Jalan Pulang (2025) Sinhala Subtitles Jalan Pulang කියන්නෙ 2025 අවුරුද්දෙ ආපු ඉන්දුනීසියානු අද්භූත, හොල්මන් සහ ඩ්‍රාමා ගණයෙ ෆිල්ම් එකක්. මේක 2025 ජූනි 19 වෙනිදා ඉන්දුනීසියාවේ තිරගත කිරීම පටන්ගත්තා. මේ කතාවෙන් කියවෙන්නෙ අද්භූත බලවේගයකින් තමන්ගෙ දරුවව බේරගන්න උත්සාහ කරන ලස්ටිනි කියන අම්මා කෙනෙක්ගෙ කත…

Jalan Pulang (2025) Sinhala Subtitles
Jalan Pulang කියන්නෙ 2025 අවුරුද්දෙ ආපු ඉන්දුනීසියානු අද්භූත, හොල්මන් සහ ඩ්‍රාමා ගණයෙ ෆිල්ම් එකක්. මේක 2025 ජූනි 19 වෙනිදා ඉන්දුනීසියාවේ තිරගත කිරීම පටන්ගත්තා. මේ කතාවෙන් කියවෙන්නෙ අද්භූත බලවේගයකින් තමන්ගෙ දරුවව බේරගන්න උත්සාහ කරන ලස්ටිනි කියන අම්මා කෙනෙක්ගෙ කතාවක්. ලස්ටිනි විශ්වාස කරන විදිහට එයාගෙ දුව අරුම්ට තියෙන්නෙ සාමාන්‍ය ලෙඩක් නෙවෙයි, ඒ ළමයව ආවේශ කරගෙන ඉන්න අද්භූත බලවේගයක ප්‍රතිඵලයක්. මේ අද්භූත බලවේගය තමයි ලස්ටිනිගේ කුඩම්මා වුණු මර්සිනා ගෙ හොල්මන. අධික අවුරුද්දක යෙදෙන අරුම්ගෙ උපන්දිනේ දවසෙදි මේ අද්භූත කරදරේ දරුණුම අඩියට එන්න කලින් තමන්ට තියෙන කාලය සීමිත බව දන්න නිසා, ලස්ටිනි එයාගේ අනිත් දරුවො දෙන්නා වුණු ලියා සහ රාමා එක්ක එකතු වෙලා, මේ වැඩ දන්න අයගෙන් (කට්ටඩි) උදව් හොයාගෙන ගමනක් යනවා. ඒත්, මේ දරුවව බේරගන්න කරන උත්සාහය මැදදි, එයාලට කාලයත් එක්ක සටන් කරන්න වගේම අරුම්ගෙ ජීවිතේට එන්න එන්නම තර්ජනයක් වෙන බලවේග වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රුම්ව බේරගන්න ලස්ටිනිටයි එයාගෙ දරුවො තුන්දෙනාටයි උදව් හොයාගන්න පුළුවන් වෙයිද? ටිකක් හොඳට බැලුවොත්, 2025 ජූනි 25 වෙනිදා වෙද්දි මිලියනයක ප්‍රේක්ෂක සීමාව පහු කරපු මේ ෆිල්ම් එකෙන්, බයයි tension එකයි විතරක් නෙවෙයි, වක්‍රාකාරව කියන ගොඩක් සදාචාරාත්මක පණිවිඩත් දෙනවා. මේ සදාචාරාත්මක පණිවිඩ කතාවෙ මුල ඉඳන් අග වෙනකල්ම අපිට දකින්න පුළුවන්.Jalan Pulang (2025) Sinhala Subtitles
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,211 downloadsDownload Jalan-Pulang-2025.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-05-18
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Jalan Pulang (2025) Sinhala Subtitles
Subtitles by
මිලින්ද සුභාශ්
Subtitles
2 comments
Buddhika laKMal
kavinda gamage
අනේ මේ වගේම witcher season 4 සිංහල සබ් දෙන්නකෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි මිලින්ද සහෝ මේ මූවිඑකට සිංහල සබ් දුන්නට........