පින්කි… මගෙ පොඩි කාලෙ හොඳම යාලුවා… මගෙ ආදරේ… එයා ගොඩක් පෝසත් පවුලක කෙනෙක්. ඒත් මම කාත් කවුරුවත් නැති අනාත කොල්ලෙක්… එයා හිටියෙ ලොකු ලස්සන බංගලාවක. ඒත් මම හිටියෙ ගමේ තියෙන දේවාලෙ. ඉතින් අපෙ යාලුකමට ගොඩක් බාධා ආවා. ‘තුට්ටු දෙකේ කොල්ලෙක් මගෙ දුවත් එක්ක පෑහෙන්නද හදන්නෙ? මගෙ දුවත් එක්ක සෙල්ලම් කරන්න මොක…

පින්කි…
මගෙ පොඩි කාලෙ හොඳම යාලුවා…
මගෙ ආදරේ…
එයා ගොඩක් පෝසත් පවුලක කෙනෙක්.
ඒත් මම කාත් කවුරුවත් නැති අනාත කොල්ලෙක්…
එයා හිටියෙ ලොකු ලස්සන බංගලාවක.
ඒත් මම හිටියෙ ගමේ තියෙන දේවාලෙ.
ඉතින් අපෙ යාලුකමට ගොඩක් බාධා ආවා.
‘තුට්ටු දෙකේ කොල්ලෙක් මගෙ දුවත් එක්ක පෑහෙන්නද හදන්නෙ?
මගෙ දුවත් එක්ක සෙල්ලම් කරන්න මොකක්ද මූට තියෙන තත්ත්වෙ?
අද මේකා නිසා මගෙ දුව අසනීප වුනා. හොඳටම උන!
අදින් පස්සෙ මූ මගෙ දුවත් එක්ක ඉන්නවා දැක්කොත් එහෙම…
මම මූට වෙඩි තියනවා’
පින්කිගෙ තාත්තා එහෙම කියල මාව එලව ගත්තා.
එයා පින්කිවත් එක්කගෙන ආපහු මුම්බායට ගියා.
ඒත් යන්න කලින් පින්කි මට එක තෑග්ගක් දෙනවා.
ඒ තමයි ලස්සන සංගීතයක් ඇහෙන ඔරලෝසුවක්.
මාත් මාව මතක් වෙන්න පින්කිට දුන්නා පුංචි දේව රූපයක්.
අපි දෙන්නා වෙන් වුනා…
ඔය අතරෙ දේවාලෙට ආපු කෙනෙක්
මාව පවුලෙ කෙනෙක් වගේම හදාගත්තා.
එයා මාව මුම්බායට එක්ක ගියා.
මාත් එයාලගෙ පවුලෙම කොටසක් වුනා.
මගෙ එකම බලාපොරොත්තුව
කොහොම හරි පින්කිව හොයා ගන්න එක.
ඉතින් මට මගෙ ආදරේ හොයා ගන්න පුලුවන් වෙයිද කියල බලාගන්න නම්, මේ කතාව ඉවර වෙනකන්ම බලන්න වෙනවා.
අද අරගෙන ආවෙ 2002 අවුරුද්දෙ තිරගත වුන බොහොම ජනප්‍රිය ඒ වගේම ලස්සන සිංදු තියෙන චිත්‍රපටියක්. 1946 දි තිරගත වුන Anmol Ghadi චිත්‍රපටියෙ Remake එකක් වන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Talat Jani. rරංගනයෙන් දායක වෙන්නෙ Kareena Kapoor, Mallika Sherawat සහ Tusshar Kapoor. සංගීතය Nadeem–Shravan. ගීත ගායනයෙන් Sonu Nigam, Alka Yagnik, Babul Supriyo, Kavita Krishnamurthy, Abhijeet, K.K සහ Sunidhi Chauhan එක් වෙනවා.
මේ චිත්‍රපටියට සීඩ්ස් තියෙන ටොරන්ට් ලින්ක් එකක් තිබුනෙ නැහැ. ඉතින් YouTube එකේ පැය 2.18.59 ක ධාවන කාලයක් සහිත Jeena Sirf Merre Liye (2002) Full Movie – Kareena Kapoor, Tusshar Kapoor – Bollywood Romantic Movies කියන කොපියට තමයි සබ් එක කලේ. ඒ නිසා වෙන කොපි වලට සබ් එක ගැලපෙයිද කියලනම් කියන්න බැහැ. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි YouTube හි 2:18:59 ධාවන කාලයෙන් යුත් පිටපත හා බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් නිකුත් කරනා පිටපත සඳහා පමණක් අදාළ වේ.
3,052 downloadsDownload Jeena-Sirf-Merre-Liye-2002.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
18 comments
Sameeambrose
යුරාන් ධනුක (දනුවා)
මේක හරිම ලස්සන ෆිලුමක්නේ
බොහෝම ස්තූතියි මුතු අක්කේ !!!Pasindu Madumal
වටිනවා අක්කේ..!
බලන්න ඕනේ ෆිලුමක්,
සබට තුති වේවා අක්කේ ❤️Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
sub eka niyamaithank you
Supun Kaushalya
තෑන්ක්ස් දහරා
L.D> Nuwandi Dewmini
Thanks
Dilum Kulathunga
ammooh..kiyanna wachana na .supiri film ekak.podi kale patta asawen balapu film ekak.thank you wewaaa.
kumaradasa
podi kala asawan balapu film ekak.film eka sindu walatat sub hadala tiyanawa mahansi wala,apahu sub ekka film eka balanda puluwan.bohoma stutie sub ekata.film eka baiscope site eka dala tibba dakapu gaman download kara.hadawathata danana film ekak.mata podi dawas wala baladdi ara mulinma yana sinduwa sinhala tharuma pawa mataka hitiya.a matakaya tamat tiyanawa.
Anonymous
TNx nangiyo..harima lassanai.. puluwannm mekata sub dennako.. (khushi-2003)fardeen and kareena...
Rashi Iddamalgoda
Thanx sis
Dilwale 1994 sub දිලා තියෙනවා. Dvd rip, you tube hd aka තියෙනවා පුලුවන් නම් sub එක ඒකට update කරලා දෙන්න plz
බුදු සරණයි oyata.Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
malith madhushan
oyaa ge wadak nam aniwa balanawa akke onna math gaththa sub eka bohoma sthuthi
Sanju
balanna asawan idapu filmes akka Thank youuu
kushi 2003 Hindi filmes akata sub dawada ......හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
charith kumara
12 monkeys season 04 Sinhala sub denna puluwanda
Lasantharathnasirirox
මුතු නංගී බොහෝම ස්තුතියි උපසිරැසියට ....දිගුකල් වැජඹෙවා..ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
යන්තම් ඇති දාලා....ගොඩාක් තෑන්ක්ස් මේකට නං