Watch Trailer

Jada (2019) Sinhala Subtitles | ජඩා ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ආයෙත් ෆුට්බෝල් වලටම සම්බන්ධ IMDb අගය 6.7 ක් අරගත්ත Drama, Sport වර්ගීකරණය යටතේ තවත් ෆුට්බෝල් ක්‍රීඩකයෙකුගේ ඉරණම විසඳුන ගැන කියැවෙන චිත්‍රපටයක් මගේ 67 වන උපසිරැසි නිර්මාණය විදියට ඔය ගොල්ලන්ගේ රසාස්වාදය වෙනුවෙන් රැගෙන ආවා. 2019 දෙසැම්බර් මස 6 වන දින තිරගත වීම ආරම්භකරන ලද පැය 2 ක…

ආයුබෝවන් යාලුවනේ ඔන්න ආයෙත් ෆුට්බෝල් වලටම සම්බන්ධ IMDb අගය 6.7 ක් අරගත්ත Drama, Sport වර්ගීකරණය යටතේ තවත් ෆුට්බෝල් ක්‍රීඩකයෙකුගේ ඉරණම විසඳුන ගැන කියැවෙන චිත්‍රපටයක් මගේ 67 වන උපසිරැසි නිර්මාණය විදියට ඔය ගොල්ලන්ගේ රසාස්වාදය වෙනුවෙන් රැගෙන ආවා. 2019 දෙසැම්බර් මස 6 වන දින තිරගත වීම ආරම්භකරන ලද පැය 2 කුත් විනාඩි 05ක් පුරා දිවෙන Kathir, Roshini Prakash, Yogi Babu, Kishore, Sreedhar යන අයවලුන් ප්‍රධාන චරිත දායකත්වයෙන් සහභාගි වෙනවා.

මීට වසර 1000 කට පෙර යුරෝපීය මහාද්වීපයේ කොටසක් පාලනය කළ රජෙක් සිටියා
යුද්ධ වලදී, සතුරන්ගේ හිස් කපා දැමුව
සොල්දාදුවන් එම හිස් සමඟ සෙල්ලම් කිරීමෙන් සතුටක් ලැබුවා
මෙය දුටු රජු පසුව එය නිල ක්‍රීඩාවක් ලෙස ප්‍රකාශයට පත් කළා
සොල්දාදුවන් එම ක්‍රීඩාව ක්‍රීඩා කළේ හැඩයෙන් තොර බෝලයකින්
කිසිදු නීති රීති නොමැතිව ක්‍රීඩා කළ අතර ක්‍රීඩාව කරන අතරතුර එකිනෙකාට අමානුෂික ලෙස පහර දුන්නා
වසර ගණනාවක් ගත වූ අතර පසුව එම ක්‍රීඩාව මොබ් පාපන්දු ලෙස නම් කරන ලදී
පසුව මොබ් පාපන්දු සූදුව සහ ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩාවක් බවට පත් විය
රජතුමා මෙය දැක එය තහනම් කර අවුරුදු ගණනක් ගත වුණා
බොහෝ අනුප්‍රාප්තිකයන් රජ ලෙස පාලනය කළ අතර ඔවුන්ද කිසි විටෙකත් මොබ් පාපන්දු තහනම අවලංගු කළේ නැත
කෙසේ වෙතත් ක්‍රීඩාව ලොව පුරා අවධානය දිනා ගැනීමට පටන් ගත්තා
ක්‍රීඩාව බොහෝ නම් යටතේ ක්රීඩා කරන ලද අතර, සෑම එකක්ම ක්රීඩාවේ නීති මත පදනම්ව වෙනස් විය
ඒ අතරින් පාපන්දු ක්‍රීඩාවට හොඳ පිළිගැනීමක් ලැබුණා
එය තවදුරටත් ‘එලීවන්ස්’ ලෙස වර්ගීකරණය කරන ලද අතර, සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 11 දෙනෙකු සිටි අතර
සහ ‘සෙවන්ස්’ ලෙස සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 7 දෙනෙකු සිටියා
‘සෙවන්ස්’ තරග කරනු ලබන්නේ ලෝකයේ බොහෝ රටවල දැඩි නීති රීති සමඟිනි
නමුත් ස්ථාන කිහිපයක, තහනම් මොබ් පාපන්දු මෙන්, එය තවමත් දැඩි නීති රීති නොමැතිව
ඉතා රළු ලෙස ක්‍රීඩා කරන අතර සූදුවට සම්බන්ධ වේ
බොහෝ හොඳ ක්‍රීඩකයන්ගේ දෑත් හා අත් පා කැඩී ගොස් ඇති අතර
එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ වෘත්තීය හා සිහින විනාශ වී ඇත
එවැනි කතාවක් වන ‘සෙවන්ස්’ පාපන්දු පිළිබඳ අප දැන් සාක්ෂි දරන්න යන්නෙ….

