සුබම සුබ දවසක් වේවා, අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට. හිතනවා හැමෝම වගේ හොදින් ඇති කියල. ඉතින් ඔන්න එහෙනම් කවුරු කවුරුත් මග බලාගෙන හිටිය, දමිළ සිනමාවේ බෲස් ලී, දනුශ්ගේ අලුත්ම චිත්‍රපටයයි අද අරන් එන්නේ. දනුශ්ගේ ෆිලුමක් අතාරින්න! පිස්සු තමයි! රවුඩි මසාලා ටයිප් ෆිලුමක්, ඒත් පොඩි හොලිවුඩ් සයිඩ් එකකුත් එක…

සුබම සුබ දවසක් වේවා, අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට. හිතනවා හැමෝම වගේ හොදින් ඇති කියල. ඉතින් ඔන්න එහෙනම් කවුරු කවුරුත් මග බලාගෙන හිටිය, දමිළ සිනමාවේ බෲස් ලී, දනුශ්ගේ අලුත්ම චිත්‍රපටයයි අද අරන් එන්නේ. දනුශ්ගේ ෆිලුමක් අතාරින්න! පිස්සු තමයි! රවුඩි මසාලා ටයිප් ෆිලුමක්, ඒත් පොඩි හොලිවුඩ් සයිඩ් එකකුත් එක්ක. දනුශ් හොලිවුඩ් එකක? ඔව්, දනුශ් කලිනුත් හොලිවුඩ් චිත්‍රපට වල රගපාලා තියෙනවනේ. ඒත් මේක ඒවා වගේ නෙවෙයි අපි කවුරුත් ආස සරම ගහලා, ශර්ට් එක ඇදලා, සෙරෙප්පු දෙක දාලා ඉන්න මැරයෙක් ජැන්ඩි පහට කෝට් එකක් ඇදගෙන දාන නාඩගමක් කිව්වොත් නිවැරදියි. මේක එනකම් දනුශ්ගේ රසික රසිකාවියන් ගොඩ දෙනෙක් බලාගෙන හිටියා. ෆිල්ම් එක පරක්කු වෙන්න හේතු, ෆිල්ම් එක රිලීස් කරද්දී වුණු ප්‍රශ්න, ෆිල්ම් එකේ හදද්දී වුණු දේවල් ගැන විස්තරාත්මකව මම පහළ පැහැදිලි කරල තියෙනවා. අපි එහෙනම් අද කතා කරමු දනුශ් මීළග හිට් එකේ පොඩි තොරතුරු වගයක්.
මේ ච්ත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Karthik Subbaraj නම් අධ්‍යක්ෂකවරයා විසින්. වයසින් ටිකක් ලාබාල වුණාට මිනිහා අත ගහන ෆිල්ම් නම් ලාබාල නෑ. මොහු හිට් වුණු ගොඩක් චිත්‍රපට වගයක් අධ්‍යක්ෂණය කරල තියෙනවා. ඒ වගේම මේකට නිෂ්පාදන දායකත්වය ලබා දීලා තියෙන්නේ S. Sashikanth හා Ramachandra යටතේ ඇති YNOT Studios, ඒ වගේම Reliance Entertainment ආයතනයේ එකතුවෙනි. මේ ප්‍රොජෙක්ට් එක 2016දී නිවේදනය කෙරුණු අතර එහෙත් නිෂ්පාදන මුදල් අතින් ඇති වූ ගැටළු හේතු කොටගෙන මෙය කල් දැමුණි. කාර්තික් මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා විදියට දනුෂ්ව තෝරාගෙන තිබුණා ඒ වගේම චිත්‍රපටයේ නළුවන් විදියට හොලිවුඩ් සිනමාවේ විශිෂ්ට රංගදරයන් වන Morgan Freeman, Robert De Niro හා Al Pacino සම්බන්ධ කරගන්න උත්සහා ගැණුනු අතර එහෙත් ඔවුන්ව මෙම චිත්‍රපටයට දායක කරගන්න ඔහුට නොහැකි වුණි. නැවතත් 2018දී නිෂ්පාදන මුදල් අයිතමය පැත්තෙන් ඇති වූ ගැටළුත් එක්ක සුබ්බරාජ් චිත්‍රපටයේ කතාව හා රූගත කිරීම සදහා තෝරාගෙන සිට ස්ථාන ඔහු වෙනස් කළා. චිත්‍රපටය රූගත කිරීම සදහා ඔහුගේ අනෙක් දැවැන්ත චිත්‍රටයක් වූ රජනිකාන් රංගනයෙන් දායක වූ Petta (2019) චිත්‍රපටයේ රූ ගත කළ ස්ථානම මෙම චිත්‍රපටයටත් යොදා ගැනුණි. 