Watch Trailer

It Chapter Two (2019) Sinhala Subtitles | විසි හත් වසරකින් යළි හැමූ භීතියේ මාරුතය [සිංහල උපසිරැසි සමඟ] 50*

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී මිතුරනි, අද නම් ලොකු දවසක්. උපසිරැසි ජීවිතේ පළමුවෙනි කඩයිම පහු කරන්නයි මේ ලෑස්තිය. ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ විසි අට වෙනිදායින් ආරම්භ කරපු මේ ගමනේ පළවෙනි කඩයිම පහු කරන්නම අවුරුදු එක හමාරකට වැඩි කාලයක් ගත වෙලා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ නම් අධ්‍යාපන වැඩ කටයුතු තමයි. ඉත…

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී මිතුරනි,

අද නම් ලොකු දවසක්. උපසිරැසි ජීවිතේ පළමුවෙනි කඩයිම පහු කරන්නයි මේ ලෑස්තිය. ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ විසි අට වෙනිදායින් ආරම්භ කරපු මේ ගමනේ පළවෙනි කඩයිම පහු කරන්නම අවුරුදු එක හමාරකට වැඩි කාලයක් ගත වෙලා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ නම් අධ්‍යාපන වැඩ කටයුතු තමයි. ඉතින් මේ ගමන මටනම් පටන් ගැනීමේ ඉදන්ම සුන්දරයි. Basic instinct චිත්‍රපටයට උපසිරැසි ගන්වලා එවන්නද කියලා යවපු මේල් එකට ශාන් අයියා “කරලා එවන්න සහෝ” කියලා රිප්ලයි එක එවපු වෙලාවේ දැනුන ගැම්ම, ආඩම්බරය තාමත් ඒ විදිහමයි. බයිස්කෝප් පවුලෙන් මාව පිළිගත්ත ඒ මොහොතේ ඉදන් මේ වෙනකම් මේ ගමන ලස්සන කරපු මිනිස්සු ගොඩාක් හම්බ වුණා. ඉතින් තනි තනියෙන් මතක් කරන්න බැරි තරම් කට්ටියක් මුණ ගැහුණ නිසා ඒ හැමදෙනාවම පොදුවේ මතක් කරනවා. බොහොම ස්තූතියි මගේ බයිස්කෝප් දිවිය වර්ණවත් කළාට.

ඉතින් මේ මගේ නිවාඩු ගැනීමට පෙර කරන අන්තිම උපසිරැසිය. ලබන අවුරුද්දේ උසස් පෙළ විභාගය වෙනුවෙන් උපසිරැසි කිරීම අකමැත්තෙන් වුණත් නවත්තන්න වෙනවා. ආයෙත් උපසිරැසියක් අරගෙන එන්නේ විභාගයෙන් පස්සේ තමයි. ආයෙමත් උපසිරැසි කරන්නේ නෑ කියලා කොච්චර හිත හදාගෙන තිබුණත් හොඳ ෆිල්ම් එකක සේයාවක් හරි වැටුණ ගමන් ඒක බාරගන්න හිතාගෙන සයිට් එකට මේල් එකක් දාන්නේ ඒ ඇබ්බැහිය නිසාමයි. කොටින්ම වෙන් වීමක් නැති විනෝදාංශයක්. ඒ ඇබ්බැහිය ඇති වෙන්නේ, වැඩි වෙන්නේ ඩවුන්ලෝඩ් ගාණ, කමෙන්ට් ගාණ එක්කයි. බොහොම අමාරුවෙන් ගෙදරින් බැණුම් අහගෙන හදන උපසිරැසිය කට්ටිය රස විඳිනවා කියලා දැනෙද්දි ඇති වෙන හැඟීම තමයි කොච්චර එරිලා හිටියත් තව තව බැට කකා රිද්දගන්න පොළඹවන්නේ. ඉතින් බයිස්කෝප් සහෝදර සහෝදරියෝ අමාරුවෙන් හදන උපසිරැසිය බාගෙන යන ගමන් කමෙන්ට් එකක් දාලා දිරි ගැන්වීමක් කරන්න කියන ඉල්ලීමත් කරන්න කැමතියි.

