මම මේ සැරෙත් අරන් ආවේ මලයාලම් චිත්‍රපටියකට උපසිරසියක්. මේ sub 1 කරන්න අවසර දුන්නු අසංක ප්‍රදීප් රණතුංග සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉස්සර වෙලාම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. මම මගේ තුන්වෙනි උපසිර…

මම මේ සැරෙත් අරන් ආවේ මලයාලම් චිත්‍රපටියකට උපසිරසියක්. මේ sub 1 කරන්න අවසර දුන්නු අසංක ප්‍රදීප් රණතුංග සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉස්සර වෙලාම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. මම මගේ තුන්වෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන ආවේ Ivan Maryadaraman (2015) කියන චිත්‍රපටියයි. මේ චිත්‍රපටයත් ට්කක් පරණයි. 4 April 2015 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ.
මං කලින් දීපු My Boss 2012 චිත්‍රපටයෙ වගේම මේ චිත්‍රපටයෙත් රඟපාන්නෙ ජනප්‍රිය මලයාලම් නළුවෙක් වෙන Dileep. ඒවගේම මේකත් My Boss 2012 වගේම Remake එකක්. මට කලින් වතාවෙ කියන්න අමතක උනා. My Boss 2012 කියන්නෙ The Proposal 2009 කියන චිත්‍රපටයෙ Remake එකයි. දැන් අරගෙන එන මේ Ivan Maryadaraman (2015) ගැන කිව්වොත් මේ චිත්‍රපටය තෙළිඟු, දෙමළ, මලයාලම්, කන්නඩ, බෙන්ගාලි, හින්දි කියලා භාෂා ගාණකින්ම නිකුත්වෙලා තියෙනවා. මේ තියෙන්නෙ ඒ චිත්‍රපට පෙළයි.
Maryada Ramanna – Telugu (2010) [රංගනය:- Sunil, Saloni Aswani, Nagineedu]
Vallavanukku Pullum Aayudham – Tamil (2014) [රංගනය:- Santhanam,Ashna Zaveri, Nagineedu]
Ivan Maryadaraman – Malayalam (2015) [රංගනය:- Dileep, Nikki Galrani, Nagineedu]
Maryade Ramanna – Kannada(2012) [රංගනය:- Komal, Nisha Shah, Mukesh Rishi]
Faande Poriya Boga Kaande Re – Bengali (2011) [රංගනය:- Soham Chakraborty, Srabanti Chatterjee]
son of Sardar – Hindi (2012) [රංගනය:- Ajay Devgn, Sonakshi Sinha, Sanjay Dutt]
ඒ වගේම කියන්න ඕනේ හින්දි එක හැර අනිත් චිත්‍රපට සියල්ලෙම කතාව දෙබස් සේරම එක වගේ තමයි යන්නෙ. ඒ වගේම හින්දි එක හැර අනිත් චිත්‍රපට සියල්ලෙම බයිසිකලයක් තියෙනවා. ඒ වගේම දුෂ්ඨ නළුවත්(ප්‍රධාන නිළියගෙ තාත්තා – Nagineedu) එක්කෙනාමයි හින්දි, කන්නඩ, බෙන්ගාලි චිත්‍රපටවල හැර. ඒ වගේම තමයි කියන්න ඕනේ Maryada Ramanna (2010) කියන චිත්‍රපටිය මුලින්ම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Baahubali චිත්‍රපටි දෙක අධ්‍යක්ෂණය කරපු S.S. Rajamouliයි. මෙයා මේක හදල තියෙන්නෙ Our Hospitality (1923) කියන චිත්‍රපටිය ඇසුරෙනුයි.
