Watch Trailer

Jallikattu (2019) | මරපන්! [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දියන් ෆිල්ම් බලනවද? හොඳ ඇක්ෂන් චිත්‍රපටි එහෙම! සුදෝසුදු නිළි බට්ටියන්ගේ රොමෑන්ස් එහෙම! කේරළය ගැන දන්නවද? Gods own Country එහේ තියෙනවා මලයාලම් සිනමාවක්… සිනමාව ඇතුළේ මිනිස්සු ජීවත් කරවන මායාවක්… ඒ මායාවේ අලුත්ම ට්‍රික් එක තමයි, Jallikattu කමක් නැහැ, කම්මැලී වගේ නම් යන්න මේ සීනිබෝල ඇක්ෂන් ෆිලුමක්…

ඉන්දියන් ෆිල්ම් බලනවද?
හොඳ ඇක්ෂන් චිත්‍රපටි එහෙම! සුදෝසුදු නිළි බට්ටියන්ගේ රොමෑන්ස් එහෙම!
කේරළය ගැන දන්නවද? Gods own Country
එහේ තියෙනවා මලයාලම් සිනමාවක්…
සිනමාව ඇතුළේ මිනිස්සු ජීවත් කරවන මායාවක්…
ඒ මායාවේ අලුත්ම ට්‍රික් එක තමයි, Jallikattu
කමක් නැහැ, කම්මැලී වගේ නම් යන්න
මේ සීනිබෝල ඇක්ෂන් ෆිලුමක් නෙමෙයි
මිනීමැරුමක්! ඝාතනයක්!
තත්පරයෙන් තත්පරය කුතුහලය පුරවන..හෝව්! නෑ. නෑ.
මිලි තත්පරෙන්, මිලි තත්පරයට උඹවයි මාවයි තෝන්තු මාන්දු කරවන ප්ලොට් එකක්
මලයාලමේ දෙයියෙක්ගේ අධ්‍යක්ෂණයක්
නැෂනල් අවෝඩ් එකක් දැනටම අතේ තියාගෙන ඉන්න ලෙවල් එකේ කතාවක්
හරකෙක් බන්, හරකෙක්…
ඌ පිස්සෙක් වගේ මිනිස්සු මරනවා ඕයි!
බෑ. කතාව කියන්න බෑ. කියන්නෙත් නෑ!!
වැඩේ අහුවුණාද?
එහෙම නම් උඹ ඉස්සරහා තියෙන පැය දෙක කාලයක් යනකන් හිතේ කොනක ලියවේවි
මේ වගේ චිත්‍රපටි හදන්නේ කොහොමද යකෝ, කියලා දැනේවි
ඔව්! මේ සීනිබෝල ටයිප් කතාවක් නෙමෙයි…
ගිනිපෙනෙලි පන්දම්පාලි බලාගන්න ඕනේ නම් විතරක් චිත්‍රපටිය ඉස්සරහා වාඩි වෙයන්.

