ඔන්න එහෙනම් ගොඩක් අය හොයපු ගොඩක් අය ඉල්ලපු ෆිලුමක් අරන් ආයෙත් ආව. පුද්ගලිකව මාත් බලන්න ආසාවෙන් හිටිය ෆිල්ම් එකක්. තනියම බලන්නෙ නැතුව ඔන්න සබ් එක ඔයාල හැමෝම එක්ක බෙදාගන්න තමා මේ ලෑස්ති වෙන්නෙ. නම දැක්කම දන්නවනෙ නේ මොකද්ද සීන් එක කියල. ඔව් වැම්පයර් සීන් එකක් තමා. මේක ටිකක R-Rated පැත්තට බරයි. ලේ ගලන…

ඔන්න එහෙනම් ගොඩක් අය හොයපු ගොඩක් අය ඉල්ලපු ෆිලුමක් අරන් ආයෙත් ආව. පුද්ගලිකව මාත් බලන්න ආසාවෙන් හිටිය ෆිල්ම් එකක්. තනියම බලන්නෙ නැතුව ඔන්න සබ් එක ඔයාල හැමෝම එක්ක බෙදාගන්න තමා මේ ලෑස්ති වෙන්නෙ. නම දැක්කම දන්නවනෙ නේ මොකද්ද සීන් එක කියල. ඔව් වැම්පයර් සීන් එකක් තමා. මේක ටිකක R-Rated පැත්තට බරයි. ලේ ගලන සීන්, කපන කොටන සීන් එහෙම ටිකක් තියනවා. ඒ උනාට ගොඩක්මත් නෑ. මේක අධ්‍යක්ෂණය කරන්නෙ Travis Stevens කියන අධ්‍යක්ෂවරයා. 80/90 දශකයේ හොල්මන් චිත්‍රපට රැජින ලෙස හඳුන්වපු Barbara Crampton ඈන් ෆෙඩර් විදියටත් Laurence T. Fessenden ජේකබ් ෆෙඩර් විදියටත් ප්‍රධාන චරිත වලට එකතු වෙනව. ආ තව එකක්. මේකෙ අන්තිම හරියෙ අපි හැමෝම දාන්න CM Punk අයියත් පොඩි කොටසකට එකතු වෙනව. Horror/Thriller ගණයට වැටෙන මේ ෆිලුම මේ වෙද්දි 5.5/10 ක IMDB අගයකුත් 86% කුණු තක්කාලි අගයකුත් ලබා ගෙන තියනවා. 2021 අප්‍රේල් 16 නිළ වශයෙන් එලි දැක්වුවාට පස්සෙ $30,000 බොක්ස් ඔෆිස් ආදායමකුත් උපයාගෙන තියනවා.
කතාව ටිකක් මෙහෙම කියන්නම්. ජෙකොබ් කියන්නෙ පල්ලියේ පියතුමා. එයාගෙ භාර්යාව තමා ඈන් කියන්නෙ. මේ දෙන්න ඒකාකාරී ජීවිතයක් තමා ගෙවන්නෙ. ඈන් මේ ජීවිතේට කැමති නෑ. ඒත් මොනව කරන්නද. වෙන කරන්න දෙයක් නැති හින්ද ඔහේ ජීවත් වෙනවා. ඒත් එක දවසක මේ හැමදේම වෙනස් වෙනව. එතනින් එහාට කියන්නෙ නෑ එතකොට කුතුහලය නැති වෙනවනේ. ඔයාලම බලල දැනගන්නකෝ.
කට්ටිය ෆිල්ම් එක බලද්දි පොඩ්ඩක් තනියම බලන්න. ලොකු සීන් මොනවත් නැති උනත්. පොඩි සීන් එකක් යද්දීවත් කව්රුහරි ආවොත්. 😀 ඒකයි ඒ ගැනත් මතක් කරේ. වැරදි අඩු පාඩු තිබ්බොත් ගණන් ගන්න එපා හොඳේ. එහෙනම් දැනට මෙතනින් නවතින්නම්. මේක සබ් කරන්න ඉඩ දුන්න තිසර සහෝටත් ස්තූති කරන ගමන් දැනට ගිහින් එන්නම්. තව ෆිලුමකින් සෙට් වෙනකම් හැමෝම පරිස්සමින් ඉන්නෝ.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
6,288 downloadsDownload Jakobs.Wife_.2021.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
31 comments
sachintha
indika75
thanks..
Eolll
mewwane yako description. Yata tika tibbe nathnam gedera ayath ekka balanna hitiye
මයිකි
Thanks bro. සබ් එක ගහලා දුන්නට
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
අම්මෝ යකෝ අන්තිම ටික....
ඔව් ඉතින්,කරුමෙට ඒ වෙලාවට කවුරුහරි ආවොත් එහෙම පොඩියි කියල බලන් නෑනෙ.සීන් එක නම් සීන් එක නේ..සබට තෑන්ක්ස් සහෝ.
Vinu
:)
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Blink
^_^
Anonymous
Thanks jayawewa....!
Neo
Thanks brother
Keep it upAyesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Shiran
Film eka khenda download kragnne ?
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Udara Damith
fdsfs
Malith samarawickrama
Thanks machan
raviz
Thank you....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ruchira
Thanks for the sub!!!!!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
thnks
Ruchira
Thanks for the sub
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
දිගටම Horror movies සබ් දෙන්න.
Pramukmili
Thanxxx bro...............
Anonymous
thnx bro
No name
Thanks
lakshan
thanks ....................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Lakshansilva18
Thanks for subtitles
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට ස්තූතියි