බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2022 වසරේ තිරගත වූ මලයාලක් සිනමාපටයක උපසිරැසියක්. පොඩ්ඩක් පරක්කු උනා ඒකට සමාවෙන්න. මේක මගේ දෙවෙනි මලයාලම් උපසිරැසිකරණය. 2022 දෙසැම්බර් මස 22 වන දින තිරගත වුන මෙම සිනමපටය, G. R. Indugopan ගේ Shankumukhi තිය ඇසුරෙන්, Shaji…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2022 වසරේ තිරගත වූ මලයාලක් සිනමාපටයක උපසිරැසියක්. පොඩ්ඩක් පරක්කු උනා ඒකට සමාවෙන්න. මේක මගේ දෙවෙනි මලයාලම් උපසිරැසිකරණය.
2022 දෙසැම්බර් මස 22 වන දින තිරගත වුන මෙම සිනමපටය, G. R. Indugopan ගේ Shankumukhi තිය ඇසුරෙන්, Shaji Kailas විසින් අධ්‍යක්ෂණය කරන ලදි. Dolwin Kuriakose, Jinu V. Abraham, Dileesh Nair, Vikram Mehra, Siddharth Anand Kumar යන අය විසින් මෙම සින්මාපටය නිෂ්පාදනය කර ඇත. Prithviraj Sukumaran විසින් ප්‍රධාන චරිතය නිරූපණය කරන මේ සිනමාපටයට Asif Ali, Aparna Balamurali හා Anna Ben යන නළු නිලියන් ද මේ සදහා දයක වී ඇත. මේ සිනමාපටය Action Thriller ගණයට අදාල වෙනවා
විශේෂයෙන්ම මේ ෆිල්ම් එක තමා ප්‍රීතිවිරාජ් ගේ 2022 වසරේ තිරගත වූ අවසාන ෆිල්ම් එක. මේ අවුරුද්දෙ ප්‍රිතිවිරාජ් ගෙ ෆිල්ම් 6 ක් තිරගත වුනා. ඒ අතරින් Jana Gana Mana, Kaduva සහ මෙම සිනමා පටය ද බොක්ස් ඔෆිස් සාර්ථකත්වයට පත් වෙන්නට හැකි වුනා. ඒ වගේම වසරකදි වැඩි සිනාමපට ප්‍රමාණයක් තිරගත කරන ඉන්දියානු නළුවන් අතර ඔහු ද පෙරමුණේ ඉන්න කෙනෙක්.
අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු. කේරලයේදි 2007 දි බලාත්මක කරපු නීතියක් තියෙනවා Kaapa(Kerala Anti-social Activities Prevention Act) කියලා. සමාජ ආරක්ෂාවට හා සාමය බාධා වන පුද්ගලයින් ට බලාත්මක වෙන නීතියක් තමා මේක. බිනු සහා ආනන්ද් යන යුවල ත්‍රිවේන්දම් නගරයේ පදිංචියට එනවා, එසේ පදිංචියට එන අය මේ kaapa ලිස්ට් එකට අයිති අය ඉන්නවා ද කියලා පොලීසියෙන් සොයා බලනවා. එතකොට ආනන්ද් දැනගනනවා එයාගෙ බිරිද මේ ලිස්ට් එකේ ඉන්නවා කියලා. ඒ වගේම ත්‍රිවේන්දම් නගරෙ රජ කරගෙන ඉන්න මැරයෙක් ඉන්නවා. ඒ තමා “කෝට්ට මදු”. ඉතිං ආනන්ද් තමන්ගෙ බිරිදගෙ නම මේ ලිස්ට් එකෙන් අයිං කරන්න මොකක් ද ගන්න ක්‍රියාමාර්ගය?. කෝට්ට මදු කියන්නේ කවුද, එයාගෙ පසුබිම මොකක් ද?, බිනු කියන්නෙ කවුද එයාගෙ පසුබිම මොකක් ද? කාගෙ ඉරණම ද විසදෙන්නෙ අවසානෙ දි. ඒක ගැන දැනගන්න නම් මේ කතාව අනිවාර්‍යෙන් නරඹන්න කියලා මං ඔයාලගෙං ඉල්ලා සිටිනවා.
මේ ෆිල්ම් එකේ කතාවේ අවසානයේ කෙනෙක් ගේ ඉරණමක් විසදෙනවා. දැක්කාම මට පෞද්ගලිකව මතක් උනේ “ගිණි අවි සහ ගිණිකෙලි” නාට්‍යයේ පද්මෙ ගෙ අවසානය වුන හැටි මතක් උනා. මේක මට පෞද්ගලිකව හිතුන දෙයක්. අනිත් අයට කොහොමද කියන්න නම් දන්නෙ නෑ. ඔයාලත් ඒක නරඹලාම කියන්නකො.
ප්‍රිතිවිරාජ්ගේ මේ අවුරුද්දෙත්(2023) ෆිල්ම් කීපයක්ම එන්න තියෙනව. Vilayath Buddha (2023), Aadujeevitham (2023), Khalifa (2023), Guruvayoor Ambalanadayil (2023) ඒ අතර වෙනවා.
එහෙනම්, තවත් මෙවැනිම උපසිරැසියකින් නැවත හමුවන තෙක් ඔබට තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
10,863 downloadsDownload Kaapa-2022-1.zip5.0 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
36 comments
kanishka
Naveen Mbr
බොහොම ස්තූතියි අයියේ!
Ravindu_Heshan
❤️❤️❤️❤️
මිනුල
බොහොම ස්තුතියි සහෝ
බයිස්කෝප් එකෙන් සබ් වැටෙනකන් ෆිලුම ඩවුන්ලෝඩ් කරන් බලන් හිටියේAnonymous
මලයාලම් වැඩිපුර දෙන්න බ්‍රෝ
ජය වේවාසුභාෂිණී මල්ලව ආරච්චි
උපසිරසියට ගොඩක් ස්තූතියි මල්ලි ❤️
Naveen
උපසිරසියට තුති
Idunil Weerasinghe
Thanks brother
L.Y
තැන්ක්ස් සබට
Dhamaka telugu movie එකටත් සබ් දෙමුKushan
Sub akta thanks
Anonymous
මලයාලම් ෆිලුමක් කාලෙකින් දැක්කේ බයිස්කෝප් එකෙන්
එල එලBimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!Anonymous
සුපිරියක් තමයි
ටැන්කු ටැන්කුගීත්
තැන්ක්ස් සහෝ
Anonymous
ප්‍රිත්විරාජ් ගේ ෆිලුමක් නොබල කෝමෙයි
තැන්ක්ස් මචෝBuddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Samith
Thanks brother
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
bunny
Thanks buddy
විනෝද්
තැන්ක්ස් බ්‍රදර්
ජනා
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Anonymous
Patta
Anonymous
Thanks for sub
dulan
ස්තුතියි !
NPP
Jaya wewa
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Malith
Thanks sub ekata
THAWWA
THANKS FOR SUB BAISCOPE
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..dylan
Thanks brother
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Meke fromt eka wenas karala denna pulwanda
Anu
me sub eke fromt eka wenas karala denna puluwanda
Advertisement
oya nam Supiri heshan