මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ එක්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයකි. එහි කතාව මෙසේ ආරම්භ වේ. “සුන්දර්” ධනවත් පවුල…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ එක්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයකි. එහි කතාව මෙසේ ආරම්භ වේ. “සුන්දර්” ධනවත් පවුලක දෙවන පුත්‍රයාය. ඔහුගේ වැඩිමහල් සොයුරා “මහේන්ද්‍ර” ය. විශාල ව්‍යාපාරයක් හිමි සුන්දර්ගේ පියා දරඳඩු තීරණ ගන්නා, නපුරු පුද්ගලයෙකි. ඔහුගේ මව සිත් උණුවන දරුවන්ගේ පැත්ත ගත් කාන්තාවකි. ටෙනිස් ක්‍රීඩාවට දක්ෂ සුන්දර්, ශුරතාවලියක් සඳහා තම මිතුරා වන “චින්ටු සමඟ කාශ්මීරයට යාම සඳහා දුම්රියට ගොඩවෙයි. ඊළඟ නැවතුමේදී උණු වතුර එකක් පුරවා ගැනීමට දුම්රිය පොළට බහින සුන්දර්, කලබලය නිසා නැවත නඟින්නේ කාන්තා දුම්රිය මැදිරියකටය. එහි සිටින තරුණියන් සුන්දර් ගැන වරදවා වටහා ගනී. පසුව නවාතැන් සඳහා හෝටලයකට යන සුන්දර සහ චින්ටුට දුම්රියේ සිටින තරුණියන් පිරිස නැවතත් හමුවේ. එහි සිටි “සප්නා” නමැති තරුණිය කාමර අංකය වැරදී සුන්දර්ගේ කාමරයේ නාන කාමරයට යයි. මෙහිදීද දෙදෙනා අතර නැවතත් වදන් ගැටුමක් ඇතිවේ. තරගාවලියට සහභාගී වන තැනට පැමිණි පසුව සුන්දර්ට නැවතත් සප්නා සමඟ එම තරුණියන් පිරිස නැවතත් හමුවේ. ඒ ඔවුන්ද එම තරගාවලියට පැමිණි පිරිසක් වූ නිසාය. එම තරගාවලියේදී පිරිමි සහ කාන්තා ශුරතාවන් සුන්දර් සහ සප්නා විසි දිනා ගන්නා ලදී.
සුන්දර් හමුවූ මුල් දින සිටම සප්නාට ආදරය කරයි. එහෙත් සප්නා නිතරම සුන්දර්ගේ වැරදි කියයි. එහෙත් කාලයක් යන විට දෙදෙනා ආදරයෙන් බැඳේ. සප්නා අනාථ නිවාසයකින් රැගෙන හදාවඩා ගත් දුප්පත් පවුලක තරුණියකි. එම නිවසේ සප්නාට බාල තවත් තවත් දරුවන් හතරක්ද සිටියි. මෙහිදී සප්නාට සිදුවන වෙනස්කම් නිසා ඇය කලකිරීමෙන්ද පසුවෙයි. සුන්දර විසින් මේ ආදර සම්බන්ධතාවය ගැන සිය මවට පවසයි. මව එය ආඩම්බර පියාට පැවසු විට ඔහු සප්නාගේ සත්‍ය තත්වය විමසයි. ඇය අනාථ දුප්පත් තරුණියක් බව දැනගත් විට ඔහු කෝපයට පත්වේ.
මෙතැන් සිට විශාල ගැටළු රාශියක් පැන නැඟෙයි. ශම්මි කපූර් සහ රාජශ්‍රී ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ඉතාමත් ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි. මෙය ශ්‍රී ලංකාවේ ද ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත. එහි ප්‍රධානම ගීතයේ තනුව ඇසුරින් එච්. ආර්. ජෝතිපාලයන් ගායනා කළ “තරුණ නෙත් ජය මංගලේ” නම් සිංහළ ගීතය බිහි විය. එය සිංහල සිනමාවේ “ඇතුල්වීම තහනම්” සිනමාපටයේ ඇතුළත් විය.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවනා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
අන්තර්ජාලයේ Janwar | Shammi Kapoor, Rajendernath | 1965 | Full HD Movie යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු හතළිස් පහයි , තත්පර තිස් එකක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
1,577 downloadsDownload Janwar-1965.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
15 comments
Supun Kaushalya
D P Gamage
පැරණි හින්දි රසිකයන් වෙනුවෙන් මේ කරනා සේවය ඉතාමත් අගය කරමි, 1960 වර්ෂයේ තිරගත වූ Chaudhvin ka chand සිනමාපටයට සිංහල උපසිරසි දෙන්න කියා ඉල්ලා සිටිනවා. මෙයටත් ස්තුතියි...
W T Ajith
Old is gold, thanks for this movie sub!
Priyantha Dayakeerthi
මා විසින් සිංහල උපසිරසි සපයන පැරණි හින්දි සිනමාවලියට අදහස් දක්වන අයට සහ ඒවා බාගත කරමින් නරඹන අයට මාගේ ස්තුතිය පුද කරමි!
කවිඳු ජයවර්ධන
වෙනද වගේම කියන්න තියෙන්නෙ අලුත් ෆිල්ම් බලලා බලලා මේ වගේ පරණ එකක් බලද්දි අමුතුම ගතියක් තියෙනවා.සබ් එකටත් ගොඩක් ස්තූතී.ජය...!!!!
tharindujp
බොහොම ස්තුති අයියේ පරන හින්දි වගේම ඉංග්‍රීසි චිත්‍රපටයකට ත් උපසිර්සයක් දෙන්න කියලා ඉල්ලනවා
Udara Damith
elaaaaaaaa
Deegayu Abeysekera
thanks mr.priyantha
we most like rajesh & shammi
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසි නිර්මාණයට...අලංකාරය පැරණි ගීත තිබෙන චිත්‍රපට ලබාදෙන්න...ඔබට ජය !!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
දහරා මුතු අමා
සිංදු ටික නම් නියමයි.
බොහොම ස්තූතියි උපසිරැසියට.Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
තෑන්ක්ස් සබ් එකට