Jannat, Jannat (2024), Jannat (2024) Sinhala Subtitles බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට කාලෙකට පස්සෙ අරං ආවේ පරණ හිංදි සිනමාපටයක උපසිරැසියක්. දන්නවානේ අද දවසෙ විශේෂත්වය මොකක් ද කියලා.අපේ වෙබ් අඩවියේ 16 වෙනි සංවත්සරය අදට යෙදිලා තියෙනවා. ඇයි මට මේ ෆිල්ම් එකට සබ් එකක්…

Jannat, Jannat (2024), Jannat (2024) Sinhala Subtitles

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට කාලෙකට පස්සෙ අරං ආවේ පරණ හිංදි සිනමාපටයක උපසිරැසියක්. දන්නවානේ අද දවසෙ විශේෂත්වය මොකක් ද කියලා.අපේ වෙබ් අඩවියේ 16 වෙනි සංවත්සරය අදට යෙදිලා තියෙනවා. 

 ඇයි මට මේ ෆිල්ම් එකට සබ් එකක් කරන්න හිතුනේ. හේතු කීපයක්ම තියෙනවා. ඊට කලිං කියන්නම් මේ ෆිල්ම් එකේ තොරතුරු ටිකක්. මේ ෆිල්ම් එක අධයක්ෂනය කලේ Kunal Deshmukh. මේක තමා එයාගෙ පලවෙනි සිනමා අධ්‍යක්ෂණය. Tum Mile (2009), Jannat 2 (2012), Raja Natwarlal (2014), Shiddat (2021) සිනමා නිර්මාන අධ්‍යක්ෂනය කලෙත් මෙයාම තමා. ඒ වගේම මේ ෆිල්ම් එකේ ප්‍රධාන රංගනැය්න් දායක වෙන්නේ Emraan Hashmi. අහන්න දෙයක් නෑනේ Emraan Hashmi ඉන්නවා කියන්නේ ඒ ෆිල්ම් වල හුගාක් ලස්සන සිංදු තියෙනවා, එයාගේ නමින් ගොඩාක් බ්ලොක්බස්ටර්ස් ෆිල්ම් නොතිබුනාට චාර්ට් ෂෝ වල උපරිමයටම ගියපු සිංදු එයාට හම්බෙල තියෙනවා. Sonal Chauhan, Javed Sheikh, Samir Kochhar, Vishal Malhotra යන අයත් රංගනයෙන් දායක වෙනවා මේ ෆිල්ම් එකට.   

ඒ වගේම මේ ෆිල්ම් එක නිෂ්පාදනය කලේ Mukesh Bhatt විසින්. සංගීත අධ්‍යක්ෂනය කලේ Pritam විසින්. අහලා බලන්නකො ෆිල්ම් එකේ සිංදු. මේ සිංදු වගේම මේ කතාවත් ලස්සනයි. මං මේ ෆිල්ම් එකට සබ් කරන්නම කැමති උනේ මේ ෆිල්ම් එකේ තියෙන සිංදු හිංදා.

එහෙනම් ඔන්න ෆිල්ම් එකේ කතාව මොන වගේද කියන්නම්. අර්ජුන් කියන්නේ දියුණු වෙන්න ලොකු ආසාවකිං ඉන්න කෙනෙක්. ඒත් එයා එක අවස්ථාවක එයාට හිතෙනවා අවංකව වැඩ කරල මොනාද එයාට හම්බ කරගන්න පුළුවන් කියලා. ඉතිං එයා අඩු කාලෙං අඩු මහන්සියකිං වැඩි සල්ලි ප්‍රමානයක් හොයා ගන්න රස්සාවක් කරනවා. ඉතිං ඒ රසාවට එයාගෙ පෙම්වති වෙන සෝයා කැමති වෙන්නේ නෑ. එයාගෙ යාළුවා විශාල් දැඩි අකමැත්තකිං මේකට කැමති වෙලා අර්ජුන් එක්ක මේක කරගෙන යනවා.

අර්ජුන් කරන ඒ රස්සාව මොකක් ද?. එකෙන් එයා ජීවිතය දිනාගත්ත ද? ඒක දැනගන්න නං අනිවාර්‍යෙන් මේ සිනමාපටය නරඹන්න කියල මං ආරාධනා කරනවා. 

එහෙම නං අදට යෙදි තිබෙන අපෙ සංවත්සරය දවසේ මං ප්‍රාර්ථනා කරන්නේ උපසිරැසිකරුවංගේ අගය වඩ වඩාත් දැනෙන දවසක් උදා වේවා කියලා වගේම, උපසිරැසි කරන අපේ අනිත් සහෝදර සහෝදරියංගේ සියළු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම ප්‍රේක්ෂකයන්ට තව තවත් නිර්මාන ලබා දෙන්න හැකියාව ලැබේවා කියලත්, ප්‍රාර්ථනා කරමින් මං සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරනයි

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HQ HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.

503 downloadsDownload Jannat-2008.zip53 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Yodha, Yodha (2024), Yodha (2024) Sinhala Subtitles

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

503 downloadsDownload Subtitles53 KB

0 comments

No comments yet.