1939 වසරේ තිරගත වූ ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ තවත් සිනමා සලරුවක් මා ඔබ වෙත ගෙන ආවා. ඩැෆ්නි ඩූ මොරියර් නම් බ්‍රිතාන්‍යය ලේකකයාගේ එනමින් වන නවකතාව පාදක කරගෙන මෙම සිනමා පටය නිපදවා ඇත. අන්තර්ජාලය වාර්ථා කරන අන්දමට මෙය හිච්කොක් මහතාගේ අසාර්ථක චිත්‍රපට ලැයිස්තුවේ ඉහලින්ම පවතින්නකි. එමෙන්ම ඔහු එක්සත් ජනපදයට…

1939 වසරේ තිරගත වූ ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ තවත් සිනමා සලරුවක් මා ඔබ වෙත ගෙන ආවා. ඩැෆ්නි ඩූ මොරියර් නම් බ්‍රිතාන්‍යය ලේකකයාගේ එනමින් වන නවකතාව පාදක කරගෙන මෙම සිනමා පටය නිපදවා ඇත. අන්තර්ජාලය වාර්ථා කරන අන්දමට මෙය හිච්කොක් මහතාගේ අසාර්ථක චිත්‍රපට ලැයිස්තුවේ ඉහලින්ම පවතින්නකි. එමෙන්ම ඔහු එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට පෙර බ්‍රිතාන්‍යයේදී රූගත කරන ලද අවසාන චිත්‍රපටයද මෙම ජැමෙයිකා ඉන් ය. හිච්කොක් මහතා විසින් ඩැෆ්නි ඩූ මොරියර් ගේ නවකතා කිහිපයක්ම සිනමා පට බවට පත් කර ඇත.

18 වන සියවසේ එංගලන්තයේ කෝර්න්වෝල් වෙරළ තීරය පසුබිම් කරගෙන ලියවුන මෙම කතාව මුහුදු කොල්ලකරුවන් පිරිසක් වටා ගෙතී ඇත්තකි. කොර්න්වෝල් මුහුදු තීරය ගල්පර වලින් ගහන භයානක මුහුදු තීරයකි. නාවිකයන් සඳහා තබා ඇති ආලෝක සඥා නිවා නාවිකයන් රවටා, එම නැව් වෙරල කිට්ටුවට ගෙන ගල්පර වල හැපීමට සැලැස්වීම කොල්ලකරුවන්ගේ පහසුම උපායයි. පසුව ගිලෙන නැවේ සියලුම වටිනා වස්තුව ලබාගෙන සියලු නාවිකයන් මරා දමනු ලබයි.

ලොයිඩ් නාවික සමාගම මේ පිලිබඳ සෙවීමට නිළධාරියෙක් කෝන්වොල් වෙත එවන අතර ඔහුද වෙස් වලාගෙන මෙම කල්ලිය හා එකතු වේ. ඔහු සොයාගන්නේ මේ සියල්ල පිටුපස තවත් මහමොළකරුවකු සිටින බවයි. කල්ලිය තුල ඇතිවන ප්‍රශ්නයක් නිසා මොහුව එල්ලා මැරීමට තීරණය කර තනායමේම බාල්කයක ඔහුව එල්ලා දමනු ලැබේ. නමුත් එදිනම එම තානායමට පැමිණෙන එහි හිමිකරුගේ ලේලිය විසින් ඔහුව බේරා හරී.

මංකොල්ල කරුවන් ඔවුන් පසුපස ලුහුබඳින විට ඔවුන් සහය පතා දිව යන්නේ ප්‍රදෙශයේ නීතිය හා සාමය රකින පුද්ගලයාගේ නිවසටයි. නමුත් ඔවුන් දිවගොස් ඇත්තේ වෘකයකුගේ ගුහාවකට බව තේරුම් ගන්නාවිට ඔවුන් බොහෝ ප්‍රමාදය. නමුත් අවසානයේ කෙසේ හෝ තම රාජකාරිය ඉටු කිරීමට ටෙරන්ස් නම් වූ හමුදා නිළධාරියා සමත් වේ.

Yify torrent අඩවියෙන් චිත්‍රපටයේ පිටපත ලබාගන්න.

Jamaica Inn (1939) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි yify පිටපත් සඳහා අදාළ වේ.

156 downloadsDownload Jamaica-Inn-1939.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

156 downloadsDownload Subtitles56 KB

14 comments

  1. Zeal

    Link 1k danna barida... Direct
    thanx Sub 1ta....

  2. Udara Damith B/K

    ela

  3. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. මේකේ සිංහල පරිවර්තනය කියෙව්වට පස්සේ ෆිල්ම් එක බලන්නම ආසාවක් ආවා.. දැන් ඒකත් බලන්න පුළුවන් නිදහසේ.. බොහෝම ස්තූතියි...

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……

  5. Amalka Himeshan

    Thanks bro

  6. KAVINDA GAMAGE

    හැකිනම් KING KONG පරන ෆිල්ම් වලටත් සබ් ලබා දෙන්න.
    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  7. charith senanayake

    ඔබට බොහෝම ස්තුතියි.

  8. Chalana

    thnx bro...

  9. අසිත

    elama saho thanks

  10. එල්.සී. දමැල්

    පරණ sub දෙන එකනම් බොහොම වටිනවා සහෝ...
    පුංචි දෙයක්. අවසානය කුතුහලයක් ඇති කරන්න. ලිපියෙදි අවසානය කියන්න යන්න එපා. එතකොට කුතුහලයක් නැති වෙනව නෙවැ
    මමත් ඔය දෙය මුලදි කළා..
    ස්තුතියි සබට...
    තවත් මබක් මෙහෙම ම වෙඩි වගේ ගේමු...

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Withanage Priyantha Dayakeerthi

    බුද්ධික නුවන් සොයුර,
    ඩවුන්ලෝඩ් කළාට අද තමයි ඔයා සබ් කරපු "Strangers on a train" බැලුවේ. සුපිරිම ෆිල්ම් එකක්. එත් කනගාටුවට කාරණය නව පරපුරට ඒවා රස විඳීමේ හැකියාවක් නැහැ. හේතුව අපේ රටේ මාධ්‍ය විසින් පරිගණක මායාවල් පිරුණ සිනමාපට පමණයි ඔවුන්ගේ ඔලුවට වක් කරන්නේ. කරන්න දෙයක් නැහැ. ඔහොම යමු! රටේ වැඩිදෙනා කැමති ක්‍රමයනේ. මේ සිනමාපටයත්
    මා අනිවාර්යයෙන්ම නරඹනවා. ඔබගේ වෙහෙසට අවංක ස්තුතිය!!!

    1. Buddhika

      Thanks
      Nort by northwest
      Rebecca
      Rope thiyenawa tikak parakku wei

  13. Akalanka

    Thnx.........