Jallikattu සිනමාපටය කේරළය පුරා මහජන ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ පසුගිය ඔක්තෝබර් 04 වනදා වුණත් සැප්තැම්බර් 06 වනදා Toronto International Film Festival හිදී ඔක්තෝබර් 03 වනදා London Film Festival හිදී හා දකුණු කොරියාවේ Busan International Film Festival සම්මාන රාත්‍රියේදී දර්ශන වාරයන් ත්‍රිත්වයක් තිරගත කළ බව අන්තර්ජංජාලයේ සඳහන්. මෙහෙම ලෝකය පුරාම කරක් ගහපු ජල්ලිකට්ටුව මලයාලමට ගොඩ වැදුණත් වාණිජ චිත්‍රපටයක් නොවූ නිසාවෙන් එතරම් සිනමා ශාලා ප්‍රමාණයක තිරගත වුණේ නැහැ. ඒත් නිෂ්පාදකවරුන් පවා නොහිතපු විදිහට කේරළය පුරා Jallikattu උන්මාදයක් ඇති වෙන්න ලොකු කාලයක් ගියේ නැහැ. ඒ හයිප් එකත් එක්ක පළවෙනි සතිය තුළ කේරළයෙන් පමණක් ඉන්දියානු කෝටි 8කට ආසන්න මුදලක් හොයාගන්න හැකියාව ලැබුණා. කෝටි 4ක් වැනි අතිශය පහල පිරිවැයකින් නිර්මාණය වුණු මේ සිනමාපටය කේරළයේ තිරගත වුනෙත් දවස් 27ක් විතරයි. ඒ පුංචි කාලය ඇතුළත කෝටි 14ක සිනමාශලා ආදායමක් ලබා ගන්න හැකියාව ලැබීමත් එක්තරා පුදුමයක්! හැබැයි ඔය කෝටි 14ට Digital Rights, Satellite Rights, DVD Rights මුකුත්ම අදාළ නැහැ. ඒ ඔක්කොමත් එක්ක මුලු ආදායම ඉන්දියානු රුපියල් කෝටි 17-20 සීමාව ඇතුළත තියෙන්න පුලුවන්. ඒ වගේම තමයි මේ වනවිට සම්පූර්ණ කළ මුළු දර්ශනවාර සංඛ්‍යාව 9025යි!

කතා සාරාංශය ගැන ඉඟියක් දෙන්න ඕනේ නිසා මෙහෙම වාක්‍ය දෙකතුනක් කියන්නම්,
කැළෑ වැදුණු හරකෙක් මරන්න මිනිස්සු දාහක් පොරකනවා බොලව්!
හරකා මිනිස්සු මරයිද? මිනිස්සු හරකා මරයිද?
අහල ගම් හතම හරකා පස්සේ…
ඇයි මේ! උන්ගේ කැහිල්ලට- වෙන හේතුවක් නෙමෙයි.
ඇත්තම තිරිසනා හරකද? මිනිහද?
හරකාව මස් කරන්න කැලෑ වැදුණු මිනිස්සුන්ගේ පිටේ පිහිපාරවල් කොහෙන්ද?
හරකෙක් නිසා ගමක්ම විනාස වෙන්න පුලුවන්ද?
පහුවදා උදේ මස් කඩේ කොක්කේ එල්ලෙන්න හිටපු මී හරකා දැන් දාම ඝාතකයෙක්ද?
මුලු ගමක්ම හරකෙක්ට බයේ…
හුලු අතු පත්තු කරගෙන ගිනි පෙනෙලි අරගෙන
පලාතෙම කොල්ලෝ හරකගේ වටේ…
මුන්ට පිස්සු!!!!
ඔය ඇති. බලන උන් බලපියව්! මේක සීනිබෝල ටයිප් එකෙන් තේරුම් කරවන්න පුලුවන් කතාවක් නෙමෙයි.

S.Hareesh හා R.Jayakumar විසින් ලියපු තිරපිටපත රූපයට නඟන්නේ දැනට ජීවත්ව සිටින විශිෂ්ටම මලයාලම් අධ්‍යක්ෂකවරුන් කීපදෙනා අතුරින් ප්‍රධානතමයෙකු වන Lijo Jose Pellissery! ගොඩක් අය දන්නේ LJP කියන නමෙන්. දැනට කරලා තියෙන්නේ චිත්‍රපටි 7ක් විතරයි. හැබැයි ඒ චිත්‍රපටි හත ඇතුළේ සම්මාන 9ක් තියෙනවා. ඒ සම්මාන නමය ඇතුළේ Best Director සම්මානම 7ක් තියෙනවා. ෆහද් ෆාසිල්ගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණු Amen, ඇන්ටනි වර්ගීස්ව නලුවෙක් විදිහට මිනිස්සු අතරට අරගෙන ගියපු Angamaly Diaries, මළාට අමතක නොවෙන විනායකන්ගේ හීතල රංගනය Ee.Ma.Yau වගේ මලයාලමේ සද්දේ දාපු වැඩ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ LJP තමයි. Jallikattu චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වෙන්නෙත් අපේ මේ අධ්‍යක්ෂකතුමාමයි.