2019දී නිල වශයෙන් මෙම චිත්‍රපටය පිළිබද නිවේදනය කොට 2019 වර්ශයේ සැප්තැම්බර් මස චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරුණි. චිත්‍රපටය ලන්ඩන්, මදුරෛ හා චෙන්නායිහී රූගත කෙරුණි. 2020 මැයි 1වෙනි දින සිනමාහල් වල චිත්‍රපටය තිරහත කරන්න යෙදූ අතර ඇති වූ කොවිඩ්-19 උවදුර හේතු කොට ගෙන චිත්‍රපටය සිනමාහල් වල තිරගත කිරීම නැවතුණි. චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් මෙය සිනමාහල් වල පමණක් තිරගත කරන බව සිටි තරයේ හේතුව පසෙකලා 2021 පෙබරවාරි මස නිල වශයෙන් මෙම චිත්‍රපටය භාෂා 17ක් ඔස්සේ නෙට්ෆ්ලික්ස් හරහා ලෝකවාසී සියලු දෙනාට නැරඹිය හැකියැයි නිවේදනය කෙරුණි.
– දනුශ් ඔහුගේ නිල ට්විටර් ගිණුමේ ඔහුගේ මීළඟ චිත්‍රපටය පිළිබඳව තැබූ සටහන –
දනුශ් පැවසුවේ, කොවිඩ්-19 උවදුර හේතුවෙන් මානසිකව පීඩා විදිමින් තමන්ගේ ආරක්ෂාව හේතුව කොටගෙන නිවසට වෙලා සිටින චිත්‍රපට රසික රසිකාවියන්ට මෙය මහත් උද්යෝගමත්-විනෝදකාමී චිත්‍රපටයක් වේවි කියා. ඒ වගේම ඔහු කියා සිටියා මේ චිත්‍රපටයේ එන සුරුලි නම් චරිතයට ඔහු ගොඩාක් කැමති බව. ඒවගේම මේ සුරුලි චරිතය අරගෙන ඒකෙන් sequel එකක් කරන්න ආසයි කියල ඔහු කියා සිටියා. චිත්‍රපටයේ අපිට දකින්නට ලැබු තවත් එක් විශේෂ කරුණක් තමයි, දනුශ්ගේ රංගනය. එය මදක් ඔහුහේ මාමණ්ඩි වන රජනිකාන්ගේ රංගනයට සමානකම් පෑවා. ඔහුගේ රැවුල හා ඔහුගේ කතා විලාසය රජිනිකාන්ට බෙහෙවින්ම සමානකම් පාන බව චිත්‍රපටය නරඹර ඔබට දැකගත හැකියි. මම හිතන්නේ එයට හේතුව වී ඇත්තේ මේ අධ්‍යක්ෂකවරයා වන සුබ්බරාජ් රජිනිකාන්ගේ ඩයි හාඩ් ෆෑන් කෙනෙක් නිසා වෙන්නත් පුළුවන්. ඒක අපිට චිත්‍රපටයේ ඇති ගීතයන් නැරඹීමෙන් වුවද දැකගත හැක. චිත්‍රපටයේ නම සදහා පාදක වූයේ 1979 වර්ශයේ නිකුත් වූ Ninaithale Inikkum යන චිත්‍රපටයේ ඇතුළත් වූ කන්නදාසන් අතින් ලිය වූ “Sambo Siva Sambo” නම් ගීතයේ තිබූ පේළියකින්ය. සුබ්බරාජ්ට මෙම චිත්‍රපටයේ නම විදියට Suruli කියල තියන්න හැදුවත්, රජිනිකාන් සර්ගේ හොද රසිකයෙක් වුණු නිසා මෙම සින්දුව අහලා ජගමේ තන්ධිරම් කියල මෙයට නම තැබුවා.
