ආයුබෝවන් යාලුවනේ තවත් උපසිරැසියක් අරගෙන ආවා. හැබැයි වෙනදා වගේ ජන්ප්‍රිය නළු නිළියෝ ඉදී කියල නම් බලාපොරොත්තු වෙන්න එපා. මොකද අලුත්ම අයගෙ අලුත් කතාවක් අරගෙන ආවේ. 2022 වසරේ Crime, Triller වර්ගීකරණය යටතේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට 9.6 IMDb ක් වගේ ඉහළම අගයක් අරගෙන තිබුණා. Rajkamal, Swetha Pandit තමයි ප්‍…

ආයුබෝවන් යාලුවනේ තවත් උපසිරැසියක් අරගෙන ආවා. හැබැයි වෙනදා වගේ ජන්ප්‍රිය නළු නිළියෝ ඉදී කියල නම් බලාපොරොත්තු වෙන්න එපා. මොකද අලුත්ම අයගෙ අලුත් කතාවක් අරගෙන ආවේ. 2022 වසරේ Crime, Triller වර්ගීකරණය යටතේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට 9.6 IMDb ක් වගේ ඉහළම අගයක් අරගෙන තිබුණා. Rajkamal, Swetha Pandit තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ. 2022 ජනවාරි මාසයේ 07 වෙනිදා තමයි සිනමාහල් ප්‍රදර්ශනයට එළි දක්වල තියෙන්නෙ. චෙන්නෙයි නගරයේ නව යොවුන්වියේ පසුවන තරුණියන්ව නිතර නිතර සිය දිවි නසා ගැනීමත් ඔවුන් සියදිවි නසාගැනීමට පෙර සිය කැමැත්තෙන්ම ලිංගිකව එකතුවී ඇති බවත් එයට අදාල පොලිස් විමර්ශන ගැන තමයි මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ.

චාරු නම් 23 හැවිරිදි තරුණ ගැහැණු ළමයෙක් තමන් නැවතිලා ඉන්න මහල් නිවාසයේ කාමරය තුළදී අත කපාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. ඒ මහල් නිවාසයේම වුණ 3 වෙනි සියදිවි හානි කර ගැනීම නිසා පොලිස් පරීක්ෂණ ආරම්භ කරන්න පටන් ගන්නවා. පරීක්ෂණ වලින් දැනගන්නවා වයිෆයි කැමරා මගින් ගැහැණු ළමයින්ගේ හොරෙන් අරගන්න වීඩියෝ, එතකොට ගැහැණු ළමයි බොරු ආදර සම්බන්ධතා ඇතිකරගෙන ඔවුන් සමග ගන්න පින්තූර, වීඩීයෝ මගින් ඔවුන්ව වෙනත් ලිංගික කටයුතු වලට පොළබවා ගැනීම් වැනි දේවල් කරන කණ්ඩායක් ගැන. එහේ ප්‍රධානියා වෙන්නේ අප්‍රිකානු පුද්ගලයෙක්. කණ්ඩායමේ එකිනෙකාට නොදැනෙන විදියට ශූක්ෂමව ඔහු මේ වැඩේ කරගෙන යනවා. මේ ගැන පරීක්ෂණ පවත්වන වරුන් මේ ඔවුන්ගේ කණ්ඩායමේ සගයන් කීප දෙනෙක් අල්ලගෙන ඔවුන්ගේ මාර්ගයෙන් ප්‍රධානියව අල්ලගන්න ගන්න උත්සාහයේදි එම අප්‍රිකානුවා අතින් එම පොලිස් නිළධාරියා ඝාතනයට ලක්වෙනවා. එතැන් සිට පරීක්ෂණ කරන්න පත් කරන්නේ ප්‍රතාප් කියල නිළධාරියෙක්. අපි බලමු එතැන් සිට….

හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

8,520 downloadsDownload Pen-Vilai-Verum-999-Rubai-Mattume-2022.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,520 downloadsDownload Subtitles43 KB

16 comments

  1. Anonymous

    Thanks for sub

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Anonymous

    Thanks jayawewa....!

  4. Kushan

    Sub akta thanks

  5. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  6. Anonymous

    මේ ෆිල්ම් දෙන වෙලේ අර අලුතින් ආපු බලන්න පුලුවන් මට්ටමේ කතාවක් තියෙන මලයාලම් ටික දුන්නනම් නරකද?

  7. Samith

    Thanks brother

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  10. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  11. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥yy

  12. shanaka

    Sub ekata godak sthuthi bro.. but film eka nam meloma rahak na

  13. shanaka

    Sub ekata godak sthuthi bro.. but film eka nam meloma rahak na

  14. lasindu

    film ek download kraganna puluwn kohenda

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.