The Return (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් අපේ ඇනිවසරිය වෙනුවෙන් ඔයාලට මං අරගෙන ආවේ කට්ටියගෙ අවධානය වැඩිය නොරැදුනත් ඒත් අනිවාරෙන් නැරඹිය යුතුම චිත්‍රපටයක්. ඒකට හේතුව තමයි මේ චිත්‍රපටය පාදක වෙලා තියෙන්නේ ඔඩීසියස් කියන ග්‍රීක රෝම පුරාවෘතය. එහෙම වුණා කියලා ඇයි ඔයාල මේක බලන්න ඕනෙ? ආහ්, ඒකට හේතුව ත…

The Return (2024) Sinhala Subtitles  ඔන්න එහෙනම් අපේ ඇනිවසරිය වෙනුවෙන් ඔයාලට මං අරගෙන ආවේ කට්ටියගෙ අවධානය වැඩිය නොරැදුනත් ඒත් අනිවාරෙන් නැරඹිය යුතුම චිත්‍රපටයක්. ඒකට හේතුව තමයි මේ චිත්‍රපටය පාදක වෙලා තියෙන්නේ ඔඩීසියස් කියන ග්‍රීක රෝම පුරාවෘතය. එහෙම වුණා කියලා ඇයි ඔයාල මේක බලන්න ඕනෙ? ආහ්, ඒකට හේතුව තමයි ඔයාල දැනටමත් දන්නවා ක්‍රිස්ටෝපර් නෝලන් කියන ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ඕපන්හයිමර් චිත්‍රපටයට පස්සේ අධ්‍යක්ෂණය කරන්න යන චිත්‍රපටයට පාදක කරන් තියෙන්නෙත් මේ ඔඩීසියස් කියන පුරාවෘත කතාවමයි. ඒකෙදි නෝලන් පෙන්නන්න ඉන්නේ ට්‍රෝයි යුද්දෙන් පස්සෙ ඔඩීසියස් නිවස බලාගමන් කරද්දි ඒ එන ගමනෙදි සිද්ධ වෙච්ච ඇදහිය නොහැකි කරදර ගැනයි.  දැන් ඉතින් ඒක මේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියනවා නම්, මේ ෆිල්ම් එකේ තියෙන්නේ එහෙම ඔඩීසියස් ඇතුලු ඔහුගේ සෙබලුන් අවුරුදු 10 ට්‍රෝයි යුද්දයේ සටන් කරලා, තවත් අවුරුදු 10 නිවස බලා ගමන් කරන දුෂ්කර ගමන(මේ අවුරුදු දහයේ ගමන ගැන තමයි නෝලන්ගේ ෆිල්ම් එකේ තියෙන්නේ) ඉවර වෙලා ඔඩීසියස් ඔහුගේ නිවස නැතහොත් ඉතකා දූපතට ආවට පස්සෙ තියෙන කතාව. මේ කතාව ගැන කියනවා නම්, ඔඩීසියස් නැති අවුරුදු 20 පුරාවට මේ ඉතකා දූපත සම්පූර්ණෙන් බිඳ වැටිලා, මැරයො තමයි මේ දූපතේ සම්පත් ඔක්කොම බුක්ති විඳින්නේ. ජනතාව පීඩා විඳිනවා, ඔඩීසියස්ගේ බිරිඳට නැතහොත් දූපතේ රැජිණට මේ මැරයන්ගෙන් කෙනෙක් එක්ක විවාහ වෙලා දූපත නැවත නගා සිටුවන්න කියලා බලකෙරෙනවා. ඒත් රැජිණ ශක්තිමත් ඇය බොරු හේතු හදාන කාවවත් එක්ක විවාහ නොවී අවුරුදු 20 පුරාවට ඉන්නවා ඔඩීසියස් නැවත එයි කියන බලාපොරොත්තුවෙන්. ඒත් දැන්නම් මේ මැරයන්ගෙන් එල්ලවෙන තර්ජන වැඩී, ඉවසන්න බැරිම තැනට පත්වෙලා තියෙන්නේ. මේ අසාධාරණකම් වලට ඇයගේ පුතාටවත් කිසිම දෙයක් කරන්න බෑ. බල රහිතයි ඔහු. මැරයන්ගෙ අතෙයි බලය. ඔන්න මේ වෙලාවෙදියි මේ දූපතට අමුත්තෙක් එන්නේ. හිටිහැටියේ මේ ආපු අමුත්තා කවුද ? ඔහු මේ දූපතේ ප්‍රශ්න විසඳයිද ? ඕක තමයි මේකෙ කතාව. ඔයාල අනිවාරෙන්ම නෝලන්ගෙ ඔඩීසියස් බලනවා නම් ඒක ගැන අදහසක් ගන්න හොඳම ෆිල්ම් එක තමයි මේක. හරියට බැලුවොත් නෝලන්ගෙ ඔඩීසියස් ෆිල්ම් එක ඉවර වෙන තැන ඉදන් කතාව තමයි මේකෙ තියෙන්නේ. ඉතින් මං මේක නැරඹිය යුතුම චිත්‍රපටයක් කිව්වේ නිකරුනේ නෙමෙයි. තවද මේ චිත්‍රපටයට IMDb දර්ශකේ 6.3 අගයකුත් Rotten Tomatoes 78% හොඳ අගයකුත් ලැබිලා තියෙනවා.  මේක අධ්‍යක්ෂණය කරන්නේ ඉතාලියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන Uberto Pasolini විසින්. මීට රංගනයෙන් දායක වෙනවා ඔඩීසියස් වශයෙන් හැරීපොටර් චිත්‍රපට මාලාවේ වොල්ඩමෝට්ගේ චරිතයට පණ පෙවූ Ralph Fiennes. තවද ඔවුන්ගේ පුතාගේ චරිතයට පණ පොවන්නේ Looking for Alaska කතා මාලාවේ පඩ්ජ්ගෙ චරිතය රඟපාපු Charlie Plummer විසින්, ඔයාල මේ දෙකම බැලුවොත් තේරෙයි ඔහුගේ ඒ චරිත දෙක අහසයි පොලවයි වගේ වෙනස් චරිත දෙකක් කියලා. ඊට අමතරව මීට රංගනයෙන් දායක වෙනවා Juliette Binoche, Amir Wilson, Jaz Hutchins, Marwan Kenzari, Tom Rhys Harries වැනි අයත්. එහෙනම් ඔච්චරයි චිත්‍රපටය ගැන කියන්න තියෙන්නේ. බලනවද නැද්ද කියන එක ගැන ඔයාලගෙ අතෙයි. ආයෙ හමුවෙමු. ජයවේවා! The Return (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,158 downloadsDownload The-Return-2024.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Anora (2024) Sinhala Subtitles

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

3,158 downloadsDownload Subtitles24 KB

4 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි බිම්සර සහෝ මේතට සබ් දුන්නට

  2. Mawan

    Thanks for the Sinhala sub

  3. Anonymous

    sub ekata thanks.The Heist of the Century 2020 sub nadda.

  4. 人SATHSARA人

    Thanks Brother!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!