Watch Trailer

Jai Lava Kusa (2017) Sinhala Subtitles | රාවණා… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! තවත් සුපිරි Action-Drama කාණ්ඩයට වැටෙන තෙළිගු සලරුවකට උපසිරැසියක් අරගෙන ආවා. අවුරුදු දවස් ටිකේ වැඩත් එක්ක සහ ලයින් 2000+ සෙට් වුන නිසා ටිකක් විතර පරක්කු වුනා උපසිරැසිය අරන් එන්න. ඒ නිසා වැඩි කතා බහ නැතුව චිත්‍රපටය ගැන බලමු.. 2017 September 21 පටන් ප්‍රේක්ශකයන්ට වි…

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! තවත් සුපිරි Action-Drama කාණ්ඩයට වැටෙන තෙළිගු සලරුවකට උපසිරැසියක් අරගෙන ආවා. අවුරුදු දවස් ටිකේ වැඩත් එක්ක සහ ලයින් 2000+ සෙට් වුන නිසා ටිකක් විතර පරක්කු වුනා උපසිරැසිය අරන් එන්න. ඒ නිසා වැඩි කතා බහ නැතුව චිත්‍රපටය ගැන බලමු..

2017 September 21 පටන් ප්‍රේක්ශකයන්ට විවෘත්ත වුන මේ චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය  කර තිබෙන්නේ K. S. Ravindra. සංගීත අධ්‍යක්ෂණය  Devi Sri Prasad. ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වන්නේ ජනප්‍රිය නළු  NTR, සුරූපී නිළි Raashi Khanna සහ Nivetha Thomas. ඒ වගේම බොලිවුඩ් නළු  Ronit Royගේ තෙළිගු සිනමා ආගමනයත් සිදු වන්නේ මේ චිත්‍රපටයෙන්. Tamannaahත් එක් ගීතයකට නර්ථනයෙන් දායකත්වය දක්වලා තිබෙනවා. IMDb දර්ශකයේ දැනටත් 7.5 ක් වැනි ඉහළ අගයක රැඳී සිටින මෙම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 129 ක ඇස්තමේන්තුගත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් ලබා තිබෙනවා.

දැන් කතාව ගැන බලමු. මේකෙදි NTR ත්‍රිත්ව චරිත රඟපානවා නිවුන් සහෝදරයෝ තුන් දෙනෙක් ලෙස. ජයි තමයි අයියා. ලවා සහ කුසා තමයි මල්ලිලා දෙන්නා. මෙයාලා තුන්දෙනාගෙම රඟපෑමේ හැකියාව නිසා පොඩි කාලෙදිම මෙයාලගේ මාමා මේ තුන්දෙනාව යොදාගෙන නාට්‍යය රඟදක්වනවා. ගොඩක් වෙලාවට රඟදක්වන්නේ රාමාගේ කතා පුවත. ඒ නිසාම ඒ අයට ගමේ හොඳ ප්‍රසිද්ධියක් ලැබී තිබුණා. තුන්දෙනාම එකවගේ වුනාට මොකද ජයිගේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. එයා කතා කරද්දි ටිකක් ගොතගැහෙනවා. ඉතින් මේ අඩුපාඩුව නිසා ජයිට ලැබෙන්නේ දෙබස් නැති සුළු චරිත. ඒ නිසා ගමේ අයගේ පැසසුම ලැබෙන්නේ ලවාට සහ කුසාට. වීරයාගේ චරිතය ලැබෙන්නේ නැති නිසා සහ ගමේ අයගේ ප්‍රසංශාව ලැබෙන්නේ නැති නිසා ජයි ඉන්නේ හිත් අමණාපයෙන්. ඒ අතරේ එයාට දැනගන්න ලැබෙනවා රාමාගේ කතාවේ එන දුෂ්ඨයා නොහොත් රාවණා ගැන. ඉතින් එයාට හිතෙනවා රාවණාට වුන දේවල්වල හැටියට රාවණා කළදේ හරි කියලා. ඔය අතරේ දවසක් නාට්‍යයක හනුමා ගිනි අවුලන දර්ශනයකදී කෘතිමව ඇති කරපු ගින්න වැඩි කරලා, මෙයාගේ හිතේ ගින්න පිට කරනවා. මේකෙන් මහා ගින්නක් ඇති වෙනවා. මේ මහා ගින්නට සහෝදරයෝ තුන් දෙනාම මැදි වෙනවා. මේ අවස්තාවෙන් පස්සේ මේ අය විසිරෙනවා. ඊට පස්සේ ඉතින් අර එක ගහේ හිටිය කුරුළු පැටවු දෙන්නා පැති දෙකකට වැටිලා වුන වැඩේ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඔය කිව්වේ මුල් විනාඩි දහයේ සිද්ධ වෙන කතාව. මේ සිදුවීමෙන් අවුරුදු 20කට පස්සේ කතාව තමයි මෙතනින් එහාට දැකගන්න ලැබෙන්නේ.

