ගොඩාක් කාලෙකින් ෆිල්ම් එකක් ගැන ලියන්න හිතුනා.හැබැයි මේ ලියන්න යන්නේ අපේ කාලේ ෆිල්ම් එකක් ගැන නම් නෙමෙයි. මීට අවුරුදු 66ට පෙර තිරගත උන ලස්සණ චිත්‍රපටියක් ගැනයි. 1946 දී තිරගත උන මෙය ඇමරිකාවේ එදා මෙදාතුර නිපදවූ චිත්‍රපට අතර පළමු තැන හැටියට ඇමරිකානු සිනමා ආයතනය නම් කර තියනවා. ඒ වගේම මේ වන විට IMDb එක…

ගොඩාක් කාලෙකින් ෆිල්ම් එකක් ගැන ලියන්න හිතුනා.හැබැයි මේ ලියන්න යන්නේ අපේ කාලේ ෆිල්ම් එකක් ගැන නම් නෙමෙයි. මීට අවුරුදු 66ට පෙර තිරගත උන ලස්සණ චිත්‍රපටියක් ගැනයි. 1946 දී තිරගත උන මෙය ඇමරිකාවේ එදා මෙදාතුර නිපදවූ චිත්‍රපට අතර පළමු තැන හැටියට ඇමරිකානු සිනමා ආයතනය නම් කර තියනවා. ඒ වගේම මේ වන විට IMDb එකේ මනාප 144,729ක් ලබාගෙන 8.7/10 ක රේන්ටින් එකකුත් එක්ක ශ්‍රේණිගතකිරීම්වල 31 වන තැන ලබාගෙන තියනවා. වැඩි විස්තර මෙතනින් බලන්න පුළුවන්…
ඒවගේම මෙය 1946 දී තිරගතවෙලා තියෙන්නේ කළු සුදු චිත්‍රපටියක් ලෙස උනත් 1986 දී වර්ණ චිතපටයක් බවට පත්කර තිබෙනවා. ලංකාවේ වගේ නැවත නිෂ්පාදනයක් නෙමේ. පරණ පිටපතම වර්ණ ගැන්වීමක්.
ඉතිං කතාව කෙටියෙන් කිව්වොත්, ජෝර්ජ් බේලී කියන්නේ සුරූපී බිරිඳක් ඉන්න, ලස්සන දරුපැටවුන් ටිකක් ඉන්න සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔහු ලස්සණට ජීවිතේ ගෙවාගෙන යනකොට දෙවියන්ට පේනවා මොහුට ඉදිරියේදී කරදරකාරි කාලයක් එන බව. ඉතිං මේ විපතින් ඔහුව ගලවා ගන්න ජෝර්ගේ රැකවල් දේවතාවා (guardian angel) විදියට දෙවිකෙනෙක් එවන්න තීරණය කරනවා. ඒ එවන්න තීරණය කරන දෙවියා දෙවන පංතියේ දෙවි කෙනෙක්. ඔහුට තවමත් පිහාටු ලැබී නෑ. මේ රාජකාරිය නිසිලෙස ඉටු කලොත් දිව්‍ය පියාපත් ලබාදෙන පොරොන්දුව පිට ඔහු රාජකාරිය බාරගන්නවා. නමුත් පොළවට එන්න කලින් ජෝර්ජ් ගැන හරියටම දැනගන්න ඕනනේ. ඉතිං ප්‍රධාන දෙවියන් විසින් ජෝර්ජ්ගේ ළමා කාලයේ සිට ජීවිත කතාව කියනවා. ඔන්න ඔය කියන කතාව තමයි අපට චිත්‍රපටියේ දකින්න ලැබෙන්නේ….