රේටින්ස් පැත්ත බැලුවොත් එහෙම, IMDb මීටරය 8.7කට කරකවන්න සමත් වෙලා තියෙනවා. Rotten Tomatoes අගය 92%යි. ඇත්තම කිව්වොත් ජල්ලිකට්ටු කියන්නේ විචාරකයන් පවා බොහොම උනන්දුවෙන් හිටපු නිර්මාණයක්. ඔවුන්ගේ ඒ නොඉවසිල්ල අපතේ ගියේ නැහැ. තිරගත කළ දවසේ පටන් චිත්‍රපටියට ලැබුණේ බොහොම ධනාත්මක ප්‍රතිචාරයක්! වෙබ් අඩවි හා බ්ලොග් පිටු පුරා ලියැවුණු පතරංග රචනා පේළි ඊට සාක්ෂි දරනවා. ඔක්තෝබර් මාසයේ තිරගත වීම ඇරඹුණු චිත්‍රපටිය දැනටම ප්‍රධාන පෙලේ සම්මාන ද්විත්වයකටම නිර්දේශ වී හමාරයි.

ඇන්ටනි වර්ගීස් ගැන දන්නවනේ. Angamaly Diaries බැලුව නම් මිනිහගේ රඟපෑම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඇන්ටනිව මිනිස්සු දන්න නලුවෙක් කළේ ජෝසේ. තමිල්නාඩුවේ සුපිරිතම තාරකාව විජේගේ 64වන සිනමාපටයටත් (Thalapathy64) ඇන්ටනිව තෝරාගත් බව නිල වශයෙන්ම සඳහන් කරලා අවසානයි. Chemban Vinodව නම් අපි දැකලා තියන්නෙම සහය චරිතවලින්. Charlie, Maradona වගේ නිර්මාණවලිනුත් විනෝද්ව හම්බුණානේ.

සාමාන්‍යයෙන් මන් පොඩියට ලිපියක් ඉවර කරන්න ලෑස්ති වෙලාම නැහැ. ඒත් අද නම්, මෙතනින් කතාව ඉවරයක් කරලා දාන්නයි සූදානම! පසුගිය සතියේ Amazon Prime හරහා ඩිජිටල් රිලීස් වුණු වහාම ලෝබ නැතුව 1080p කොපියක්ම බාගත කළේ ට්‍රේලරය දාපු දවසේ ඉඳන්ම පිස්සුවෙන් වගේ දත කට මැදගෙන හිටපු නිසයි. කොහොමින් හරි උදේ පාන්දරම කතාව බලලා ඉවරයක් කළා. ඒ වෙද්දී ෆිල්ම් එකට පිස්සු වැටිලා අහවරයි! හොයලා බලද්දී අපේ කවිෂල් අයියා චිත්‍රපටිය වෙන් කරගෙන. කොහොමෙන් හරි, චිත්‍රපටිය උදුරගන්න වටේ කැරකි කැරකි කතාව පටන් ගන්න හදද්දිම “එහෙනම් උඹ කරහන් මලේ” කියලා මට දුන්නේ මිනිහගේ හිත හොඳකමට. බොහොම ස්තූතියි ඒ උදව්වටත්! දැනටමත් කල් ගත්තා වැඩිද මන්දා?

කමක් නැහැ, දැන් එහෙම නම් තේරෙන සිංහලෙන්ම බලන්ටකෝ.

