2022 වසරේ ඔක්තොම්බර් 28 වෙනි දින නිකුත් වුණ Jaya Jaya Jaya Jaya Hey සිනමා නිර්මාණයට උපසිරැසි අරගෙනයි අද මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. Vipin Das, Nashid Mohamed Famy එක්ව තිර රචනා කර අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමා නිර්මාණය කාන්තා කේන්ද්‍රීය සිනමා නිර්මාණයක්. මෙම නිර්මාණයට Darshana…

2022 වසරේ ඔක්තොම්බර් 28 වෙනි දින නිකුත් වුණ Jaya Jaya Jaya Jaya Hey සිනමා නිර්මාණයට උපසිරැසි අරගෙනයි අද මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. Vipin Das, Nashid Mohamed Famy එක්ව තිර රචනා කර අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමා නිර්මාණය කාන්තා කේන්ද්‍රීය සිනමා නිර්මාණයක්. මෙම නිර්මාණයට Darshana Rajendran, Basil Joseph ඇතුළුව අති දක්ෂ නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. උපසිරසිය අරන් එන්නත් සති කීපයක් ගතවුණ හින්දා අපි වැඩි විස්තර නැතිවම කතාව ගැන පොඩ්ඩක් බලමු නේද?
අද කථාවේ කථා නායිකාව ජයාභාරතී. ඔයාලා අතරින් කී දෙනෙකුට තමන්ගේ සහෝදරයගේ නමට ගැළපෙන්න නම් දාලා තියෙනවද? අපේ ජයාටත් ඒ නම උරුම වුණේ තමන්ගේ එකම අයියා ජයන් හින්දා. නම විතරක් නම් බැරියැ
ගෙදර වියදම් අඩු කර ගන්න පුංචිම කාලේ ඉඳන් අයියා පාවිච්චි කරපු සෙල්ලම් කාර්, අයියගේ ඇඳුම් පැළදුම්, පාවිච්චි කරපු පොත් පත් මේ හැමදේකම පසු උරුමක්කාරයා වෙන්න ජයාට සිද්ධ වුණා. හැබැයි උස් මහත් වෙද්දි මේ දේවල් වල වෙනස ජයාට තේරුණත් ඒවට කට අරින්‍න හැකියාවක් ජයාට තිබුණේ නෑ. මොකද ගෙදර තීරණ ගන්නේ වැඩිහිටියො හින්දා ජයා ඒ හැමදේටම ඉවසන් හිටියා. ජයාගේ ජීවිතේ පාලනය කරේ ගෙදර අම්මා, තාත්තා විතරක් නෙමේ ජයාට අපූරු මාමා කෙනෙක් හිටියා. අපරාදේ කියන්න බෑ ජයාගේ මාමා කියන්නේ මනුස්සයෙක්ව කකුලෙන් ඇදලා වළකට දාලා, වළ පස් වලිනුත් වහලා, ඒ වළ උඩින් මල් හිටවන ජාතියේ රත්තරන් මනුස්සයෙක්. ජයාගේ ජීවිතේ හැම වැදගත් තීරණයකටම උදැල්ල දාන්න මේ මාමා සැදී පැහැදී හිටියා. ඉගෙන ගෙන තමන්ගේ ජීවිතේ විමුක්තිය උදා කර ගන්න ආසාවෙන් හිටපු ජයාට මේ වැඩිහිටියෝ එකතු වෙලා කසාදයක් බන්දලා දීලා අඳුරෙනුත් අඳුරට තල්ලු කරලා දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ජයාට තමන්ගේ ජීවිතේ ආලෝකමත් කර ගන්න ලැබෙයිද?
මේක බලන්නම ඕන චිත්‍රපටියක්. කෝටි 5 ක පිරිවැයකින් නිර්මාණය කරලා කෝටි 45 ක ආදායමක් ලබපු මේ වටිනා සිනමා නිර්මාණය ගැන තවත් අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නෑ කියලා හිතනවා. අනිවාර්යයෙන්ම බලන්න. අමතක කරන්න එපා මේක ප්‍රහසන සිනමා නිර්මාණයක්.
එහෙනම් තවත් උපසිරසියකින් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
7,526 downloadsDownload Jaya-Jaya-Jaya-Jaya-Hey-2022-1.zip5.0 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
39 comments
Naveen Mbr
Sujith
බොහොම ස්තූතියි සබට..
Ravindu_Heshan
Thank you akke
Anonymous
බොහොම ස්තුතියි උපසිරසියට
බලන්නම හිටපු ෆිලුමක්
බයිස්කෝප් එකෙන් දෙයි කියලනම් හිතුවේ නෑ
තවත් හොදට බලන්න පුලුවන් දැන්Rajitha
Thanks sister
Anonymous
අකුරු චූටියි...පොඩ්ඩක් ඒක හදනවද
විමා
උපසිරැසි ගැටළුව නිවැරදි කර ඇත!
Anonymous
තෑම්ක්ස් බොම්කි❤️
විමා
උපසිරසියට බොහොම ස්තුතියි අක්කේ.
අනිවා බැලිල්ලක්.
මලයාලම පණ ගස්සවල ගමු ආයේ.Anonymous
සබ්ටයිටල් එක පේන්නෙ නෑනෙ සමහර වචන තියෙන්නෙ උඩ කෙලවරේ. :(
Anonymous
උපසිරැසි ගැටළුව නිවැරදි කරලා තියෙන්නේ
දනිත
අක්කා ❤️
මිනුල
මලයාලමක් නැතුව පාලුවෙන් හිටියේ
බොහොම ස්තුතියි සබට
පුලුව්නිනම් ප්‍රිත්විරාජ් ගෙ අලුත්ම මලයාලමත් සබ් දෙමුNaveen
උපසිරසියට තුති
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ. ජයවේවා!
Anonymous
Patta
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!
Samith
Thanks sister
මයුර
තෑන්ක්ස් අක්කේ..
මයුර
බොහොම ස්තූතියි අක්කේ. මේ බලලා ඉවර වුණා විතරයි. කාලෙකින් රහට මලයාලමක් බැලුවේ. නැත්තම් ඉංග්‍රීසි සබ් එක්කමයි මේ ටිකේ බැලුවේ. පුලු පුලුවන් වෙලාවට මලයාලමක් ගේන්න ❤️
Anonymous
මලයාලම් වැඩිපුර දෙන්න සිස්
ජය වේවාප්රදීප්
අම්මෝ සිස් පට්ට ෆිල්ම් එක.දැන් මම බලලා ඉවර වුනේ.බෙහොම ස්තුතියි උපසිරසියට
Idunil Weerasinghe
Thanks sister
L.Y
තැන්ක්ස් සබට
Kooman-2022 Malayalam Movie එකටත් සබ් දෙමුDeshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
ජය වේවා!!!ගීත්
තැන්ක්ස් සහෝ
Mohotti H
Thanks
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
bunny
Thanks buddy
Madhushani Gamage
උපසිරසියට බොහෝම ස්තූතියි.. සබ් දෙනකන් බලන් හිටපු එකක්..ෆිල්ම් එක බලලම ආයේ ආවේ ස්තූති කරලා යන්න. සබ් එක ගැන ආයේ කියන්න දෙයක් නෑ සුපිරියටම තිබුණා.
indika 75
thanks..
Anonymous
thanks subashini
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Tharindu
Please Provide SRT Subtitle file please
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilana Nethsara
Subtitle File eka Wada karanne nane
Sanupa Ranmeth
Media Player Classic එකෙන් ට්‍රයි කරලා බලන්න සහෝ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි අක්කේ!