වැඩ රාජකාරි තොගයක කරවටක් ගිලිල හිටියත් මේ මොහොත වෙනුවෙන් යමක් නොකර බැරි හින්දම ඔන්න මාත් ඔයාල වෙනුවෙන් චිත්‍රපටයක් අරන් ආව. ඇත්තටම උදා සහෝ නොවුණා නම් මං මේ වැඩේට අතවත් තියන්නේ නැහැ. ඒ හින්ද මං මුලින්ම උදාට ස්තූතිවන්ත වෙන්න කැමතියි. ඒ වගේම වැඩක් කරගෙන යන කොට හැමවිටම ඒ ගැන හොයා බලමින් නිරන්තරයෙන් ඒ ප…

වැඩ රාජකාරි තොගයක කරවටක් ගිලිල හිටියත් මේ මොහොත වෙනුවෙන් යමක් නොකර බැරි හින්දම ඔන්න මාත් ඔයාල වෙනුවෙන් චිත්‍රපටයක් අරන් ආව. ඇත්තටම උදා සහෝ නොවුණා නම් මං මේ වැඩේට අතවත් තියන්නේ නැහැ. ඒ හින්ද මං මුලින්ම උදාට ස්තූතිවන්ත වෙන්න කැමතියි. ඒ වගේම වැඩක් කරගෙන යන කොට හැමවිටම ඒ ගැන හොයා බලමින් නිරන්තරයෙන් ඒ පිටිපස්සෙ ඉන්න විකියා සහෝවත් මෙතනදි මතක් කරන්න කැමැතියි.
අකිර කුරොසවගේ නිමැවුමක් වන රෂෝමොන් ගැන අහල නැති කෙනෙක් නැතුව ඇතිනේ. හැබැයි මේ චිත්‍රපටය බලපු අය නම් ඒ තරම් නැතුව ඇති. 1950 වසරේ නිර්මාණය වුණත් මෙම සිනමාපටය ගැන අදටත් තියෙන්නේ ඉහළම මට්ටමේ පිළිගැනීමක්. IMDb දර්ශකයේ දී මීට හිමිව ඇති 8.4 ක් පමණ වූ රේටින්ස් අගය ඒ සම්බන්ධයෙන් දක්වන්න පුළුවන් එක් නිදසුනක් පමණයි. ඒ වගේම එදා සිට අද දක්වා මේ නිර්මාණය වෙනුවෙන් ලියැවුණු විචාර සංඛ්‍යාව ද අප්‍රමාණයි.
එකම සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනකු පවසන කතා හතරක් ඔස්සේ ගලා යන මෙම කතා පුවත විටෙක ඔබ කුතුහලය සයුරක ගිල්වා තවත් විටෙක ප්‍රශ්නාර්ථ රැසකට මඟ පාදනු ඇත. එමෙන්ම අපරාධ, නාට්‍ය සහ අද්භූත යන ශෝනර ත්‍රිත්වය යටතේ ප්‍රභේද කොට ඇති මේ වෘත්තාන්තය යථාර්ථය යනුවෙන් පවතින ගල් ගැසුණු යමක් වෙනුවට එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බව අපට මතක් කරදෙන්නේ ද ඉතා අපූර්ව අන්දමිනි.
එහෙම නම් ඉතිං තවදුරටත් වැඩි විස්තර කියනවා වෙනුවට ඔයාලම මේ සිනමාපටය නරඹන්න. එහෙම බලල ඔයාලටම දැනෙන දේ කියල යන්න….
ඒ වගේම මේ ලිපිය අවසන් කරන්න කලින් බයිස්කෝප් අඩවියේ ලිපි දහසක් සපිරුණු මේ මොහොත ගැනත් වචනයක් හරි කියන්න ඕනෙ. මෙය ඇත්තටම ඉතා උතුම් සත් කාර්යයක්. එබැවින් එදා සිට අද දක්වා මේ වෙනුවෙන් මහන්සි වුණ හැමටම තුති. එමෙන්ම මෙවන් වූ කටයුත්තක් තව දිගු කල් පැවතීමත් අප හැමගේම අනිවාර්ය පැතුමයි. එහෙම නම් මගේ මේ පැතුමත් අන්න ඒ වෙනුවෙනුයි….
බයිස්කෝප් සිංහලෙන් අඩවිය තව දිගු කලක් වැජඹේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.
