Watch Trailer

Jeeva (2014) with Sinhala Subtitles | ප්‍රේමයද? ක්‍රිකට්ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න දීපවාලී දවසේ දෙන මගේ දෙවැනි උපසිරැසි නිපැයුම. ඔයාලට තෑගි වෙනුවෙන් ගේන්න හිතුවා. ලොකු කට්ටක් කාලා තමයි දෙවැනි උපසිරැසියකුත් හැදුවේ එකම දවසේ දෙන්න. ඒ ගැන ඉතින් කෘතගුණ සලකයි කියලා හිතනවා ඉතින්… මේ ෆිලුමත් 2014 වර්ෂයේ ආපු ලස්සන ආදර කතාවක්. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කරගෙන තමා චිත්‍රපටය ගලාගෙ…

Jeeva (2014)

ඔන්න දීපවාලී දවසේ දෙන මගේ දෙවැනි උපසිරැසි නිපැයුම. ඔයාලට තෑගි වෙනුවෙන් ගේන්න හිතුවා. ලොකු කට්ටක් කාලා තමයි දෙවැනි උපසිරැසියකුත් හැදුවේ එකම දවසේ දෙන්න. ඒ ගැන ඉතින් කෘතගුණ සලකයි කියලා හිතනවා ඉතින්…

මේ ෆිලුමත් 2014 වර්ෂයේ ආපු ලස්සන ආදර කතාවක්. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කරගෙන තමා චිත්‍රපටය ගලාගෙන යන්නේ. රටක ජාතික කණඩායම නියෝජනය කරන්න යාමේදී මොන මොන හැලහැප්පීම් සිදුවෙනවාද? ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව තුල තිබෙණ දූෂිත තේරීම් කමිටු, ඒවාට ඇති දේශපාලන හස්ත වල බලපෑම, ඒවායින් සිදුවන අලාභය, ඒ නිසා දක්ෂ ක්‍රීඩකයින්ට ඒ වගේම කිසිම මුදල් හෝ දේශපාලනික පසුබිමක් නැති දක්ෂතාවය උපරිම මට්ටමේ සිටින ක්‍රීඩකයින්ට ඉදිරියට ඒමට නොහැකි වීම. යනාදී මාතෘකා ගැන මනාවට කතාකරන ඒ අස්සේ ලස්සන ආදර කතාවක්, ඒකත් සමාජයට වැදගත් පණිවිඩයක් දෙන පාසල් ප්‍රේමයෙන් පටන්ගත් ප්‍රේම කතාවක් තමයි චිත්‍රපටය පුරාවටම ගලා යන්නේ. බලන්නම වටින කතාවක් කියලා නිර්දේශ කරන්න පුළුවන්.

මේ ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sueenthiran විසිනි. ඒ වගේම ප්‍රසිද්ධ ඒ වගේම හොඳ යාළුවන් වන තරුණ නළු දෙපලක් වන “ආර්යා හා විශාල්” ඇතුලු Suseenthiran ,R.Madhie,Rajeevan,S. shanmugam,Atlee Kumar යන අය විසින් නිෂ්පාදනය කරලා තියන මේ ෆිලුමේ නම තමයි “ජීවා” මෙහි රංගන දායකත්වය සපයන්නේ Vishnu හා Sri Divya යන අයයි. සංගීතය D.Imman අතින් සිදුවී තියනවා. ඒ වගේම මියුරු ගීත ටිකකින් හා දුක්බර ගීත දෙකකින් හැඩවෙලා තියනවා. ඔයාලගේ රසවින්දනය උදෙසා ගීත සියල්ලක්ම හැකි උපරිම ලෙස උපසිරැසි ගන්නා තිබෙණවා. ගීත පමණක්ම නෙමෙයි මුළු ෆිලුමෙම ඉංග්‍රීසි සබ් තිබුණත් අසා ලිවීමක් තමයි කරලා තියෙන්නේ.

