Watch Trailer

Jessabelle (2014) | නැවත ජීවිතය ලැබූ ඇය, “ජෙසබෙල්” නම් විය ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියටම? ඉස්සරලා දීපු චිත්‍රපටියෙදි වුණු පොරොන්දුවේ හැටියටම ඔන්න අලුත් වගේම සුපිරිම ගණයේ හොරර් චිත්‍රපටියකට උපසිරස අරගෙන ආවා. මේක හුඟ කාළෙකින් මම කරන්න හිතං උන්නු චිත්‍රපටියක්. ඒ කාලේ IMDb සයිට් එකේ චිත්‍රපටිය සඳහන් වෙලා තිබුණත් රේටින්ග්ස් ඇවිල්ලා තිබුණේ නැහැ. සමහර චිත්‍රපටි වල නම් ඉත…

jessabelle-(2014)

කොහොමද ඉතින් කට්ටියටම? ඉස්සරලා දීපු චිත්‍රපටියෙදි වුණු පොරොන්දුවේ හැටියටම ඔන්න අලුත් වගේම සුපිරිම ගණයේ හොරර් චිත්‍රපටියකට උපසිරස අරගෙන ආවා. මේක හුඟ කාළෙකින් මම කරන්න හිතං උන්නු චිත්‍රපටියක්. ඒ කාලේ IMDb සයිට් එකේ චිත්‍රපටිය සඳහන් වෙලා තිබුණත් රේටින්ග්ස් ඇවිල්ලා තිබුණේ නැහැ. සමහර චිත්‍රපටි වල නම් ඉතින් එන්න කලින්ම තියෙනවානේ 🙂 ඉතින් ඔන්න ගිය සිකුරාදා හිතුවෙවත් නැති විදිහට මේකේ හොඳ ටොරන්ට් කොපියක් ඉංග්‍රීසි සබත් එක්කම ඇවිත් තිබුණා. ඒක ගැන මට දැනුවත් කළේ සමීර කරුණාරත්න අයියා තමයි. ඉතින් ඒක මතක් කරපු එකට බෝම පිං..:D ඉතින් ඔන්න අද උදේ ඉඳන් හවස් වෙනකම් දවසක් ඇතුලතදී සබ ඉවරකොර ගන්න පුළුවන් වුණා. කට්ටියට ඉතිං ඉක්මණින්ම දෙන්න ඕන හින්ද 🙂

හරි අපි ඒවා පැත්තකට දාලා චිත්‍රපටිය දිහාට යමුකෝ. මේක ගැන කියනවනම් ඉතාම වෙනස් හොරර් ෆිල්ම් එකක්. අපි දකින අනිත් හොරර් ඒවාට වඩා ලොකු වෙනසක් වගේම ලොකු අර්ථයක් පිටුපස හැංගිලා තියෙනවා. IMDb මීටරේ කැරකිලා තියෙන්නේ 5.6 කට. ඒත් මගේ මතය අනුව නම් මේකට තව රේටින් ටිකක් එකතු වුණානම් තමයි චිත්‍රපටියට හොඳ සාධාරණයක් කරන්න පුලුවන්. ඔයාලා දන්නවානේ Saw චිත්‍රපටි මාලාවේ අධ්‍යක්ෂක Kevin Greutert එහෙම නේද? එයා තමයි මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ… ඉතින් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය ජෙසී කියන තරුණ කාන්තාව වටායි දිවෙන්නේ. මේ කාන්තාව ඉන්නේ කසාද බැඳලා. දවසක් තම සැමියත් එක්කන් මෙයා ගෙදර බඩුටික ඔක්කොම පටවගෙන ගෙවල් මාරු කරගන්න වාහනේ යනවා. ඒ අතරෙදි හිතුවෙවත් නැති විදිහට වාහනේ හැප්පිලා සැමියා මිය යනවා. ජෙසී බොහොම අමාරුවෙන් දිවි ගලවගත්තත්, ඇවිදින්න සිද්ධ වෙන්නේ රෝද පුටුවක. දැන් ජෙසීට කාත් කවුරුවත් නැහැ. අම්ම නැතිවෙලා. හැබැයි තාත්ත නම් ඉන්නවා. ඒත්, තාත්ත මෙයා ගැන බලන්නේ නැති ගානයි. කොහොමහරි ජෙසී ව බාරගන්න තාත්තට සිද්ධ වෙනවා. මේ තාත්තා ජීවත් වෙන ගෙදර බොහොම ගුප්ත තැනක්. අම්මයි, තාත්තයි ජෙසීයි ඉස්සර ජීවත් වුණු ගෙදර වුණාට, දැන් නම් මේක මහ අමුතු තැනක්.

