Sky Force (2025) Sinhala Subtitles ආයුබෝවන්. අද ඔබ වෙත ගෙන එන්නේ පසු ගිය සතියේ OTTහරහා නිකුත් උන නවතම හිංදි චිත්‍රපටයක්. සුපිරි නළු ආක්ෂය කුමාර් ප්‍රධාන චරිතයකින් හමුවන මේකත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් මේ වෙන කොට රුපියල්කෝටි 168ක පමණ ආදායමක් ලැබූ චිත්‍රපටයක්. ඉන්දියානු ගුවන් හමුදාව සිදු කරනු ල…

Sky Force (2025) Sinhala Subtitles

ආයුබෝවන්. අද ඔබ වෙත ගෙන එන්නේ පසු ගිය සතියේ  OTTහරහා නිකුත් උන නවතම හිංදි චිත්‍රපටයක්. සුපිරි නළු ආක්ෂය කුමාර් ප්‍රධාන චරිතයකින් හමුවන මේකත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් මේ වෙන කොට රුපියල්කෝටි 168ක පමණ ආදායමක් ලැබූ චිත්‍රපටයක්. ඉන්දියානු ගුවන් හමුදාව සිදු කරනු ලැබූ ගුවන් වික්‍රමාන්විතයක් පාදක කරගෙන නිපදවන ලද චිත්‍රපටයක්.වන මෙහි අඩංගු ගුවන් සටන් ඇතුළු දර්ශන සෑහෙන දුරට බටහිර චිත්‍රපටවල හා සමානව ඉතා තාත්විකව ඉදිරිපත් කිරීමට සමත් වී තිබෙන නිසා ඇක්ෂන් චිත්‍රපට ලෝලීන් ඉතා ආශාවෙන් වැළඳ ගනී කියල බලාපොරොත්තු වෙනවා.

ඉන්දියාව හා පාකිස්ථානය අතර එදිරිවාද කම් බිහි වන්නේ ඔවුන්ගේ දෙකඩ වීම සිදු වූ දින සිටමයි. විශේෂයෙන්ම කාශ්මීරය අරභයා ඔවුන් අතර සිදුවන ගැටුම් අද දක්වාම පවතිනවා. 1965 මෙම ගැටුම් වල සුවිශේෂ වසරක්. ඇමරිකානු යුධ ආධාර පිහිටෙන් පාකිස්ථානය ඉන්දියානුන්ට ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රතිඵලය වන්නේ ඉන්දියානුන්ගේ දෑවැන්ත ප්‍රතිප්‍රහාරයි. පසු කාලීනව 1971දී නැගෙනහිර පාකිස්ථානය  පාකිස්ථානයෙන් වෙන් කර බංගලාදේශය බිහි වන්නේ මේ සටන් වල ප්‍රතිඵලයක් ලෙසයි.1965 දී ඉන්දීය ගුවන් හමුදාව සර්ගෝධා නැමැති පාකිස්ථානු ප්‍රධාන ගුවන් හමුදා කඳවුරට එල්ල කරන ප්‍රහාරයක් මේ කතාවට පාදක වෙනවා. ඉන්දියානු දේශානුරාගය, වීරත්වය පිළිඹිඹු කරන තවත් චිත්‍රපටයක් මෙය.

ආක්ෂය කුමාර් සමග සාරා අලි ඛාන්, නිම්රත් කවූර්,වීර් පහාරියා ප්‍රධාන චරිත රඟන මෙහි අධ්‍යක්ෂණය සන්දීප් කෙව්ලානි සහ අභිශේක් අනිල් කපූර් විසින්     

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු

Sky Force (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ-HDrip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

3,401 downloadsDownload Sky-Force-2025.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Sky Force (2025) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

3,401 downloadsDownload Subtitles47 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූථියි බන්දුල සහෝ උපසිරැසියට

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  3. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata