Watch Trailer

Mitron (2018) Sinhala Subtitles | අමුතු කාමරේ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනන් හරියටම අවුරුද්දකට විතර පස්සේ මගේ දෙවනි උපසිරසිය අරගෙන ආවා. කලින් එකට කසුන් සහෝ ගොඩක් උදව්කරානේ…ඒත් මිනිහා කැම්පස් ගියපු නිසා මේක මට තනියම තමයි කරන්න උනේ. කලින් සැරේ English එකක් කරපු නිසා මං හිතුවා මේ පාර හින්දි චිත්‍රපටයකට සබ් එක කරන්න. හින්දි ෆිල්ම් කිව්වම දන්නවනේ ඉතිං දෙබස් පොඩ්ඩක් ව…

ඔන්න එහෙනන් හරියටම අවුරුද්දකට විතර පස්සේ මගේ දෙවනි උපසිරසිය අරගෙන ආවා. කලින් එකට කසුන් සහෝ ගොඩක් උදව්කරානේ…ඒත් මිනිහා කැම්පස් ගියපු නිසා මේක මට තනියම තමයි කරන්න උනේ. කලින් සැරේ English එකක් කරපු නිසා මං හිතුවා මේ පාර හින්දි චිත්‍රපටයකට සබ් එක කරන්න. හින්දි ෆිල්ම් කිව්වම දන්නවනේ ඉතිං දෙබස් පොඩ්ඩක් වැඩියි. ඒ නිසා මට මාසයක් විතර ගියා මේක ඉවර කරන්න.  2018 වසරේ ඉන්දියාවේ තිරගත වීම ආරම්භ කරන මේ චිත්‍රපටය Drama/Romance/Comedy කියන ගණයට තමයි වැටෙන්නේ. ඒ වගේම මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.9 ක ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙනවා. තව ඉන්දියානු රුපියල් මිලියන 38.5ක Box office වාර්තාවකටත් හිමිකම් කියනවා.

මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Kritika kamra සහ Jackky Bhagnani කියන නළු නිළියන් දෙපළ විසින්. ඉතිං කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් ජේ කියන පිරිමි ළමයා එයාගෙ තාත්තගෙ බල කිරීමත් එක්ක ගෑණු ළමයෙක් බලන්න යනවා…ඉතිං මෙයා ගෑණු ළමයගෙ ගෙදර යද්දි ඇදුමෙ මොනවද ගෑවුන නිසා ඒක හෝදගන්න මේ කෙල්ලගෙ නාන කාමරේට යනවා…තව දෙයක් තමයි මේ ගෑණු ළමයගෙ කාමරේ දොර වැහුනොත් ආයෙ අරින්න බෑ..ලොක් එක කැඩිලා. ඉතිං මේ ගෙදර ඉන්න පොඩි ළමයෙක්ගෙ අතින් මේ කාමරේ දොර වැහෙනවා. මේ දෙන්නා ඇතුලෙ හිරවෙනවා. මෙයාලට මේකෙන් එළියට යන්න පුළුවන්වේවිද? ඇතුලෙදි මෙයාලට මොනවා වේවිද? ඒවා දැනගන්නන් ඔයාලට මේක බලන්න වෙනවා. මේක ඇත්තටම ලස්සන ආදර කතාවක් වගේම කොමඩිත් අඩු නැතුවම තියෙනවා. අනිත් එක තමයි මේකෙන් අපේ ජීවිතේට හොඳ පාඩමකුත් කියලා දෙනවා. ඉතිං ඒ නිසා හැමෝටම මේක බලන්න කියලා මං ආරාධනා කරනවා. එහෙනන් තව සබ් එකකින් හමුවෙමු. ජය වේවා හැමෝටම!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා අදාළ වේ.

6,422 downloadsDownload Mitron-2018.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනෙත් එරන්ද” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-01-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,422 downloadsDownload Subtitles64 KB

21 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. tharidu16

    thanks machiii

  3. Hashan M. Priyadarshana

    thanks bro :)

  4. Suranjan

    Thanks jayawewa.......!

  5. indika75

    thanks..

  6. Ashan12345678

    Disney zombies 2 2020 ekata sub dannako

  7. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  8. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  9. Shamal manojan

    සබ් එකට බොහොම ස්තූතියි. Mulk 2018 ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද?

  10. mindika

    Thanks !!!

  11. Anonymous

    font 1 mokadda bro? pennanene

  12. Milinda Rathnayake

    font 1 mokadda bro? pennanene

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Anonymous

    font eka pennanne nee

  15. Vihanga Hashith

    මොකක්ද මේ subtitles එක මේකේ ෆ්‍රොන්ට් එක පෙන්නනේ නෑ ....පොඩ්ඩක් බලන්න ...

  16. Anonymous

    mokakda bn mee font eka.? pennanne nene...

    1. Dineth

      Front එකේ වෙනසක් නෑ...mx , km player දෙකේම වැඩ

    2. Anonymous

      maget weda karan ne

  17. Shane de Silva

    Can't see the font in KM Player. Pls fix it.

  18. sachith15

    melo wedak ne... me fint weda karan nene... kawada rawattanne...

  19. Sahan Gayantha

    thanks a lot saho sub ekata..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.