එදා මෙදා තුර හින්දි සිනමාවේ බිහිවූ ඉතාමත්ම කලාත්මක චිත්‍රපට කිහිපය අතරට .ගැණෙන මෙම දැවැන්ත සිනමාකෘතිය සම්පූර්ණයෙන්ම නර්තන කලාව වෙනුවෙන් වෙන් වූ එකකි. සියළුම අංශ වල විශිෂ්ඨයින් මේ සඳහා දායක කරගෙන ඇත. එවක ඉන්දියාවේ කථක් නර්තනයේ රජු ලෙස හැඳින්වූ ගෝපි ක්‍රිෂ්ණා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි. මහා සිනමා…

එදා මෙදා තුර හින්දි සිනමාවේ බිහිවූ ඉතාමත්ම කලාත්මක චිත්‍රපට කිහිපය අතරට .ගැණෙන මෙම දැවැන්ත සිනමාකෘතිය සම්පූර්ණයෙන්ම නර්තන කලාව වෙනුවෙන් වෙන් වූ එකකි. සියළුම අංශ වල විශිෂ්ඨයින් මේ සඳහා දායක කරගෙන ඇත. එවක ඉන්දියාවේ කථක් නර්තනයේ රජු ලෙස හැඳින්වූ ගෝපි ක්‍රිෂ්ණා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි. මහා සිනමාවේදී ශාන්තාරාම්ගේ නිර්මාණයක් වන මෙහි සංගීතය සපයා ඇත්තේ් වසන්ත් දේශායි නම් ප්‍රකට ශෘස්ත්‍රීය සංගීතඥයා විසින් ය. ඉතා දුර්ලභ ගණයේ ශිව තාණ්ඩව නර්තන හා එම නර්තන පිළිබඳ විස්තර රැසක් මෙහි දැක්වේ.
නෞරාන් වැනි චිත්‍රපට වල නර්තනයෙන් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කල සන්ධ්‍යා මෙහි ප්‍රධාන නිලියයි.
එවක ඉන්දියාවේ අග්‍රගණ්‍ය ගායකයින් ලෙස සැලකූ උස්තාද් අමීර් ඛාන්, හේමන්ත් කුමාර්, මන්නා ඩේ, ලතා මංගිස්කාර් මෙහි ගීත ගායනා කරයි. එසේම ආදායම් වාර්තා පිහිටවූ අල්බේලා චිත්‍රපටයේ නිර්මාතෘ භගවාන් ද මෙහි චරිත නිරූපණය කරයි.
1955 වර්ෂයේ තිරගත වූ මෙම චිත්‍රපටය භාරත සිනමාවේ දෙවන වර්ණ චිත්‍රපටයයි. ඉතා සුන්දර මල් උයන්, දිය ඇලි ආදිය නැරඹීම සඳහා එවක ලාංකිකයින් මෙය නැවත නැවතත් නැරඹූ බව පැරැණ්නන් පවසයි.
IMDB අගය 7.2 ක් වන මෙය එම වර්ෂයේ හොඳම චිත්‍රපටයට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගන්නා ලදී. ඊට අමතරව හොඳම අධ්‍යක්ෂණය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳ ශබ්ද පරිපාලනය වැනි සම්මානද දිනා ගන්නා ලදී.
කථාව – ප්‍රවීණ නර්තන ආචාර්ය මංගල් ගුරුගේ් පුත්‍ර ගිරිධර් ට නර්තනය පිළිබඳ නට්‍රාජ් සම්මානය දිනාගැනීම සඳහා තරඟයට සහභාගිවීමට සහය නර්තනයට සහකාරියක් සොයයි. මේ අතර නීලා නම් තරුණිය ඊට සුදුසු බව ඔවුන්ට වැටහුණු බැවින් ඔවුන් ඇයට පුහුණු කිරීමට පටන් ගනී. පුහුණුවීම් අතර නීලා සහ ගිරිධර් ප්‍රේමයෙන් බැඳෙයි. නීලාගේ පෙම්වතා වන මනිලාල් මීට විරුද්ධවී එය මංගල් ගුරු ට දන්වයි. ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවය නිසා පුහුණුවීම් කටයුතු ද ඇණ හිටියි. මෙයට විරුද්ධවන මංගල් ගුරු නීලාට දොස් පවරයි. ඉන් ඇතිවූ ප්‍රශ්න හේතුවෙන් නීලා ඔවුන් දෙදෙනා හැර යයි. පසුව මංගල් ගුරු සහ ගිරිධර් රූප්කලා නම් වෙනත් නර්තන ශිල්පිණියක් තරඟය සඳහා යොදා ගනී. නමුත් මනිලාල් රූප්කලා වෙත විශාල මුදලක් ලබා දී තරඟයේදී ගිරිධර්ව පරදවන්නට ඉල්ලා සිටී. ඉන් පසු සිදුවූයේ කුමක්ද යන්න නැරඹීම ඔබට භාරයි…!
මෙහි සිංහල උපශීර්ෂ නිර්මාණය සඳහා මා හට බෙහෙවින් උපකාර කල ප්‍රියන්ත දයාකීර්ති මහතාට විශේෂ ස්තූතිය…!
Youtube හි ඇති 2:29:26 ක ධාවන කාලයක් සහිත වීඩියෝව මීට ගැලපේ.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත සඳහා අදාළ වේ.
967 downloadsDownload Jhanak-Jhanak-Payal-Baaje-1955.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරංග සදකැළුම් වීරතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-05-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරංග සදකැළුම් වීරතුංග
Subtitles
8 comments
හසිත මධුෂාන්
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
Priyantha Dayakeerthi
තරංග සඳකැලුම් සොයුර,
ඔබ මීට පෙර සිංහල උපසිරසි ලබාදුන් පැරණි හින්දි සිනමාපට තුනම මා නැරඹුවා. මෙයත් එසේම නරඹනවා. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදීම ඉතාම මහඟු කාර්‍යයක්. එයට හේතුව, පැරණි හින්දි සිනමා රසිකයන් ඉතාමත් කැමති සිනමාපටයක් මෙය.
ඔබට හැකිනම් "දේව් ආනන්ද්" ගේ තවත් ජනප්‍රිය සිනමාපටයකට උපසිරසි ලබා දෙන්න. ඔබේ වෙහෙසින් නිමවූ මෙම සිංහල උපසිරසියටත් මාගේ ස්තුතිය, ඔබට ජය!!!TharakaWAS
Subta Bohomatma Stutui...
Jaya wewa...!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Krishan NiShalya
බොහොම ස්තූතී
දිගටම කරගෙන යන්න
Good Luck bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Jhanak Jhanak Payal Baaje (1955) with Sinhala Subtitles | පා සලඹ හඬ නගති [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Jhanak-Jhanak-payala-Baje-1955.jpg)

බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!