2014 ජනවාරි 14 වෙනිදා Raaz : The Mystery Continues (2009) චිත්‍රපටියට සිංහල උපසිරැසිය කරලා පටන් ගත්තු මේ වැඩේ දැන් අවුරුදු හතක් තිස්සේම හෙමින් සීරුවේ කරගෙන ඇවිත් 200ක තරම් සිංහල උපසිරසි ප්‍රමාණයකට දායක වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. පොඩි සතුටක් තියෙනවා මේකත් එක්තරා ආකාරයක අභියෝගයක් නිසා. දන්න අය දන…

2014 ජනවාරි 14 වෙනිදා Raaz : The Mystery Continues (2009) චිත්‍රපටියට සිංහල උපසිරැසිය කරලා පටන් ගත්තු මේ වැඩේ දැන් අවුරුදු හතක් තිස්සේම හෙමින් සීරුවේ කරගෙන ඇවිත් 200ක තරම් සිංහල උපසිරසි ප්‍රමාණයකට දායක වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. පොඩි සතුටක් තියෙනවා මේකත් එක්තරා ආකාරයක අභියෝගයක් නිසා. දන්න අය දන්නවා පුළුවන් තරම් මං උපසිරැසි පල කරේ ඉන්දියන් නිර්මාණ වලටම තමා. ඒවායිනුත් බහුතරයක් හින්දි නිර්මාණ වලට. ඉංග්‍රීසි නිර්මාණ වලට නම් ටිකක් අඩුවෙන් තමා දායකත්වය දුන්නේ. ඉතින්, මේ කාලය තුල උපසිරැසිකරණය නිසා ඉගෙන ගත්තු දේ බොහොමයි, කැප කරපු දේ බොහොමයි, අඳුනගත්තු අය බොහොමයි, තරහ වුණු අය නම් නැතිම තරම්. ඒ හින්දම මේ විශේෂ අවස්ථාවේ මතක් කරන්න බොහෝ දෙනෙක් ඉන්නවා. අනිවාර්යෙන්ම එක්කෙනෙක් හරි මග ඇරෙන නිසා එකින් එක මතක් නොකර ඉන්නම්. සමූහ වශයෙන්, මේ සිංහල උපසිරැසිකරණ ගමන් මගේ හමු වෙච්ච හැම බයිස්කෝප් සහෝදර සහෝදරියෙක්වම ආදරයෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඒ වගේම අපේ මහගෙදර බයිස්කෝප් පරිපාලක මඩුල්ලේ හැම කෙනෙක්ටම මගේ හදපිරි ආචාරය පුද කරනවා මේ කරන කැප කිරීමට සහ නිතරම අපිට හයියක් වෙනවට. ඒ වගේම හැමදාමත් අපිට අදහසක් දක්වලා යන මිතුරන් ටිකව අමතක කරලා කොහොමද? ඔයාලටත් බොහොමත්ම ස්තූතියි. මගේ රත්තරන් අත් දෙක, ඇස් දෙක ඇතුළු මගේ මුළු ශරීර කූඩුවටයි, කරන හැම හිරිහැරයක්ම ඔහේ ඉවසන් ඉන්න, බැරිම තැන නොකියම හිටි හැටියේ ඕෆ් වෙන මගේ ලැප් රාජයාටයිත් ස්තූති කරන්න මට වචන මදි.

එහෙනම් මේ අරන් එන්නේ මගේ හතරවෙනි කඩඉම. කලින් කිව්වත් වගේ 200වෙනි උපසිරැසිය. හැමදාම කඩඉමකදී කියනවා වගේ ඊළඟ කඩඉම ගැන විශ්වාසයක් නෑ කියලා අද නම් කියන්නේ නැහැ. බොරු කියන්නේ මොකටද? මේ වැඩේ අත ඇරගන්න අමාරුයි. ඊළඟ කඩඉමත් තව අවුරුදු 5කින් හරි ගහයි. මැරුනේ නැත්තම් අබාධයක් වුණේ නැත්තම් ඒක අනිවාර්යයි. මෙච්චර කල් අපිත් එක්ක හිටියා වගේ දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා අන්තිමට ඉල්ලන්න තියෙන්නේ.

