Watch Trailer

New Gods: Nezha Reborn AKA Xin Shen Bang: Ne Zha Chongsheng (2021) Sinhala Subtitles | දෛවෝපගත පලිගැනීම [සිංහල උපසිරසි]

2019 වසරේ තිරගත වෙච්ච NE ZHA චිත්‍රපටිය මතකද? එම චිත්‍රපටිය ලබපු අති විශාල සාර්ථකත්වය නිසාම එහි දෙවැන්නක් නිර්මාණය වෙනවා. ඒවගේම තමයි නීෂා සිනමාපටය හා සම්බන්ධ කරමින් චීන දෙවිවරුන් සම්බන්ධ සිනමා විශ්වයක් ගොඩ නගන්න තමයි නිෂ්පාදකවරු වෑයම් දරන්නෙ. ඒ අනුව තමයි ගිය වසරේ Jiang ziya සිනමාපටයත් තිරගත වෙන්නෙ.…

2019 වසරේ තිරගත වෙච්ච NE ZHA චිත්‍රපටිය මතකද? එම චිත්‍රපටිය ලබපු අති විශාල සාර්ථකත්වය නිසාම එහි දෙවැන්නක් නිර්මාණය වෙනවා. ඒවගේම තමයි නීෂා සිනමාපටය හා සම්බන්ධ කරමින් චීන දෙවිවරුන් සම්බන්ධ සිනමා විශ්වයක් ගොඩ නගන්න තමයි නිෂ්පාදකවරු වෑයම් දරන්නෙ. ඒ අනුව තමයි ගිය වසරේ Jiang ziya සිනමාපටයත් තිරගත වෙන්නෙ. ඉතින් මේ සිනමාපටයෙනුත් ඒ සම්බන්ධ ඉගි ලබා දෙනවා කිව්වොත් නිවැරදියි.

IMDb අගය 6.9ක් ලබාගෙන තියෙන්නෙ මිලියන 269ක විශාල අදායමක්ද උපයා ගනිමින්. ඉතින් කතාවේ අන්තර්ගතය ගැන විමසා බැලුවොත් මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ පෙර චිත්‍රපටයේ කාලයෙන් වසර 3000කට පසු කාලයක්. චිත්‍රපටියේ නමේ සදහන් වෙනවා වගේම නීෂාගෙ යළි ඉපදීමක් ගැන තමයි කියවෙන්නෙ.

නීෂා විසින් මකර රජුගේ පුත්‍රයාව ඝාතනය කිරීමෙන් පස්සෙ කෝපයට පත් වෙන මකර රජු අනිකුත් මකර රජවරු සමග එක්ව සටන් කොට නීෂාව විනාශ කර දමා තිබෙනවා. දෙව්ලොවේ ස්වාමියා විසින් නීෂාගෙ ආත්මය සදාකාලිකවම දෙව්ලොවට ගෙන්වා ගත්තත් නීෂා දෙව්ලොවෙන් පලා ගොස් යළි යළිත් ආත්මභාවවල උත්පත්තිය ලබනවා. ඒ වගේම මකර රජුද නීෂාගෙ ඒ ආත්මභව සොයමින් ඔහුව නසා දමා තිබෙනවා. ඉතින් වසර 3000ක් මේ විදිහට දිව යන කෝන්තරය යළි එළියට එන්නෙ නීෂා ලී යුන්ෂින් නම් තරුණයෙකු ලෙස ඉපදී සිටීම එක්ක.

පෙර ආත්මවල වගේම මේ ආත්මයෙත් මකර රජුගේ පුත්‍රයා නීෂා සමග යම් අරගලයක් ඇති කරගැනීමක් එක්ක දෛවෝපගත සටන යළි ආරම්භ වෙනවා. ඒ ප්‍රචණ්ඩකාරී නීෂාගෙ පිබිදීමත් එක්කයි. ඒවගේම තමා මේ චිත්‍රපටියෙන් සුන් වුකොන්ග් එහෙමත් නැත්නම් මන්කි කින් එහෙමත් දැක බලාගන්න පුළුවන්.

එහෙමනම් කතාවේ වෙන්නෙ මොකක්ද කියන එක මං කියන්න යන්නෙ නෑ. වසර 3000ක වෛරයක, විවිධ ආත්මවල කෙරෙන මේ සටනෙ මෙවර ජය කා හට හිමිවෙයිද කියලා ඔයාලම බලලා දැනගන්න එහෙනම්. යළි උපසිරසියකින් හමුවෙන තෙක් මා සමුගන්නවා. ඔබට ජයෙන් ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,552 downloadsDownload New-Gods-Nezha-Reborn-2021.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

11,552 downloadsDownload Subtitles74 KB

25 comments

  1. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks saho

  2. JD

    Thanks.patta

  3. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    පුලුවනි නම් The Adventures of Sherlock Holmes කතා මාලාවේ Season 5, 6, 7 ටිකට උපසිරැසි දෙන්න. Episodes බොහොම ටිකයි season තුනේම ඉතිරිවෙලා තියෙන්නේ.

    1. මධුකප්‍රිය පෙරේරා

      අපේ ඇඩ්මින්වරුන්ව දැනුවත් කරන්න ඒ සම්බන්ධව.

    2. Craig G.witt

      Thanks MR

  4. Pramod

    Thanks bro jaya weva.

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. නිල් උපුල්

    ඒත් ට්‍රේලරේ බැලුවම නම් වෙන එකක්ද කියලත් හිතුනා.. මොනා වුණත් බාන්න කියල දැම්ම... වෙලාවට...
    බලන්නකො නේද..
    ආ බොහෝම ස්තුතියි හොඳේ.

    1. Amalka

      වෙන එකක් තමයි ඕක 2019 එකත් එක්ක සම්බන්ද නෑ නෙට්ෆ්ලික්ස් එකෙන් අලුතෙන්ම හදපු එකක්

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    1. George

      Trailer එක වෙන එකක්

  8. Anonymous

    බොහෝම ස්තුතියි සහොදරය

  9. prasanga

    thanks...

  10. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  11. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  12. dilaklshitha achintha

    american gods tv series eke sub puluwannam dennako

  13. Nisala

    බොහොම ස්තූතී උපසිරසට
    *Rounders 1998*
    movie එකෙ උපසිරස ගේන්න පුලුවන් ද?
    මන් හිතනව ඒක මෙතන තියෙන්න ඕන movie එකක් කියල. ස්තූතී

  14. Nilush Angana

    Sub ekata thanx

    1. Gayan Chathuranga

      ස්තූතියි සහෝ සබ් එකට...

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  16. Ruchira

    Thanks for the sub!!!!!!!

  17. Pavith Wijesooriya

    සුපිරී චිත්‍රපටියක්!
    ගොඩාක් ස්තූතියි උපසිරසියට...
    සබ් එක සුපිරියටම තියෙනවා.
    මේ යුනිවර්ස් එකෙන් ඉදිරියටත් චිත්‍රපටි ආවොත්,ඒවටත් මේ විදිහටම උපසිරසි බලා පොරොත්තු වෙනවා.
    ජය වේවා!!!❤️

  18. Anonymous

    ☝✌✋✊✌✍

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !