Watch Trailer

Star Wars: Episode V – The Empire Strikes Back (1980) Sinhala Subtitles | අභ්‍යවකාශ වීර කාව්‍ය. [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ 49 වැනි සිංහල උපසිරැසි යෙදීමයි. IMDB අඩවියේ හොඳම චිත්‍රපට වර්ගීකරණයේ තියෙන චිත්‍රපට වලට උපසිරැසි දෙමු කියලා ආපු උදාගේ යෝජනාවට අනුව ඔන්න මමත් මගේ දෙවෙනි දායකත්වය හැටියට මේ චිත්‍රපටිය තෝරගත්තා. පළවෙනි දායකත්වය හැමෝම මෙතනින් බලන්න ඇති කියලා හිතනවා. ඇත්තෙන්ම අපි මේ ක්‍රියාවලිය පටන් ගන්නකොට මේ චි…

මේ මගේ 49 වැනි සිංහල උපසිරැසි යෙදීමයි. IMDB අඩවියේ හොඳම චිත්‍රපට වර්ගීකරණයේ තියෙන චිත්‍රපට වලට උපසිරැසි දෙමු කියලා ආපු උදාගේ යෝජනාවට අනුව ඔන්න මමත් මගේ දෙවෙනි දායකත්වය හැටියට මේ චිත්‍රපටිය තෝරගත්තා. පළවෙනි දායකත්වය හැමෝම මෙතනින් බලන්න ඇති කියලා හිතනවා. ඇත්තෙන්ම අපි මේ ක්‍රියාවලිය පටන් ගන්නකොට මේ චිත්‍රපටිය තිබුනේ 12 හෝ 13 ස්ථානයේ වෙන්න ඕනා. ඒත් එකපාරම මේ චිත්‍රපටිය 10 වෙනි ස්ථානයට ආවා. ඉතින් මම තීරණය කලේ මේ චිත්‍රපටියටත් සිංහල උපසිරැසි දාන්න. ඔස්කාර් සම්මානයක් ඇතුළුව සම්මාන 14ක් දිනා තවත් සම්මාන 13 කට නිර්දේශ වීම් ලැබූ මේ චිත්‍රපටිය අද වෙනකොට IMDB හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 10 වෙනි ස්ථානයේ රැදී තියෙනවා.

Star wars කියන්නෙ බොහොමත්ම ජනප්‍රිය වෙච්ච අභ්‍යවකාශ වීර කාව්‍යක් විදියට තමා බොහෝ දෙනා හඳුන්වන්නෙ. Star wars හතර වෙනි චිත්‍රපටයේ දී දුෂ්ට තාරකා මණ්ඩල අධිරාජ්‍යාගේ පාලනයට එරෙහිව කැරළි ගහන කැරළි කණ්ඩායම් නායිකා ලෙයා (Carrie Fisher) සමඟ එක්වෙන සොලෝ (හැරිසන් ෆෝඩ්) හා ලූක් ස්කයිවොකර් (Mark Hamill) විසින් අධිරාජ්‍යයට අයත් මළ තරුව නම් අභ්‍යවකාශ නැවතුම් පල විනාශ කර දමනවා. ඉන් පසුව අධිරාජ්‍යයාගේ උදහසින් බේරෙන්න බොහෝම දුරස්ථ අයිස් ග්‍රහලොවක තම කඳවුර පවත්වාගෙන යමින් සිටින තැනින් තමා කතාව පටන් ගන්නෙ.

දැන් වගේ පරිගණක මායාවන් නොතිබුනු 1984 වගේ කාලයකදී ඒ කාලයේ තිබ්බ හොඳම තාක්ෂණයෙන් මේ චිත්‍රපටිය නිපදවුනු බව සඳහන්. ඒ වගේම මේ චිත්‍රපටිය තිරගත වෙච්ච අවුරුද්දෙ වැඩිම ආදායම් උපදවපු චිත්‍රපටිය මෙන්ම 2012 වන විට ප්‍රවේශ පත්‍ර උද්ධමනයට අනුව ගැලපූ විට ඇමරිකාවේ හා කැනඩාවේ හොඳම ආදායමක් ලැබූ චිත්‍රපට අතර 12 වෙනි ස්ථානය දිනාගන්න සමත්වෙලා තියෙනවා. ඒක Avatar චිත්‍රපටියටත් වඩා අගයන් දෙකක් ඉහලින් තියෙන අගයක්.

