KPop Demon Hunters (2025) Sinhala Subtitles එහෙනම් ඔන්න ආයුබෝවන් කියන ගමන් තවත් උපසිරැසියක් අරගෙන එන්නයි මේ සූදානම. ඒවගේම Musical/Action කියන category එකට අයත් වන මේ චිත්‍රපටය නම K-Pop Demon Hunters. උපසිරැසිය ගන්වලා ටික කලක් ගතවුනත් කාර්යබහුලතාවයත් එක්ක ලිපියක් ලියන්න තරම් වෙලාවක් ලැබුනේ නෑ. ඒ නිස…
KPop Demon Hunters (2025) Sinhala Subtitles
එහෙනම් ඔන්න ආයුබෝවන් කියන ගමන් තවත් උපසිරැසියක් අරගෙන එන්නයි මේ සූදානම. ඒවගේම Musical/Action කියන category එකට අයත් වන මේ චිත්‍රපටය නම K-Pop Demon Hunters. උපසිරැසිය ගන්වලා ටික කලක් ගතවුනත් කාර්යබහුලතාවයත් එක්ක ලිපියක් ලියන්න තරම් වෙලාවක් ලැබුනේ නෑ. ඒ නිසයි උපසිරැසි ගේන්න ප්‍රමාද වුනේ.
Release date: August 23, 2025 (USA)
Directors: Maggie Kang, Chris Appelhans
Music by: Marcelo Zarvos
Language: English
Running time: 1h 36m
Producer: Michelle Wong
Distributed by: Netflix, Sony Pictures Releasing
IMDb: 7.6/10
Rotten Tomatoes: 95%
මේක තනිකරම masterpiece එකක්. මොකද දින 91 එකක් ඇතුලත Netflix තුළ මෙහි නැරඹුම් වාර මිලියන 325 ක අගය ඉක්මවා ගිහින් තියෙනවා. මගෙ කෝණයෙන් බැලුවොත් මේ චිත්‍රපටය ටිකක් විශේෂයි. මං එහෙම කියන්න හේතුව මට අනුව සරලව මෙහෙම පැහැදිලි කරන්නම්කො. මුල්ම හේතුව වෙන්නෙ මේ චිත්‍රපටයෙ core එක. හරය, අරටුව ඔය ඕන එකක් කිව්වහැකි. ඒ තමා music. තනිකරම blast එකක්.
ඒ වගේම තමා මේක සුපිරි animation style එකක් බලාගන්න පුළුවන්. මේ නිෂ්පාදනය වෙන්නෙ sony ආයතනය වෙතින් වුනාට stream වෙන්නෙ Netflix ඔස්සෙ. ඔයාල Spider-man: Into the Spider-verse සහ SP: Across the Spider-verse බලලා තියෙනවනං, animation style එක තනිකරම ඒ විදිහටම තමා කරලා තියෙන්නෙ. ඒකටම පොඩි anime expression vibe එහෙකුත් එකතු කරලා තියෙනවා. ඊළඟට cinematography අතින් බැලුවොත් top-notch. අර කතාවකුත් තියෙන්නෙ ‘කොහෙන් කැපුවත් කිලෝ එකයි’ වගෙ මේ චිත්‍රපටයේ “කොහෙන් pause කළත් wallpaper එකක්” තනිකරම. ඊටපස්සෙ ඒ ඔක්කොමත් එක්ක මගෙ හිත ගියපු ඊළඟ කාරණේ සිංදු ටික. පුද්ගලිකවම animation චිත්‍රපටයක වුනත් මං සිංදු තියෙන ඒවට ආස නෑ ඇත්තටම. ඒත් trailer එක බැලුවට පස්සෙ අරන් බලන්න හිතුනා. ඒ බැලුවම boom!! අන්න ඒ නිසාමයි මං මේක බලන්නම කියල කට්ටියට කියන්නෙ. චිත්‍රපටය ගැන කිසිම වෙන විස්තරයක් කියන්න යන්නෙ නෑ, මොකද එහෙම වුනොත් නං චිත්‍රපටයේ wow එක නැතිවෙනවා.
ඒ නිසා ආයෙත් මතක් කරනවා අනිවාරෙන්ම බලන්න කියලා. ඒ වගේම මේකෙ උපසිරැසි ගන්වන්න මට අපේ හිතාදර තිසර නියෝ සහෝදරයත් එකතුවුනා. චිත්‍රපටය පුරාවටම තියෙන සිංදුවල සියලුම ගී පද උපසිරැසි ගැන්වුවේ ඔහුයි. ඒ නිසා අනිවාරෙන්ම මේ වෙලාවෙ ඔහුවත් ආදරෙන් මතක් කරනවා වගේම ස්තූති කරනවා. ඒ වගේම මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න වෙන් කරවා දුන්නු රවිඳු හේෂාන් සහෝවත් ආදරෙන් මතක් කරනවා.
‘ලිපිය update කළේ 2025.06.11 වෙනිදා. ඒ නිසා යම් යම් විස්තර මේ වෙද්දි වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම මං මේ ලිපිය update කරන මේ දවසෙදි අලුතෙන්ම news එකක් drop වෙලා තියෙනවා K-Pop Demon Hunter චිත්‍රපටයේ දෙවැන්න 2029 වසරෙදි නිකුත් වන බවට.
එහෙනම් කතාව බලලා හැමෝම පහලින් අදහසක් හලාගෙන යන්න. තවත් උපසිරැසියකින් නැවත මුණ ගැහෙමු.
හැමෝටම සුභ දවසක්! ජයවේවා!
KPop Demon Hunters (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,521 downloadsDownload KPop-Demon-Hunters-2025.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
KPop Demon Hunters (2025) Sinhala SubtitlesSubtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2025
- #Editor's Pick
- #KPop Demon Hunters (2025) Sinhala Subtitles
- #KPop Demon Hunters Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #You Decide
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
THISARA NEO
නායිස්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි රුක්ෂාන් සහෝ මේකට සිංහල සබ් දුන්නට