1,457 downloadsDownload Rashômon.1950.Sinhala.Sub_.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/udara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කේ.යූ.ජී.උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011/08/16
Subtitles by
කේ.යූ.ජී.උදාර
Subtitles
59 comments
| D i N 3 s H | දිනේෂ් ගමගේ
janaka
මගෙන් සුභ පැතුම්!!!!!!!!!!!
uda
කුරසාවා'ට සමාන නිර්මාණකරුවෙක් තවත් නෑ සිනමා ලෝකේ. ඉතිං ඒ වගේ නිර්මාණකරුවෙකුගේ අද්විතීය නිර්මාණටක් උපසිරැසි කරල ගේන්නත් බොහොම දක්ෂයෙක් වුවමනා වීම අනිවාර්ය කරුණක්! උදාර සහෝ ඒ අභියෝගය භාරගත් එකට බොහොම ස්තුතියි. එදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්යතුමාගේ මනමේ නාට්‍ය නිර්මාණය උසස් පෙළට හදාරන උදවියට මේ චිත්‍රපටය සිංහලෙන්ම නැරඹීමට ඉඩක් ලැබුණේ නැහ මෙතෙක්. මමත් උසස් පෙළ කරන කාලේ බලන්න ආසාවෙන් උන්නත් හොයාගන්න ඉඩක් ලැබුණේ නෑ.
ඒ වගේ වටිනා කියන නිර්මාණයක් අපේ උසස්පෙළ සිංහල විෂය සහ නාට්‍ය සහ රංග කලාව හදාරන නංගිලා මල්ලිලා වෙනුවෙන් සිංහල උපසිරැසි ගැන්වීමට ගත් වෙහෙස මහන්සිය වෙනුවෙන් උදාරට අපේ ස්තුතිය.
ජය!කැලුම් ගුණසේකර
උදා, උදාර. එක අකුරයි වැඩි. දෙන්නම සුපිරි වැඩකරුවෝ නේ? ජයවේවා දෙන්නටම. විකියා ගැනත් කිවිව කතාව නම් සහතික ඇත්ත. අනේ මංදා. අපේ විකියා සහෝ අපිට කතා කරලා කරලා ම ෆෝන් බිල කොහොම ගෙවනවද කියලා. :D
සිංහලයා
නියමයි බලන්නම ඕනේ එකක් ඉස්තූතියි :)
kalinga
ඉස්තූතියි නියම එකක් වගේ :)
උදාර
වැදගත්ම නිර්මාණයක් බැලිය යුතු..ඉස්තූතියි අපිත් එක්ක බෙදා හදා ගත්ත එකට
කැළුම්
අනිවා බලන්නම ඕනේ එකක් මේ වගේ ෆිල්ම් එකක් දුන්න එක නම් මිල කරන්න බෑ බොහොම අගනා වැඩක් ,,, ජය
ganidu
බොහොම ඉස්තූතියි සුපිරිම කතාවක් වගේ දිගටම මේ වගේ පරණ උනත් පට්ට ඒවාටම සබ් දෙන්න
සරදියල්
පට්ටම තමා සුපිරි වැඩක්
අසංක
නියමයි සහෝ වටිනා කියන ෆිල්ම් එකක්
රොයිලි
කැළුම් කිව්වා වගේ උදා හා උදාර කියන්නෙ ප්‍රභල චරිත දෙකක් නේ. බොහොම ස්තූතියි උදාරට වැඩ කටයුතු අතරේ මේ උපසිරැසිය නිර්මාණය කිරීම ගැන. මම මේක බලලා තිබ්බෙ නම් නෑ. අනිවා බාගෙන බලනවා. :D
අමීර
බොහොම ස්තූතියි....
nirosh
thanks a lot.... harima sathutui.
duminda
බයිස්කෝප් සිංහලෙන් අඩවිය තව දිගු කලක් වැජඹේවා!!!
nirosh
thanks macho math gaththa ehenam...
විකියා
අනිවා බලන්නම ඕනේ එකක්... බොහොම ඉස්තූතියි
ජයෙන් ජය~!
