සෝනියා ඛන්නා කියන්නෙ, ලන්ඩන් වල තියෙන පෝසත්කමට කිට්ටු කරන්න බැරි ඒත් ලන්ඩන්වලම කොටසක් වුණ සවුත්හෝල්වල ජීවත්වෙන ඉන්දියන් පවුලක කෙල්ලෙක්. එයා කැමති නැහැ මෙහෙම දුප්පතෙක් විදියට හිරවෙලා ඉන්න. කොටින්ම කීවොත්, සවුත්හෝල් කියන්නෙ සෝනියාට හිරගෙදරක්. කබීර් කෝල් කියන්නෙ සෝනියාගෙ පෙම්වතා. එයත් මේ කොටුවුණ ජීවිත…

සෝනියා ඛන්නා කියන්නෙ, ලන්ඩන් වල තියෙන පෝසත්කමට කිට්ටු කරන්න බැරි ඒත් ලන්ඩන්වලම කොටසක් වුණ සවුත්හෝල්වල ජීවත්වෙන ඉන්දියන් පවුලක කෙල්ලෙක්. එයා කැමති නැහැ මෙහෙම දුප්පතෙක් විදියට හිරවෙලා ඉන්න. කොටින්ම කීවොත්, සවුත්හෝල් කියන්නෙ සෝනියාට හිරගෙදරක්.
කබීර් කෝල් කියන්නෙ සෝනියාගෙ පෙම්වතා. එයත් මේ කොටුවුණ ජීවිතෙන් පියාඹලා යන්න හීන දකින කෙනෙක්. සෝනියාටයි කබීර්ටයි තියෙන්නෙ එකම බලාපොරොත්තුවයි. ඒ කබීර්ගෙ සංගීත හැකියාව පාවිච්චි කරලා මේ ඇහිරුණු ජීවිතෙන් මිදෙන්න.
ඒත් අවාසනාව කියන්නෙ අපි නොහිතන වෙලාවල්වල අපිට පහර දෙන දෙයක්. මෙයාලටත් වෙන්නෙ ඒක. ලොකු මියුසික් කම්පැනි එකක් එක්ක කබීර්ට ඔඩිෂන් එකක් තියෙන දවසෙ, සෝනියා එයාව හම්බවෙන්න යද්දි කලින් දවසෙ වැස්සට වහලෙන් වතුර වැටිලා, ගිටාර් එක තෙමිලා, පෙඟිලා විනාශ වෙලා.
ඒ හදිස්සියෙ ගිටාර් එකක් ගන්න අතේ සල්ලි නැති නිසා සෝනියා යනවා රෙස්ටොරන්ට් එකක වැඩ කරන යාළුවෙක්ගෙන් උදව් ඉල්ලන්න. යාළුවා මෙයාට පාර්සලයක් ඩිලිවර් කරන්න බාරදෙනවා. එයා ගියාට පස්සෙ, මේ යාළුවාය කියන කෙනා පොලීසියට කතා කරලා කියනවා ඉන්දියන් ඩ්‍රග් ඩීලර් කෙනෙක් ගැන තොරතුරක් ඇහුණා කියලා.
සෝනියා පොලීසියට අහුවෙනවා. හිරේ යන්න වෙනවා අවුරුදු දා හතරකට. හිරගෙදර ඉන්න මැර ගෑණු කෙනෙක්, එයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. ඒ ගෑණු කෙනාගෙන් බේරෙන්න ගිහින්, එයාගෙ හෙංචයියොන්ගෙන් ගුටි කාලා සෝනියාව හොස්පිට්ල් ඇඩ්මිට් කරනවා.
හොස්පිට්ල් එකට සෝනියාව හම්බවෙන්න එනවා බොහොම ඔෆීෂියල් ටයිප් කෙල්ලෙක්. ඒ තමයි කායා. කායා සෝනියාට යෝජනාවක් ගේනවා. හිරෙන් නිදහස් වෙන්න නම්, සෝනියා කියන චරිතෙ මරලා අලුත් අනන්‍යතාවයකින් එළියට එන්න, කායාගෙ ව්‍යාපාරය වෙනුවෙන් වැඩ කරන්න. මොකක්ද මේ වැඩේ? ලෝකෙ පරණම රස්සාව.. ගණිකා වෘත්තිය.
Badnaam චිත්‍රපටය ඉන්දියාවෙ රිලීස් වුණේ 2021 අගෝස්තු 13 වෙනිදා. 2018 දී රූගතකිරීම් අවසන් වෙලා 2019 දී රිලීස් වෙන්න නියමිතව තිබුණත් විවිධ හේතූන් මත එය කල් ගිහින් තියෙනවා. Lonerangers Productions Private Limited ආයතනය සහ Vashu Bhagnani විසින් නිෂ්පාදනය කරපු මෙම චිත්‍රපටයේ කතාව, තිර රචනය සහ දෙබස් Vikram Bhatt ගෙන්. අධ්‍යක්ෂණය කළේ ඔහුගේ දියණිය Krishna Bhatt. චිත්‍රපටයේ සංගීතය 1921(2018) චිත්‍රපටයේත් සංගීතය අධ්‍යක්ෂණයට දායක වුණ Harish Sagane.