ඒවගේම මේකේ කාස්ටින් කරල තියෙන විදිය ගැන කිව්වොත්. චිත්‍රපටයේ ප්‍රධාන නළුවා දනුෂ් නෙහ්, ඒවගේම චිත්‍රපටයකට වඩාත්ම අවශ්‍ය වන චිත්‍රපටයේ ප්‍රධාන නිළිය විදියට මලයාලම් නිළියක් වන Aishwarya Lekshmi මේකට යොදාගන්න තීරණය කරල තිබුණා. ඒ වගේම මෙම චිත්‍රපටය තමයි ඇයගේ දෙවන දමිළ සිනමාපටය. ඇයගේ පළමුවෑන්න විශාල් රංගන දායකත්වයෙන් සහය වූ Action (2019) චිත්‍රපටයයි. මම කලින් සදහන් කළ පරිදි මේ අධ්‍යක්ෂකවරයා, මේකට විදේශීය රංගන ශිල්පීන් එක්කාසු කරගන්න හැදුවත් ඔහු සිතූ පරිදී ඔවුන් එකතු කර ගැනීමට නොහැකි වුණි. එහෙත් පසුව ඔහුට James Cosmo නම් රංගන ශිල්පියාව මෙම චිත්‍රපටයට එකතු කරගන්න ඉඩකඩ ලැබුණි. ඔයාලා Game of Thrones කතා මාලාව බලලා තියෙයි නම් මේ ජේම්ස් කොස්මෝ කියන්නේ කවුද කියල දන්නවා. ඔහු තමයි එම කතාවේ නයිට් වොච් එකේ ලෝඩ් කමාන්‍ඩර් විදියට රැගපෑවේ. දමිළ චිත්‍රපටයකට මෙවැනි රංගන ශිල්පීන් තමන්ගේ රංගන දායකත්වය ලබාදීම කොලිවුඩ් සිනාමවට මහත් විශේෂත්වයක් උදාකරයි. ඒ වගේම මොවුන්ව තමන්ගේ චිත්‍රපටයට එකතු කරගැනීම තීරණය කළ මාසයේදීම, Joju George, Kalaiyarasan හා Roman Fiori යන ඉන්දීය රංගන ශීල්පීන් මෙහි චරිත වලට පණ පොවන බව තීරණය කළේය. කොහොමහරි චිත්‍රපටයේ ලන්ඩන් වල රූ ගත කිරීම් ටික දවස් 64න් ඉවරන් කරගන්න පුළුවන් වූවා කියල 2019 නොවැම්බර් මස 7වෙනි දින නිෂ්පාදකවරුන් නිවේදනය කළා. නොවැම්බර් 9 වෙනිදින ඔවුන් නැවතත් ඉන්දියාවට පැමිණ, රූ ගත කීරීමට ඉතිරිව තිබූ මදුරෛයි වල හා රාජාස්ථානයේ ශූටින් සදහා ලෑස්ති කරගත්හ. පසුව චිත්‍රපටයේ සියලුම රූගත කිරීම් හා ඡායාරූප වැඩ කටයුතු 2019 දෙසැම්බර් මස 29වෙනි දිනෙන් ඉවර කෙරුණි. මෙම චිත්‍රපටය දනුෂ් සහභාගි වූ චිත්‍රපට සමඟ සැසදුවොත් මාස හතරක් වගේ සුළු කාලයකින් ඉක්මනින්ම රූ ගත කිරීම් නිමවූ පළමු චිත්‍රපටය ලෙසද සළකන්න පුළුවන්. පසු කාලීන නිෂ්පාදන කටයුතු සදහා කොවිඩ්-19 ආසාදනය බාධාවක් වූවත් පසුව නැවතත් 2020 මැයි මස තමිල්නාඩු රජය විසින් මග නැවතුණු චිත්‍රපට නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබා දුන්නා.