2017 අවුරුද්ද කියන්නේ හින්දි සිනමාවට එච්චර හොඳ අවුරුද්දක් නෙමේ. ආපු නිර්මාණ වලින් බහුතරයක් හොඳ මට්ටමේ නම් තිබ්බේ නැහැ. ඔය අතරේ එක පුංචි චිත්‍රපටියක් එලිදැක්වුණා. මතකද Newton (2017)? පුංචි චිත්‍රපටියක් කිව්වට මේක නතර වුණේ නම් ලොකු ලොකු වැඩ කරලා. ප්‍රේක්ෂක විචාරක මනාපය දසතින් දිනාගන්න ගමන්ම තිරගත කිරීම තුළින් ලබපු ආදායමෙන් Hit ලේබලය අලවගන්නත් මේ පුංචි චිත්‍රපටියට පුළුවන් වුණා. ඒ විතරක් නෙමේ ගොඩක් දෙනෙක්ට නොලැබෙන ඒ අවස්ථාව, ඔස්කා සම්මානය වෙනුවෙන් තරඟ කරන්න ලැබෙන ඒ අවස්ථාව, 90වන ඇකඩමි සම්මාන උළෙල වෙනුවෙන් ඩැහැගන්න මේ චිත්‍රපටිය සමත්වුණා. මේ හැමදේටම හේතු වුණු ඒ නිර්මාණයේ අධ්‍යක්ෂකතුමා කවුද? අමිත් වී. මසුර්කාර්.

මෙච්චර වටේ ගියේ අමිත් මහත්තයා ගාවට එන්න තමයි. ඉතින් 2021 වසරේ ඔහුගේ මීළඟ නිර්මාණය කලඑලි බැස්සා. මේ සැරේ අමිත් කියන නමට අමතරව මේ චිත්‍රපටිය රස විඳින්න ඔයාට තව හේතුවක් තියෙනවා. ඒ තමයි විද්‍යා බාලන්. විනාඩි දෙකක් හිටියත් ඇති, බාලන් නෝනා ඉන්න ඒ තිර කාලය රත්තරන් වගේ. ඒ රංගනයෙන් ඒ කටහඬින් කරන ඒ ප්‍රකාශන පසසන්න තරම් අපි කවුද? මේ වගේ කට්ටියකගේ උරමතින් ශේර්නි චිත්‍රපටිය පසුගිය සිකුරාදා දවසේ ඇමසෝන්ප්‍රයිම් හරහා විකාශය වෙන්න ගත්තේ කොරෝනා වාතාවරණය නිසා රිදීතිරයේ ප්‍රදර්ශනයකට මේවර ඉඩක් නොලැබීම හේතුවෙන්. නිව්ටන්ට වගේම තමයි මේ චිත්‍රපටියට ප්‍රේක්ෂකයන්ගේ සහ විචාරකයන්ගේ ධනාත්මක ප්‍රතිචාර මේ වන විට ලැබෙමින් පවතිනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් මේ වන විට 7.4ක ඉතාම හොඳ අගයක් වාර්තා කරලා තියෙනවා. Drama ගණයට ප්‍රිය කරන ඔයාට නම් ශේර්නි රස උල්පතක් වෙනවා නොඅනුමානයි. කම්මැලි වෙයිදෝ කියන දෙගිඩියාවෙන් බලන්න ගත්තත් පලවෙනි විනාඩියේ ඉඳන්ම ඇහැ අහකට ගන්න ශේර්නි නම් ඉඩ තිබ්බේ නැහැ. ඇබ්බැහියකින් වගෙයි මේ හෝරා දෙකම ගත කරේ.