හරි එහෙනම්, ෆිල්ම් එක ගැන කතා කරන්න කලින් විශේෂයෙන්ම මතක් කරන්න ඕන කීප දෙනෙක් ඉන්නවා. ඒ අතරින් මුලින්ම මතක් කරන්න ඕනේ සිසිල ප්‍රසාද් අයියාව. පනහට කරන්න හොඳ ෆිල්ම් එකක් හොය හොය හැමතැනම ළත වෙද්දි මේක කරන්න මල්ලි කියලා තමන් කරන්න හිටිය ෆිල්ම් එක බාරදුන්නේ සිසිල අයියා. ඉතින් එයා නිසා තමා අද ගොඩ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාගෙන ඉදපු චිත්‍රපටියකට උපසිරැසිය අරගෙන එන්න හැකියාව ලැබුණේ. ඉතින් ඒ කැපකිරීම වෙනුවෙන් සිසිල අයියාට බොහොම ස්තූතිවන්ත වෙනවා.

අවසානයටම මතක් කරන්න ඕන තුන් දෙනෙක් ඉන්නවා. එහෙන් මෙහෙන් හතර දිබ්බාගෙන් එකතු වුණ උන්ගෙන් හැදුණ බයිස්කෝප් පහතමාළය. මලිත් වීරමුණි, කවිශාල් රසින්ත, කවිනු වීරක්කොඩි කියන සහෝදරයෝ. බයිස්කෝප් පවුල ඇතුළේ වැඩිපුරම ළං වුණේ ඒ කට්ටියත් එක්ක. එහෙනම් ස්ව්‍යං වැනුම ඉවරයක් කරන්නයි හදන්නේ. මෙතුවක් කල් අපිත් එක්ක රැඳිලා හිටපු හැම දෙනාටම ස්තූතියි. ඉදිරියටත් බයිස්කෝප් එක්කම රැඳිලා ඉන්න. ඔබට හොඳම දේ සමීප කරාවී. බයිස්කෝප් අඩවියට ජයවේවා!!

The Shawshank Redemption බලලා තියනවද? The Shining බලලා තියනවද? Children Of The corn, Thinner, Pet Sematary, Cujo, The Dark Tower, Dreamcatcher, 1922, Gerald’s Game මේවාගෙන් එකක් හරි බලලා තියනවද? ඒත් ඒ විශිෂ්ට කතා වල රචකයාව දන්නේ නැද්ද? ඒ ස්ටීෆන් කින්!

stephen king

ස්ටීෆන් එඩ්වින් කින් උපත ලබන්නේ 1947 සැප්තැම්බර් 21 වෙනිදා ඇමරිකාවේ. අද්භූත නවකතා වලටම ප්‍රසිද්ධ මේ මනුස්සයා අතින් නවකතා හැට එකක් රචනා වෙලා තියනවා. ඒ වගේම ඒ නවකතා පිටපත් මිලියන තුන්සිය පනහකට වඩා ලෝකය පුරා අලෙවි වෙලා තියනවා. ඊටත් අමතරව මේ බොහෝමයක් නවකතා චිත්‍රපට හෝ ටීවී කතා මාලා බවට පරිවර්තනය වුණා. උඩින් දාලා තියෙන්නේ ඒ දිග ලැයිස්තුවෙන් බොහොම සුළුතරයක් විතරයි. ඒ වගේම Castle Rock, Creepshow වගේ ටීවී කතාමාලා නිර්මාණය වෙන්නට පදනම් වුණු කතා රචනා වුණේ ස්ටීෆන් කින් නම් මේ අසමසම පුද්ගලයා විසිනුයි. ඉතින් අද්භූත කතා ලොවේ කින් නොහොත් ස්ටීෆන් කින් තමන් සතුව තියන මේ අසමසම හැකියාව නිසාම සම්මාන ගණනාවකට පාත්‍ර වුණා. ඒ අතරින් මේ ජයග්‍රහණ විශේෂයි.

