ආයුබෝවේවා! තවත් තෙලුගු Romantic Drama කාණ්ඩයට අයිති වුන චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි කාලෙකින් ආවේ. සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Sukumar විසින් Naveen Yerneni සහ Y. Ravi Shankarගේ දායකත්වය ඇතිව මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන අතර තිර පිටපත් රචනය හා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ තම කුළුඳුල් සිනම…

ආයුබෝවේවා! තවත් තෙලුගු Romantic Drama කාණ්ඩයට අයිති වුන චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි කාලෙකින් ආවේ. සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Sukumar විසින් Naveen Yerneni සහ Y. Ravi Shankarගේ දායකත්වය ඇතිව මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන අතර තිර පිටපත් රචනය හා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ තම කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ලෙසින් Bucchi Babu Sana විසින්. සංගීතය Devi Sri Prasad ගෙන්. Panja Vaisshnav Tej සහ Krithi Shetty ප්‍රධාන නලු නිලි යුවල තම සිනමා ජීවිතයේ ප්‍රධාන චරිතයකට පණ පොවන පළවෙනි චිත්‍රපටයත් මෙයයි. ඒ වගේම අති දක්ෂ චරිතාංග නළු Vijay Sethupathi විසින් ද ප්‍රධාන චරිතයකට පණ පොවනවා. මේ චිත්‍රපටය 2020 අප්‍රේල් මාසයේ නිකුත් කිරීමට තීරණය කර තිබුණත් කොරෝනා වසංගතය හමුවේ නිකුත් කරන්න වුනේ 2021 පෙබරවාරි මාසයේදියි.
මේ චිත්‍රපටය ගැන නම් විශේෂ කාරණා කිහිපයක්ම කතා කරන්න තියෙනවා. කොරෝනා වසංගතය හමුවේම නිකුත් කළත් වාර්තා පිට වාර්තා තැබුවේ කාගෙත් අවධානය මේ චිත්‍රපටය පැත්තට යොමු කරගනිමින්.
-
ඉන්දියානු රුපියල් කෝටි 22 ක වියදමින් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය මාසයක් ගතවෙද්දී කෝටි 85කට වඩා වැඩි ආදායමක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා.
- රොමෑන්ස් ශානරයේ දකුණු ඉන්දියන් චිත්‍රපටයක් ලබාගත් තුන්වන වැඩිම බොක්ස්ඔෆිස් ආදායම වන අතර මෙයට ඉදිරියෙන් පසුවන්නේ GeethaGovindam ( 130cr ) සහ Fidaa (92cr ) චිත්‍රපට දෙක පමණයි.
- තම කුළුඳුල් චිත්‍රපටයේදී ( Debut ) නලුවෙක් ඉන්දීය සිනමාවේ ලබාගත් දෙවනි වැඩිම බොක්ස්ඔෆිස් ආදායම මෙය ලෙස සැලකෙනවා. එය දෙවනි වන්නේ වරුන් ධවාන් සහ සිද්ධාර්ත් රඟපෑ Student Of The Year (2011) චිත්‍රපයට පමණයි.
-
Uppena අතිසාර්ථකවීම නිමිත්තෙන් Mythri Movie Makers සමාගම විසින් වයිශ්නව් තේජ්හට ඉන්දියානු රුපියල් කෝටියක්ද , ක්‍රිති ශෙට්ටි හට ලක්ශ 50ක්ද , අධ්‍යක්ශක බුචී බාබු හට බෙන්ස් කාරයක්ද ත්‍යාග වශයෙන් ලබා දී තිබෙනවා.
- ඒ වගේම චිත්‍රපටය සාර්ථක වෙන්න ප්‍රධාන හේතුවක් DSPගේ සංගීතය. එහි එන සියලුම ගීත ජනප්‍රිය වනවා. විශේෂයෙන් “Nee Kannu Neeli Samudram” ගීතය අතිශය ජනප්‍රිය වෙන්නේ කාගෙත් සිත් ඇද බැඳ තබා ගනිමින්. එම ගීතිය නම් තවත් බොහෝ කාලයක් ගොඩක් දෙනෙක්ගේ කැමතිම ගීත ලැයිස්තුවේ තියේවි.
-
17 හැවිරිදි ප්‍රධාන නිලි ක්‍රිති ශෙට්ටි දැනටමත් තරුණයින් අතර උන්මාදයක් වී හමාරයි.