විද්‍යා බාලන් විසින් චිත්‍රපටයේ පණ පොවන්නේ විද්‍යා කියන චරිතයටමයි. ඇය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කලාපීය වන සංරක්ෂණ නිලධාරිනියක්. වනජීවය රැකගන්න උපරිමයෙන්ම කැපවුණු කෙනෙක්. හදිසියෙම ඇයට ස්ථාන මාරුවීමක් ලැබෙනවා පිටස්තර ගම්මානයකට. ඒ අලුත් පත්වීම ඇයට ලැබෙන්නේ අභියෝග ගොඩක් එක්කයි. ඇය ඇවිල්ලා ටික දවසකින්, නිතරම කැලේ එක්ක ජීවිතේ ගෙවන මේ ගම්මානේ ගම්වැසියන්ගේ ජීවිත හදිසියේම වෙනස් වෙන්න ගන්නවා. එයාලගේ ජීවිතේ බයෙන් දෙගිඩියාවෙන් මිරිකෙන්න පටන් ගත්තේ කැලේ හිටිය කොටිදෙනක් ගම්පැත්තට සේන්දු වෙලා හැමෝගෙම ජීවිත වලට තර්ජනයක් වෙන්න ගත්ත දා ඉඳලයි. ගම්වැසියොයි කොටිදෙනයි අතරට මැදිවෙන විද්‍යා මේ ප්‍රශ්නයට මූණ දෙන්නේ කොහොමද කියන හැටි ශේර්නි සිනමාපටයෙන් දිගහැරෙනවා. විද්‍යා බාලන්ට අමතරව විජේ රාස්, නීරජ් කාබී, ශරත් සක්සේනා වගේ ප්‍රවීණ රංගධරයන්ගෙන් සිනමාපටය හැඩගැන්වෙනවා. ඉතින් රංගනයන් ගැන කිසිම කුකුසක් තියාගන්න එපා. අනිත් පැත්තෙන් අධ්‍යක්ෂණය සහ කතාව ගැනත් අමිත් මහත්මයා ඔබට සහතිකයක් සපයනවා ඇති. ඉතින් ඔයාට තවත් හිතන්න දෙයක් නෑ. ශේර්නි උපරිම වින්දනයක් ලබාදෙනවා නිසැකයි.

ශේර්නි කියන්නේ මම කඩඉමකට තියා නිකන්වත් උපසිරැසිගන්වන්න හිතන් හිටි සිනමාපටයක් නෙමේ. මේ වන විටත් නිකුත් වෙලා තියෙන වෙනත් චිත්‍රපටියක් ගැනයි මගේ ඔලුවේ තිබ්බේ. ඒත් සිසිල සහෝදරයා යෝජනා කරා ශේර්නි වෙනුවෙන් කඩඉම් උපසිරැසිය කරමුයි කියලා. පොඩි සැකයක් තිබ්බට මොකද ශේර්නි බලන්න ගත්තම රූප රාමුවෙන් රාමුව ඉදිරියට යද්දි මට තහවුරු වුණා කඩඉම ගහන්න මීට වඩා හොඳ චිත්‍රපටියක් තවත් තියෙයිද කියලා. අන්තිමේදී මට හිතුනා මං මේ බැලුවේ, මේ වසරේ දැනට බලපු හොඳම හින්දි චිත්‍රපටිය නේද කියලත්. ඉතින් දෙපාරක් නොහිතම මගේ 200වෙනි උපසිරැසිය විදිහට ශේර්නි ඉදිරිපත් කරනවා. මේ වෙනුවෙන් විශේෂයෙන්ම සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම පොඩි දේකුත් කියන්න තියෙනවා. ඔයා ගොඩක් චිත්‍රපටි වලට උපසිරැසි හොයද්දි ඉංග්‍රීසියෙන් විතරක් නම ටයිප් කරලා උත්තරයක් ආවේ නැතුවම හැරිලා යනවා ඇති. ඒත් සිංහලෙනුත් නම ටයිප් කරලා ටිකක් හොයලා බලන්න. අනිවාර්යෙන්ම නෑ කියලා හිතන ගොඩක් චිත්‍රපට, කතාමාලා වල උපසිරැසි ඔයාලට හම්බෙන්න පුළුවන්. මේ සිංහලෙන් සර්ච් කරන එක ප්‍රැක්ටිස් එකක් කරගන්න. මං දැක්කා හොඳ නිර්මාණ කීපයක්ම ගොඩක් අයට මග හැරිලා තියෙනවා. සමීපම උදාහරණයක් කිව්වොත් විද්‍යා බාලන්ගෙම මීට කලින් නිකුත් වුණු චිත්‍රපටියක් වෙන ෂකුන්තලා දේවි චිත්‍රපටියට ඉතාම අඩු අවධානයක් තමා ගිහින් තියෙන්නේ. එහෙම අවධානයට ලක්නොවෙන්න සුදුසු චිත්‍රපටියක් නෙවෙයි ඒ. ඒ හින්දා ඒ ගැනත් ටිකක් ඔලුවේ තියාගන්න කියලා ආදරෙන් මතක් කරලා ඉන්නවා.