  • බ්‍රෑම් ස්ටෝකර් සම්මානය
    භීතිය දනවන නවකතා රචකයන්ගේ සංවිධානය විසින් වාර්ශිකව ප්‍රදානය කරනු ලබන මේ සම්මානය පිරිනමන්නේ අඳුරු ෆැන්ටසි සාහිත්‍යයේ හා භීතිය දනවන නවකතා රචනයේ අද්විතීය වූ ජයග්‍රහණයක් සිදු කළ අයෙක්ට පමණි.
  • ලෝක ෆැන්ටසි සම්මානය
    වාර්ශික ප්‍රදානයක් වන මෙම සම්මානය වසරේ හොඳම ෆැන්ටසියට හිමි සම්මානයයි.
  • කලාව සඳහා වූ රාජ්‍ය සම්මානය
    කලාව සඳහා දක්වන ලද මෙහෙය අගය කරමින් ඇමරිකානු රජය විසින් පිරිනමන මෙම සම්මානය 2015 දී එවකට ජනාධිපති වූ බැරැක් ඔබාමා අතින් ලබා ගැනීමට ස්ටීෆන් කින් ට හැකිවිය.

ස්ටීෆන් කින් බැරැක් ඔබාමා අතින් පදක්කම ලබා ගැනීම.

තමන් අතින් අති සාර්ථක බිහිසුණු නවකතා විසි එකක් ලියවුණාට පස්සේ ස්ටීෆන් කින් හිතනවා ඊළග කතාව විදිහට ළමයින් වැඩිපුරම බය වෙන විදිහේ මාතෘකාවක් තෝරගන්න. මේ ගැන දුරට දුරට හිතද්දි තමයි කින් ට ළමයින්ව බිළිගන්නා කවටයෙක් ගැන අදහසක් එන්නේ. ඒ 1978 අවුරුද්දේදි. ස්ටීෆන් කින් තමන් 1981 ලියන්නට පටන් ගන්න මේ බිහිසුණු විසි දෙවන සංග්‍රාමය අවසන් කරන්නේ 1985 අවුරුද්දේදි. ඊටත් පස්සේ 1986 අවුරුද්දේ සැප්තැම්බර් පහළොස්වෙනිදා ලොවක් භීතියට පත් කරමින් IT දොරට වඩිනවා.

IT පළමු මුද්‍රණය

පිටපත් ලක්ෂ ගාණක් අලෙවි වුණු IT නවකතාවෙන් 1990 දී කෙටි ටීවී කතාමාලාවක් නිර්මාණය වෙනවා. දැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනාගන්නට සමත් වෙන මේ කතාමාලාවට 6.8 ක imdb අගයක් ලැබෙනවා. ඒ වගෙම ජනප්‍රියම කෙටි කතාමාලාවන් අතර නම වෙනි තැන දිනාගන්නත් සමත් වෙනවා.