– Russo Brothers, දනුශ්ගේ මේ චිත්‍රපටයට ට්‍විටර් හරහා සුබ පතා තිබෙන ආකාරය –
ඉහත සදහන් රූපයෙන් ඔයාලට බලාගන්න පුළුවන් Russo Brothers දනුශ්ට සුබ පතල තියෙන ආකාරය. එහි සදහන් හන්නේ “සුපිරියක්, මල්ලි! දනුශ් එක්ක වැඩ කරන්න ලැබීම ගැන සතුටක් හා ජගමේ තන්ධිරම් චිත්‍රපටයට සුබ පතනවා” කියා. මෙහි දනුශ් එක්ක වැඩ කරන්න ලැබීම සතුටක් කියන එකෙන් අදහස් කරල තියෙන්නේ රූසෝ බ්‍රදර්ස්ලගේ මීළග දැවැන්ත චිත්‍රපටියක් වන The Grey Man ගැනයි. මෙම චිත්‍රපටය සදහා Dhanush, Chris Evans හා Ryan Gosling යන රංගන ශීල්පීන් එකතු කරගෙන තිබෙනවා. ඒක ආවම බලමුකෝ ඒක කොහොමද කියල. ඉතින් කොහොමහරි මේ ජගමේ තන්ධිරම් චිත්‍රපටය 2020 මැයි මාසයේ තිරගත වීමට තිබියදී එහෙත් කොවිඩ්-19 ආසාදනය නිසා එය මග නැවතුණු නිසාත්, නිෂ්පාදකරුන් කියා පෑවේ මෙම චිත්‍රපටය සිනමාහල් වල පමණක් තිරගත කරන බවය. නමුත් 2021 පෙබරවාරි මස 5 වෙනි දින චිත්‍රපටය නැවතත් සිනමාගත කරන්න වැඩ සලස්ව ගත්තත් ඒකත් කරගන්න බැරි වුණු නිසා මාධ්‍යයෙන් ප්‍රකාශ කළ ආකාරයට නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් කිරීමට මොවුන් තීරණය කළේය. මෙය නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වීමේදී ඇති වූ ගැටුළුත් එක්ක 2021 අප්‍රේල් 27වෙනි දින නිල වශයෙන්ම ජගමේ තන්ධිරම් චිත්‍රපටය ජුනි 18 වෙනි දින නිකුත් වන බව දැනුම් දුන්නා.කොහොමහරි පෙර දැනුම්දීමකින් තොරව 2021 ජුනි 1 වෙනි දින චිත්‍රපටයේ නිල ට්‍රේලරය නෙට්ෆ්ලික්ස් ඉන්ඩියා යූටුයුබ් චැනලය හරහා මුදා හැරුණා. ඒ වගේම මෙම චිත්‍රපටය හින්දි, මලයාලම්, තෙළිඟු හා කන්නඩ යන භාෂාවලටත් එක්ක භාශා 17ක්, රටවල් 190ක මෙම චිත්‍රපටය නෙට්ෆ්ලිස් හරහා නිකුත් වන බව දන්වා සිටියා. මෙම චිත්‍රපටය ඩිජිටලි නිකුත් වූවාට පසුව Star Vijay චැනලය හරහා විකාශය කිරීමට එම චැනලය විසින් සැටලයිට් අයිතීන් ලබාගෙන සිටියා.
චිත්‍රපටයේ නිකුත් වන පිටපත්හි ධාවන කාලය –
නෙට්ෆ්ලික්ස් පිටපතේ –> 2h 38min
ටෙලිවිශනයේ විකාශය වන පිටපතේ –> 2h 49min
– භාෂා 17ක් සමඟින් රටවල් 190ක තිරගතවන සුරුලිගේ කතාන්දරය –
