ඉතින් කොහොමද යාළුවනේ? Blue Planet II එකෙන් පස්සේ ඔන්න අපූරු සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නෙ. ඒවගේම අද විශේෂ දවසක් මොකද “අද මගේ 50 වැනි උපසිරසිය” තමයි මේ විදියට ඔයාලා අතට පත් වෙන්නේ.ඉතින් 2014 දෙසැම්බර් 27 වගේ දවසක තමයි මුල්ම උපසිරසිය “Gracepoint Mini-Series” එක ඉසුරු සහෝත් එක්ක අරගෙ…

ඉතින් කොහොමද යාළුවනේ? Blue Planet II එකෙන් පස්සේ ඔන්න අපූරු සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නෙ. ඒවගේම අද විශේෂ දවසක් මොකද “අද මගේ 50 වැනි උපසිරසිය” තමයි මේ විදියට ඔයාලා අතට පත් වෙන්නේ.ඉතින් 2014 දෙසැම්බර් 27 වගේ දවසක තමයි මුල්ම උපසිරසිය “Gracepoint Mini-Series” එක ඉසුරු සහෝත් එක්ක අරගෙන එන්නේ. ඉතින් මේ දක්වා කළ උපසිරසි වලින් අඩක ම අයිතිය ඔහුට තියෙනවා. ඊට පස්සේ “penny dreadful, The Blue Planet “ කියන කතා මාලාවන් වල උපසිරසිය කළේ. ඔන්න ඔහොම තමයි මම සහ ඉසුරු සහෝ බයිස්කෝප් කණ්ඩායමට එකතු වුණේ. ඉතින් අද මට 50 කඩයිම වෙනුවෙන් මේක කරන්න කියලා කිව්වේ ශාන් විමුක්ති සහෝදරයා. ඉතින් ඒ වෙනුවෙන් මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා. ඉතින් මෙන්න මෙහෙම ගොඩාක් හැලහැප්පීම් මැද්දේ තමයි අද මම 50 කඩයිම පසු කරන්නේ. මේ වෙලාවේ නම් වශයෙන් කවුරුවත් ගැන සඳහන් කරන්න යන්නේ නෑ. මොකද බයිස්කෝප් කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් ගොඩක් උදව් ලැබිලා තියෙනවා. ඉතින් එක්කෙනෙක්ගේ හරි නමක් සඳහන් කරන්න බැරි උනොත් ඒක ලොකු අඩුපාඩුවක් වෙනවා. තමන්ගේ කාලය ශ්‍රමය වැය කරගෙන උපසිරසි කරන සහෝදර උපසිරසිකරුවන් මේ වෙලාවේ මතක් කරනවා. ඒවගේම බයිස්කෝප් පවුල එකමුතුව, ශක්තිමත් වෙමින් මේ තරම් කාලයක් පවත්වාගෙන ආ සහෝදර ඇඩ්මින් මණ්ඩලයත් මේ වෙලාවේ දැඩි සහෝදරත්වයෙන් යුතුව මතක් කරනවා.

එහෙනම් මම චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්. අද ඔයාලට අරන් එන්නේ Documentary | Family යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2017 ඔක්තෝබර් 06 වැනිදා සිට ලොව පුරා විකාශය වුණු සලරුවක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Richard Dale, Lixin Fan, Peter Webber යන අධ්‍යක්ෂවරුන් තිදෙනායි. තිර පිටපත නිර්මාණය කරල තියෙන්නෙ Frank Cottrell Boyce, Richard Dale, Geling Yan විසින්. ඉතින් මේක ඉදිරිපත් කරන්නේ Robert Redford කියන කථිකයා සහ Jackie Chan විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නෙ Earth Film Productions කියන ආයතය විසින්. ඉතින් මේ චිත්‍රපටයට 7.7 ඉහළ IMDB අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය සම්මාන දෙකකට නාම යෝජනා වෙලා තියෙනවා. මිනිත්තු 95 පුරාවටම දිවෙන මේ චිත්‍රපටය ස්වාභාවික ලෝකයේ ඇති අපරිමිත ඓශ්චර්ය ගැන තමයි කියවෙන්නේ. එක් දිනක් තුළ ලෝකයේ ඈත කෙළවර සිට නොයිඳුල් වැසි වනාන්තර දක්වා ජීවීන් තම ජීවී ක්‍රියාවලිය පවත්වාගෙන යන ආකාරය මේ අපූරු සිනමා නිර්මාණය මගින් නැරඹීමේ හැකියාව තිබෙනවා. නූතන දියුණු තාක්ෂණය භාවිත කරමින් ඉතාමත් සමීප සජීවී අලංකාර දසුන් ඔබට මේ චිත්‍රපටය හරහා දැකගත හැකි වෙනවා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ චිත්‍රපටය නරඹන ආදරණීය ප්‍රේක්ෂක ඔබගේ සහාය නොමැතිව අපට මේ ගමන යෑමට හිතන්නවත් බෑ. ඉතින් ඔබ අපට ලබාදුන් ඒ ශක්තිය ඉතාමත් ඉහළින් අගය කොට සලකනවා. එහෙනම් ස්වභාවදහමේ අපූරු සුන්දර තැන් රාශියක් අඩංගු වූ මෙම සිනමා නිර්මාණය නැරැඹීමට ආරාධනා කරමින් මම අදට සමුගන්නවා. ජයෙන් ජයම වේවා…!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,735 downloadsDownload Earth-One.Amazing.Day_.2017.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් මධුසංඛ
Subtitles
49 comments
Prabodha Madhusankha Hettiarachchi
acerio
සුපිරි ඩොකියුමෙන්ටරි එකක් වගේ.