ගොඩක් අය මලයාලම් චිත්‍රපටි බාගත කරන්නේ නැත්තේ සෑහෙන ප්‍රමාණයක රිලීස් වෙන DVDripවල ගුණාත්මකබාවය අඩු නිසා. හැබැයි මේකට නම් එහෙම අලකලංචියක් නැහැ! ඇමසොන්ලා නිසා දෙයියනේ කියලා උපරිම සුපැහැදිලි තත්වයේ Proper WEB-DLම රිලීස් වුණා. 1.5GB විතර වියදම් කරලා 1080p – x265 – HEVC – (DD5.1 – 192Kbps) වගේ කොපියක් බෑවට පාඩු නැහැ. වගකීමෙන් කියන්නේ! එකපාරක් බලලා ඩිලීට් කරන්න හිතෙන භාණ්ඩයක් නෙමෙයි මේ! සතියක් ගානේ ආයේ ආයේ බලන්න හිතෙන ඇබ්බැහියක්!

මෙච්චර මහන්සියෙන් ගේන උපසිරැසිය වෙනුවෙන් පොඩි හරි වචනයකින් සංග්‍රහ කළාට පාඩුවක් වෙන්නෑ ඕං…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Malayalam Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

14,731 downloadsDownload Jallikattu-2019.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

14,731 downloadsDownload Subtitles31 KB

144 comments

  1. Udith

    thank machoo sub ekata...

    1. Sampath sugath

      Thanks bro

  2. Praneeth priyadarshana

    Lipiya dekkama balannamai hitenne tks bro

  3. Gathsara Umesh

    හම්මෝ ලිපිය ..
    බොහෝම ස්තූතියි සහෝ..සබ් එකටයි ලිපියටයි...
    නැවත හමු වෙමු...ජයෙන් ජය❤️❤️❤️

  4. ridmal

    Thankz bro...

  5. nikowthisara

    Jaya jaya <3

  6. geeganagamage

    ගොඩාක් ස්තුතියි තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  7. Sanka Amidu

    Lipiya dakkama balannama one kiyala danuna

  8. Aac3

    ගොඩාරියක් ස්තූති සබට වගේම ලිපියටත් සහෝ... ජය වේවා !!!

  9. කවිශල් රසින්ත (කවී)

    අනිවාරෙන් බලන්නම ඕන ෆිල්ම් එකක්. මලයාලම් වල රහ දන්න උන් අනිවා බලනවා. මම බැලුවා කඩ්ඩෙන්, හැබයි ආයේ බලනවා උබෙ සබ එක්ක. උඹ හරියන්නෙම මලයාලම් වලට සබ් කරන්නම තමා. ඒවට උපරිම සාදාරණයක් කරනවා කියල දන්න නිසා තමයි දෙපාරක් නොහිතා උඹට වැඩේ දුන්නේ. එහෙනම් ඔන්න ගත්තා. බොහොම ස්තූතියි එහෙනම් සබ් එකට. ජය වේවා..!!!

  10. Bnethush wijesekara

    Download කරගන්න වෙබ් එකක් නැද්ද?...

  11. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි මල්ලි....
    ජය වේවා !!!

  12. Ayesh Prashan

    Thank You

  13. Prabodha Madhusankha Hettiarachchi

    ස්තුති ඔබට සහො සබ් එකට ...

  14. isb

    Thanks mcn. Unzip weddi eorr ekak enawane

  15. isuru srinath sjs

    අම්මො මලයා ඇවිත් නේ.. Lucifer / Unda වලින් Passe තවත් රස මලයාලමක් ගෙනත් වගේ.. ලිපිය දැක්කමත් පිස්සු වගේ .. ලිපිය වගේම, Sub එකත් රහටම Denawa කියලා දන්නවා නේ.. බැලිල්ලක් තමයි... බොහොම ස්තුතියි උපසිරැසියට.. !!

