කොවිඩ් 19 වසංගතයත් එක්ක මුළු ලෝකෙම වරින්වර ලොක්ඩවුන් කළා. අන්න ඒ මුල්ම අගුළු දැමීමේ කාලයෙ දි ලන්ඩන් වල රූගත කෙරුණු මේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටිය රූගත කරලා තියෙන්නෙ අයි ෆෝන් වලින්. සියළු සෞඛ්‍ය උපදෙස් වලට ගරු කරමින් කාර්ය මණ්ඩලය දුරස්ථව ඉඳලා තමයි මේක කරලා තියෙන්නෙ. 2021 අගෝස්තු 06 වෙනිදා නිකුත් වුණ…

කොවිඩ් 19 වසංගතයත් එක්ක මුළු ලෝකෙම වරින්වර ලොක්ඩවුන් කළා. අන්න ඒ මුල්ම අගුළු දැමීමේ කාලයෙ දි ලන්ඩන් වල රූගත කෙරුණු මේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටිය රූගත කරලා තියෙන්නෙ අයි ෆෝන් වලින්. සියළු සෞඛ්‍ය උපදෙස් වලට ගරු කරමින් කාර්ය මණ්ඩලය දුරස්ථව ඉඳලා තමයි මේක කරලා තියෙන්නෙ. 2021 අගෝස්තු 06 වෙනිදා නිකුත් වුණු, පැය 01 මිනිත්තු 26ක මේ චිත්‍රපටිය IMDB එකේ 5.7ක අගයකුත්, කුණු තක්කාලි දර්ශකයේ (Rotten Tomatoes) 98%ක ප්‍රේක්‍ෂක ප්‍රතිචාරත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.
ශ්‍රීමත් ඉයන් මැකලන් සහ කොන්ලෙත් හිල් එක්ක ප්‍රධාන චරිතය වන ජේන් විදිහට Tori Butler-Hart රඟපානවා. අධ්‍යක්‍ෂණය කරන්නෙ ප්‍රධාන නිළියගෙ ස්වාමි පුරුෂයා වෙන Matthew Butler-Hart. මේ දෙපළම තමයි තිර රචනය කරන්නෙත්.
කතාව ගැන කිව්වොත්, ජේන් අමුතු කාමරයක අවදි වෙද්දි, පුටුවක ගැටගහලා, කට බැඳලා තියෙන බව දැන ගන්නවා, එයා ඉන්නෙ කොහේද? කවුද මේ වැඩේ කළේ කියලා එයාට කිසිම අදහසක් නෑ. මේ කාමරෙන් එළියට යන්න පාරක් නෑ. පාරක් හොයා ගත්තත් ටික දුරක් ගිහින් බලද්දි ආපහු හිටපු තැනමයි. භයක් ඇති වෙනකොට ජේන්ගෙ ඇස් ඉදිරිපිට ලොකු ආලෝකයක් දැල්වෙනවා. ආපහු අවදි වෙද්දි ඉන්නෙ මුලින් හිටපු තැනමයි. එකම දවස නැවත නැවතත් එන බව වගේම තමන් කාල පරාසයක හිරවෙලා ඉන්න බව ජේන් ඉක්මනටම හොයා ගන්නවා. කළින් සිද්ධ වුණු දේවල්ම නැවත නැවතත් සිද්ධ වෙද්දි ඉදිරියට වෙන දේවල් ගැන ජේන්ට හෝඩුවාවක් දෙන්න වගේ වෙන කොහෙන්දෝ ඈත තැනකින් කටහඬක් ඇහෙනවා. පාළු පාරවල් දිගේ ගමන් ආරම්භ කරපු ජේන් ක්වොන්ටම් විද්‍යා පර්යේෂණාගාරයක් හොයනවා. මේ අවසානයක් නැති බියකරු සිහිනයෙන් ගැලවෙන්න ජේන්ට පුළුවන් වෙයිද? ඇත්තටම මොකක්ද මේ තැන. සමාන්තර ලෝකයක්ද?
ඉතින් “අනන්තයට යන පාර දිගේ” ඇය යන හැටි, මේක බාගෙන සිංහල උපසිරැසිත් එක්කම බලන්න කියලා ආරාධනා කරමින් මම යනවා.
The Outpost 04 වෙනි කතා මාලාවෙ 05 වෙනි කොටසත් එක්ක ඉක්මනටම මම එන්නම්.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
6,216 downloadsDownload Infinitum-Subject-Unknown-2021.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
15 comments
thilina
Nipun Sameera
Aththa..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Thank you so much!
Udara Damith
elaaaaaa
indika75
thanks..
Pramukmili
Thanxxx bro...........
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
thnx
Ruchira
Thanks for the sub!!!!!!!!!
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie



ado thq ahh .tava deyak kauru hari tv series valta sub dena kauru hari admin kenk hari invnm 911 tv series ekta sub denna plz pattama story ekak tyne eke