ප්‍රධාන චරිත විදියට සෝනියා ඛන්නාගේ චරිතයට Priyal Gor සහ කබීර් කෝල්ගේ චරිතයට Mohit Sehgal පණ පොවනවා. පුංචි තිරයේ වඩාත් ප්‍රසිද්ධ වුණ මේ දෙන්නගෙම බොලිවුඩ් ආගමනය මේ චිත්‍රපටය. Priyal නම් මීට පෙර පන්ජාබි, තෙළිඟු සහ මලයාලම් සිනමාවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ දෙන්නට අමතරව කතාව රචනා කරපු Vikram Bhatt සමඟ Barkha Sengupta, Aniruddh Dave ඇතුළු නළු නිළි පිරිසක් චරිත නිරූපණය කරනවා.
මේ චිත්‍රපටිය ඇතුළෙ ඔයාලට හමුවේවි බොහොම අපූරු ගීත කිහිපයක්. ඒ ගැන විශේෂයෙන් සඳහන් කරන්න හිතුවෙ මොකද මේ හැම ගීතයකම පද රචනය කළ Shakeel Azmi, ඒවා නිර්මාණය කරලා තියෙන්නෙ චිත්‍රපටියේ කතාවත් එක්ක සමගාමීව ගලාගෙන යන විදියට. චිත්‍රපටය බොහෝ දෙනාගෙ ඇස නොගැටුණු එකක් වුණත්, Ankit Tiwari, Sunidhi Chauhan, Palak Muchhal වගේ මුල් පෙළ ගායක ගායිකාවො කිහිපදෙනෙකුත් මේකෙ පසුබිම් ගායනයෙන් දායක වෙලා තියෙනවා.
Badnaam චිත්‍රපටය ලබාගත් ආදායම් ගැන හෝ සාර්ථකත්වය ගැන පැහැදිලි තොරතුරක් නැහැ. නමුත් 7/10 ක IMDb අගයකට මේක හිමිකම් කියනවා. ඒ වගේම මේක “A” සහතිකයක් යටතේ නිකුත්වුණු චිත්‍රපටයක්. ඒත් බලන්න බැරි තරම් ගැටලු සහගත නැහැයි කියලා නම් කියන්න ඕන, කොහොම වෙතත් එවැනි දර්ශන ගැන සැළකිලිමත් වන්න! කියලා කියන ගමන් සෝනියාගෙ ජීවිත ගමනේ සාක්ෂිකාරයෙක් වෙන්න ඔයාලටත් ආරාධනා කරනවා.
මේ විදියට මගෙ කුළුදුල් උපසිරැසි ගැන්වීමට බයිස්කෝප් එකෙන් ඉඩක් ලබා දුන්න සංස්කාරක මඬුල්ලට ස්තූතිවන්ත වෙන ගමන් මම නවතින්නම්.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBHD පිටපත් සඳහා අදාළ වේ.
2,514 downloadsDownload BDM-2021.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Anji (ඇන්ජි) ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-03-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Anji (ඇන්ජි)
Subtitles
25 comments
Achi
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
සුබපැතුම් ඇන්ජි
දිගටම සබ් දෙමු
ජය වේවාNaveen
උපසිරසියට තුති
Samith
Thanks sister
Srk poorna
මේක, බද්නාම් කියල කියන්නෙ, ඒකෙ තේරුම අපකීර්තිය කියන එක
Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි. ජයවේවා!
Anonymous
SALUTE sub plz
Redrux
Thnkz sis
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!
supun
super sharanya සබ් එක දෙන්නකෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Buddhika Lakmal (laKMal)
පළෙවනි උපසිරැසියට සුබපැතුම්.. ඉදිරියටත් ෙම් වෙග් ලස්සන ෆිල්ම්වලට උපසිරැසි ෙගනඑ්මට කාලය ලැෙබ්වා...
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Bohoma sthuthiyi sahodari
Kushan
Sub akta thanks
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
පලමු උපසිරසියට සුබපැතුම්
ජය වේවා!!!Udaya Fdo
Thank you
Anonymous
තෑම්ක්ස් කෙම්ලේ❤️
Ramesh
Congrats for 1st sub
Keep it upSithum
ඉදිරියටත් උපසිරසිකරනයට කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !
Prabhasoft
Thank you...!!!
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
බොහොම ස්තුතියි සබ් එකට