  16. buddhi93

    Thankz bro

  17. gihan perera

    පට්ට බං සහෝ...කම්මැලි නැතුව බලන්න පුළුවන් ෆිලුමක්.....ස්තුතියි වෙිවා මචෝ උපසිරැසි දුන්නට......දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා.....

  18. chanaka47

    Ekenma thanks kollo.. Ubalage mahansiyata... Ubala nisa api filumak hodata twrum berum athuwa balanawa. Baiscopelk ekata ජය...

  19. sanjayamanodara

    Thanks.. for sub

  20. silentnight

    Ela sahoo...lipiyath superr...jaya wewa..

  21. thilz

    thank u 4 the sub

  22. snsameera

    good

  23. danidu roxx

    fatta

  24. Suresh Madhusanka

    Thanks saho.....

  25. Dula95

    thank you so much

  26. WA@

    Elah

    1. Pathmila_kushantha94

      මොකක්ද බන් ඒ චිත්‍රපටි විචාරේ බලනවනම් බලපියව් නැත්තම් නිකා හිටපියෞ Anyway Thanx Sub එකට, හැමදාම වගේ මහන්සිය අගය කරනවා!

  27. Pubudu@0909

    Thanks bro ..

  28. Janith Sachintha

    ලැජ්ජයි සිංහලයා ගැන Download 700+ Comment 26
    සබක් කරන නිසා තමයි අපි මේ ෆිල්ම් රහට බලන්නේ
    අද මං මලයාලම් මෙච්චර හොද ෆිල්ම් එකක් ගැන දැනගත්තෙත් උබෙන් thanks මචං
    දවස් ගානක් යනවා බං වැඩ ඇරගන සබක් කරන්නේ එකට ස්තුති කරන්න තරඟ වත් උබලට සංවේදී කමක් නෑ දුකයි

  29. BASURU BANDARA

    THANKS bn.

  30. kepu

    Thanks Macho.Balamu balamu

    1. Ashan sameera

      Thanks kollo ❤️❤️

  31. nishadchandima

    Thank you brother.

  32. asankamadu

    thanks bro

  33. Blackdevil

    Thanks for the sub bro.....

  34. 93

    supiri wedak machn .film eka aragena sub eka denakn baln hitiye.ubama weda kala kiyanna ahanna deyak ne lesatama karala athi.kawuruth kiyanna wage uba malayalam walta sub karannama heduna ekak.ube anagatheta suba pathanawa machan

  35. sumudutharanga

    thanks sahooo

    1. Mangala

      මෙන්න ලිපි අත නිකන්ම ඩව්න්ලෝඩ් බටන් එකට යනව. පිලුම හොද වුනත් නැතත් දැන් ඉතින් බාගෙන බලන්න එපෙයි. එලාස්ස්ස්.

  36. sinhalasub

    Thanks Mcn...

  37. hatharasingha

    Supiriyak. උපසිරැසියට ස්තූතීයි

    1. Sampath sugath

      Thanks bro

  38. Haritha245

    thank you

  39. chalithalashan

    thanks brother

  40. tharindukavinda626

    thanks broo sub ekataa good luck..

  41. Sameeja

    thank you.malayala films wala sub digatama karanna

  42. khrsamaranayaka

    thank you

  43. Sampathkelum

    Thanx bro

  44. N_R

    Thank You.

  45. D.Chamara

    aniwa ballik thama bohoma sthuthi sahooo jaya ..

  46. Suanga

    tanx

  47. nishannw

    ස්තූතියි

  48. saman97

    ඔබගේ දීර්ඝ විසිතරයට බොහොම ස්තුතියි. ඒ නිසාම මෙම film එක බලනවා.

  49. Virajudara

    Thank brooo.jayawewa baiscope

  50. Ranidu

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    නොබලන්න හිටපු ෆිලුමක් විස්තරය නිසා බැලුවා
    හැබැයි ආයි බලන්න නෙවෙයි පලවෙනි පාර බැලුවෙත් කම්මැලි කමින්

Load more comments