එහෙනම් ශේර්නි එක්ක මං සමුගන්නවා. ඒත් ශේර්නි අපෙන් සමුගන්නේ නිකන්ම නෙමේ, හිතන්න යමකුත් ඉතුරු කරලයි. අපි කවුරුත් ජීවත් වෙන මේ මහපොළොවේ අඟලක් අඟලක් ගානේ අපිට වගේම මෙහි ජීවත් වෙන හැම සතාටම අයිතියි. සමහරවිට අපිටත් වඩා අයිතිය තියෙන්නේ ඔවුන්ට. අපි නැතිව ඔවුන්ට පැවැත්මක් තිබ්බට අපිට කොයින්ද ඔවුන් නැතුව පැවැත්මක්. පොළොව හාරන පණුවගේ ඉඳන්ම අපේ ජීවිත වලට ඔවුන් බලපාන හැටි, ඔවුන් නැත්තම් අපේ ජීවිත වෙනස් වෙන හැටි පොඩ්ඩක් ගූගල් එකේ සර්ච් කරලා බලන්න. හැමදේම හොඳ විදිහට වෙන්න නම් කරන්න තියෙන්නේ ඉතාම පොඩි දෙයයි. ඒ තමා බුද්ධිමත්ම ජීවියෙක් වෙන මනුෂ්‍ය අපි, අපේ ආකල්ප හදාගන්න එක. සර්පයෙක් දැක්ක ගමන් ඉබේම පොල්ලක් අතට ගන්න, බල්ලෙක්ව දැක්කම ගල් ගෙඩියකට අත යන අපේ ආකල්ප හදාගන්න එකයි. එතකොට හැමදේම හොඳ විදිහට වෙනස් වෙයි. මනුෂ්‍යයාට හිතන්න පුළුවන් මනසක් දීලා තියෙන්නේ යම් හේතුවකටයි. ඒ ම්ලේච්ඡයෙක් වගේ හැසිරෙන්න නෙමෙයි. හිතන්න, හැමදේටම ආදරේ කරන්න. කාටහරි හිතෙනවා ඇති අලි කඩා පනින ගමක හිටිය නම් මූ මේ සත්ව ප්‍රේමි බයිලා කියයිද කියලා. මතක තියාගන්න ඔය ප්‍රශ්න කියන දේවල් අවුරුදු ගානක් තිස්සේ ප්‍රශ්න විදිහටම තියෙන්නේ ඒ ප්‍රශ්න වලින් වාසි ගන්න යම් කොටසක් ඉන්න නිසයි. නැත්තම් ඔය දේවල් විසඳිලා අද මනුස්සයත් කැලෑ සතාත් දෙගොල්ලම තමන්ගේ ජීවිත ගෙවාගෙන සතුටින් ඉන්නවා.

නොරිදවා නොරිදවී ජීවත්වෙන්න..!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB/HD පිටපත් සඳහා අදාළ වේ.

11,919 downloadsDownload SHRN-2021.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

11,919 downloadsDownload Subtitles54 KB

100 comments

  1. Shihan

    Congratulations & Thanks bro

  2. Neo

    Congrats brother
    Keep it up

  3. Sachith

    200 ට උනුසුම් සුබපැතුම් සහෝ

  4. Oshada

    Congratulation MAYURA
    One of the best in Baiscope
    Keep going brother

  5. Anonymous

    සුපිරියක්ම දීලා නෙහ් දෙසීයට
    එල එල මචන්

  6. Pasindu Madumal

    විද්‍යා බාලන් නම් ඉතින් කොටි දෙනක්ම තමයි ✌️
    200වෙනි උපසිරැසි ගැන්වීමට ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්..!
    සයිට් එකේ හින්දි පැත්තට ගොඩක් උදව් කරන කෙනෙක්,
    හවුලේ වැඩ වලදී කතා කළාම ඕන උදව්වක් කරන පොරක්.
    එහෙනම් ඔහොම්ම ඉස්සරහටත් යමු.
    සබට ස්තුතියි මයුර අයියේ ❤️

  7. pasan

    මේක ඩවුන්ලෝඩ් එකේ මොකක් කියලද සර්ච් කරන්නෙ?