ජෙසීට මේ අමුත්ත ගෙදරට ගොඩවෙන කොටම තේරුම් යනවා. ගෑණියක් මුමුණන සද්ධ ඇහෙනවා. එයාගේ කාමරේට අමුතු ගැහැණියක්ගේ හොල්මන් ඡායාවල් පේනවා. ගෙදරට ඈත කැලයේ තැන් තැන් වලින් දිලිසෙක දේවල් පේනවා. එක එක විකාර ගොඩයි. ජෙසීත් එක්කන් ඒ කාමරේ තවත් ගැහැණියක් ඉන්නවා. එයාටයි, ජෙසීටයි ලොකු සම්බන්ධයකුත් තියෙනවා. මේ ඔක්කොම තේරුම් ගන්න නම් මේක ඔයාලා බලන්නම ඕන. මම කියන්නේ, චිත්‍රපටියේ ගෙවෙන හැම තත්පරයක් පාසාම කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් හොඳම චිත්‍රපටියක් කියලා. (මේ වගේම චිත්‍රපටියක් තමයි The Awakening | 2011 කියන්නේ) ඒ වගේම රෑට චිත්‍රපටිය බලන්න සෙට් කර ගන්න නම් හිතන්නවත් එපා. ඒ තරමට තාත්විකයි. මමත් දවල් කාලේ සබ දැම්ම හින්දා අවුලක් ගියේ නැහැ.

හරි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, චිත්‍රපටිය බලල රසවඳින්න කියලා. ඒවගේම කියන්න කැමතියි, ඔයා සබ බාගන්න වෙලාවේ පොඩියට හරි “ස්තූතියි” කියලා අදහසක් දාලම යන්න. මොකද, මෙච්චර මහන්සි වෙලා කරපු වැඩෙන් ප්‍රයෝජනයක් තියෙන්නත් එපැයි නේද? ඒ හින්දා හැමෝගෙන්ම ඉල්ලනවා ඔයාගේ වටිනා කියන අදහස. ඒකෙන් තව තවත් හොඳ නිර්මාණ වලට උපසිරසි කරන්න අවශ්‍යය ශක්තිය ලැබෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ 🙂 🙂 එහෙනම් මම ගියා.. තවත් හොල්මන් එකක් සෙට් කරගෙන ඉන්නවා. ඒකත් බලමුකෝ…

බයිස්කෝප් එකට ජය ෴෴

Jessabelle (2014) on IMDb

 

 

178 MB (HD) කොපිය මෙතනින් බාගන්න

90B86D927FC00FA2B1BA3382C88AAE0F05CF2235

651 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

E001AABD7A690DF91E01A5BDEBE71748A1C2F10F

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

AB56DCEAC914247DCD243C06187DABBBAA036FAB

1.13 GB (WEB) කොපිය මෙතනින් බාගන්න

64356539D05D343B380201C51D25FDA966ACD257 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,399 downloadsDownload Jessabelle-2014.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යස්මික සෞභාග්‍යය

Subtitles

4,399 downloadsDownload Subtitles315 B

81 comments

  1. Thanu

    Thanku saho sub 1ta

  2. Dimuthu

    Thank you...

  3. don

    elaszz

  4. sajeevi

    thanks

  5. Sach

    සබට තුති යස්මික සහෝ !!!!!!!!!

  6. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. Damith

    thanks mcn...

  8. SaDuN dAnUsHkA

    පට්ට පට පට
    අඩු එම්බී ගානක් තියෙනවනේ
    මරු මරු මරෙමරු
    උපසිරැසියට තුති

  9. subash

    thanks bro.

  10. amila migara

    thanks bro

  11. me

    Thanks

  12. ලක්ෂාන් නිලංක

    එල එල යස්මිකයා...සුපිරි ෆිල්මක් වගේ...මේකත් අරගෙන බලන්නම්...ජය වේවා....!

  13. නලින්

    ස්තුතියි යෂ්මික සහෝ!

    මෙක නම් අනිවා බලනවා..

    ජය වේවා!

  14. chamara

    thanks malli

  15. ධනු

    එල තව මේ වගේ පට්ට බයිස්කෝප් දෙමු.....
    අපිට විතරක් ඔහොම කියන්න එපා...
    වෙන අය සබ් දෙනකොටත් කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා ඔයත්.
    ඒ කට්ටියත් ඔයා වගේමනේ කට්ට කලා සබ් දෙන්නේ...ඒ ගැනත් ටිකක් හිතල බලන්න
    ජය!

  16. dilshani

    Thxxx Friend

  17. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  18. අෂාන් මල්ලි

    සුපිරිම බයිස්කෝප් එකක් වගේ..
    ස්තුතියි සහෝ උපසිරැසියට..
    ජය වේවා..!