කාලයක් තිස්සේ බලාගෙන ඉදපු ජගමේ තන්ධිරම් චිත්‍රපටය පිළිබද සිනමා රසික රසිකාවියන් උන්මාදයෙන් හිටියේ. එහෙම හිටිය රසිකයන්ට තවත් නම් ඉවසන්න බෑ කියල හිතෙන්න තරම් ට්‍රේලරයක් දීලා එයාලා තවත් උන්මාදයට පත් කළා. ට්‍රේලරය නම් කමක් නෑ කියමුකෝ. ඒ ඇල්බම් එක. විශේෂයෙන් කියන්න ඕනේ මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Santhosh Narayanan. සංතෝශ් නාරයනන් තමයි 2021 හිට් එකක් වුණු දනුශ්ගේ Karnan චිත්‍රපටයේත් සංගීත අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. ඉතින් මෙම චිත්‍රපටයේ මෝශන් පෝස්ටර් එක රිලීස් කරපු දවසේ එකේ තිබුණ තීම් සෝන්ග් එක රසිකයින්ව වහ වැට්ටුවා. ඒ හේතුව නිසාම මොවුන් තීරණය කරනවා ඒ තීම් සෝන්ග් එක 2020 ජුලි 28වෙනි දින එනම් දනුශ්ගේ උපන්දිනය නියම කොට ගෙන චිත්‍රපටයේ පළමු සිංගල් සෝන්ග් එක විදියට රිලීස් කරන්න, ඒ “Rakita Rakita Rakita” යනුවෙන්. එය දනුශ් විසින්ම ගායනා කරන අතර, සහයට සංතෝශ් හා ධී (Dhee) එකතු කරගෙන තියෙනවා. මෑතකදී ඉතා ජනප්‍රිය වූ “Enjoy Enjaami” ගීතයද සංගීතවත් කරල තියෙන්නේ සංතෝශ්, ඒ වගේම ගායනය ධී විසින්. පස්සේ දෙවෙනි සිංගල් එක විදියට අනිරුද් විසින් ගායනා කරන “Bujji” ගීතය රසිකයන්ට ලබා දුන්නා. ඉතිරි ගීත එකතුව 2021 ජුනි 7 වෙනි දින දෙමළ හා තෙළිඟු භාශා දෙකෙන් නිකුත් කෙරුණා. කාර්තික් සුබ්බරාජ් පවසා සිටියේ, නෙට්ෆ්ලික්ස් හී නිර්දේශයන්ට අනුව චිත්‍රපටයේ “Bujji” හා “Nethu” යන ගීත නෙට්ෆ්ලික්ස් හරහා ඩිජිටලි නිකුත් වන පිටපතෙන් අයින් කර ඇති අතර සියළුම ගීතයන් සමඟ සම්පූර්ණ චිත්‍රපටය ටෙලිවිෂනයේ පමණක් විකාශය වන බව පවසා සිටියා. චිත්‍රපටයේ නිකුත් වන පිටපත් දෙකෙහි ධාවන කාලය වෙනස් වීමට මෙය හේතුවක් වීය හැක.
චිත්‍රපටය ඩිජිටලි නිකුත් කිරීම සම්බන්ධව දනුශ්, නිෂ්පාදක ශශිකාන්ත් එක්ක අවුලෙන් හිටියේ. ඒ විතරක් නෙවෙයි දනුශ් මේ චිත්‍රපටය ඩිජිටලි නිකුත් කරනවට අවුල් ගිහින් ශශීකාන්ත්ව ඉන්ස්ටග්‍රම් වලින් හා ට්විටර් වලින් පවා අන්ෆලෝ කරල තියෙනවා. මේ කොරොනා තත්ත්වයත් එක්ක සිනමාහල් වල සීට් 50% ක් පමණක් භාවිතා කරන්න ඉඩ දෙන එක නිසාම මේ තීරණේ ගත් බවත් ඒකෙන් දනුශ් හා ශශිකාන්ත් අතර බහින් බස් වීමක් ගිහින් තියෙනවා. රසිකයින් වුවත් ඉල්ලලා තියෙන්නේ මේක සිනමාහල් වල තිරගත කරන්න කියල. එහෙත් එසේ නොවූ නිසා රසිකයින් හා දනුශ් Y NOT ආයතනය පැහැර හරින්න තීරණය කළා. ට්‍රේලරය නිකුත් කළ දිනයේ දනුශ් ඔහුගේ නිල ට්‍ර්විටර් ගිණුමේ ට්‍රේලරය දාලා තිබුණත් ඒක ගැන පසුතැවෙන හැගීමක් පෙන්වා සිටියා. චිත්‍රපටයේ ඩිජිටල් නිකුත් කිරීමේ අයිතීන් කෝටී 55කට (ඩොලර් මිලියන 7.7) විකුණා තියෙනවා. ඒවගේම තවත් විශේෂිත වූ කරුණක් තමයි, මෙම චිත්‍රපටය ඩිජිටලි නිකුත් වූ චිත්‍රපට අතරින් වැඩිම මිලකට විකුණූ ප්‍රථම චිත්‍රපටය බවට පත්ව තිබෙනවා.
