ලංකාව ඇතුලු බොහෝ රටවලත් U.F.O (unidentified flying objects) සිදුවීම් සෑම විටම වාර්තා වෙනවා.ඒ නිසා මෙම සිදුවීම් දැන් ලෝකය පුරා බහුලයි. සමහරු පවසනවා පිටසක්වල ජීවින් සිටිනවා කියලා සමහරු එය පිළිගන්නෙ නැහැ. කෙසේ නමුත් තවම එයට ස්ථිර පිළිතුරක් මෙ වෙනකම් ලැබිලා නෑ. කොහොම උනත් මගෙ පෞද්ගලික මතය මේ විශ්වයේ අප…

ලංකාව ඇතුලු බොහෝ රටවලත් U.F.O (unidentified flying objects) සිදුවීම් සෑම විටම වාර්තා වෙනවා.ඒ නිසා මෙම සිදුවීම් දැන් ලෝකය පුරා බහුලයි. සමහරු පවසනවා පිටසක්වල ජීවින් සිටිනවා කියලා සමහරු එය පිළිගන්නෙ නැහැ. කෙසේ නමුත් තවම එයට ස්ථිර පිළිතුරක් මෙ වෙනකම් ලැබිලා නෑ. කොහොම උනත් මගෙ පෞද්ගලික මතය මේ විශ්වයේ අපි විතරක් තනි විය නොහැකි බවයි. තවත් ජීවින් මේ විශ්වයේ කොහේ හෝ සිටිය යුතුයි.
මෙම සලරුව ගැන පොඩි විස්තරයක් කරනවා නම් මෙය Action | Horror | Mystery | Sci-Fi | Thriller ගනයට තමයි වැටෙන්නෙ.
මෙහි එක් තැනක පෙන්වනවා තිරිඟු වගා බිමක තිබෙන සළකුණක්. මෙය ලෝකෙ බොහෝ රටවල් වලින් වාර්තා වන දෙයක්. Crop circle නැතිනම් වගා කව ලෙසයි මේවා හඳුන්වන්නෙ. ඒවායේ පෙනුම සරල වෘත කීපයකින් සැදි රටාවල සිට ක්‍රමයෙන් සංකීර්ණ රටාවන් මවනවා. මේවා බොහෝවිට නිර්මාණය වන්නෙ රාත්‍රියේදි. ඒ නිසා එය කරේ කවුද, කල ආකාරයක් නම් සොයා ගන්න බැහැ. රටාව නිර්මාණය කර ඇත්තේ අවශ්‍ය පරිදි වගාව තලා බිමට එබීමෙන්. එසේ තලා දැමුවිට කඳ නැවී තිබුණත් ඒවාට හානියක් වූ බවක් නම් පෙනෙන්නට නැහැ. බොහෝ වෙලාවට එසේ තැලී තිබුණත් පසුව සාමාන්‍ය ලෙස වැඩෙන්න ගන්නවා. හුඟක් අය කියන්නෙ මෙම වගා කව හඳුනා නොගත් පියාඹන වස්‌තූන්ගේ (U.F.O) ගොඩ බෑම නිසා ඇති වූවක් කියලා. ඒ වගේම මේවා නිර්මාණයෙ කරේ අහසෙන් මතුවූ පිටසක්වලයින් නම් ඔවුන් මේ හදන්නෙ අපිට යම්කිසි පණිවිඩයක් දීමට විය හැකි බවයි තවත් අය පවසන්නෙ. මෙසේ මෙම සන්සිද්දින් දෙස බලන විට පැවසිය හැක්කෙ මෙය දන්නෝ දනිති ලෙසයි. මේ ගැන තව විස්තර ඕනෑ තරම් අන්තර්ජාලයෙන් සොයා ගන්න පුළුවන් මං වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ ලිපිය දීර්ඝ වන නිසා.
කාට හරි වුවමනා නම් මෙවැනි දෙයක් අපේ රටෙත් කුඹුරක නිර්මාණය කරලා ලංකාව ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන්. (කරනවා නම් ඉතින් කාටවත් අහු නොවෙන්න කරන්න). YOUTUBE වල තියෙනවා මේවා නිර්මාණය කරන ආකාරයන් විස්තර කරලා.
සලරුවෙ සිදුවීම විස්තර කරනවා නම්, දීර්ඝ සති අන්ත නිවාඩුවක් ගත කිරීම සඳහා කොල්ලො කෙල්ලො සෙට් එකක් කැලයක් මැද්දෙ තිබෙන ගෙයකට යනවා. එහිදි ඔවුන් මුහුණ දෙන බලාපොරොත්තු නොවු ත්‍රාසජනක සිදුවීමක් වටා තමා මෙම කතාව දිවෙන්නෙ. ඒ වගෙම මම මුලින්ම කරපු විස්තරයත් මේ හා සම්බන්ධයි. සම්පුර්ණ කතාවම අවශ්‍ය නෑනෙ. එතකොට film එක බලන එකෙනුත් වැඩක් නැති වෙනවා.
ඔන්න එහෙනම් මම සබ් එක දීලා තියෙනව කට්ටිය එහෙනම් ෆිල්ම් එක Download කරගෙන සබ් එකත් Download කරගෙන බලන්න. ජය වේවා.!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
3,054 downloadsDownload The-Gracefield-Incident-2017.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/athula-kariyawasam.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල කාරියවසම්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අතුල කාරියවසම්
Subtitles
17 comments
Sakun Sankalpa
gihan perera
Niyamai bro...me wage film pattai...good luck....
pasindu
සුපිරි වැඩක් ths sub එකට
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........nisha
thanks....
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා...!sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..දමිත්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අතුල සහෝ.
ජයෙන් ජය.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Madhushan
Thanks bro..
madu
Thank you
Kingdomd
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thankz brooo...