කොහොමද ඉතිං යාළුවනේ.ඔන්න ඉතිං මම මගේ දෙවන උපසිරැසියත් අරගෙන ආවා. ඉතිං මම මේ දෙවන උපසිරැසිය විදිහට ගෙනාවෙ මම පළමු උපසිරැසිය විදිහට ගෙනාව Warner Bros ලගේ Fantasy,Adventure,Family වර්ගීකරණයට අයිති චිත්‍රපටයක් වන Jim Button And Luke Engine Driver 2018 චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය යි.ඉතිං ඒ නිසා මට මුලින්ම…

කොහොමද ඉතිං යාළුවනේ.ඔන්න ඉතිං මම මගේ දෙවන උපසිරැසියත් අරගෙන ආවා. ඉතිං මම මේ දෙවන උපසිරැසිය විදිහට ගෙනාවෙ මම පළමු උපසිරැසිය විදිහට ගෙනාව Warner Bros ලගේ Fantasy,Adventure,Family වර්ගීකරණයට අයිති චිත්‍රපටයක් වන Jim Button And Luke Engine Driver 2018 චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය යි.ඉතිං ඒ නිසා මට මුලින්ම කියන්න තියෙන්නෙ මේ දෙවැනි චිත්‍රපටය බලන්න කලින් අනිවාර්යයෙන්ම පලවෙනි චිත්‍රපටය බලල ඉන්න කියලා. මොකද පළවෙනි චිත්‍රපටයේ ඉතිරි කොටස තමයි මේ චිත්‍රපටයෙන් දිඟහැරෙන්නෙ.
මේ ගැන තවදුරටත් හැඳින්වීමක් කරනවනම් මේ චිත්‍රපට වලට පාදක වෙන්නෙ ජර්මානු ජාතික මයිකල් එන්ඩ් (Michael Ende) මහතා විසින් 1960 දී රචිත Jim Button ප්‍රබන්ධ කතා පොත්.මෙහි පළමු චිත්‍රපටයෙන් කථාව සාර්ථකව අවසාන කරත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා යහපත් මට්ටමෙන් ලැබුන නිසා අදහසකට පමණක් සීමා වෙලා තිබුණ මේ දෙවන චිත්‍රපටයත් රූගත කිරීම් ඇරඹුවා.මේ දෙවන චිත්‍රපටය 2020 වර්ෂයේ ඔක්තෝබර් මස 1 වෙනිදා ජර්මනියෙදි කියන නමින් තමයි මුලින්ම එළිදැක්වුනෙ. වැඩි විස්තර කියනවනම්…
පලවෙනි චිත්‍රපටයේ මතකෙත් එක්ක කතාව පැත්තට හැරෙමුකො….
අපි පළවෙනි චිත්‍රපටයෙදි දැක්කනෙ ජිම්,ලූක් දෙන්නා මකර නගරයට (කුමර්ලන්තයට) ගිහින් වයිල්ඩ් 13 විසින් පැහැරගෙන විකුණපු මැන්ඩලා අධිරාජ්‍යයාගේ දියණිය වන ලී සි කුමරිය යි අනිත් ළමයින්වයි බේරගෙන ආයෙත් මැන්ඩලා වලට අරන් එන වික්‍රමාන්විතය.ඒ යන අතර මගදි ඒ දෙන්නට නේපොමුක් සහ ටොර් ටොර් කියලා යාළුවො දෙන්නෙකුත් මුණගැහුනා වගේම උදව් කරා මතක ඇතිනෙ.ඉතිං දෙවැනි චිත්‍රපටය පටන් ගන්නෙත් අපේ කතාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වෙන ලුමර්ලන්තයෙන්ම තමා.මේ වෙද්දි ටික කලක් ගතවෙලා.ජිම් ඉන්නෙ ලොකු කණගාටුවකින් තමන්ගෙ දෙමාපියන් කවුද කියලා නොදැන.ඒ වගේම තමයි මොකක්ද මේ ළමුන් පැහැරගන්න වයිල්ඩ් 13 හා තමා අතර තියෙන සම්බන්ධය කියලා ජිම්ට ලොකු ගැටලුවක් තියෙනවා.ඉතිං මෙහෙම ඉන්න අතරෙ අහම්බෙන් වගේ මෙයාලට තවත් ත්‍රාසජනක ගමනක් යන්න සිද්ධවෙනවා…ඉතිං මෙතනින් එහාට විස්තර කිරීමක් නෑ.. ඔයාලම චිත්‍රපටය රසවිඳින්නකො.
මේකත් අනිවාර්යයෙන්ම කියන්න ඕනෙ…
*මේ චිත්‍රපටිය ජර්මානු භාෂාවෙන් තියෙන නිසා මෙහි එන සමහර නම් ගම් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නෙ වෙනත් නම් වලින්. ඉතිං මම රසවින්දනයේ පහසුව සඳහා ජර්මානු නමට ආසන්නතම සිංහල නම උපසිරැසියට ඇතුළත් කරලා තියෙන්නෙ.
උදා – ENGLISH = MORROWLAND,
GERMAN = LUMMERLAND
මේක උපසිරැසි තුල “ලුමර්ලන්තය” විදිහටයි හඳුන්වලා තියෙන්නෙ.
තවද .. ENGLISH =SORROWLAND,
GERMAN = KUMMERLAND
මේක උපසිරැසි තුළ “කුමර්ලන්තය” විදිහටයි හඳුන්වලා තියෙන්නෙ.
ඒ වගේම තමයි මේක ජර්මානු චිත්‍රපටයක් නිසා උපසිරැසි නිර්මාණයෙදි සමහර ජර්මානු ඉඟිවැකි, කියමන් වගේ දේවල් හම්බුනා වගේම ඒවට සිංහල තේරුමක් ගන්න එක ගොඩක් අපහසු උනා. අන්න ඒ වගේ තැන් වලදි ගොඩක් සංකීර්ණ වචන සරලම කරල තේරුම් ගන්න පුළුවන් විදිහටයි උපසිරැසියට ඇතුලත් කරලා තියෙන්නෙ.ඒ නිසා පැටලිලි සහගත තැනක් ආවොත් ඒ ගැන මම සමාව ඉල්ලනවා. එහෙනම් ඉතිං ලිපිය මෙතනින් අවසන්.
*IMDB අගය – 6.4/10 *ධාවන කාලය – පැ:01 මි:50 *ප්‍රධාන චරිත – Solomon Gordon (ජිම්) Henning Baum (ලූක්) Leighanne Esperanzate (ලී සි )
ජයවේවා….!!!!!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
6,003 downloadsDownload Jim.Button.And_.The_.Wild_.13.2020.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින්ත නිලක්ෂණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-12-16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත නිලක්ෂණ
Subtitles
15 comments
Anonymous
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ …!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.Kantha_DLA
Request:
Vacation Friends (2021)
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anthony Morningstar
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!indika75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Udara Damith
elaaaaaaaaa
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
mindika
Thanks !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks bro