ඉතින් ඔන්න මම චිත්‍රපටය පිළිබද පොඩි සාරංශයක් ඔයාලට ගෙනත් දුන්නා. හිතනවා, මේ විස්තරෙන් පොඩි හරි දෙයක් දැනගන්න පුලුවන් වුණා කියල. ඉතින් මුලින්ම මට මේ වැඩේ කරන්න කතා කළ සිසිල අයියටත්, මේක මාත් එක්ක හවුලේ කරන්න සම්බන්ධ වුණු දහරා අක්කටත් ස්තූතියි කියනවා. දෙයක් කියන්න ඕනේ, අපි මෙහෙම වැඩ රාජකාරි අතරතුර මෙහෙම චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරන් එන්නේ සයිට් එකට එන, සිනමා රසය ගැන දන්න, ගුණාත්මකභාවයකින් යුතු උපසිරැසියක් හොයාගෙන එන බයිස්කෝප් රසික රසිකාවියන් නිසා. අපිටත් සතුටක් ඔයාලා හරි විදියකට සිනමාව රසවිදින්න අපිව තෝරගත්ත එකට. ඒත් උපසිරැසියක් බාගෙන යන අතරතුරේ පොඩි වචනයක් පහළ තියෙන කමෙන්ට් සෙක්ශන් එකේ කොටන් ගියා නම් නේද වැඩේ තවත් ලස්සන වෙන්නේ. ඩවුන්ලෝඩ්ස් අධික ප්‍රමාණයක් තිබුණත්, කමෙන්ට්ස් හරිම සුළු ප්‍රමාණයයි එන්නේ. මේක හරි විදියට වෙන්න නම් අපි දෙගෙල්ලොම සතුටු වෙන විදියට වැඩේ කරමු. උඩ රේටින් ඔප්ශන් එකක් තියෙනවා, පහළ කමෙන්ට් සෙක්ශන් එකක් තියෙනවා, ඒවත් පාවිච්චි කරමු. තව පොඩි කාරණයක් මේ අපේ ලංකාවට වෙලා තියෙන කරදර තවත් වැඩි කරන්න හදන්න එපා. සංචරණ සීමා නීතී හරි විදියකට පිළිපැදලා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෙදරින් එළියට බැහැල යන්න. රජය විසින් පනවලා තියෙන නීති එලෙසම ඉටු කරලා, මේ උවදුරෙන් අපි ගොඩ එමු. ගිහින් එන්නම් තවත් ලස්සන සිනමාපටයකට උපසිරැසියක් අරගෙන, එහෙනම් සුරුලිගේ වැඩ කිඩ බලන්න ඔබටයි මේ ආරාධනාව!😋
“මට නම් හිතෙන්නේ ඔයා ලොකු වැරැද්දක් කරගන්න හදන්නේ..!”
“වැරදි කරනවා, එච්චරයි, ඒක ලොකුද පොඩිද කියල නෑ.”
සැ.යු. :- චිත්‍රපටය ගැන ඉහත කොටසින් පැහැදිලි කළ ඇති බව ඔබට හොඳටම පෙනෙන්න ඇති, එහෙත් ලිපියේ චිත්‍රපටයේ පාදක කතාව පිළිබඳව කිසිඳු වචනයක් යොදා නැත. කාරණව මේකයි, කතාවේ කොටසක ශ්‍රී ලංකාවේ හමුදාව හා ශ්‍රී ලංකා ජනරජය පිළිබඳ පිළිගත නොහැකි විවේචනාත්මක සිද්ධීන් කිහිපයක් චිත්‍රපටයට අන්තර්ගත කරල තියෙනවා. මෙය නැරඹූ පසු කාහට වුවත් එය අසත්‍යක් හා වැරැද්දක් යනුවෙන් පෙන්වා දිය හැක. සිනමා රසිකයන්ගේ රසස්වාදය හේතු කොටගෙනම පමණක් අප දෙදෙනා මෙයට සිංහල උපසිරැසි ගැන්වූ බවත්, මෙම චිත්‍රපටයට අනුබල දීමවත් හෝ මෙහි ඇති කතාව සත්‍යයයි කියාවත් අප හා බයිස්කෝප් සිංහලෙන් වෙබ්පලේවත් කිසිදු පරමාර්ථයක් නොමැති බව කරුණාවෙන් සළකන්න. හුදෙක් චිත්‍රපටයේ නියම රසස්වාදය පෙන්වාදීමට පමණක් සිංහල උපසිරැසිය ගැන්වුවෙමු. ස්තූතියි..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD/WEB පිටපත් සඳහා අදාළ වේ.
42,142 downloadsDownload JT-2021.zip214 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ පසිදු මධුමාල්” සොහොයුරාට සහ “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB-MAKER RATING BY ADMINS
![]()

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
122 comments
Madusanka
Anonymous
Good job
Theeraka Widuranga
thanx bro and sis for sub
Theeraka Widuranga
thanx bro and sis for sub
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි.