ඉතාම ලස්සණ කතාවක්… ආදී කාලේ ෆිල්ම් එකක් කියලා අතාරින්න එපා. කැමති අය බාගෙන බලන්න…
අනික් කාරණේ, මේ දීලා තියන පිටපත අර මුලින් කිව්ව වර්ණ ගැන්වූ චිත්‍රපටයේ පිටපතක්. වීඩියෝ කොලිටිය උපරිමයි…උදාහරණයකට මේක බලන්නකෝ…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
1,221 downloadsDownload Its.A.Wonderful.Life_.1946.Sinhala.Sub_.zip163 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෆා ද බ්ලොගී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/08/18
Subtitles by
ෆා ද බ්ලොගී
Subtitles
81 comments
chamila
Heshanhhh
Mama 2, asawen balanna puluwan movie ekak wage..!!
Dhana
mama 3na.. ela ela mchan
දක්ෂිණ
මම මේකේ original ම b&w version එක බැලුවා. ලස්සන කතාවක්!
sunanda
hari hari.onna ahenam banna demma..........
RNP
❤️❤️❤️
Sampath & Ishi from uk
wish u all the best u and u'r team.please give us to better filam.thanks
shehan
ela thnx
sandaru
ela kiri
Akalanka Yapa
එල එල....... පරණ උනාට කමක් නෑ ෆිල්ම් එක එල නම්...........
එහෙනම් බාලම බලමු.......
ජය!විකියා
මේ බයිස්කෝප් එක ගැන මට මීට කලින් වාසල කිවුවා..ඒක නිසා මට බය නැතිව කියන්න පුලුවනි සුපිරි බයිස්කෝප් එකක්...කාලය නම් මට කොහෙත්ම ප්‍රශ්නයක් නෙමේ...පට්ට නම් 1940 ගනන්වල නෙමේ ඊටත් කලින් ඒවා බලනවා...
ජය වේවා...!
mewi
meka nam balannama one
අමල් ප්‍රසාද් සමරවීර
පරන එව්වගෙත් මාරම ගතියක් තියෙනවනෙ.. එළ එළ ඔන්න බාන්න දැම්ම මාත් එහෙනම්!!!
Sam 007
Maxxa film 1k mewa tami one , Thanks macho
වා.මු. නිලන්ත පියසිරි
එහෙනම් මෙච්චර පරණ ඒවත් අපේ බයිස්කෝප් විබපලේ තියෙනවා. එහෙනම් ඉතිං බාලා බලමු. බොහොම පිං මේ ගැන දැනවූවාට.
උදය Salinda
පරණ ෆිල්ම් එකක් උනාට හොදයි වගේ. ස්තුතියි වාසල සහෝ.
madusanka
පරණ උනත් රජ බඩුවක්........
nishantha
MAxxa athi kiyala hithenawa..balamu balama
SPND
eka wenawa appa sathi 2kin movie 1k baluwe na ane hoda 1k dannakooo aluth 1k!!!!
chamath
hm ela ela onna bannna damma
රොයිලි
වාසල සහෝ කියපු නිසාම මමත් කලින් බා ගත්තා. නියම චිත්‍රපටිය. වෙනසකටත් එක්ක හැමෝම බලන්න. :P :P
Supun
Old is gold kianawane bami.......
Ramraj
බලන්න වෙයි වගේ නේද?
uda
maxxa කතාවක්නේ
ඊටත් වඩා maxxa ඇති කළු-සුදු එක වර්ණ ගන්වල කරල තියෙන හපන්කම.
අනිවා බලනවා සහෝ. ස්තුතියි.Chanuka Situge
Hoda Wadagath katawak wage kiyala hitanawa..Profile photo aekenuth ae bawa penawa..Banoooooooooo
buratheno
ඔන්න මාත් බානවා සහෝ.. ඉදලා හිටලාවත් මේ වගේ හොද ෆිල්ම්ස් දෙන එකට බොහොම ස්තූතියි..
Hemal
THANK YOU . . .DOWNLOADING !!!