වෙලාව තියෙන හැටියට අනික් කොටස් වලටත් උපසිරැසි යොදන්න උත්සහයක් දරන්නම්. ඒත් ඒක බොහෝ විට ඔයාලගේ කමෙන්ට් අනුව රඳාපවතීවී. 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,698 downloadsDownload Star.Wars_.Episode.V.1980.Sinhala.Sub_.zip178 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,698 downloadsDownload Subtitles178 KB

69 comments

  1. තිසර ප්‍රමුදිත

    බොහෝම ස්තුතී

  2. | D i N 3 s H | දිනේෂ් ගමගේ

    අනිවාර්යෙන් 1000 සමරන්න රොයිලි අයියගෙන් උපසිරැසියක් නොතිබුණොත් වැඩක් නෑ.. ඔබ තමා සිංහල උපසිරැසි කලාවේ පියා! ගොඩක් ස්තූතියි..

    චිරං ජයතු බයිස්කොප් සිංහලෙන්!!!

  3. Kushan

    බොහෝම ස්තුතී, අනිත් Star wars films වලටත් උපසිරැසි දාන්න.

  4. uda

    සිනමාවයි රූපවාහිනියයි මුල් තැන ගන්න සටන් වැදුණු කාලෙක සිනමාවෙන් ගිලිහෙමින් පැවති ප්‍රේක්ෂක පිරිස නැවතත් සිනමා ශාලාවලට ගාල් කරවන්නට සමත් වූ අතිශය විශිෂ්ට චිත්‍රපට මාලාව වුණේ Star Wars චිත්‍රපට පෙළ තමයි. කොටිම්ම ඒ සමයේ හොලිවුඩය මහා ප්‍රපාතයකට ඇද වැටෙන්නට යන විට හොලිවුඩයේ ගැලවුම්කාරයා වුණේ මේ සිනමා පෙළ තමයි. ඒ වගේ විශිෂ්ට චිත්‍රපටයකට සබ් දුන් එක ගැන රොයිලිට බොහොම තුති!

    මේකේ ඉතුරු ටිකටත් රොයිලිගෙන්ම සබ් ඕනේ...
    ජය!

  5. dilan

    thanks mahan

  6. Isuru dimantha

    මේකේ ඉතුරු ටිකටත් රොයිලිගෙන්ම සබ් ඕනේ…

  7. rajitha

    ගොඩාක් ස්තූතියි .mama ekata sinhala sub hoya hoya hithiye

  8. කැලුම් ගුණසේකර

    මේකත් දුන්නද? නියමයි සහෝ. කියලා වැඩක් නෑ.

  9. සිංහලයා

    ඉස්තූතියි සහෝ අනිත් එවටාත් දෙන්න

  10. kalinga

    ඉස්තූතියි සහෝ....

  11. කේ. යූ. ජී. උදාර

    අනිත් ටිකටත් දෙන්ඩෝ.......
    බොහොම ස්තූතියි රොයිලි..

  12. උදාර

    ඉස්තූතියි සහෝ ඉතුරු ටිකත් දෙන්න

  13. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    ගොඩක් ස්තුතියි රොයිලි සහෝ. ඔයාගේ සබ් එකක් නම් ඉතිං කියලා වැඩක් නැහැනේ. අනිවා බලනවා. ඉතුරු ටිකටත් අනිවා සබ් දාන්න හොදේ.

    අහිංසක හිත්නේ..

  14. කැළුම්

    අනිත් කතා ටිකටත් සබ් දෙන්න උත්සාහ ගන්න ජය

  15. ganidu

    ඉස්තූතියි නියමයි මචෝ....

  16. සරදියල්

    ඉස්තූතියි සේරම කොටස් වලට සබ් දෙන්න සහෝ

  17. අසංක

    අනෙක් ඒවාටත් දීලා මේක සම්පුර්ණ කරන්න ,,,ජය වේවා වැඩේට :)

  18. අමීර

    බොහොම ස්තූතියි.....