IT 1990 පෝස්ටරය

නවකතාව ටීවී කතාමාලාවක් වෙලා අවුරුදු විසි හතකට පස්සේ නැවතත් පෙනිවයිස්ගේ ආගමනය සිද්ධ වෙනවා. 2017 සැප්තැම්බර් අට වෙනිදා එළි දකින IT Chapter 1 සිනමාපටය වචනයේ පරිසමාප්තියෙන්ම රැල්ලක් වෙනවා. හොරර් වර්ගීකරණයට අයත් වෙන චිත්‍රපටියකට ඉතාමත් කලාතුරකින් හිමි වෙන විදිහේ 7.3 ක imdb අගයක් ලබාගන්න මේ සිනමා සිතුවම සමත් වෙනවා. පොඩි ඡන්ද ගාණකින් නම් නෙමේ. ඡන්ද 403,392 කින්. කුණු තක්කාලි දර්ශකයත් 86% ක් වගේ ඉහළම අගයකට නංවගෙන Fresh tomatoe කියන ලේබලය අලවාගන්න සමත් වෙනවා. ඒ විතරක්ද? ආදායම් වාර්ථා බිඳ හෙළමින් අලුත් කරපු සිනමා සිතුවමක් තමා IT Chapter 1 කියන්නේ. ඩොලර් මිලියන තිස් පහක් වගේ සුළු ගාණක් වියදම් කරලා ඩොලර් මිලියන හත්සීයකට අධික බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න සමත් වෙනවා. ඉතින් IT කියන්නේම අලුත්ම රැල්ලක් ඇති කරපු කතාවක්. පැවතුණු සාම්ප්‍රදායික හොරර් චිත්‍රපටි අඩියටම වට්ටපු කතාවක්. මිනිස්සුන්ගේ බය කියන සාධකය එක්ක හොඳ හැටියට සෙල්ලම් කරපු කතාවක්. ඒ විදිහට හිතාගන්න බැරි තරම් සුපිරිම හොරර් අත්දැකීමක් එක්ක ප්‍රේක්ෂකයන්ව තනි කරලා යද්දි IT දෙවනි පරිච්ඡේදය 2019 අවුරුද්දේ Most Anticipated Movies ගොඩට එකතු වෙනවා. ඉතින් ඒ ප්‍රේක්ෂක හිත් බලාපොරොත්තුවෙන් පුරවමින් 2019 මැයි 9 වෙනිදා දෙවන පරිච්ඡේදයේ ටීසර් ට්‍රේලරය අන්තර්ජාලයට නිකුත් වුණා. එදාම පළවෙනි පෝස්ටරයත් එළිදක්වනවා.

පළමු පෝස්ටරය

ඒ අනුව මේ අවුරුද්දේ සැප්තැම්බර් හය වෙනිදා IT දෙවන පරිච්ඡේදය නිකුත් වෙනවා. ආරම්භයේම ඉදන්ම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ මේ චිත්‍රපටයත් පළමු චිත්‍රපටිය වගේම හොරර් සංස්කෘතිය තනිකරම කණපිට හරවනවා. imdb දර්ශකයේත් ඡන්ද 105,005 කින් 6.8 ක අගයක් ලබාගෙන කුණු තක්කාලි දර්ශකය 63% කට කරකවන්න සමත් වෙනවා. ඒ විතරක්ම නෙමේ. මිලියන හැත්තෑ නමයක් විය පැහැදම් කරලා නිර්මාණය කරන මේ පරිච්ඡේදය මේ ලිපිය ලියන වෙලාව වෙද්දි මිලියන හාරසිය පනස් එකක බොක්ස් ඔෆිස් ආදායමක් හිමි කරගෙන හමාරයි.

  • වෙනත් කිසිඳු හොරර් චිත්‍රපටයකට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රවේශපත්‍ර පෙර ඇණවුම් කරන ලද චිත්‍රපටය
  • පළමු සති අන්තය තුළදී වැඩිම ආදායමක් ඉපයූ හොරර් චිත්‍රපටය
    (මෙය දෙවනි වන්නේ IT පළමු චිත්‍රපටයට පමණි.)
  • චිත්‍රපටයක් භාවිතා කළ වැඩිම ලේ ප්‍රමාණය (ලීටර් හතළිස්දාහක්)
  • සැප්තැම්බර් මාසයක වැඩිම සිනමා ශාලා ප්‍රමාණයක් තුළ ප්‍රදර්ශනය කළ චිත්‍රපටය යන විශේෂ වාර්තාත් මේ චිත්‍රපටය සතුවෙනවා.

