ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. 80/90 දශකයේ හිටිය තවත් ක්‍රියාදාම නළුවෙක් තමයි Dolph Lundgren කියන්නේ. අඩි හයාමාරක් විතර උස නලුවෙක්. අපි ඒ දවස් වල ආසාවෙන් බලපු චිත්‍රපටි තමයි ඉතින්. ක්‍රියාදාම චිත්‍රපට රැසක රඟපෑ Dolph Lundgren ගේ 1989 තිරගත වුන චිත්‍රපටයකට තමයි අද මං සිංහල උපසිරසි අරගෙන ආවේ. The…

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම..
80/90 දශකයේ හිටිය තවත් ක්‍රියාදාම නළුවෙක් තමයි Dolph Lundgren කියන්නේ. අඩි හයාමාරක් විතර උස නලුවෙක්. අපි ඒ දවස් වල ආසාවෙන් බලපු චිත්‍රපටි තමයි ඉතින්. ක්‍රියාදාම චිත්‍රපට රැසක රඟපෑ Dolph Lundgren ගේ 1989 තිරගත වුන චිත්‍රපටයකට තමයි අද මං සිංහල උපසිරසි අරගෙන ආවේ.
The Punisher (1989)
මාවල් චිත්‍රකතාවක එන චරිතයක් පදනම් කරගෙන Boaz Yakin විසින් රචනා කල චිත්‍රපටය තමයි මේ. නමුත් මුල් කතාවේ මේ චරිතය චිත්‍රපටය වෙනුවෙන් සුළු වෙනස්කම් කීපයක් කරලා තියනවා. චිත්‍රපටයේ නිෂ්පාදනය Robert Mark Kamen විසින් සිදුකල ඇති අතර අධ්‍යක්ෂණය Mark Goldblatt විසිනි.
ෆ්‍රෑන්ක් කාසල් පොලිස් නිළධාරියෙකි. අපරාධකරුවන් විසින් ඔහුගේ මුළු පවුලම ඝාතනය කලත් වාසනාවට හෝ අවාසනාවට ෆ්‍රෑන්ක් කාසල් ජීවත් වීමට වරම් ලබනවා. ඔහුගේ ඉදිරි වැඩපිළිවෙල වන්නේ අපරාධයක් සිදුකර නීතියෙන් බේරෙන පුද්ගලයිනට දඬුවම් කිරීමයි. මෙහි ෆ්‍රෑන්ක් කාසල් ලෙස Dolph Lundgren සහ ජේක් බර්කොවිට්ස් ලෙස Louis Gossett Jr. රංඟනයෙන් එකතු වේ. ඊට අමතරව Jeroen Krabbé, Kim Miyori, Bryan Marshall, Nancy Everhard ඇතුළු රංඟන ශිල්පීන් රැසක් එකතු වේ. විනාඩි 89ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටය 1989 ඔක්තෝබර් 5 වන දා බටහිර ජර්මනියේත්, 1991 අප්‍රේල් 25 වන දා එක්සත් ජනපදයේත් තිරගත වීම ආරම්භ කර ඇත.
The Punisher චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.7 ක්, Rotten Tomatoes 28% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 88%ක කැමැත්ත ලැබී ඇත. මේ චිත්‍රපටයේම ප්‍රතිනිර්මාණයක් 2004 වසරේ දී ද තිරගත වී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,030 downloadsDownload The-Punisher-1989.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
16 comments
ravidu ishan
Kavi_madushan
Bohoma sthuthi sub ekata,puluwnnm rurouni kenshin the final ekai the beginning ektai sub dennakooo,rurouni kenshin the final web copy awith thynne,beginning eknm thm ne,budusarnai,jayawewa!!!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ශාමල් මනෝජන්
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.
දිගටම මේ වගේ සුපිරි පරණ ෆිල්ම් දෙන්න. Dolph ගේත් සුපිරි ෆිල්ම් ටිකක් තියනවා. 80, 90 ගනන් වල. ඉතිරි ඒවාටත් සබ් දෙන්න සහෝ. වැන් ඩෑම්. ආර්නොල්ඩ්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, චක් නොරිස්, ජෙට් වගේ අයගේත් සබ් නොදුන් ෆිල්ම් බලලා සබ් දෙන්න සහෝ.
සුපිරි වැඩක් ඔයා මේ කරන්නේ. ලොකු සේවයක්. එක එක්කෙනා කියන විදියට අලුත් ෆිල්ම් දීලා වැඩක් නෑනේ සහෝ. ඒවලට ඕන තරම් කට්ටිය ඉන්නවා. දෙන්න පරණ ෆිල්ම් ම.
80, 90 දශකයේ Horror movies වල රහ දන්නේ නෑ. අලුත් horror movies බලන එවුන්. ඒ කාලේ හොඳම Horror movies බලලා සබ් කරන්න සහෝ. මේ වැඩේ නම් නවත්තන්න එපා කීයටවත්.
පුලුවන් නම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න.
Poltergeist 1982
Poltergeist II: The Other Side - 1986
Poltergeist III - 1988An American Werewolf In London - 1981
The Lost Boys - 1987
Lost Boys: The Tribe - 2008
Lost Boys: The Thirst - 2010සචින්ත කල්හාර බෙනට්
උපසිරැසියට බොහොම ස්තූතියි, සහෝ.
Hasitha
Thanx aiye a/l thibbath film balana eka nathara karala na.
Anonymous
Thanks Bro
Priyantha Dayakeerthi
රොෂාන් සමීර ජයසිංහ සොයුර,
ඔබේ මෙම සිංහල උපසිරසියට මාගේ ස්තුතිය! මෙය හොඳ ෆිල්ම් එකක් වගේ.හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
jagath55
Thanks
Dewadithya
Thanks for sub!
ravidu ishan
සබ්එකට Tnx mchn,, ජය!! ✌️✌️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chaminda lakruwan
ස්තූයි සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ්එකට tnx සහෝ..ජය!