Watch Trailer

Death Wish II (1982) Sinhala Subtitles | පෝල් කර්සිගේ දෙවන වික්‍රමය [සිංහල උපසිරසි] [18+]

ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම.. ලිපිය පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි කාරණයක් දැනුම් දෙන්නම්. මේ චිත්‍රපටය අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. වයස සම්පූර්ණ නොවුන කිසිම අයෙක් මේ චිත්‍රපටය බලන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. කොහොමත් ඇතැම් පරණ චිත්‍රපට වල ක්‍රියාදාම හෝ සටන් හෝ මොන ලේබලයේ චිත්‍රපට වුනත් සුළු කොටසක් වැ…

ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම.. ලිපිය පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි කාරණයක් දැනුම් දෙන්නම්. මේ චිත්‍රපටය අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. වයස සම්පූර්ණ නොවුන කිසිම අයෙක් මේ චිත්‍රපටය බලන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. කොහොමත් ඇතැම් පරණ චිත්‍රපට වල ක්‍රියාදාම හෝ සටන් හෝ මොන ලේබලයේ චිත්‍රපට වුනත් සුළු කොටසක් වැඩිහිටියන්ට පමණක් සීමා වූ ලිංගික දර්ශණයක් තියනවා. ඒ නිසාම එකල ලංකාවේ ඉංග්‍රිසි සිනමාව රස වින්දේ වැඩිහිටියන් විතරයි. අපි බැලුවානම් බලන්නේ තාත්තාලා කලින් බලලා එවැනි දර්ශණ නැහැ කියලා තහවුරු කර ගත්ත ඒවයි.

එහෙනම් අපි චිත්‍රපටය පැත්තට හැරෙමු. චාල්ස් බ්‍රොන්සන් රඟන Death Wish චිත්‍රපට මාලාවේ පළමු කොටස ඔයාල බලන්න ඇති. මේ එහි දෙවන කොටසයි. මෙය සම්පූර්ණයෙන්ම පළවෙනි කොටසට සම්බන්ධයි. එනිසා පළමු කොටස බලලා දෙවැන්න බලන්න.

Death Wish II (1982)

නිව් යොර්ක් වල වීදි අපරාධ අඩු වීමත් එක්ක පොලිසියෙන් පෝල් කර්සිට සානුකම්පිතව වෙනත් ප්‍රදේශයකට යන්න කියලා කියනවා. බිරිඳගේ වියෝවෙන් පසු පෝල්ගේ තනියට ඉන්නේ ජෙරී. ඇය මාධ්‍යවේදිනියක්. තම දියණියත් සම්පූර්ණයෙන් සුව වූ පසු පෝල්ගේ අදහස නැවතත් තම ජීවිතය සාමකාමීව ගෙනියන්නයි. ඒත් ආපහු සැරයක් පෝල් ගේ ජීවිතය උඩු යටිකුරු කරමින් නැවතත් ඔහුව වීදි අපරාධකරුවන්ගේ දඩයම්කරු බවට පත් කරනවා.

සුපුරුදු පරිදි පෝල් කර්සි ලෙස චාල්ස් බ්‍රොන්සන් රංගනයෙන් එකතු වන මෙම චිත්‍රපටයේ Jill Ireland, Vincent Gardenia, J. D. Cannon, Anthony Franciosa, Robin Sherwood සහ Ben Frank සමඟින් Laurence Fishburne රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටයේ නිෂ්පාදනය Menahem Golan සහ Yoram Globus විසිනි. අධ්‍යක්ෂණය Michael Winner විසිනි.

විනාඩි 88ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය 1982 පෙබරවාරි මස 11 වනදා එක්සත් ජනපදයේත් ඒ මාසෙම 19 වනදා එක්සත් රාජධානියේත් තිරගත වීම ආරම්භ කර ඇත. චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 6.0 ක්, Rotten Tomatoes 33% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 86%ක කැමැත්ත ලැබී ඇත. චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ.ඩොලර් මිලියන 8.0 ක් වන අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 16.1ක් පමණ වේ.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා.

~ ජය වේවා ~

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,582 downloadsDownload Death-Wish-II-1982.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,582 downloadsDownload Subtitles38 KB

13 comments

  1. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    තුන්වෙනි ෆිල්ම් එකත් හැකි අයුරින් දෙන්න සහෝ.

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට ඉතුරු Death Wish ෆිල්ම් තුනටත් සබ් දෙන්න සහෝ

  3. Suranjan

    Thanks jayawewa....!

  4. Priyantha Dayakeerthi

    Death wish (1972) සිනමාපටයත් නැරඹුවා ඔබේ සබ්වලින්, මෙයත් ඩවුන්ලෝඩ් කළා නරඹන්නට , ස්තුතියි!

  5. Bandara

    Thanks Sameera..sub for part 2

  6. Anonymous

    Death wish පළමු කොටස බැලුවා ඔබේ සබ්වලින්, 60, 70 දශකයේ මෙවැනි ගලායන කතාවක් සහිත තවත් හොඳ ෆිල්ම්වලට සබ් දෙන්න. මෙයත් බලනවා. ස්තුතියි...

  7. pp

    thanks

  8. Anonymous

    mind blowing type eke parana ewa dynko

  9. jagath55

    Thanks

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. Dewadithya

    Thanks for Sub!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.