ආයුබෝවන් යාළුවනේ අවිවේකී ජීවිතේ කාලෙකින් ඔය ගොල්ලන්ට චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණා. ගායකයෙක්, වාදන ශිල්පියෙක්, සංගීත නිෂ්පාදකවරයෙක් නළුවෙක් විදියට ඔයාල දන්න G. V. Prakash Kumar ගේ චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. 2021 දෙසැම්බර් මස 09 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Crime, D…

ආයුබෝවන් යාළුවනේ අවිවේකී ජීවිතේ කාලෙකින් ඔය ගොල්ලන්ට චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුණා. ගායකයෙක්, වාදන ශිල්පියෙක්, සංගීත නිෂ්පාදකවරයෙක් නළුවෙක් විදියට ඔයාල දන්න G. V. Prakash Kumar ගේ චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. 2021 දෙසැම්බර් මස 09 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Crime, Drama වර්ගීකරණය යටතේ IMDb අගය 5.0 අරගෙන තියෙන Vasanthabalan ගේ අධ්‍යක්ෂණය යටතේ මුඩුක්කු වැසියන්ගේ ජීවිත පැතිකඩක් නිර්මාණය කරන්නක්. කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.
කර්ණා, රාකි, කලයි හොද යාලුවෝ. කර්ණා පොඩි පොඩි හොරකම් කරගෙන ඉන්න කෙනෙක් වුණත් එයාගෙ අම්මා ගෞරවනීය විදියට ජීවත්වුණ කෙනෙක්. රාකිට ඉන්නෙ අක්කා විතරයි, මල්ලි තනිවෙනව කියල අක්කා කසාදයක් අරගන්නෙ නැතුව මල්ලිව බලාගෙන හිටියේ, රාකිත් පොඩි පොඩි මත්ද්‍රව්‍ය පැකට් විකුණල කීයක් හරි හොයාගන්නෙ. මේ වෙනකොට කලයි හිටියෙ හිරේ. කලයිට අම්මයි තාත්තයි දෙන්නම හිටියත් තාත්තා හොදටම ඔත්පල වෙලයි හිටියෙ. කාවේරි නගරේ මුඩුක්කු නිවාසයක තමයි කට්ටියම ජීවත්වුණේ. කලයි හිරේ හිටියත් එයාගෙ දෙමව්පියන්ට වෙන්න ඕනෙ දේවල් කලයිගෙ යාලුවෝ වුණ කර්ණයි, රාකි ඇතුලු කණ්ඩායම කරන්න අමතක කළේ නෑ. මාණික් කියන්නේ ඒ පළාතේ පොලීසියේ ඉන්ස්පෙක්ටර් පෙරුමාල්ගේ අනුදැනුම ඇතුව මත්ද්‍රව්‍ය වෙළදාම් කරන්න කෙනෙක්, මාණික්ගේ හොදම සගයා කාලියන් එයා තමයි ගොඩක් වැඩ කරල දෙන්නෙ. මාණික්ගේ කණ්ඩායමයි රාකි ඇතුළු කර්ණාගෙ කණ්ඩායමයි නිතරම මත්ද්‍රව්‍ය වෙළඳාම් ප්‍රශ්න නිසා ගුටි බැට හුවමාරු කරගන්නවා. ඒ වගේ වුණ ගුටි හුවමාරුවකදි කාලියන් අතින් රාකිව මරුමුවට පත් වෙනවා. කලයි අතින් කාලියන්ව මරු මුවට පත් වෙනවා. මේකට කාලියන්ගෙ කණ්ඩායම කර්ණා ඇතුළු කණ්ඩායමෙන් පළිගන්න බලාගෙන අවස්ථාවක් එනකම් හිටියේ. කලයිට නැවතත් හිරේට යන්න සිද්ධවෙනවා. එතනින් එහාට තවත් සිද්ධිවලට මුහුණ දෙන්න කර්ණට සිද්ධවෙනවා. එහෙනම් තව චිත්‍රපටයකින් මුණ ගැහෙමු.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
3,992 downloadsDownload Jail-2021.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
13 comments
Anonymous
indika 75
thanks..
Kushan
Sub akta thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Lasantharathnasirirox
ස්තුතියි යාළුවා..ජයවේවා !
Samith
Thanks brother
Achi
බොහොම ස්තුතියි ආ සබ් එකට
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥fgf
sathsara
aadavallu meeku johaarlu nadda ??
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for sub