එහෙනම් රංගනයෙන් දායක වෙන නළු නිළි පිරිස අඳුන ගමුකෝ. පළවෙනි පරිච්ඡේදයේ දකින්න ලැබෙන මූණු ටික එහෙම්මම දකින්න ලැබෙනවා වගේම ලොකු කාලයටත් ඒ හා සමානම වගේ මූණු ටිකක් බලාගන්න පුළුවන්.

  • චාර්ල්ස් එක්සේවියර් නොහොත් ජේම්ස් මැකෝයි බිල් ඩෙන්බ්‍රෝ විදිහටත්,
  • ජෙසිකා චැස්ටේන් බෙවර්ලි මාර්ෂ් විදිහටත්,
  • බිල් හේඩර් රිචී ටෝෂර් විදිහටත්,
  • අයිසේයා මුස්තාෆා මයික් හැන්ලන් විදිහටත්,
  • ජේ රයන් බෙන් හැන්ස්කම් විදිහටත්,
  • ජේම්ස් රැන්සන් එඩී කැප්ස්බර්ක් විදිහටත්,
  • ඇන්ඩි බීන් ස්ටැන්ලි යුරිස් විදිහටත්,
  • බිල් ස්කාර්ස්ගාඩ් පෙනිවයිස් නොහොත් IT විදිහටත්,

රංගනයෙන් දායක වෙනවා. පහළ තියන පින්තූරය දිහා බැලුවම ඔයාටම තේරෙයි නළු නිළියන් තේරීම කොච්චර නම් හොඳට කරලා තියනවාද කියලා.

කාස්ට් එක

හැම අවුරුදු විසි හතකට සැරයක්ම ඩෙරී වලට රැල්ලක් එනවා…..
අපි ඒ රැල්ල වෙනස් කරන්න ඇති….
ඒත් අපි ඒක නැවැත්තුවේ නෑ….
මොකද, ඒ රැල්ල ආපහු ඇවිල්ලා….

අවුරුදු විසි හතකට කලින් පරාජය වීමේ වියරුවෙන් ඉන්න පෙනිවයිස්ගේ අන්ධකාර හෙවණැල්ල ඩෙරී නගරය ආක්‍රමණය කරද්දි, විසිරිලා ඉන්න රණශූරයින් එක්වෙන්නට වුවමනායි. මේ ටිකෙන් ටික ගෙවී යන්නේ ඩෙරී නගරයේ උපන් නූපන් කුඩා ළමයින්ගේ ඉරණම් විසඳෙන කාලයයි. එකින් එක ළමයින් අතුරුදන් වෙද්දී, මුළු නගරයේම “සොයාදෙන්න” පණිවිඩ ඇලවෙද්දී, මෙළෝ රහකට නැති උන් හා පෙනිවයිස් ගේ ජීවිතයත් මරණයත් අතර සටනේ ජයග්‍රහණය කාටද? එන්න! උපරිම කුතුහලයෙන් පැය තුනක් පුරාවට මේ විශ්මය විදගන්න. නපුරට විරුද්ධ වෙන්න, සටන් කරන්න. මතක තියාගන්න,

අපි මෙළෝ රහකට නැති එවුන්, අපි හැමදාමත් එහෙමයි.
(We Are Losers And We Always Will Be!!!)

ප.ලි. – HDrip එක එන්න තිබුණේ නොවැම්බර් මාසයේ වුණත් නොහිතපු විදිහට ඔක්තෝබර් මුල වගේ හොඳ කොපියක් ආවා. ඒත් ඒ වෙනුවෙන් හොඳ ඉංග්‍රීසි උපසිරැසියක් මේ වෙනකම් නිර්මාණය වෙලා නෑ. ඉතින් අසා ලිවීමක් විදිහට තමා සබ් එක කළේ. ප්‍රමාදයට හේතුව ඒකයි. ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා තිබ්බත් ඒකේ නොසෑහෙන්න තැන් වැරදියි. ඒ සබ් එක කරලා ගෙනාවා නම් කතාවේ හරය තනිකරම විකෘති වීමක් තමා වෙන්නේ. ඒක නිසා ටිකක් පරක්කු වෙලා හරි බලන්න පුළුවන් හොඳම විදිහට උපසිරැසිය ගෙනාවා. ඒ වගේම තව ටික දවසකින් මීටත් වඩා හොඳ පිටපතක් නිකුත් වෙයි. ඒ සැණින් සබ් එක අප්ඩේට් කරන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB / HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