50 කඩයිමට සුභ පතනවා සහෝ.
තව තවත් මේවගේ උපසිරසි කිරීමට
හැකියාව ලැබේවා...
ජය වේවා සහෝ...Ayesh Prashan
50ta subha pathum..jaya wewa!!!
Ayesh Prashan
50ta subha pathum. jaya wewa!!!
Navodani Thilini Sasanika
50 කඩයිමට සුභ පැතුම්!!!
wathilak
ස්තුතියි...අපූරු සිනමා පටයක් වගේ
losaka
නියමයි සහෝ ජය වෙිවා !!!!!
amila heshan
Pacific Rim2 ekata ikmanata subtle daaaannnooo
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රදීප් මධුසංඛ සහෝ.
50 වෙනි කඩඉමට මගෙන් සුබ පැතුම්.
ජයෙන් ජය.jstar
congratulation brother thanks a lot
සනිඳු ලක්ඛිත
පළමු කඩඉමට හදවතින්ම සුභ පැතුම් සහෝ..ඉදිරියටත් උපසිරැසි කරන්න වගේම සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි..ජය වේවා..!
ශසිත් සඳරුවන්
පළමු කඩඉමට සුභපැතුම් සහෝ...
තවත් උපසිරැසි කරන්න කාලය, ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Kulanjana Maduranga
welldone….Hat off Respect Bro….Great work & Lot of thanks PRADEEP saho.wish u’r great future…..
sam1973
suba pathum obata
විමා
පළමු කඩයිම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් සහෝ
සයිට් එකේ ඉන්න වටිනාම සම්පතක්...
වැඩි දෙනෙක් ඩොක් එකක් කිවොත් බලන්නෙත් නෑ සබ් කරන්නත් ආස නැහැ
හැබැයි මේ ඩොක් බලන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක් විදියට මම දන්නවා මෙවන් අපිට කොයිතරම් දේවල් ඉගෙනගන්න තියෙනවද කියල
ඒ වගේම අපිට ජිවිතේටවත් කිසිදිනක දැකගන්න නොලැබෙන දේවල් කොච්චරවත් මේ ඩොක් වලින් දැකගන්න ලැබිල තියෙනව
එහෙනම් සහෝ බාධක මැඩගෙන ඊළඟ කදයිමත් පහු කරමු හෙමින් සැරේ
ජයෙන් ජය වේවා...Kelum chethiya
ස්තුතියි .....
nimal dissanayake
බයිස්කෝප් සයිට් එකට
ප්‍රදීපයක් වන්නට
ප්‍රදීප්ට
වාසනාව උදා වේවා!නිදි
SAjith Anthony
50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ,
ජයෙන් ජයම වේවා...!!roshanst
ජයෙන් ජය ඔබගේ අර්ධ ශතකය වෙනුවෙන්
බොහොම ස්තූතියි!Tharaka
සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි!
50 වෙනි උපසිරසි ගැන්විමටත් සුභ පැතුම්!
ජය වේවා!
බුදු සරණයි!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
nilantha7
thanks
diyakawa
my congrats bro
සමීර කරුණාරත්න
කතා බහ කරලා නැති වුනත් පුද්ගලිකව ප්‍රදීප් සහෝ ගැන මට තියෙන්නේ අමුතුම අත්දැකීමක්... ඒ මේ 50 වැනි උපසිරස වෙනුවෙන් හොඳ හිට් එකක් හොයල දෙමු කියලා විමාට කිව්ව මොහොතේ විමා කියනවා නැහැ නැහැ එයා ඒ වෙනුවෙන් ඩොක් එකක්ම කරනවා කිව්වා කියල... අපි බොහොම දෙනෙක් එවැන්නක් කිසිසේත් තෝරාගන්නේ නැහැ කඩයිමක් වෙනුවෙන්... ඉතින් එහෙව් ඔබටයි මගේ සුභාශිංසන...!!! මේ වගේම හරබර උපසිරස තව 50 ක් එකතු කරලා 100 වැන්නක් දකින්න ලැබෙයි කියලා හිතනවා.. ඔබේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලත් මේ මොහොතේ එක හිතින් පතනවා... ජය වේවා...!!!
