Watch Trailer

Kathanam (2019) Sinhala Subtitles | වෘත්තාන්තය [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලු දෙනාටම, Mystery/Thriller කාණ්ඩයට අයත් වෙන තෙලිගු චිත්‍රපටයකට තමයි අද උපසිරැසි අරගෙන ඇවිල්ල තියෙන්නෙ. ත්‍රාසජනක අත්භූත අත්දැකීම් ලබාගන්න අපි ගොඩක් අය කැමතිනෙ. ඒ කියන්නෙ අවසානෙ වෙනකම් වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරි විදිහෙ කතාවක් බලන්න. දැන් තියන ගොඩක් චිත්‍රපටවල මුල බාගෙ බලනකොට අවසාන…

ආයුබෝවන් සියලු දෙනාටම, Mystery/Thriller කාණ්ඩයට අයත් වෙන තෙලිගු චිත්‍රපටයකට තමයි අද උපසිරැසි අරගෙන ඇවිල්ල තියෙන්නෙ. ත්‍රාසජනක අත්භූත අත්දැකීම් ලබාගන්න අපි ගොඩක් අය කැමතිනෙ. ඒ කියන්නෙ අවසානෙ වෙනකම් වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරි විදිහෙ කතාවක් බලන්න. දැන් තියන ගොඩක් චිත්‍රපටවල මුල බාගෙ බලනකොට අවසානෙ මොකද වෙන්නෙ කියල කියන්න පුලුවන්නෙ. ඇත්තටම බාගයක් බලන්න ඕනත් නැහැ, මුල ටික බලනකොටම තේරෙනව මෙන්න මේක තමයි වෙන්නෙ කියල. හැබැයි ආරම්භයෙ ඉදන් අවසාන වෙනකම් ඔලුව කුරුවල් කරවන පටන්ගත්තෙ කොහොමද? දැන් මේ වෙන්නෙ මොකක්ද? ඉස්සරහට වෙන්නෙ මොකක්ද? අන්න ඒ විදිහට චිත්‍රපටිය බලන විනාඩියක් විනාඩියක් ගානෙ කුතුහලක් ගෙන දෙන ජාතියෙ චිත්‍රපටයක් මේක.

කවුද මේ VIP හතරදෙනාව මැරුවෙ?
නිෂ්පාදකවරු හතරදෙනා කවුද?
ඝාතකයො නිෂ්පාදකවරු හැටියට හිටියෙ මොකටද?
එයාලට කවුරුහරි උදව් කරනවද?
අනූ බොරුවක් කියනවද?

උඩින් තියෙන්නෙ එක පෙලට තියන දෙබස් කණ්ඩ කිහිපයක්, ඉතින් ඔක්කොගෙම තියෙන්නෙ ප්‍රශ්නෙකින් ප්‍රශ්නයක් ඇතිවෙන ඉවරයක් නැති පටලැවිල්ලක්.

ප්‍රධාන නළු නිලියො කියල නැහැ, කතාවෙ අනූගෙ චරිතෙට දායක වෙන්නෙ Anasuya Bharadwaj, ඇත්තටම මෙයා ප්‍රධාන වශයෙන් රඟපාල තියෙන්නෙ ටෙලිනාට්‍ය වල. Rangasthalam, Kshanam වගේ චිත්‍රපට කිහිපයක රංගනයට දායක වෙලා තියනව. මීට අමතරව Vennela Kishore, Dhanraj, Ranadhir වගේ නළු නිලියනුත් දායක වෙනව. විශේෂත්වෙ කියන්නෙ මෙයාලගෙ සැබෑ නම් තමයි චිත්‍රපටයටත් යොදාගෙන තියෙන්නෙ. උදාහරනයක් විදිහට Vennela Kishore මේ චිත්‍රපටයෙ CK(creative Kishore) කියල එයාගෙ සත්‍ය නමේ කොටසක් ගෑවිලා තියනව. ඒ වගේම තමයි අනිත් අයගෙත්. අධ්‍යක්ෂනය Rajesh Nadendla.