Dinura
Thanks For The Subtitle.......
Pradeep
Thank you bro
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි දෙන්නටම
ජය වේවා!!!Kushan
Sub akta thanks
Anonymous
Thnkz guyz
Ruchira vithanage
Thank you for the sub mchn
Anonymous
තැන්කු තැන්කු
Thiwanka
සිංහල උපසිරසියට ස්තුතියි
Neo
Thanks both
Keep it upAnonymous
පට්ට පට පට
Lakshitha
සිංහල උපසිරසියට ස්තුතියි දෙපලටම..ජයෙන් ජයම වේවා!!
Anonymous
රොම්බ නන්රි
Kavindu
Thanks dennatama
Deegayu Abeysekera
thanks........!
we with you
Sujith
බොහොම ස්තූතියි!
malith madhushan
දෙන්නටම බොහොම ස්තුතියි මේක දෙනකන් බලාගෙන හිටියේ
Ram
Thanks mchnla
janaka J
thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
DILmin
Thanks! 'Mosagallu' Telugu film ekatath sub denna..
Anonymous
තද කොර ඈහ්හ්හ්
Sheron
Thanks both of you ..nice work ..keep going
Pramod
Thanks bro sub ekata. Jaya weva.
Anonymous
ඉඩෝරෙට පොද වැස්සක් හරි වැටුනා වගේ
tharidu16
hammooo danush....
Ramesh
Thanks brother & sister
Sherni-2021 sub ekath dennaAnonymous
තැන්ක්ස් බොකුස්❤️
Tharaka
Subata thanks dennatama..
Jayen jayama wewa...!!!Anonymous
sinhala sub ekata thanks... Eth meke samahara thanwala kiyawena dewal tikak awul wage... Refugee Camp ekata apee army eka gahuwa wage thiyenawa... Ane manda...
Jaya...Sika
Tanku hodai
Thilina
Thank you Bro
Gihan
උපසිරසියට බොහොම තුති
B
Netflix ෆිල්ම් සාමාන්‍යයෙන් හොඳ නිසා බලන්නේ මම අද දැක්ක එකක් මේ ලංකාවේ ආමි එක මෙහෙම කරා කියන්න ශාක්ෂි තියෙනවද ඔනි කෙනෙක්ට මෙහෙම ඔනි වීඩියෝ එකක් හඳන්න පුළුවන් ද කලිනුත් ප්‍රබාකරන් ගේ ෆිල්ම් එකක් ගැහුවා නේ ඉන්දියාවෙ උං මේකේ තියෙන්නේ ශී ලංකා ආර්මි එක ltte එකට නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට බෝම්බ දැම්ම සීන් එකක් එක්ක එකක්
Anonymous
ඔව් මමත් එක බ්ලුවට පස්සෙ දැක්කෙ.අපරාදෙ කියල හිතුන බැලුවෙ
Dineth de silva
Thanks both
Sahan
Tankz lot for sub
Niyon
Tda ❤️ thanks for the sub
Lahiru
සබ් එකට තැන්ක්ස් වේවා
Yash
රවුඩි මසාලා එකක් නම් ඉතින් අනිවා බලනො තමයි
දෙදෙනාටම බොහොම ස්තුතියි
Innocent එක වගේ තව වෙබ් සීරීස් දෙනවනම් පට්ටAshan
දෙනකන් බලාගෙන හිටියේ .. දෙන්නටම ගොඩාක් ස්තූතියි ...ලිපියට ගොඩාක් මහන්සි වෙලා..හැබැයි බයිස්කෝප් ෆිල්ම් ගොඩාක් මගඇරලා හොදේ..පරක්කුයි ...කෝමඋනත් ගොඩාක් අගය කරනවා සබ් දෙනවට...ආදරෙයි බයිස්කෝප්
Anonymous
Thanks බයිස්කෝප් ...ජය වේවා
Anonymous
Vidya balan ge "sherni" ekai
"Mosagallu" telugu ekath oya gammatama demuසරදියෙල්ගේ බාප්පගේ පුතා
Awesome
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Sanketh Ekanayake
Thanks......
Shaggy
බොහොම ස්තූතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
Thank u
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Jagame Thandhiram (2021) Sinhala Subtitles | සුරුලිගේ කතාව..! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/06/JT-2021.jpg)

Patta.. Dapu Gaman 1st Comments eka. thanks saho.