2h 44min ක ධාවන කාලයක් සහිත IMDB අගය 3.3 ක් ගත් Ivan Maryadaraman (2015) සිනමා පටය Comedy, Drama ඛාණ්ඩයට වර්ග කොට ඇත.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය Suresh Divakar ගෙනි. කතාව ලියා මෙහි තිර රචනයෙන්ද දායක වෙන්නෙ Siby K Thomas & Udaykrishna යන දෙපළ විසිනි. Dileep ට අමතරව මෙහි Motta Shiva Ketta Shiva (2017), Maragadha Naanayam (2017), Pakka (2018) යන චිත්‍රපටිවල රඟපෑ Nikki Galrani සහ Nagineedu, Abu Salim, Saju Navodaya යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.
කතාව පැත්තට ගියොත් රාමු කියන්නෙ කඩවල්වලට හාල් සපයලා ජීවත් වුන කෙනෙක්. ඒත් මෙයා ඒක වෙලාවට සපයන්නෙ නැති නිසා කඩවල්වල මුදලාලිලා මෙයාගෙ ලොක්කට පැමිණිලි කරාම ලොක්ක මෙයාව රස්සාවෙන් අස් කරනවා. ඒත් මෙයාට යම් මුදලක් ලබා ගන්න පුළුවන් කියල මෙයාව පුතෙක් විදියට හදාගත්ත කෙනා කියනවා. ඒකට මෙයාට යන්න වෙනවා මෙයාව මරන්න බලාගෙන ඉන්න මිනිස්සු ඉන්න මෙයාගෙ ගමට. මෙයා සල්ලි උවමනාව නිසාම ගමට යනවා. හැබැයි මෙයා දන්නෙ නෑ මෙයාව මරන්න බලාගෙන මිනිස්සු ටිකක් ඉන්නව කියලා. යද්දී මෙයාට ක්‍රිෂ්ණා කියලා ලස්සන ගෑණු ළමයෙකුත් මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන්නෙත් අපූරු විදියකට. ඉතින් මේ රාමු මැරෙයිද, රාමුට මේ ගමේ අයත් එක්ක තියෙන තරහ මොකක්ද, රාමුට මේ ක්‍රිෂ්ණා කියන ගෑණු ළමයත් එක්ක එකතු වෙන්න පුළුවන් වේවිද කියලා ඔයාලා මේ චිත්‍රපටිය අරගෙනම බලන්න. ආයෙත් චිත්‍රපටියකින් හමු වෙනකන් ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි. ලැබුවාවූ නව වසර සුබම සුබ නව වසරක් වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
2,915 downloadsDownload www.TamilRockers.com-Ivan-Maryadaraman-2015-Malayalam-DVDRip-x264-1CD-700MB-ESubs-1.zip73 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පුබුදු ප්‍රසන්න
Subtitles
19 comments
Kulanjana Maduranga
Tharaka Nuwan Dilhara
ස්තුතියි කිව්වා එහෙනම් උපසිරැසියට..
දිගටම උපසිරැසි අරන් එමු
එහෙනම් ඔන්න දාගත්තා බලන්න ඉන්න ගොඩට
ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.
ජයෙන් ජය!!harshani11112
ස්තුති පුබුදු සහො....
kelumchathuranga
thanks
Nethini123
THANKS FOR THE SUB
sooriyapatabadige
Thanks for sub ........( king liar 2016) film ekata sub dennako please.......
herasathi
can you uploaded subtitle of " To All The Boys I've Loved Before " ?????
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Eranda Malith 2.0
සබ් එකට තෑන්ක්ස් මචෝ
Samadi
thnkz....
maikee
Thankyou sub ekata
rangika Kariyawasam
ela machan niyamai. thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rangika Kariyawasam
අපට ඊලග සබ විදියට lava kusha (2017) malayalam ෆිලුමට සබ දෙන්න. ජයවේවා ඔබට
TharakaWAS
Subata thanks Saho...
Jaya wewa....!!!!ශසිත් සඳරුවන්
සබට බොහොම තුති සහෝ..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!yasithasampath
sub ekata thanks brooo
Dula95
thanks bro
Lahiri
thankz saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

subata thanks saho...keep it up...