රොයිලි
උණුසුම් සුබ පැතුම් ප්‍රදීප් සහෝ. තවත් වටිනා උපසිරැසි 50 අරගෙන 100ටත් යන්න හැකි ඉක්මනින්ම අවස්ථාව ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
gihan
50 වැනි උපසිරසියට සුභ පැතුම්
උපසිරැසියට බොහෝම ස්තුතියිViraj
50ta suba pathum. sub ekata thanks saho.. jaya wewa!!
Rasheen Mansil
සුබපැතුම් !!!!
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…….!
ඒ වගේම 50 වෙනි උපසිරැසි ගැන්වීමටත් සුබ පැතුම්.
ඔබට ජය……!හසන්ත වික්‍රමරත්ත
පළමු කඩඉම වෙනුවෙන් සුබ පැතුම් සහෝ!
හැමෝටම වඩා වෙනස් සහ වැදගත් දෙයක් තමන්ගේ තේමාව කරගෙන මේ කරන දේ නම් අගය නොකර බැහැ. අධ්‍යාපනික වැදගත් කම අතින් බැලුවම ඉතාමත් ඉහලින් පවතින අපේ ලෝකය සම්බන්ධ දේවල් සිංහලට සමීප කරවන්න දරන උත්සාහය නම් අනගිභවනීයයි. ඒ කටයුත්ත ඉදිරියත් එලෙසින්ම කරන්න ධෛර්ය සහ ශක්තිය ලැබේවා කියල පතනවා. ජය !!!
Charitha Abeynayaka
සුභ පැතුම්
Thisara Neo
කඩයිම වෙනුවෙන් හදපිරි සුබපැතුම් සහෝ. දිගටම අපිත් එක්ක රැඳී ඉන්නට සුබ පතනවා...
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraHelili Hemamali
50 වෙනි සිංහල උපසිරැසියට උණුසුම් සුබ පැතුම් සහෝ! බොහොම වටිනා කියන, අපූරු නිර්මාණ ගොන්නකින් 50 ට ම ඇවිත්නේ.. හරිම ආඩම්බරයි, අපේ බයිස්කෝප් පවුලේ මේ වගේ සාමාජිකයෙකුත් ඉන්නෙක ගැන. මේ ආ ගමන ඉදිරියටත් යන්න වාසනාව, ශක්තිය ප්‍රාර්ථනා කරනවා!
Piumi ann
menna mewa shooook thankssssssssss
Bhathiya gamage
thanks sub ekata!!!! 50 weni subata suba pathum...
Dasun Wanaguru
මම කැමතිම වර්ගයේ ඩොක්රියුමන්ටරි එකක් !
ස්තුතියි සහෝ සබ එකට (y)isuru dilshan
50වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ! ඉස්සර penny dreadful එක බැලුවා මතකයි සබ් එක්ක..පට්ට කතාවක්..ඩොකියුමෙන්ට්‍රි ටික ඔක්කොම අනිවා බලනවා ඉදිරියේදී..ඊලග කඩයිමටත් යමු..ජයවේවා!!!
rishithadesilva
THANKS Bro
gihan perera
Thanks bro....maawa lamainta wadagath..good job and good luck...keep continue it...god bless you...
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Nala
උපසිරැසියට බොහෝම ස්තුතියි…පුලුවන්නන් මේ movie එකට sub එක කරන්න.life of the party (2018)සුපිරි film eka…
MuthuAma
50 ට උනුසුම් සුබ පැතුම් මල්ලි.
දිගටම කරගෙන යමු.kelumchathuranga
thanks
Hashan M. Priyadarshana
Thank you
Ravindu Rukshan
50 වෙනි උපසිරැසය වෙනුවෙන් සුභපතනව සහෝ.
ඩොක් කියන්නෙ මම කැමතිම එව්ව තමයි ඉතිං මෙතනැනින් නොනැවතී ඉදිරියටම යන්න ලැබේවා කියා පාර්ථනා කරනවEmi
Thank you
Waruna Kamalawansha
කියන්න වචන නැ....
සුපිරියි...
බොහෝම ස්තූතියි සිංහලෙන් ගෙනාවාට...Wayantha Sandaruwan
මෙන්න මේ වගේ නිර්මාණ තමයි වැඩියෙන් ඕනෙ... ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ ජය වේවා
තවත් දිගටම මේ වගේ නිර්මාණ අරගෙන එන්න ශක්තිය ලැබේවා!Anonymous
thanks a lot
Advertisement
Thank bro sub ekata..