කතාව ගැනත් කියන්නම් නේ. මුලින්ම කතාව පටන් ගන්නේ ජීවා (විශ්ණූ) විසින් ක්‍රිකට් දිවිය ගැන කරන විස්තර කිරීමකින්. එහිදී ඔහුගේ කුඩා කාලයේ ඉඳලා ක්‍රිකට් වලට අත්පොත් තැබූ ආකාරය ගැන කතාව ගලාගෙන යනවා. මෙහෙම කාලය ගෙවිලා පාසල් ක්‍රිකට් කණ්ඩායමට බැඳෙන ජීවා එහිදී පාසලේ දක්ෂ ක්‍රිකට් තරුවක් වෙනවා. මෙහෙම ඉද්දී 11 වසරේ ඉගෙන ගනිද්දී තමන්ගේ නිවස අසළ නිවසකට පවුලක් පදිංචියට එන අතර ඒ පවුලේ සිටින අක්කා නගෝ දෙන්නා අතරින් අක්කා ජීවාගේ වයසේ පසුවෙනවා. මුලදී ජීවාට අයියා යයි පවසන මැය පසුව ජීවා කියාම අමතන්න පටන් ගන්නවා. පස්සේ ජීවා සිතනවා මැය තමාට ආදරය කරන බව, පස්සේ එය සිතූ පරිදිම සිදුවෙයි. පාසල් කාලයේ පෙම්වතුන් වන මොවුන් දෙදෙනා පස්සේ ඒවා ගෙදරට මාට්ටුවෙන අතර එයින් වන සිද්ධි දාමය හා එයින් පසුව මේ අයගේ ජීවිත කෙලෙස වෙනස් වුනේද කියලා බලන්න ඉතින් ඔයාලට බාරයි මොවුන් නැවත හමුවුණාද? නැවත පෙම්වතුන් වුණාද? ජීවාගේ ක්‍රිකට් දිවිය මොනවගේ වෙයිද? එහිදී සිදුවන හැල හැප්පීම් මොනවාද? තවත් ඉතින් නොකී කතා ගොඩාරියක් තියනවා ඒවා ඉතින් දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

එහෙනම් මම අදට ඔයාලගෙන් සමුගන්නම්. සුබම සුබ දීපවාලී උත්සවයක් වේවා යැයි දීපවාලී සමරන හා සමරන්නේ නැති අයටත් ප්‍රාර්ථනා කරනවා. මොකද ඉතින් මේ ලංකාවේ අපි ඔක්කොම එකම ජාතියක් නිසා. වෙනදා වගේම ලිපියේ සංස්කරණ කටයුත් වෙනුවෙන් වරුණ රංගජිත් අයියාට ස්තූතිවන්ත වෙනවා. ඔයාලට ජයෙන් ජයම වේවා…!!!

Jeeva (2014) on IMDb

 

 

400 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

2C2A0BC6920E6F93BDFE7F8DB03B09D461F30CEC

700 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

D785B0CE2BFD859FE8898665162F4B5F5C09EE2B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,112 downloadsDownload Jeeva-20141.zip121 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිරාජ් ප්‍රියන්ත

Subtitles

3,112 downloadsDownload Subtitles121 KB

18 comments

  1. achi

    දීල තියන චිත්‍රපටි දෙකටම ගොඩක් ස්තූතියි සහෝ...
    තවත් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව...
    ජය!!!

  2. Kulanjana Maduranga

    welldone....patta ahhhhh.....thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. kavinda

    thank you

  4. පැතුමි ඉෂාර

    Thank You Bro! ;)

  5. Ysa

    niyamai saho ela filumak wage.indian cricket walata akamathi unath cricket filumak nan atha arin na.thanks jaya wewaaaa sahoooo........

  6. තිලිණ නදීෂාන්

    ස්තුතියි සහෝ .... පුලුවනනම් ta ra rum pum හින්දි movie 1sub දෙන්නකො ........ ස්තුතියි :)

  7. Udaya Saman

    thankx sabata.puluwannam jeewai samaanthai inna nethani po wasanthe ekata sub eka dennako

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. janna

    සහෝ දීල තියෙන ෆිල්ම් එකට අදාල සබ් ෆයිල් එක නෙමෙයි සහෝ zip කරපු එක ඇතුලෙ තියෙන්නෙ.නම එකම උනාට වෙන ෆිල්ම් එකක සබ් එකක් තියෙන්නෙ.පොඩ්ඩක් බලන්න.

  10. Thushara Dinesh

    Niymi bro

  11. Tharindu Kanishka Hettiarchchi

    Thanks bro

  12. sanju max

    Yalu welcome back and srimanthudu sub dennako hnda rip dalane dn pls

  13. kasun

    machan meke sub aka waradine ban

  14. Nethu

    සාමන්යෙන් Tamil Film බලන්නේ නැ. ඒත් මේක අහම්බෙන් දැක්කේ. බලන්න හිතුනා. ලස්සන අර්ථවත් කතාවක් :D
    තවත් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව…
    ජයවේවා !!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. charith

    meke sub film ekata match wen ne ne.wena mokakhari film ekaka sub link ekak deela thinne...

  17. Senehas Mystry Frodo

    pattai bng...

  18. amila-kandy

    thak you sahoooo…..sub ela..

    podi deyak kiyannam, tharaha ganna epa ok

    sub google eke dala translate karanakota 100% ma hari idea eka enne nane…ehemana english…so translare karala ayama balanna film eke kiyana eke theruma sub line ekenuth kiyawenawada kiyala….

    but kohoma unath thak you oyalage mahansiyata…jaya wewa….