  8. Anonymous

    Subapathum bro

  9. Anonymous

    Congrats bn

  10. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ .. 200 වෙනි උපසිරසියටත් සුබපැතුම් සහෝ .. ජයෙන් ජයම වේවා !!

  11. Anonymous

    උපසිරැසියට ස්තුතියි. අනිවාර්යයෙන් මේක තමා මේ අවුරුද්දේ මේ වෙනකල් බලපු හොඳම හින්දි ෆිල්ම් එක. අනිවාර්යයෙන් හැමෝම මේක බලන්ඩ. කිව්වත් වගේ විද්‍යා ෆිල්ම් එකක විනඩි 5ක් හිටියත් ඇති ඒක ලස්සන වෙන්ඩ.

  12. Kasun

    Congrats bro

  13. sisitha samarathunga

    සුබ පැතුම් 200ට... විද්‍යා බාලන් කිව්වොත් සුපිරි තමා ඉතිං... දිගටම සබ් කරමු...

  14. මධුකප්‍රිය පෙරේරා

    200වැනි උපසිරසියට හෘදයාංගම සුබ පැතුම්!
    හින්දි පැත්තෙ බර අදින, ඒ වගේම බොහොම අග්‍රගණ්‍ය
    සිනමාපටවලට උපසිරසි කරන්නෙක් කිව්වොත් නිවැරදියි...
    ඒවගේම තමයි උපසිරසිවල කොලිටියෙත් කිසිම අඩුවක් නෑ..
    ඉතින් වැඩි වැඩියෙන් සිනමාපටවලට උපසිරසි ලබා දෙමින්
    ඉක්මණින් 250ත් පහු කරන්න ලැබේවා කියා පතනවා...
    ඔබට ජයෙන් ජය!

  15. එල්. සී. ‎දමැල්

    200වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් මයුර අයියෙ :)
    බයිස්කෝප් එකේ දිදුළන මැණිකක් තමයි මයුර කියන්නෙ ❤️
    හැම වෙලාවකම උපසිරස උපරිම කොලිටි එකෙන් දෙන අතරේ හිත ඇදිලා යන අපූරු ලිපියක් ලියන්නත් මයුර අයියා අමතක කරන්නෙ නෑ.
    ඔය කිවවට මට හිතෙනව අයියගෙ ඊළඟ කඩයිම ඔයිට වඩා ඉක්මනින් ලැබෙයි කියලා :P
    ඉතින් උපසිරසකරණයේ දිගටම යෙදෙන්නත්, දිවියේ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ;)
    ජය ✌

  16. Anonymous

    සයිට් එකේ සුපිරිම උපසිරසිකරුවා ඔයා තමයි
    හැමදාම වෙනස් තේමාවන් සහිත ෆිල්ම් ගෙනාපු කෙනෙක්
    හැමොටම එහෙම ලොකු රසවින්දනයක් නෑ
    ඉදිරි කඩයිම්වලටත් ඉක්මනින්ම යමු,ඒ වගෙම ඔයාගේ ඉදිරි වැඩකටයුතු වලටත් සුබපැතුම්

  17. සචින්ත කල්හාර බෙනට්

    200 වෙනි උපසිසැසියට සුබ පැතුම්, සහෝ.
    තව තවත් උපසිරැසි නිර්මාණය කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!

  18. oshanda

    thanks sahoo... suba pethum baiscope paule thawath tharuwak..digatama sub denna shakthiya lebewa....

  19. Anonymous

    තද කොර ඇහ්හ්හ්

  20. නදීක ගුරුගේ

    ෂුබපැතුම් ෂහෝදරයා

  21. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    200 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

    250 වෙනි උපසිරැසියෙන් ඉක්මනින් හමු වෙමු....

  22. Gayan

    200 වැනි උපසිරසට සුභ පැතුම්. දිගටම උපසිරැස කරණයේ යෙදෙන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතර ජීවිතය අනෙකුත් සියලුම දේ සාර්ථක වෙන්න සුබ පතනවා. ස්තුතියි.