  19. w a thilak

    1984 වසරආසන්නයේ රූපවාහිනිය පමණක් තිබුවකවානුවේ අභ්‍යවකාශ විරකතා ආසාවෙන් නරඹපු ආකාරය මතකයි.දැන් නාලිකා නහුතයක් තිබ්බත් එකකවත් එවන් කතාමාලාවක් පෙන්නනවද?ඒඅතරේ බයිස්කොප් එකෙන් හරි එවන් අභ්‍යවකාශ චිත්‍රපටයක් බලන්න ලැබිම ගැන පුදුම සතුටක් තියෙන්නේ.පුලුවන්නම් ඒකාලයේ විකාෂනයවුනු "බ්ලේක් 7" "ස්ටාර්ට්‍රෙක්" කතා මාලා කෙරෙහි අවධානය යොමුකරන්න. ස්තුතියි

  20. විකියා

    රොයිලි බොහොම ඉස්තූතියි

    ජයෙන් ජය~!

  21. වා.මු.නිලන්ත පියසිරි

    අපොයි රොයිලි මලේ මේකට උප සිරැසි දුන්නේ ඔයාද? මදෑ. මම මේක පට්ට ගහලා තියෙන බයිස්කෝප් එකක්. හැබැයි පුංචි කාලේ. මම මේ විදු පබැදුම් වලට වහ වැටුනේ මේ වගේ බයිස්කෝප් බලලා තමයි. ඔන්න ඉතිං ආයෙත් බාලා බලන්න වෙනවා. රොයිලි සිංහල උප සිරැසි නම් රොයිලි, රොයිලි නම් සිංහල උප සිරැසි. ඒක වෙන් කළ නොහැකියි වගේ. රොයිලි මලයාට ජය වේවා! සිංහල උපසිරැසි සමඟින් බයිස්කෝප් සිංහලෙන් විබ පල දිනේවා!

  22. දනුක

    ඉස්තූතියි රොයිලි අනෙක් කතා වලටත් දෙන්න සබ්

  23. dimuthu

    මේකෙ1;2;3;4 සබ් දෙනවද ??????????

  24. හොට්ටා

    ඉස්තූතියි සහෝ.....

  25. Dushan

    ela wadak royly saho............

  26. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  27. w a thilak

    චිත්‍රපටයේ දෙබස්කන්ඞයට තත්පර 10,කට විතරකලින් එමදෙබස්කන්ඩයට අදාල උපසිරසිදර්ශනයවෙනවා.මෙම දෝෂය මිටප්‍රතම බාගතකරගත් චිත්‍රපටසදහා බලපෑවේනැහැ.පිලිතුරක් දෙන්න.ස්තුතියි.

  28. Prasad

    thank u brother.

  29. sandun nilanka

    thanks

  30. Uraj Deemantha

    එහේ බැලුවත් සිංහල සබ්.... මෙහේ බැලුවත් සිංහල සබ්..... :D

  31. chandana

    thanks ..retern of the jade film eka mekata passe awe ekath sub title karanna very thanks

  32. kasun vimukthi

    machan ''Star Wars'' episode serama tika daanna... thnx...

  33. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  34. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  35. Lahiru Supun

    බොහොම ස්තුතියි

  36. අසිත

    අනෙක් Star Wars ෆිල්ම් වලට කෙසේ උනත් මේ 2 ට වත් සබ් දෙමු නේද?මේවා "IMDB TOP 250" ෆිල්ම්ස් නේ රොයිලි අයියේ.

    Star Wars: Episode IV – A New Hope (1977)

    Star Wars: Episode V – The Empire Strikes Back (1980)

    අනෙක තවත් එකක් මේ අවුරුදේ එනව නේ.

    1. අසිත

      සොරි සොරි Star Wars: Episode VI – Return of the Jedi (1983) එකට නේ

  37. Deex

    digatama karagena yanna
    jaya wewa................

  38. chathuranga

    elakiri wadak roily

  39. kavinda

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  40. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  41. indika

    බොහොම ස්තුතියි... :)

  42. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  43. Udamith Damith (b\k )

    බොහොම ස්තූතියි........................

  44. janith

    Thanks saho...

  45. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    50 comment eka magen tanx sub

  46. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තූතියි

  47. ashan alnkanath

    thanks........................................

  48. LSM HUSKAA

    නියමයි සහෝ.බොහෝම ස්තූතියි

  49. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

Load more comments