නගරයේ ඉන්න විශේෂ පුදගලයො හතර දෙනෙක්,
හිටි හැටියෙ මැරිල යනව,
සාමාන්‍ය අනතුරු වලින් සිද්දවෙන මරන හැටියට තමයි සැලකෙන්නෙ,
ඇත්තටම ඒක එහෙමද?
කිසිම රටාවක් නැහැ,
කිසිම හෝඩුවාවක් නැහැ,
එහෙමයි කියල මේ මරණ ස්වාභාවිකයි කියල කියන්න පුලුවන්ද?

අනූට(Anasuya Bharadwaj)කතාවෙ හැටියට ලොකු අධ්‍යක්ෂකවරයෙක් වීමේ සිහිනයක් තමයි තියෙන්නෙ. එයාගෙම කතාවක පිටපතක් ලියල ඒක අධ්‍යක්ෂනය කරන එක. කොච්චර නිෂ්පාදවරු මුනගැහ්න්න ගියත්, කොච්චර තිර පිටපත් ලීවත් ඒ සියල්ල ප්‍රතික්ෂේප වෙනව. අවසානෙ නිෂ්පාදකයන් හතර දෙනෙකුගෙන් අනූට කෝල් එකක් එනව. නිෂ්පාදකවරු අනූට කියනව එයාල ගාව කතාවක් තියනව ඒකට හොද තිර පිටපතක් ලියල දෙන්න කියල. ඒ වගේම තමයි අනූටම ඒක අධ්‍යක්ෂනය කරන්න දෙන්නත් එයාල කැමති වෙනව. එයාගෙ හීනෙ වෙලා තිබුනෙත් ඒකමනෙ. ඉතින් වැඩේට කැමතිවෙලා තිරපිටපත ලියන වැඩේ කරගෙන යනව. තිර පිටපතේ අවසන් කොටස ඇරෙන්න අනිත් සේරම සමාප්ත කරල තියෙද්දි, තමයි මිනී මැරුම් කිහිපය සිද්ද වෙන්නෙ…ඉතින් මේවට අනූට තියන සම්බන්ධෙ මොකක්ද? තිර පිටපතට මොකද වෙන්නෙ? ඔයවගේ ප්‍රශ්න කිහිපයකට උත්තර හොයාගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනව. හොදට මතක තියාගන්න, කලින්ම වෙන්න යනදේ ගැන හිතන්න ගිහින් ඔලුව අවුල් කරගන්න එපා. තවත් උපසිරැසියකින් මුනගැහෙන තුරු….

ජය ශ්‍රී!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

10,599 downloadsDownload Kathanam-2019.zip73 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,599 downloadsDownload Subtitles73 KB

23 comments

  1. Isuru minipa

    Thanks broo mama aasama category ekak thriller kiyanne puluwannam bro me film dekath denna supiri Thriller film dekak (Aa Karaala Ratri 2018, Anukta 2018)

  2. isuru srinath sjs

    Thanks machan..!!

  3. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi ..

  4. Ayesh Prashan

    Thank You

  5. gihan perera

    මෙන්න කුතුහලයකින් බලන්න පුළුවන් ෆිලුමක් කාලෙකින්....නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ......

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ආසම කැටගරියේ ෆිලුමක් නිසා අනිවා බලනවා..බුදුසරණයි..ජය වේවා!

  7. indika75

    thanks..

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Shaggie

    Thnks mchn

  10. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  11. Pavanps

    sub eka kalin play wenawta mko krnne

    1. චානක ඉඳුනිල්

      KMP නම් shift+{ හෝ Shift+} adjust කරගන්න පුලුවන්,

  12. D.Chamara

    bohoma sthuthi sahoo jaya ..

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. AravindaJayaweera

    Thanks bro

  15. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි චානක සහෝ....ජයවේවා ,

  16. nish47

    ස්තූතියි සහෝ

  17. melinda

    thank you

  18. santhusha319

    thanks bro!!!

  19. Dilshan rajitha

    Thanks bro

  20. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා මලේ...!
    දිගටම තෙලුගු වලට සබ් දෙමු ආ...
    ජය!

  21. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  22. hasitha

    Ela thanx