  23. Gathsara Umesh

    200 කඩයිමට හදාතින්ම සුබපතනවා අයියේ..! අවුරුද්දක් ය්‍යන්න කලින්ම ඊලග කඩයිම ගහමු නේද..
    ජයවේවා....250න් මේවගේම හමුවෙමු..!❤️

  24. ishan

    Ask laftan වලින් හදුනගත්ත සහෝදරයෙක්.. සබ් එකක කිසිම අඩුපාඩුවක් කියන්න නැති මට්ටමේ සුපිරිම ෆිල්ම් සිලෙක්ට් කරන හොදම මට්ටමෙ උපසිරසිකරුවෙක්.. සුභ පතනව මල්ලි අනාගතේ උබ හිතනවටත් වඩා සාර්ථක වෙන්න කියල..

  25. සුභාෂිණී මල්ලව ආරච්චි

    200 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් මල්ලි. බයිස්කෝප් එකෙන් මුණ ගැහුන හොඳම සහෝදරයෙක්. උදව්වක් ඉල්ලුවොත් නෑ බෑ නොකියා කරලා දෙන හිත හොඳ කෙනෙක් වගේම හිතා ගන්න බැරි වෙනස්ම චිත්‍රපටි වලට උපසිරැසි කරන හොඳම උපසිරැසිකරුවෙක්. අනාගතයට සුභ පතනවා. තව තවත් කඩයිම් වලට ඉක්මනට ළඟා වෙන්න ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 

  26. yohan

    200 weni upasirasiyata subhapethum! meka nan aniwa balanawa..... hindi film balanna asawak aweth oyage upasirasi nisa aiye........

  27. තාරක නුවන් දිල්හාර

    සුභ පැතුම් මයුරයා 200 වෙනි උපසිරසියට..
    හැමදාම කියනවා වගේ "ඔබතුමා සබ් කරපු චිත්‍රපටියක් නම් ඇස් පියාගෙන උනත් ඩවුන්ලෝඩ් වෙන්න දාන්න පුලුවන්."
    ඒක මම හැමදාම කියන කතාවක් සහ උඹ ඒ විස්වාසෙ ඔය අවුරුදු 7ට කවදාවත් ඩිසපොයින්ට් නොකරපු උපසිරසිකරුවෙක්.
    උපසිරසිවල හොඳකම ගැන කතා කරන්න දෙයක් නෑ මේකෙ වැටෙන කමෙන්ට් වලින්ම ඒක පෙනේවි.
    මුණගැහුනු සුපිරි චරිතයක්.
    ඉදිරි වැඩ වලටත් ජය..
    ස්තූතියි මේ උපසිරසියටත්..
    ජයෙන් ජය..!!!

  28. දහරා මුතු අමා

    200ට ට උණුසුම් සුබ පැතුම් මයුර. ඔයාගෙ සබ් එකක් නම් ආයෙ අහන්න දෙයක් නෑ සුපිරියක්ම තමයි.
    සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා.
    ඉදිරි කඩයිම් වලට ඉක්මණින් යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලත් ප්‍රාර්තනා කරනවා.

  29. Kantha_DLA

    200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  30. gethmina

    voter 2019 sub eka oni..

  31. Shaggy

    හැරිල යන්න හදල කඩයිමකට නේද මේ දීල තියෙන්නෙ කියල දැක්ක..තව ටිකෙන් සුපිරියක් මිස් වෙනව..සුබ පැතුම් සහෝ..ඒවගේම බොහොම ස්තූතියි

  32. Hemantha

    කඩඉමට සුභ පැතුම් මයුර....
    ඒ් ඒක්කම ස්තුතියි උපසිරැසියට...

  33. Deshan

    හප්පේ මයුරයා 200ක් ගහලා නේ
    කතා දෙකක් නෑ ඉතින් සයිට් එකේ ඉන්න නිර්මානාත්මකම පොර තමයි
    ඊලග කඩයිමට අවුරුදු 5ක් නම් යවන්න එපා හොදෙයි සයිට් එක පැත්තෙ රවුමක් ගහන හැම වතාවකම ඔයාගේ උපසිරසියක් තියේද කියල තමයි බලන්නේ
    ඔයාගේ ජිවිතේ ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
    ජය වේවා!!!