ජඩා, ඇතුළු යාලුවෝ ඔක්කොම පොඩි කාලේ ඉදන්ම ෆුට්බෝල් වලට ආස කළේ, පොඩි කාලේ ඔවුන්ගේ වීරයා වුණේ සේතු අයියා. ඔහුත් ෆුට්බෝල් ක්‍රීඩකයෙක් වෙලා ඉදලා අනාගත ෆුට්බෝල් වෙනුවෙන් පුහුණුකරුවෙක්ව ළමයින්ව පුහුණු කරමින් ඔවුන්ගේ අනාගතයට මත් වෙත් සාදා දිමේ මෙහෙවරක යෙදී සිටියා තේරීම් කමිටුවේ සාමාජිකයෙක් විදියටත්. දවසක් සේතුගේ යාලුවෙක් හම්බවෙලා ඉලංගෝ ( ජඩාගෙ වර්තමාන කෝච් ) ගැන අහපුවාම යාලුවා කියනව එයාගෙ ක්‍රීඩකයෙක් වුණ අරවින්ද්ට මොකද වුණේ කියන්න. අරවින්ද් කියන්නෙ ඉන්දියානු කණ්ඩායමට යන්න පවා දක්ෂකම් තිබුණ සෙවන්ස් තරගාවලිය නිසා ජීවිතකාලෙම ෆුට්බෝල් සෙල්ලම් කරන්න නොහැකිවෙලා දුක් විදින තරුණයෙක්. මේක අහපුවාම සේතු තීරණය කරනවා නීති රීති නැතුව පවත්වන සෙවන්ස් ෆුට්බෝල් තරගයට තරග කරල ඒ තරගය නවත්තන්න. එහෙම හිතාගෙන සෙවන්ස් තරගාවලියට කණ්ඩායමක් දාගෙන සෙල්ලම් කරන්න යනව. තරගය අතර මගදි සේතුගේ පහුවට පා පන්දු පහරක් සැරටම වදිනවා. එකෙන් සිහිසුන්ව ඇදගෙන වැටෙන සේතූ මරුමුවට පත්වෙනවා. මේත් එක්කම සෙවන්ස් තරගාවලිය අවුරුදු 10 කට නවතිනවා. කොහොම හරි ඔන්න දීනා ඇතුළු සූදු අල්ලන කට්ටිය එකතුවෙලා අවුරුදු 10 කට පස්සේ ආයෙත් සෙවන්ස් තරගාවලිය පවත්වන්න තීරණය කරනව. ජඩාට මේක ආරංචි වෙලා කොහොම හරි සෙවන්ස් එකට ෆුට්බෝල් කණ්ඩායමක් දාන්න එයාගෙ කෝච්ගෙන් අහනවා. නමුත් කෝච් මේකට පොඩ්ඩක් වත් කැමති වෙන්නෙ නෑ. සේතු අයියට වුණ ඇබැද්දිය ගැන කියල ජඩා එක්ක විවාදයකුත් ඇතිවෙනව. පස්සේ ජඩා තීරණය වෙනස් කරපු නැති නිසා සෙවන්ස් එකට තරග කරන්න කණ්ඩායමක් දාල සෙල්ලම් කරගෙන යන අතරතුර ගැටුමක් ඇතිවෙලා පොලීසියෙන් තරගය තියෙන එක නවත්තපු නිසා හැමෝම එකතුවෙලා සේතූගේ උපන් ගමට යන්න තීරණය කරනව තරගය පවත්වන්න. ඔන්න ඉතින් කට්ටියම සේතුගේ උපන් ගමට ගිහිල්ලා වෙච්ච ඇබැද්දිය ඊළගට බලාගන්න පුලුවන් වගේම, සේතූට ඇත්තටම මොකද වුණේ කියන්න ඔයාලම බලන්නකෝ…

හැමෝටම තෙරුවන් සරණයි !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

8,380 downloadsDownload Jada-2019.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

8,380 downloadsDownload Subtitles60 KB

14 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. arawindasunimal

    ස්තුතියි උපසිරසියට (ඔෂධ ධනංජය) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌

  3. Gihan Lakmal

    Thanks මචෝ උපසිරසියට ❤️❤️❤️❤️

  4. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....නියමයි....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා මචෝ....

  5. Shaggie

    Thnks mchn

  6. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  7. D.Chamara

    bohoma sthuthi sahooo jaya ..

  8. taxilawe kollek

    ela

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. EM Nishshanka

    Thanks

  11. Asitha.pramoth

    බොහොම sස්තූතියි

  12. Shehan putha

    Thanks bro

  13. kalpa madushanka

    සබට ස්තුතියි.. ජයවේවා

  14. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!