41,913 downloadsDownload It-Chapter-Two-2019-Blu-Ray-Update.zip237 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

41,913 downloadsDownload Subtitles237 KB

110 comments

  1. සසිඳු කවීශ ගමපතිරණ

    50 වෙනි උපසිරැසිකරණයට හදවතින්ම සුභ පැතුම් සහෝ!
    දිගටම සිංහල උපසිරැසි ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා!

  2. Tharaka

    Enakal balan hitiye bro ela ela
    Congratulations 50t

  3. කවිශල් රසින්ත (කවී)

    සහෝදරයෙක්, මිත්‍රයෙක් වගේ අපිත් එක්ක හිටිය නිහතමානි කෙනෙක් තමා බේනුක කියන්නේ.
    උදව්වක් ඉල්ලුවම නෑ, බෑ නොකියා ඉටුකරල දෙන්න තරම් ඔහු වටිනා මිත්‍රයෙක්.
    අපෙ සංගමයේ හුගක් වැඩකටයුතු කලා, විනෝද වුනා. ඉදදිරියටත් ඒ වගේම ඉමු කියලා තමයි කියන්න තියෙන්නෙ.
    ඉතින් උපසිරසි දිවියේ පලවෙනි කඩයිම 50වැනි උපසිරසිය වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා මචං.
    විභාග කටයුතු සහ අනිකුත් පෞද්ගලික කටයුතුත් සර්වප්‍රකාරෙන්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.
    සුපිරිම ෆිල්ම් එකකින් නේ 50ගහලා තියෙන්නේ, උපසිරසියටත් බොහොම ස්තූතියි එහෙනම්. ජය වෙවා...!!

  4. Wika chathu

    එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ. Thnkz මචං

  5. gihan perera

    ස්තුතියි සහෝ....ශුභ පැතුම් සහෝ කඩයිමට.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

  6. SAjith Anthony

    50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ!
    ජයෙන් ජයම වේවා...!!

  7. rehani

    thank you..

  8. Gathsara Umesh

    පලමු කඩයිමට උණුසුම් සුබ පැතුම් සහෝදරයා...❤️
    බොහෝම ස්තූතියි සබ් එකට...❤️
    දෙවෙනි කඩයිමෙන් හමුවෙමු..❤️

  9. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  11. Suranjan

    Thanks jayawewa.....!

  12. indika75

    thanks..

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  14. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    උපසිරසි 50ට සුබ පැතුම්!!

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    50 වැනි උපසිරසියට සුභ පැතුම්

  16. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  17. සනිඳු ලක්ඛිත

    පළමු උපසිරස කඩඉමට හදවතින්ම සුභ පැතුම් සහෝ...තව තවත් ඉදිරියට උපසිරස කරන්න ලැබේවා කියලා වගේම හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ජය වේවා...බුදුසරණයි...!

  18. යුරාන් ධනුක (දනුවා)

    පළවෙනි කඩයිමට සුභ පැතුම් මල්ලී !!!
    ඉක්මනටම 100*ත් කරමු.
    ඒ වගේම උපසිරැසිය බෝහෝම ස්තූතියි
    ජයවේවා !!!

  19. ශශී ඩී.ජාගොඩ

    මේකනම් එනකම් බලන් හිටපු ෆිල්ම් එකක්.සබ් එක දුන්නට බොහොම ස්තුතියි!
    ඒ වගේම 50වෙනි කඩයිම පහු කරාටත් සුභපැතුම්!
    A/L විභාගයත් හොදට කරගන්න.