  34. Anonymous

    Thanks bokka❤️

  35. malith madhushan

    200 වෙනි උපසිරස ගැන්මවීමට ගේ උණුසුම් සුභ පැතුම් මයුර සහෝ මෙතනින් නවතින්නේ නැතුව ඊළඟ කඩයිමටත් ඉක්මනට යන්න ලැබෙන්නේ කියලා පාර්ථනා කරනවා

  36. Lucky

    Congratulations for 200th sub brother

  37. Anonymous

    හදවතේ ගායකයා චාමර වීරසිංහ
    හදවතේ උපසිරසිකරුවා "මයුර සුරාජ්"

  38. Dineth de silva

    Thanks & congrats brother

  39. Nalaka

    සුබපැතුම් මයුර
    දිගටම වැඩේ කරන් යමු

  40. Kushan

    Sub akta thanks

  41. DILmin

    Congratulations!

  42. Kolitha4

    Thanks bro
    Congratulations

  43. Anonymous

    තැන්කු තැන්කු

  44. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

    1. දිල්ශාන් සචින්ත

      සුභ පැතුම් මයිර අයියා. සයිට් එකෙන් සෙට්වුන තවත් සුපිරිම බොක්කක් තමයි ඉතින්... ඊලග කඩයිම ඌටත් වඩා හනිකට ගහමු..

  45. R_deshan

    කඩඉමට උණුසුම් සුබපැතුම් මයුර සහෝ..ඉතාම නිර්මාණශීලී ඇඟට දැනෙන උපසිරැසි සපයන සයිට් එකේ තවත් ප්‍රෝ කෙනෙක්.ඔය හැකියාව තව තව ඔපමට්ටම් කරගන්න දිගටම සබ් දෙමු.සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා!!

  46. MTR Tharindu Rukshan Perera

    උපසිරැසිකරණ ක්ෂේත්‍රයේ සිව්වන කඩඉම නොහොත් 200 වෙනි සිංහල උපසිරැසියට උණුසුම් සුභපැතුම් මල්ලි!
    අවිවාදයක් නෑ ඉතින් මේකත් සුපිරියක්ම තමයි.!

  47. චමින්ද

    thank you bro.....තව දුර යන්න ශක්තිය ලැබේවා...

  48. Sohan Jayasooriya

    ලැප් එකට කෙල උන එකේ හිතේ දුකට කල්පනා කර කර ඉන්න ගමන් නිකමට සයිටට ආවේ.. මෙන්න මයුර අයියා 200 ගහලා.. හදවතින්ම, එක හිතින්ම සුබ පතනව හොඳේ. මේ ටිකේම ඉතින් ටීවී සීරීස් අනම් මනම් වලින් සෙට් උනානේ.. හැමදාම වෙනස් විදියෙ ෆිල්ම් වලට සබ් කරන කෙනෙක්.. මගෙ පුරුද්දක් තියෙනව ඔයා සබ් කරපු ෆිල්ම් සර්ච් කරලා ඒවා ඩව්න්ලෝඩ් කරලා බලන එක.. අමුතුම කතා තියෙන ෆිල්ම් ඔයා ගේන්නේ..ajji, welcome home එහෙම.. ඒ වගේම ඕනිම දේකට නෑ බෑ නොකිය උදව් කරන අපේ හොස්ටල් එකේම හිත හොඳ අයියා කෙනෙක්.. මේකත් ඉතින් අනිවා බලනවා... හැබැයි ඉතින් ලැප් එක හදපු දවසක තමා හොඳේ.. ඊළග කඩඉම්වලටත් යන්න හදවතින්ම සුබ පතනව අයියේ.. සබට තෑන්ක්ස් හොඳේ..

    1. Anonymous

      හපොයි! ඔයා මේ ටිකෙ සබ් දීපු පරන ෆිල්ම් ටිකනම් එල , කාලයක් යයි එහෙනම් ආපහු ඒවගේ එකක් බලන්න?

    2. Sohan Jayasooriya

      ඒ වගේ තමා සහෝ.. හදන්න දීලා තියෙන්නෙ තාමත් හදලා නෑ ලැප් එක..

  49. Jaddu

    Congrats brother
    Also thanks for sub

  50. Tharindu

    Bohoma pin saho me karana wadeta
    Oyala ntnm ithin me film tv eke ynknma apita blnna wenne na neh

Load more comments