කොහොමද හැමෝටම? ඔන්න මන් තවත් උපසිරැසියක් අරගෙන ඉක්මනටම ආවා, Vanishing Time: A Boy Who Returned කියන 2016 අවුරුද්දේ නිකුත් වුනු කොරියන් චිත්‍රපටියට තමයි අද මන් මේ උපසිරැසි අරගෙන ආවේ. Romance, Drama, Fantasy, Supernatural කියන කැටගරිවලට අයිති වෙන මේ චිත්‍රපටියේ තිර රචනය හා අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්…

කොහොමද හැමෝටම? ඔන්න මන් තවත් උපසිරැසියක් අරගෙන ඉක්මනටම ආවා, Vanishing Time: A Boy Who Returned කියන 2016 අවුරුද්දේ නිකුත් වුනු කොරියන් චිත්‍රපටියට තමයි අද මන් මේ උපසිරැසි අරගෙන ආවේ. Romance, Drama, Fantasy, Supernatural කියන කැටගරිවලට අයිති වෙන මේ චිත්‍රපටියේ තිර රචනය හා අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නේ Uhm Tae Hwa විසින්. මේ චිත්‍රපටිය නිර්මාණයට මූලික අදහස වෙලා තියෙන්නේ 2014දී සිදුවුනු MV Sewol නෞකාවේ ඛේදවාචකය. එයින් ජීවිතක්ෂයට පත්වුනු පුද්ගලයින් ගණන 299ක් වුනා. ඒත් කොරියානු රජය විසින් මේකේ ඇත්ත වසන් කරන්න උත්සහ කලා. ඉතින් Uhm Tae Hwa විසින් එම සිදුවීමේ ප්‍රධාන සිරස්තලය වුනු සත්‍යය සොයාගැනීම තේමා කරගෙන චිත්‍රපටියක් නිර්මාණය කරනවා. ඉතින් මේ චිත්‍රපටිය 2014 වෙච්ච MV Sewol නෞකාවේ ඛේදවාචකය ගැන නම් නෙවේ, ඒක පදනම් කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටියක්. පැය දෙකයි මිනිත්තු දහයක් පුරාවට දිවයන මේ චිත්‍රපටිය කුතුහලයෙන් නරඹන්න පුළුවන්.
CAST – රංගන දායකත්වය
• Shin Eun Soo – සූ රින්
• Kang Dong Won – සන්ග් මින් [වැඩිහිටි]

Plot Synopsis – කතා සාරාංශය
සූ රින් කියන්නේ හය වසරේ ඉගෙන ගන්න ගැහැනු ළමයෙක්. එයාට ඉන්නේ එයාගේ බාප්පා විතරයි. බාප්පගේ රස්සාවේ වැඩ හින්දා හ්වානෝ දූපතේ පදිංචියට යන්න වෙනවා. එහෙම ඉස්කෝලෙකට මාරු වෙන සූ රින්ට එහෙ ඉන්න කැමැත්තක් ඇත්තෙම නෑ. ඒත් දවසක් එයාට සන්ග් මින් කියලා පිරිමි ළමයෙක් හම්බවෙනවා. සන්ග් මින් ඉන්නේ ළමා නිවාසෙක. එයත් ඉගෙන ගන්නේ සූ රින්ගේ ඉස්කෝලෙම තමා. ඔහොම ටික කාලයක් යද්දි ඒ දෙන්නා හොද යාළුවෝ වෙනවා.
ඒ අතරේ සන්ග් මින්ට සූ රින් ගැන ආදරයකුත් හිතෙනවා. එක දවසක් සන්ග් මින් එක්ක එයාගේ යාළුවෝ වෙන ටේ ෂික්, ජේ වුක් එක්ක කන්දට යන්න ඉන්නකොට සූ රින් දැකලා එයත් එයාලා එක්ක යන්න එනවා. කන්දට ගියාම එයාලට ලොකු ගහක් හම්බෙනවා. ඒ ගහේ ලොකු කුහරයක් තියේ. ඒ කුහරේ ගිහින් බැලුවම තිබ්බේ ගුහාවක්. ඒකේ තිබිලා එයාලට බිත්තරයක් වගේ දෙයක් හම්බෙනවා. ඒ බිත්තරේ කුඩු කරලා බලන සන්ග් මින් යි එයාගේ යාළුවෝ දෙන්නයි එකපාරම අතුරුදහන් වෙනවා. දින කීපයක් ගියාට පස්සේ සන්ග් මින් ආයේ එනවා වුනත් ඒ එන්නේ පුංචි සන්ග් මින් නම් නෙවේ, වැඩිහිටි සන්ග් මින්.
එහෙම වෙන්නේ කොහොමද? ඇත්තටම එයා සන්ග් මින් මද? නැත්තම් සන්ග් මින් කියලා රවට්ටනවත්ද? කොහෙද එහෙනම් එයාගේ යාළුවෝ දෙන්නා? ඒවට උත්තර දැනගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා.
කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා, එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු, හැමෝටම සුභ දවසක්!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,845 downloadsDownload Vanishing-Time-A-Boy-Who-Returned-2016.zip2.8 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-01-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නයන බුද්ධික
Subtitles
26 comments
Anonymous
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දිගටම කොරියන් ඒවට සබ් දෙමු. ජයවේවා!
Anonymous
තැන්ක්ස් ලොක්කා
Kushan
Sub akta thanks
Lahiru
Spiritwalker එකත් බැලුවා
ඒකත් සුපිරි ෆිලුම
2022 ආපු කොරියන් ත්‍රිලර් ෆිල්ම් ටිකකුත් දෙන්න පුලුවන් නම්
ජය වේවා සහෝAnonymous
thanks
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Rajitha
Thanks brother
J.kaushalya
Ela bro
J.kaushalya
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
අලුතින් ආපු කොරියන් සෙට් එකටත් සබ් දෙමු බ්‍රෝ
L.Y
සබට තැන්ක්ස්
Thriller ,Mystery ටයිප් එකෙ කොරියන් සබ් දෙමුNayana Buddhika
කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි❤️
Dewadithya
Thanks for Sub!
Anonymous
සබ් එකට තැන්ක්ස් සහෝ.
කොරියන් දෙන එක නවත්තන්න එපා දිගටම දෙන්න අපි ආසාවෙන් බලනවා.
මගහැරුණු ගොඩක් ඒවා තියෙනව.Anonymous
පුළුවන් නම් අලුත් ඒවටම දෙන්න.
Bandula
Thanks bro
Sulakshana Thilakarathna
ජය වේවා සහෝ, බොහොම ස්තූතියි korean sub එකක් දුන්නට...
Malith
Thanks saho sub ekata
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
broker korean film ekatath sub dennko
Theeraka Daham
කතාවෙ start එක මැද හරිය වගෙ නම් මාරම ලස්සනයි ❤️.එත් කතාවෙ end එකටනම් මන් පොඩ්ඩ්ක් වත් ආස නැ එක අසාදාරණයි. කොහොම උනත් කතාව පාරම ලස්සනයි ❤️. Thanks bro sub එකට ❤️
Krishani
Thank you ️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
කොරියන් සබ් දෙන එක ගොඩක් වටිනවා
බයිස්කෝප් එකේ ලොකු අඩුවක් මේ පිරවෙන්නේ
දිගටම අපිට කොරියන් ඒවම දෙන්න.
බොහොම ස්තුතිය්.