” මම ක්‍රෙග්, ක්‍රෙග් ග්ලිනර්. මම මානසික රෝගියෙක්. ම්ම්ම් නෑ නෑ සැර වැඩියි. මට මානසික ආතතිය තියෙනවා. ඒ නිසාම මං හිතුවා පාලමෙන් පැනලා දිවි නසාගන්න. මේ සිද්ධිය පටන් ගන්නෙ එතනින්. කොටින්ම පාලමෙන් පනින්න හිටිය මං නැවතුනේ ඉස්පිරිතාලෙක. ඇත්තටම කාලයට කොච්චර දේවල් වෙනස් කරන්න පුලුවන් ද ! සතියකින් මගේ ජීවිත…

” මම ක්‍රෙග්, ක්‍රෙග් ග්ලිනර්. මම මානසික රෝගියෙක්. ම්ම්ම් නෑ නෑ සැර වැඩියි. මට මානසික ආතතිය තියෙනවා. ඒ නිසාම මං හිතුවා පාලමෙන් පැනලා දිවි නසාගන්න. මේ සිද්ධිය පටන් ගන්නෙ එතනින්. කොටින්ම පාලමෙන් පනින්න හිටිය මං නැවතුනේ ඉස්පිරිතාලෙක. ඇත්තටම කාලයට කොච්චර දේවල් වෙනස් කරන්න පුලුවන් ද ! සතියකින් මගේ ජීවිතේ කනපිට ගහපු හැටි. “
ඔන්න ඔහොම තමයි ක්‍රේග්ගේ කතාව ආරම්භ වුණේ. ඇත්තටම මානසික ප්‍රශ්න තියෙන අයට නම් බලන්න හොඳ ෆිල්ම් එකක්. ඒකෙ තේරුම එහෙම නැති අය බලන්න ඕනි නෑ කියන එක නෙවෙයි. IMDb රේටින් එක 7.1ක් කරකවපු ෆිල්ම් එකක් බලන්න කවුරුත් දෙපාරක් හිතන්නෙ නෑනේ. ඒ නිසාම තමයි මගේ දෙවන උපසිරැසිකරණයට මේ වගේ එකක් තෝරාගත්තේ. මගේ පළමුවැනි එක Executive Decision ෆිල්ම් එකත් බලන්න ඇති කියලා හිතනවා.
Drama, Romance ගණයට අයත් මේ ෆිල්ම් එකේ දායකත්වය ගැන කිව්වොත් ක්‍රෙග්ට පණ පොවන්නේ Keir Gilchrist. ඒවගේම Emma Roberts, Zach Galifianakis යන අයත් රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Anna Boden and Ryan Fleck. Ned Vizziniගේ It’s Kind of a Funny Story කියන නවකතාව ඇසුරෙන් තමයි චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නේ.
කතාව ගැන විස්තර කියනවනම් ක්‍රෙග් කියන මානසික පීඩනය තියෙන අවුරුදු 16ක කොල්ලෙක් දිවිනසාගන්න යනවා, නමුත් ඔහුටම කල්පනා වෙලා ප්‍රතිකාර ගන්න රෝහල් ගතවෙනවා. එතනදි හම්බවෙන බොබී කියන මනුස්සයා එක්ක ක්‍රෙග් මිත්‍ර වෙනවා. පස්සේ ඔහුට නොයෙල් කියන ලස්සන ගැහැණු ළමයෙක්, මුක්ටාඩා කියන සමාජශීලි නොවන මනුස්සයෙක්, ඒ වගේම තව මානසික අපහසුතා තියෙන චරිත බොහොමයක් මුණගැහෙනවා. එම චරිත එක්ක ක්‍රෙග් කෙසේ කටයුතු කරාවිද, නොයෙල් කියන කෙල්ල ඔහුට කෙලෙස බලපාවිද, බොබී කියන්නෙ හොඳ මිතුරෙක්ද, ඉතිං ඒක දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.
එහෙනම් කියෙව්ව ඇති. අරගෙනම බලන්නකෝ. දෙවෙනි එක නිසා උපසිරැසියෙත් අඩුපාඩු වෙන්න ඇති. ඒ අඩුපාඩු අඩුකරගෙන ඊළඟ චිත්‍රපටියෙන් හමුවෙමු. එතෙක්,
ඔබට ජය !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
3,560 downloadsDownload Its-Kind-of-a-Funny-Story-2010.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Gihan-Wanasooriya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඩබ්. එම්. ගිහාන් වනසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-12-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඩබ්. එම්. ගිහාන් වනසූරිය
Subtitles
17 comments
sahan weerasinghe
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා...!Athula
Thanks...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
දමිත්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ගිහාන් සහෝ.
ජයෙන් ජය.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
arjuna
thanks sub ekata
Dulanga
Thanks
Udara Damith B/K
බොහොම ස්තුතියි .................
AWNCK
Thanks Bro
ricadodamien
thank U Gihan brother & baiscope team for the sub, all the best to baiscope team........
NavinduTharaka
ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


Thanks bro.bon cop bad cop 2 sub eka denna puluwanda