Watch Trailer

Jaws 3-D (1983) with Sinhala Subtitles | මෝරා 3 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. මෙන්න මගේ විසි හත්වන නිර්මාණය අරන් ආවා. මේ පාර පොඩ්ඩක් පරක්කු උනා මොකද අසනීපවෙලා හිටියා. මොනවා උනත් ඔන්න Jaws චිත්‍රපට මාලාවේ තුන් වැන්න. 1983 මේක නිර්මාණය උනත් කතාව ලස්සනයි. ටිකක් විතර ජුරාසික් පාක් කතාවට සමානයි. කතාව ගැන කියනවා නම් මුහුද අයිනක නිර්මාණය වෙච්ච ජල උද්‍යානයක ව…

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. මෙන්න මගේ විසි හත්වන නිර්මාණය අරන් ආවා. මේ පාර පොඩ්ඩක් පරක්කු උනා මොකද අසනීපවෙලා හිටියා. මොනවා උනත් ඔන්න Jaws චිත්‍රපට මාලාවේ තුන් වැන්න. 1983 මේක නිර්මාණය උනත් කතාව ලස්සනයි. ටිකක් විතර ජුරාසික් පාක් කතාවට සමානයි.

කතාව ගැන කියනවා නම් මුහුද අයිනක නිර්මාණය වෙච්ච ජල උද්‍යානයක වෙච්ච සිද්දියක්  තමා මේක. මෙම උද්‍යානයේ ආරම්භක දිනයේ දීම අත්වැරදීමකින් මෙම උද්‍යානයට ඇතුල් වෙච්ච විශාල මෝරෙක් නිසා ඔක්කොම වැඩ අවුල් වෙන එකත් උගෙන් නරබන්නන් සහ කාර්ය මණ්ඩලය බේරෙන එකත්, මේ අතරේ වතුර යට උමගක හිරවෙන කණ්ඩායමක් බේර ගන්න එකත්  තමා කතාව. පැරණි චිත්‍ර පට බලන්න කැමති අය මේකට ගොඩක් ආස වේවි. ඒ වගේම සත්තු ඉන්න චිත්‍රපට බලන්න කැමති යාළුවොන්ටත් මේක අල්ලලා යාවි.

මම ඊළඟට දෙන්නේ මේකෙම හතරවන කොටස, ඉතින් එකෙන් හමුවෙමු ඉක්මනට. වෙනදා වගේම කියන්න තියෙන්නේ ඔයාලගේ අදහස් මට කියන්න පුළුවන්. පැරණි එහෙත් ජනප්‍රිය චිත්‍ර පට වල නම් මට කියන්න පුළුවන්. මොකද මම කලිනුත් කියුවා. මගේ උත්සාහය ජනප්‍රියව තිබ්බ එහෙත් දැනට බයිස් කෝප් එකේ නැති චිත්‍රපට දෙන්න. ඔන්න එහෙනම් මම ගිහින් එන්නම්.

බුදු සරණයි …..!

Jaws 3-D (1983) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Jaws 3 1983 DVDRip aXXo

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

369 downloadsDownload Jaws-3-D-1983.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

369 downloadsDownload Subtitles38 KB

18 comments

  1. අසංක ප්‍රදීප් රණතුංග

    Jaws 3-D (1983) චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
    700MB DVP Rip එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    05b2f940b7b9dff59f8a36cf7634646efee760eb

  2. රයන් ද සිල්වා

    …………………
    සිංහල උපසිරැසියට ස්තූතියි
    ………………..

    ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු ෴ ජය වේවා෴

    Daybreakers (2010) එකට සබ් එක දෙන්න පුලුවන්ද සහෝ....

  3. Tharaka

    සබ් එකට බොහෝ තෑන්ක්ස්.

  4. kavinda

    බොහොම ස්තුතියි සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  5. Ishan Madusha

    Thanks saho sub 1ta. 13 Assassins(2010),Nowhere to Hide (1999),Battle Royale II: Requiem(2003),
    Kill Bill: Vol. 2 (2004),Paranormal Activity(2007),Paranormal Activity 3 (2011),The Golden Compass(2007),The Delta Force(1986) me movies walata sub denna.jaya wewa!!!

  6. Asitha

    ජය වේවා!!!...

    මේ තියෙන්නේ මෙතෙක් හැදුන හොදම ජපන් ඇනිමේෂන් ෆිල්ම් ටික.torrent වලට දැනට නම් seed තියෙනවා.
    පුළුවන් නම් සබ් දෙන්න.ගොඩක් වටිනවා.ජපන් ඇනිමේෂන් ෆිල්ම් 08 කට විතරයි සබ් තියෙන්නේ.මේවායින් හුගක් ෆිල්ම් IMDB 250 වල ඇතුලේ තියෙන්නේ.

    The Cat Returns (2002)
    Ghost in the Shell 2: Innocence (2004)
    From Up on Poppy Hill (2011
    When Marnie Was There (2014)
    Nausicaä of the Valley of the Wind (1984)
    ghost in the shell (1995)
    Castle in the Sky (1986)
    My Neighbor Totoro (1988)
    Only Yesterday (1991)
    Kiki's Delivery Service (1989)
    Porco Rosso (1992)
    Ocean Waves (1993) (TV)

    මේවත් හොද පරණ ෆිල්ම්.
    Out of Time (2003)
    The Devil’s Rock (2011)
    Sorority Row (2009)
    20,000 Leagues Under the Sea (1954)
    The Abyss (1989)
    Unbreakable (2000)

    1. අසංක ප්‍රදීප් රණතුංග

      මම ඔක්කොම නොට් කර ගන්නම්. බලමු දෙන්න පුළුවන් ඒවා මොනවද කියාලා. බොහොම ස්තුතියි. සහෝ.

    2. Asitha

      එලම

  7. Darshana Tharanga

    Oya karana wade niyamai. Bohoma Sthuthi. Thawa thawath me wade sarthaka wenna one. Me film walatath sub denna puluwanda? Galaxy Quest - 1999, King Cobra - 1999, Tarzan, the Ape Man - 1981, Robin Hood: Prince of Thieves - 1991, 12 Rounds - 2009

  8. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  9. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  11. Withanage Priyantha Dayakeerthi

    මෙම චිත්‍රපට මාලාව මීට පෙර සිංහල උපසිරසි නොමැතිව මා නරඹා තිබෙනවා, උපසිරසි සහිතව නැවත ඒවා බලන්නට සැලසුවාට ඔබට ගොඩක් ස්තුතියි! එවැනි මතකයේ රැඳෙන, වැදගත් සිනමා සිනමා නිර්මාණ තෝරා ගන්නා අය මේ වෙබ් එකේ හරිම අඩුයි. කලාත්ම චිත්‍රපට ප්‍රිය කරනා අපවැනි අයට ඔබවැනි කෙනෙක් ඉතා වටිනවා. ඉදිරි නිර්මාණත් එසේම වෙවියයි මා සිතන්නෙමි.
    ස්තුතියි! හැකිනම් ක්‍රිස්ටෝපර් ලී රඟපෑ පැරණි "Dracula" චිත්‍රපටයක් උපසිරසි කරන්න.

  12. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Sohan jayasooriya

    Thanx bro..jaya weva!

  15. Hashan M. Priyadarshana

    Thanks bro sub eka dunnata..
    Jaya wewa!