  20. Opal Pravishka

    Congratulations බේනුක..❤️

  21. snsameera

    niyamai digatama sub denna

  22. Nuwandika Dil

    Thanks thankssss

  23. Kavishna

    thnx bro...

  24. ශසිත් සඳරුවන්

    පළමු කඩඉම වෙනුවෙන් සුබ පැතුම් මලේ...
    ඉංග්‍රීසි ෆිල්ම් නම් වැඩිය බලන්නේ නැති වුනත් මලයා කරපු සබ් වලින් KGF වගේ ඉන්දියානු ෆිල්ම් නම් බලලා තියේ...
    බයිස්කෝප් ගැන්සියේ නව පරපුරේ එල සාමාජිකයෙක් තමයි ඉතින්... :P
    එහෙනම් විභාග කටයුතුත් සාර්ථක කරගෙන ඉදිරියේදි තවත් උපසිරැසි අරන් එන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    මේ උපසිරැසියටත් බොහොම තුති කිව්වා...
    ජය!

    1. Asithadilan

      සබ් එකට තැම්කූ

  25. saman97

    ඔබෙගේ 50 වන උපසිරසි නිර්මාණයට ප්‍රේක්ෂක මගේ ප්‍රණාමය.

  26. ranga11112

    malli suba pathum oyata... digatama sub denna. bs

  27. ranga11112

    thank you malli...bs
    jaya weva oyata

  28. තාරක මධුෂාන්

    Thanks & Keep It Up...

  29. myhome

    ela ela

  30. කවිනු වීරක්කොඩි

    බුදාම්බෝ!! කමෙන්ට් එකක් දාන්න හොඳටම පරක්කුයි.. සමාවෙන්න ඕනේ බේනුක!
    නියමයි මචන්..
    50ට ගෙනත් තියන්නෙත් නියම භාණ්ඩයක් නොවැ! Br ආපුවාම අනිවා බලනවා හොඳේ
    කියන්න ඕනේ ඔක්කොම ටික කවිෂල් අයියා පහල කියලා තියනවා
    උදව්වක් ඉල්ලපු කවදාවත් බෑ නොකියපු මනුස්සයෙක්.. බොහොම ස්තූතියි ඒ හැමදේටමත්!
    සියලු කටයුතු හිතාගෙන ඉන්න විදිහටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    උඹ අර හැමවෙලේම කියෝන ගෑණු ළමයව දැන්වත් සෙට් වෙන්න කියලා විශේෂයෙන්ම ප්‍රාර්ථනා කොරනවා!! :)

  31. dulak

    Keep it up tx

  32. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  33. kalhara 1

    thanks

  34. sampath n perera

    wish you all the best

  35. Shehan putha

    Thanks macho

  36. harris

    Thnks bro sub ekata

  37. Navanjanaishan

    Thanks a lot!!!!

  38. manojpieris

    good job bro

  39. ruvindamax

    tnxxxxx

  40. suranuwan

    thanks ,,,,

  41. ලහිරු ප්‍රසාද්

    පලවෙනි කඩයිමට හදවතින්ම සුබ පතනවා මලේ.
    ජය!

  42. chanuka_rox

    Sub ekata thanks

  43. Tharoosha

    Great job. BTW web rip realesed

  44. sandharu

    THANKS broo

  45. Pa98hasanka

    enakan balan hitiya film ekk tankz sub ekat

  46. MAALnath

    Thanks ..................good luck ...................

  47. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේව.!

  48. Stranger

    thanks

  49. sahangayantha

    thanks a lot saho

  50. Madurasenaverathnajalaking

    ස්තූතී❤️❤️❤️❤️❤️

    1. Dinithlakshan

      Tnkx sahoo

Load more comments