වා.මු.නිලන්ත පියසිරි
ආහා, උදාර මලයන්ඩිත් එහෙනම් කාලෙකට පස්සේ සිංහල උප සිරැසියක් දීලා. කුරසෝවා ගේ මේ සලරුව මම බලලා නැහැ. ඒත් මේ ගැන ලියැවුනු විචාර නම් එමට කියවලා තියෙනවා. එහෙනම් උදාර මල්ලි ගේ සිංහල උප සිරැසි ත් එක්කම ඒකත් බලමු කෝ. දහසකුත් වැඩ අතර මෙයට කැප කළ කාලය වෙනුවෙන් උදාරට බොහොම පිං.
priya
sub ganna denne
රාම් රාජ්
මේ කථාව අහලා තිබුනා.දැන් බලන්න පුලුවන්.
chamila
සුපිරියි වගේ බලමු... :D
sandaru jay
good work bro...
ediri
ahala nam thiyanawa potha gena film ekak awa kiyaladnne
onna banna demma .supiri film ekak neda
thankxxxxx okkomata
දනුක
ඉස්තූතියි මචෝ සුපිරි :)
sura
ela machan AKIRA KURASOWA kiwwama ithin katha 2k na machan
කේ. යූ. ජී. උදාර
ප්‍රතිචාරයක් දාල හයියක් දුන්න හැමටම තුති........
හොට්ටා
ඉස්තූතියි සහෝ.....
යසිරු මධුක
බොහොම ස්තුතියි සහෝ, තවත් ෆිල්ම්ස් වලට උපසිරැසි යොදන්න ශක්තිය ලැබෙන්න කියලා පතනවා.
ishara
වටිනා කියන ෆිල්ම් එකක් බොහොම ස්තූතියි…
suranga
thnks you very much
Akila
ssssssssuuuuuuuuuuuuuuppar kollo suppar
සාරංග ලියනගම
නියමයි උදාර... සුපිරි වැඩක්...
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍sajith
මන් හොය හොය හිටියෙ...බොහොම ස්තුති
wimukthi
me sinhala sub eka Unzip karanna bene......
RVP
machan sinhala sub eka extract wenne na error ekak enawa
කේ. යූ. ජී. උදාර
මේ දැන් මං බාල extract කළා....
කිසි අවුලක් නැහැ. ආයේ සැරයක් ට්‍රයි කරල බලන්න.....chap
එලz..
Dana
meke sub extract karanna be ney....
විකියා
උපසිරස .extract කල නොහැකි වන්නේ internet download manager වගේ සොෆ්ට්වෙයාර් එකකින් බාගත කරන්නට යෑමේදියි..
එනිසා එවැනි සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරන්නේ නම් Alt කී එල ප්‍රෙස් කරගෙන බාගත කරගන්න එවිට ඩිෆෝල්ට් ඔබගේ වෙබ් බ්‍රව්සර් එකෙන් බා ගත කර නැරබිය හැක ..
ගැටළුවක් වෙතොත් දන්වන්නUraj Deemantha
සිංහල සබ් එකට ස්තූති.... :)
hashan
niyamay...godak watina film ekak select karala thiyenne bro...all the best
samith
මේ ෆිල්ම් එකේ හැටියට එදිරිවීර සර්ච්චන්ද්‍ර මහතා ධනුද්දර ජාතක පොතෙන් ගන්න ඇත්තේ චරිත වල නම් ටික විතරයි.. පට්ට ෆිල්ම් එක ජයම වේවා.... :)
මාමා
බොහෝම ඉස්තූතී
Pathum aroshana wanigasekara
Sub ekata thanks machan.
me film eka gana wicharayak denna puluwanda danna kenek ? Meka gaburu arthayak thiyena film ekak bawa therenawa. a arthaya hariyata mathukaraganna ba mata.ekaiදිදුල Kd සිල්වා
මේක නම් බලල නෑ.. බලමු ඉඩක් ලැබුනම අරගෙනම..
මිලා
එළ සහෝ. මරේ මරු............
nayana manjula
thanks
gihan
බොහොම ස්තුතියි
Thisara Neo (තිසර නියෝ)
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)
Advertisement
අප්පා.. අපේ උදාරත් මේ දීලා තියෙන්නේ මැක්සා ෆිල්ම් එකක්. උදාර උපසිරැසි කණ්ඩායමේ ඉන්න හොඳම කෙනෙක්. ගොඩක් ස්තුතියි!
ජය වේවා බයිස්කෝප්!!!