කතාව ගැන බැලුවොත් බේබම්මා එහෙමත් නැත්නම් සංගීතා කියන්නේ ගමේ ප්‍රධාන තනතුරක් දරන කෙනෙක්ගේ දුවෙක්. ආසි කියන්නේ ධීවරයෙක්ගේ පුතෙක්. බේබම්මාගේ තාත්තා හැමදේටම වඩා පවුලේ නම්බුව ගැන හිතන කෙනෙක්. ධීවරයෙක් වන ආසිගේ තාත්තා වැඩ කරන්නේ ඒ රායනම් යටතේයි. ආසි පොඩි කාලේ ඉඳන්ම මේ රුවැත්තියට කැමැත්තෙන් බලන් ඉන්නවා. කවදාවත් ගමට ආවෙ නැති බස් එක බේබම්මාව කොලේජ් එක්කන් යන්නම ගමට එනවා. ඒ බස් එක එනකල් ආසිත් බලන් ඉන්නවා. හැමදාම බස්එක පස්සෙන් ගියත් බේබම්මාට මුහුණ දෙන්නෙත් නෑ. කතා කරන්නෙත් නෑ. ඉතින් මේ ආදර කතාව කොහොම පටන්ගනියිද, ලොකුම බාධාව වෙන්නේ මොකක්ද කියන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ගමන් චිත්‍රපටයත් නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
අවසාන වශයෙන් චිත්‍රපටයේ වාර්තා ටික හොයාගන්න උදව් කරපු තිමාල් ප්‍රනාන්දු සහෝදරයාටත් බොහොම ස්තූතියි කියමින් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත් සඳහා අදාළ වේ.
62,003 downloadsDownload Uppena-2021.zip48 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
- #2021
- #Buchi Babu Sana
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Krithi Shetty
- #MaxxA
- #Must Watch
- #Panja Vaisshnav Tej
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #Vijay Sethupathi
- #You Decide
- #උපසිරැසි
- #ශසිත් සඳරුවන් (සඳේ)
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
45 comments
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
tharidu16
thanks machi
මයූර
නියමැයි ඈහ්. දෙනකම් බලන් හිටියේ.
සංතා......Deshan
අඩේ දෙනකන් බලන් හිටියේ බන්
වෙන සයිට් එකකින් දීල තිබුනත් බැලුවේ නෑ වෙලාවට ,දැන් බයිස්කෝප් අලුත් සබ් දෙනෝ අඩු නිසා හිතුවේ නෑ මෙකට සබ් දෙයි කියලා
ජය වේවාAnonymous
අමාවක වගේ
තරු පායා තිබුණත් රෑ
නුඹත් යන්න ගිහින් වත්දෝ
සඳේ සඳේ නුඹ කොයිදැයි කියපන්
අහස පාලුවට ගිහින්Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Sameera
Jathi Rathnalu..telugu film 1tath sub ooni..me sub 1tath godaak isthuthiii
isuru srinath sjs
දැනුයි බලන්න හදන්නෙ... ඒ නිසා අමතක නොකරම Comment එකක් දාන්න ආවා...
බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට...
ජය වේවා..!!indika75
thanks..
Nalaka
මේවනන් වටින වැඩ මචන්
බයිස්කෝප් එකට මේ දවස්වල තියන චෝදනාවලට හොද උත්තරයක්......Neo
Thanks brother
Keep it upSupun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
සබ් වැඩ කරන්නේ නැනේ
KasunRe
බොහෝම ස්තූතියි සහෝ......
Anonymous
මෙකට නම් සබ් දෙයි කියල හිතුවේ නෑ
lakmal
thanks bro
Kushan
Thankz sub akta
Shaggy
Thank you very much
Anonymous
Thankz mchn
-චානක ඉඳුනිල්-
superb
Anonymous
Thanks brother
Niyama filuma
Nethini123
බොහොම ස්තූතියි සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanaka
පහරක් වගේ
දිගටම මේවට සබ් දෙමුUdaya Fdo
thank you
Samith
Romance ekak kalekin bluweth na.meka blmuko
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Sajith
සුපිරි
Anonymous
Thanks brother
harsha
මේ අර ලයිෆ්බෝයි ඇඩ් එකේ හිටිය කෙල්ල නේද...සබ් එකට බොහොම ස්තුතියි සහෝ.
Anonymous
ඔව්නේ.අර ලයිෆ්බෝයි කහ සහ කොහොඹ ඇඩ් එකේ හිටියෙ..
Chandima Prasad
කාලෙකින් ඇඟට දැනෙන සුපිරි ෆිල්ම් එකක් බලන්න හම්බුනා.සබ් එකත් සුපිරියටම තිබ්බා.තෑන්ක්ස් බයිස්කෝප්....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
tharangani
thanx
Anonymous
Sub akata gdk sthuthi saho.keep it up...
Hasantha
Thank you very much brother.
Tharindu
Thank you
C D zlva
බලපු ලස්සනම Film එකක්... ස්තුති
Saupun Ratnauke
Download Link ekk hoyala denna bada kata hri
Uppena movie ekeTheekshana malshan
Thankz digatama karamu
Lasindu Geeshan
Woow nice movie...nice sub...keep it up good works brother...❤
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!chathuthee
patta
Naveen Mbr
ස්තූතියි!
nrjayasinghe
Thanks...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝම ස්තුතියි මල්ලි සිංහල උපසිරැසියට ගොඩක් දවස් බාගෙන බලන් හිටියේ සිංහල උපසිරැසි දෙනකල්(මං හිතන්නේ මේක විජේ සේතුපතිගේ පලවෙනි නැත්තන් දෙවෙනි තෙළඟු චිත්‍රපටිය වෙන්න ඕන)