසින් එලවා දමන්න උත්සාහ කරනවා. එහෙත් මොවුන්ට එය සිදු කිරීමට හැකි වෙයිද? එම ආත්මය නිවස තුලට පැමිණියේ ඇයි? ඇය අනතුරට පත්කළ පුද්ගලයාව මරන්න ඕනේ කියා වේදනාවෙනුත්, දුකෙනුත්, තරහෙනුත් සිටින ඇගේ පියාට එම පුද්ගලයාව සොයාගත හැකි වෙයිද? මේවාට පිළිතුරු හොයන්න නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.
ඉතින් මේ චිත්‍රපටය බලන්න කට්ටියටම ආරාධනා කරන ගමන්, මේ ලිපිය ටයිප් කරලා දුන්න වරුණ රංගජිත් අයියාටත් ස්තූතිය පුද කරනවා. තව දෙයක් කියන්න ඕනි, මේකට ආපු ඉංග්‍රීසි උපසිරැසියේ කාල රාමු සියල්ලම වැරදියට තිබුණේ. ලොකු කට්ටක් කන්න වුණා ඒක හදාගන්න. ඒකට සැලකීමක් විදියට කමෙන්ට් එකකුත් දාගෙන යන්න හොඳේ. ඔයාලට ජයෙන් ජයම වේවා…!!!
1.61 GB (WEB) කොපිය මෙතනින් බාගන්න
28DB0866DA1D81220F9CA3A614760A77ED855AA0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,469 downloadsDownload Pisaasu-2014.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
23 comments
manoj
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!Champika Prashantha
plzz machab link ekak ewanna hoda
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
kavindugayshan
tnq fore sub puluwan nam mewata sub dennako gajakeshwari me film eka hodai
THARINDU
SUB 1TA THANKS MACHAN
වරුණ රංගජිත් (වරූ)
නියමයි මල්ලී..
වෙනස්ම ආරක ෆිලුමක්..
ඉක්මනටම උපසිරැසිය ගෙනල්ලා නේ..
හ්ම්ම් තවත් එකක් ඉක්මනටම අරගෙන එමු..
ජයෙන් ජයම වේවා...Kulanjana Maduranga
niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Champika Prashantha
අනේ මේ ලින්ක් එකේ ටොරන්ට් එක භාගයකදී නවතිනවා. හොද ලින්ක් එකක් දෙන්න.
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wishwa
ela ela
warun
ela bro
Asheka
patta
kavi
tnx sirajj....god bless !!!!!!!!!
Hasitha Priyankara
link eke awlak tiyenawa....... magadi download eka nawathinawa
thanushka
Thanks!!!
Rasika
Meva thama film..patta mchn.thnkx
Darshana Sampath
ස්තුතියි සිංහල උපසිරසට
කෞෂාන් පියුමන්ත
තෑන්ක්ස් බ්‍රෝ
malith
Ela ela
oshadhi_adithya
movei eka download karanne kohomada
සාරංග J ලියනගම
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Pisaasu (2014) with Sinhala Subtitles | ආත්‍මයක් වී ආවෙමී. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Pisasu-2014-.jpg)
supiri machan