Uraj Deemantha
බානවෝ බානවෝ .... :D
මලිත්
මැක්සාම කතාවක්.. බොහෝම ස්තූතියි ලිපියට... තවත් මේ වගේ ලස්සන කතා තියෙන ලිපි දාන්න... ජය..!!
උදාර
ෆිල්ම් එක ගැන දැනුවත් කළාට තෑන්ක්ස්.
| D i N 3 s H | දිනේෂ් ගමගේ
ගොඩක් ස්තූතියී.....
ජය වේවා බයිස්කෝප්!!!uda
ඇත්තටම කාලෙකට පස්සෙ මේ වගේ වෙලාවක ෆා'ගෙන් සබ් එකක් ලැබීම බොහොම සතුටට කරුණක්. මාත් දන්න විදිහට ප්‍රථම කාන්තා උපසිරැසි නිර්මාණකරුවා ෆා තමයි. එහෙම කෙනෙකුගෙන් මෙහෙම වෙලාවක අනිවාර්යයෙන්ම සබ් එකක් ඕනිමයිනේ...
ඉතිං ෆා දිගටම පුළු පුළුවන් හැටියට තව සබ් එකක් කාරිය අපට ගේන්න!
මේකට සබ් දෙන්න හා කිව්වට බොහොම තුති!
ජය!Isuru dimantha
ස්තුතියි වර්න පිටපතට බොහොමත්ම ස්තුතියි..........
සිංහලයා
පට්ටම තමා මෙන්න අපේ වෙබ් එකේ පළමු සබ් දුන්න කෙනා ඉස්තූතියි :)
kalinga
වටිනා කියන නිමයුමක් ඉස්තූතියි
කේ. යූ. ජී. උදාර
බොහොම ස්තූතියි ෆා.....
දිගටම මේ වැඩේ කරමු..උදාර
ඉස්තූතියි ෆා සහෝදරියට
කැළුම්
ලස්සනම කතාවක් වගේ බොහොම ඉස්තූතියි ෆා සහෝදරියට :) ජය
සරදියල්
පට්ට තුති
රොයිලි
වාසල සහෝ කියපු නිසා කාලෙකට කලින් බාගෙන බලපු ලස්සන චිත්‍රපටියක්. බොහොම ස්තූතියි කියනවා ෆා ට උපසිරැසිය ලබාදීම ගැන. ෆා තාමත් කොරියන් ෆිල්ම් බලනවද? :P
අසංක
ඉස්තූතියි ෆා :)
අමීර
බොහොම ස්තූතියි..!!!!!
k d n nishantha
HD FULL WITH FILMS
විකියා
“ෆා ද බ්ලොගී” සොයුරිය අයෙ දකින්න ලබීම සතුටක්..
ඉස්සරහටත් හොද ෆිල්ම් වලට සබ් දෙමු නේජයෙන් ජය~!
roshan
ගොඩක් ස්තූතියි...
mmkasun
සුපිරි වැඩක්
නියමයි සහෝ. නියමයි.දනුක
ඉස්තූතියි සබ් දෙන්න :)
Fa
මේ විශේෂ අවස්ථාවට මාවත් සහභාගි කර ගැනීම ගැන බයිස්කෝප් සගයන්ට මගේ ස්තූතිය පිරිණමන ගමන් අනිත් හැමෝටම දිගටම බයිස්කෝප් අඩවිය සමඟ දිගටම රැදී සිටින ලෙස ආරාධනා කරනවා.
~ජය~PlayerXXX
eka film 1 ne......
හොට්ටා
ඉස්තූතියි සහෝ....
අමිල චාමිකර
මම මේ film එක කලින් බලලා තියනවා. නියම film එකක්. තාම ලංකාවේ වත් මේ කොලිටියේ film එකක් හදලා නෑ. sinhala sub දාපු එකට ගොඩාක් ස්තූතියි. බලපු නැති සියලු දෙනාටම මේක බලන්න කියලා ආරාධනා කරනවා. තව තවත් සබ් දාන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
It’s a Wonderful :P