Watch Trailer

Jab Jab Phool Khile (1965) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැට එක්වන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතාව වන්නේ, රාජා බහදූර්ගේ එකම දියණිය සහ උරුමක්කාරිය වන රීටා නිවාඩුවක් සඳහා කාශ්මීරයට යන්නේ ඇගේ සේවිකාව වන ස්ටෙලා සමඟ ය…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැට එක්වන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතාව වන්නේ, රාජා බහදූර්ගේ එකම දියණිය සහ උරුමක්කාරිය වන රීටා නිවාඩුවක් සඳහා කාශ්මීරයට යන්නේ ඇගේ සේවිකාව වන ස්ටෙලා සමඟ ය. එහිදී ඇය බෝට්ටු නිවසක් කුලියට ගෙන එහි හිමිකරු රාජා සමඟ මිත්‍ර වෙයි. රාජා යනු ඔහුගේ බාල සොහොයුරිය වන මුනි සමඟ ජීවත් වන අහිංසක එහෙත් කඩවසම් පුද්ගලයෙකි. ඔවුන් මිත්‍රශීලීව සිටියත්, රාජා රීටාට සිතින් ආදරය කරයි.

එම නිවාඩුවෙන් පසුව ඊළඟ වසරේදී නැවත පැමිණෙන බවට රාජාට පොරොන්දු වී ඇය ආපසු නගරයට යයි. ඇගේ පියාට අවශ්‍ය වන්නේ ඇයව කිෂෝර්ට විවාහ කරදීමටයි. ඒ නිසා ඊළඟ නිවාඩුව ගත කිරීමට ඇයට කිෂෝර් සමඟ යාමට සිදුවේ. ඇය සමඟ පැමිණි කිෂෝර්, රාජාට කරදර ඇති කරයි. අවසානයේදී රාජා තම ආදරය ඇයට ප්‍රකාශ කරයි. ඇය රාජාට කැමති වී ඔහුව නගරයට ගෙන ගොස් තම පියාට හඳුන්වා දෙයි. මෙම විවාහයට පියා අකමැති වන අතර මෙතැන් සිට ගැටළු රාශියක් ඇතිවේ. ශෂී කපූර් සහ නන්දා ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. සුවිශේෂ හින්දි ගීත කීපයක්ම ඇත.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ Shashi Kapoor SuperHit Movie ‘Jab Jab Phool Khile’ – Nanda – Bollywood Movie – Hindi Full Movie යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු විසිඑකයි, තත්පර එකක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

2,308 downloadsDownload Jab-Jab-Phool-Khile-1965.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

2,308 downloadsDownload Subtitles36 KB

17 comments

  1. Priyantha Dayakeerthi

    මා විසින් සකස් කර ඇති ඉහත උපසිරසිය පිළිබඳවයි,
    දහස් ගණනක් සාමාජිකයින් සිටින "පැරණි හින්දි චිත්‍රපට සංගමය" යනුවෙන් රසික එකමුතුවක් මේ රටේ තිබෙනවා, මම මේ උපසිරසි සකස් කරන්නේ ඒ අය වෙනුවෙන්, ඉතිං මම එයින් කීපයක් වරින් වර මේ වෙබ් එකට දානවා, කැමති කෙනෙකුට පමණක් අවශ්‍ය නම් නරඹන්නට. මා එසේ සටහනක් දැම්මේ බොහෝ අය මෙහි යෝජනා කරනවා අපරාදේ මේ පරණ ඒවාට සබ් කරන්න එපා කියලා. එහෙත් මේවා නරඹන්නට සුවිශේෂී පිරිසක් ඉන්නවා. ස්තුතියි!

    1. Deegayu Abeysekera

      aniwaryen

  2. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි ප්‍රියන්ත මහත්මයා.

    එමෙන්ම බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට බෙහෙවින්ම ස්තූතියි වන්ත වෙනවා බයිස්කෝප් සිනමාපට දර්ශක යටතේ AFI හොඳම ඇමෙරිකානු චිත්‍රපට ලැයිස්තුව ඇතුළු කිරීම වෙනුවෙන්. තවද ඔස්කාර් චිත්‍රපට 2010 න් නොනැවතී ඔස්කාර් ආරම්භක අවුරුදු ද ඉදිරියේ දී Update කරන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිනවා.

    එමෙන්ම බයිස්කෝප් උපසිරැසි කරුවන් ගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා හැමදාම අලුත් චිත්‍රපට ම උපසිරැසි කරන අතර අඩුම තරමේ මාසයකට වරක් වත් බයිස්කෝප් සිනමාපට දර්ශක යටතේ ඇති AFI, IMDB, ඔස්කාර් වැනි ලැයිස්තු වලින් පැරණි චිත්‍රපට තෝරාගෙන උපසිරැසි කරන ලෙසට.

    ස්තූතියි.......

  3. kavinda gamage

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  4. W T Ajith

    Mr. Priyantha,
    Best classic movie, Thanks for that great work!.

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Bandara

    Thanks lot Priyantha

  9. D P Gamage

    Thanks for your subtitle, "Old is gold", I suggest Madhumathi 1958 film.

    1. Deegayu Abeysekera

      math iluwa thama labun na.
      balamu issarahata.

  10. Deegayu Abeysekera

    thanks

    digatama karagena yanna.................

  11. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  12. Lalani Maduwanthi

    පරනම චිත්‍රපට වලට වගේම , 1990-2010 වගේ කාලයේ ජනප්‍රිය උන හිංදි චිත්‍රපට දෙනවා නම් හොදයි....

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  14. කවිඳු ජයවර්ධන

    මේ උපසිරැසියට ගොඩක් ස්තූතියි.දිගටම පැරණි හින්දි ෆිල්ම් වලට උපසිරැසි දෙමු..ඔබට ජය.!!!

  15. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.