අවුරුදු 20කට පසු…

කුසා :- සුපිරි හොරෙක්, කපටියෙක්, මංකොල්ලකාරයෙක්, කොහොමහරි ඇමරිකාවට පැන ගන්න සල්ලි හොයන හොරෙක්. අවසානයේදි තමයි මෙයාට අමාරුම හොරකම ලැ⁣බෙන්නේ. 😛

ලවා :- මහන්සි වෙලා ඉගෙනගෙන සාධාරණව වැඩ කරන, පොඩි දේටත් හිත උණුවෙන, අහිංසක බැංකු කළමණාකරුවෙක්.

ජයි :- පොඩි කාලේ ඇලුම් කළ රාවණා අනුගමනය කරමින් තමන්ටම කියා නමක් හදා ගත් කුරිරු පාළකයෙක්. විරුද්ධවන්නන්ට අවස්ථා දෙකක් නොදෙන, ඒකාධිපතියෙක්.

ඉතින් මේ තුන්දෙනාගේ කතාව ගැළපිලා යන්නේ කොහොමද? ඇත්තටම මේකේ කතාව මොකක්ද? ගෑණු පරාණ දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ සහෝදරයෝ ගොඩක් වෙනස් වෙලාද? සහෝදරයෝ නැවත මුණගැහෙන්නේ කොහොමද? ඒවා ඉතින් චිත්‍රපටය අරගෙන තමයි බලන්න වෙන්නේ. ඒ කොටස ඔබට බාරයි.

 

“අන් අයගේ අඩු ලුහුඩු දකින්නේ නැතුව එ් අය තුළ ඇති ගුණය දකින්න. අහිංසක මිනිසුන් රාක්සයන් නොවනු ඇත”

.

තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

11,841 downloadsDownload Jai-Lava-Kusa-2017.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

11,841 downloadsDownload Subtitles74 KB

36 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. C.R.Jayalath

    Thankz For Sub

  3. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  4. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් මේ වගේම සුපිරි ෆිලුමකින් හමු වෙමු

  6. Isurusky

    thanks saho

  7. kelumchathuranga

    thanks

  8. ushanpathum

    tnx

  9. ushanpathum

    thanks bro

  10. naughty

    සිංහල උපසිරැසියට ස්තූතියි

  11. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  12. santhusha319

    thanks mchn

  13. nirodha uthpala

    Mage mage asama actor kenek bn Dan nam eakenma hande bro. Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  14. imesh98

    අයියේ baiscope download එකේ දීලා තියෙන 720hd 1.4gb එකට සබ් එක මැච් වෙන්නේ නෑනී....

  15. TharakaWAS

    thanks bro..

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Kasun Upeksha

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  18. Indunildissanayake

    Thanks bro

  19. SanjulaJeter

    ela

  20. Kapila4499

    Thanks for sub broo.....

  21. roxxpissa

    Tnq subt bro

  22. malith

    Ela ela

  23. Ilakmalperera

    Thanx bro

  24. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශසිත් සහෝ.
    ජයෙන් ජය.

  25. banula-helanjith

    Thankz sub akata bro...

  26. SanjulaJeter

    thanks!

  27. Smug118

    Ela thanks

  28. C lakmal

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශසිත් සහෝ.
    ජයෙන් ජය.
    Rangasthalam (2018) Telugu සබ් කරන්න බලන්න

  29. mhmdfarshaz

    Bro download venne nene

  30. ශසිත් සඳරුවන්

    සබ් ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ කියන අයට

    ඉස්සෙල්ලාම බ්‍රවුසර් එකේ Cache මෙමරි ක්ලියර් කරලා බලන්න. නැත්නම් වෙන බ්‍රවුසර් එකකින් බලන්න.
    නැත්නම් ලිංක් එක උඩ රයිට් ක්ලික් කරලා(ෆෝන් එකෙන් නම් ටච් කරගෙන ඉඳලා) සේව් ලිංක් ඈස් වලින් සේව් කරගන්න.
    ඔබට ජය!

    1. Isuru Savithmalka Deshaaranga Liyanage

      ela

  31. namika

    patta bn. thanks!

  32. avishka360

    sub ekta thanks

  33. heshanpathumdianapomodika

    Thanks bn sub ekata

  34. heshanpathumdianapomodika

    Thanks bn sub ekata

  35. sonal liyanage

    me hari welawata sub enne na ne ekata mokada karanna ona