  19. chamal jeewantha

    නියමයි 
    උපසිරැසියට ස්තුතියි සහෝ

  20. Niro

    thnx macho kiyanakotath bayai wage aniwa meka ratama tama balanne * yaluwo ekka he heee

  21. LAKSHAN

    සබට බොහොම තුති…ජය වේවා….

  22. පැතුම් චතුරංග

    නියමයි සහෝ..
    නියම ෆිලුමක් වගේ..
    සබට බොහොම ස්තුතියි.. :) :)
    ජය වේවා.. :) :)

  23. වරුණ රංගජිත් (වරූ)

    හොඳයි වගේ..
    බී ආර්..
    ආපු ගමන් ගන්නවා..
    තෑන්ක්ස් බන්.
    ජයම වේ්වා...

  24. අසින්ත

    යස්මික ඉස්සරවෙලාම කියන්න ඕන හොරර් එකකට සබ් දැම්මට ස්තුතියි කියලා. කල වැඩේ චාටර් කරනවා කියලා හිතන්න එපා. මේකේ IMDB ටීටරේ kat.ph එකේ නම් 6.4 කියලා තියෙනවා. ඇයි කියලානම් දන්නේ නෑ. (https://kickass.to/jessabelle-2014-hdrip-xvid-juggs-etrg-t9…)

    කොහොම උනත් වැඩේ නම් සුපිරි.

    1. #YasmikaSH

      ඔව්. ඔය ෆිල්ම් එකේ විතරක් නෙවෙයි තවත් හුඟක් ෆිල්ම් වල IMDb සයිට් එකේ අගයට වඩා වෙනස් අගයක් තමයි ටොරන්ට් එකේ තියෙන්නේ :)

  25. සාරංග

    හොඳයි වගේ.
    වෙනස් විදිහක එකක් තෝරාගැනීම ගැන ස්තූතියි !

    - සාරංග -

  26. Jack

    ස්තුතියි සහෝ සබ් එකට.
    ටිකක් වෙනස් විදිහේ හොරර් මුවී එකක්නේ.
    ජය...

  27. Dina

    thanx kollo.........

  28. Lt.

    මං සාමාන්‍යයෙන් horror ෆිල්ම් බලන්නේ නෑ. මේක බලන්නේ ඔයාගේ commentary හින්දා. තැන්ක්ස් හොඳේ.

  29. Kulanjana Maduranga

    niyamai ahhhhhhhh....subata thanks YASMIKA saho.ohoma ymu.jaya wewa.........

  30. Manoj

    thanks a lt

  31. I.W.M.S Ilangakoon

    thankz machan,,,

    digatama demu,,,

    jaya wewa,,,,

  32. yasasa lakmintha

    නියමයි සහෝ.. මේකට මෙච්චර ඉක්මනට සබ් දෙන්න පුලුවන් වුන එකට.. ජය වෙවා..! :)

  33. Global

    ස්තූතියි..!

  34. shohan

    ela sahoooooooooooo best of luck

  35. kanchuka

    nice work bro keep goiong best of luck!!!!!!!!!!!!

  36. chamara southern

    honda horror film ekak wage , thank you yasmika malli

  37. රොයිලි

    බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. kavi

    subata godaaaaaaak sthuthi yash.jaya wewa !!!!!!!!!!!!!!

  39. Isuru Madushan

    Elaaazz,,, Thanks saho,, ohoma yan

  40. indika

    thnq :)

  41. dewaka

    ela ela digatama holman film denna aniwa okkoma baa gannawa sahoo..........

  42. ANJANA

    Thanks...

  43. Naween

    නියමයි.උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ...

  44. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
    සුභපැතුම් දිගටම කරගෙන යමු..
    ජයෙන් ජය..%

  45. Jayz Waniganeththi

    Saho mama sub bawenam na. Mobileuwen nikan updates balanna raumak apugaman. Kohomaunat sub dena ekatanam godaaaaak sthuthiy. Wade digatama karagena yanna. Sub dwna hamotama Budusaranai... Davinci deamons alut Season eka apugaman sub denna...

  46. අදිත ප්‍රවීන්

    නියමයි කොල්ලෝ .
    එළ භාණ්ඩයක් වගේ.
    දිගටම සබ් දෙමු .
    ජය ....

  47. k ni

    nice machannnnn

  48. chathura

    thank you .......!!!!!!! very much!!!!!!!!!!!!!!!

  49. “චූටී මල්ලි”

    බලන්නත් ඔනි ඒත් බයයි බන් :D
    සබට තුති
    ඔබට ජය........

  50. basuru

    meka maru...ela ayyaaaa...

Load more comments