Watch Trailer

Jack & Daniel (2019) Sinhala Subtitle | හොරා පොලිස් සෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ ආයෙමත් මලයාලයම් චිත්‍රපටියකට උපසිරසියක් අරගෙන ආවා. පොඩි පොඩි වැඩ නිසා සබ් එකක් හදන්න වෙලාවක් හොයාගන්නත් බැරි වුණා. මේකත් බාර අරගෙන ටික කාලයක් වෙනවා. ඒ වගේම සබ් හැදීමත් දැන් යම් දුරකට එපා වී ගෙන යන තත්වයක් තමා තියෙන්නෙ සමහරක් ෆේස්බුක් සිනමා ගෘප් වලින් සිංහල සබ් ගැන කියන කතා නිසා. අ…

ඔන්න කාලෙකට පස්සෙ ආයෙමත් මලයාලයම් චිත්‍රපටියකට උපසිරසියක් අරගෙන ආවා. පොඩි පොඩි වැඩ නිසා සබ් එකක් හදන්න වෙලාවක් හොයාගන්නත් බැරි වුණා. මේකත් බාර අරගෙන ටික කාලයක් වෙනවා. ඒ වගේම සබ් හැදීමත් දැන් යම් දුරකට එපා වී ගෙන යන තත්වයක් තමා තියෙන්නෙ සමහරක් ෆේස්බුක් සිනමා ගෘප් වලින් සිංහල සබ් ගැන කියන කතා නිසා. අඩුපාඩු ඇතුව ඇති. English sub දාගෙන බැලුවට නම් අපේ කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් ඉංග්‍රීසි නොදන්න වගේම සිංහල සබ් එකත් එක්ක ෆිල්ම් බලන්න ආස අයත් ඉන්නවනේ. ඒ අයටනේ අපි සබ් හදන්නෙ. ඒත් ඉතින් අපි කන කට්ට ගැන නොහිතා සබ් ගැන මුකුත් නොදන්න අය ඒකට අපහාස කරලා කතා කරන එක නම් හිතට දුකයි. ඒ හැමදේම මැද්දේ අපේ sub වලට comment කරලා දිරි ගන්වන සියලු දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. දැන් මේ අරගෙන ආපු චිත්‍රපටය ගැන කිව්වොත් මේක මම ආසම නළුවෝ දෙන්නෙක් වන janapriya nayakan Dileep සහ action king Arjun ඉන්න 2019 ආපු Jack & Daniel. මේක 29 November 2019 (USA) වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ.

2h 36min ක ධාවන කාලයක් සහිත මෙය IMDb ශ්‍රේණිගත කිරීමෙන් 4.7 ක් ලබාගෙන තියෙනවා. මේ සිනමා පටය Action, Drama, Comedy ඛාණ්ඩයන්ට වර්ග කොට ඇති අතර මෙය රචනා කොට අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නෙ S.L. Puram Jayasurya විසින්. මෙම චිත්‍රපටය Thameens Films වෙනුවෙන් Shibu Thameens විසින් නිෂ්පාදනය කරලා තියෙනවා ; මෙහි Dileep, Arjun Sarja සහ Anju Kurian, Asokan, Saiju Kurup and Suresh Krishna යන නළු නිළියන් සහාය චරිත නිරූපණය කරනවා.

කතාව පැත්තට ගියොත් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ යම් යම් මංකොල්ලකෑම් වගයක් ගැන වාර්තා වෙනවා. කේරලයේ පොලිසිය කොතෙක් උත්සාහ ගත්තත් මේ හොරාව අල්ලගන්න ලැබෙන්නෙ නෑ මේ හොරාගේ තියෙන බුද්ධිය වගේම කපටිකම නිසා. ඒ නිසා පිටින් පොලිස් නිළධාරියෙක් ගෙන්වනවා මේ මංකොල්ලකෑම් ගැන හොයන්න. මේ අලුතින් ගෙන්වපු පොලිස් නිළධාරියාට මේ ඥාණවන්ත හොරාව අල්ලගන්න පුළුවන් වේවිද? මේ හොරා කවුද? ඇයි මෙහෙම මංකොල්ල කන්නෙ. පොලිසියට ඇයි මේ ගැන සාක්ෂි හොයාගන්න බැරි? කියලා මේ චිත්‍රපටය බලලම තමයි පිළිතුර හොයාගන්න වෙන්නෙ. ආයෙත් චිත්‍රපටියකින් හමු වෙනකන් ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

9,626 downloadsDownload Jack-Daniel-2019.zip83 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,626 downloadsDownload Subtitles83 KB

26 comments

  1. maxek500

    sub aktata thanks machan....api hamadama sinhala subma tama...

  2. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...

  3. gihan perera

    ස්තුතියි සහෝ..... මේක දෙන්න පරක්කු වෙලා නෙ...කමක් නෑ.... පට්ට කතාවක් තමයි මේක.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....දෙවි පිහිටයි...ජය වේවා.....

  4. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. maikee

    ඔන්න මටනම් english බැ බං , සිරා කතාව , අනික මං සබ් එක්ක බලන්න ආසයි , නැත්තම් කම්මැලි , එ නිසා මට පුරැදු උනා සබ් එක්ක බලන්න , කව්රැ මොනා කිව්වත් උබලා සබ් හදහල්ලා කම්මැලි නොවි , අපි ඉන්නවා එවා ඩව්න්ලොඩ් කරන්න තැන්ක්ස් සබ් එකට මචො , එලකිරි මං ⁣බැලුවා මෙක⁣ට මොකද තාම සබ් නාවේ කියලා එලම

  6. roshan 1

    thanks

  7. saknvvgggxxx

    Ela bn elakiri tx.me site eke adiminta kiyanna log nowi coment danna hadanna kiyala mokada godak aya yanawa sub witharak dwnlod karala ai coment danna kammli log wenna onane maath eahemai ithin yalu oayage mahansiyta lbena watinakama thama me coment eaka eakath nthi unama awulne..

    1. [email protected]

      MAma log wala inna sub aka dawnlod kara ath ectract karama fail kiyala watanawana

  8. darshana100

    thanks saho budusarani

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. AravindaJayaweera

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  11. Shaggie

    Thnks mchn

    1. CONFIRM

      Extract wen na Meka, update karanna hari eka

  12. Bandara76

    you have dedicated for our happy..Thanks Bro..Good luck

    1. Anonymous

      Meka extract wen nane bn

    2. Anonymous

      ඒකනෙ බං මගෙත් එහෙමයි

    3. විමා

      winrar දාගන්න

  13. chalindu1234

    thanks bokkh

  14. ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො
    -කරන කියන යහපත් දේ සාර්ථක වේවා-
    -තෙරැවන් සරණයි-

  15. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  16. Mastang

    උපසිරැසි එකට නම් ගොඩක් ස්තුතියි.

    1. A r perera

      ඔබට ස්තුතිය

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Anonymous

    Thanks oyalata godak

  19. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.